October 16, 2013

දෙනෙතක් යනු හැර


නුහුරු නුපුරුදු
සිනහ කැන්දන
සරාවකටත් නෙතක් බන්දන
හතැස් ගගණක
රන් සළුවක් සේ
දිලිසෙන නුඹේ
මුවකමල
අතැහැර කෙලෙසද
දෙනෙතක් යනු හැර

7 comments:

  1. හ්ම් හ්ම. තරුණ මඳය... කිපි...

    ReplyDelete
  2. වචන වලින් කියනවට වඩා දෙනෙත් වලින් බොහෝදේ කියවෙනවා...

    ReplyDelete
  3. දෙතොල නොකී දේ දෙනෙතේ ලියැවෙනවා...

    සෑහෙන කාලෙකින් බිඟු අයියෑ පෝස්ටුවකට එන්න ලැබුනේ.

    ReplyDelete
  4. මොකද ඉතාමත් කලාතුරකින් යමක් ලියන්නෙ...නිතරම ලියන්න උත්සාහයක් දරන්න...

    ReplyDelete
  5. බිඟු වැලපීලා......මල් පරවීලා...

    ReplyDelete
  6. මෙතරම් ලස්සන ඇස් දෙක ගැන තව ටිකක් කියලම ඉමුද..?

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!