February 3, 2013

චංගුමී අද මොකද කරන්නේ?



චංගුමී අද මොකද කරන්නේ? 
වෙන මොනවා කරන්නද? මොකක් හරි කෑමක් උයාගෙන රජ්ජුරුවන්ට බෙදයි. රජා රහයි රහයි කිය කිය කයි.  
උයාගෙ කනවා ඇරෙන්න වෙන මොනවද වෙන්නේ? 

මෙන්න මෙහෙම කියපු ගොඩක් අය සද්ද නෑ වගෙයි. සුජාත දියණි කතාව සම්පූර්ණයෙන්ම කෑම ගැන තියෙන කතාවක්ය, ඒක ගෑණු අල්ල ගන්න හදපු ගොන් කතාවක්ය, නිකන්ම නිකන් ගෑණු පොර කරන්න හදපු අර ප්‍රවීණා වගේ කතාවක්ය ආදී වශයෙන් අනුමාන කළ ඇත්තෝ ඒ දවස්වල මේ වගේ කතා නම් දහසක් ගොතන්නට ඇත. නමුත් ඔවුන්ට දැන් ඔවුන්ගේ විළි වසාගන්නට සිදුවී ඇතිවාසේය. මේ දිනවල චංගුමී කරන්නේ උයන එක නෙවේය. බෙහෙත් කරන එකය. ඒ නිසා පෙර කී උයන කතා දැන් වලංගු වන්නේ නැත. 

ඒවා කෙසේ වෙතත් සෑම පවුලකම එක් අයෙක් හෝ මෙම නාටකය නොබල්ලනේයැයි නම් කිව නොහැකිය. වෙනදා රෑ වනතුරු කරක් ගැසූ කොල්ලෝ කුරුට්ටෝ පවා දැන් සවස 6.30 වන විට රූපවාහිනියක් ළඟට ඇදෙන්නට අරගෙනය. අම්මලා 6.30 වන්නට පෙර රාත්‍රී ආහාර සූදානම් කර අවසානය. මෙසේ මුළු ලංකාවම වාගේ චංගුමී එසේත් නැත්නම් සුජාත දියණි බලන්නට එක් රොක් වන්නේය. බොහෝ නිවෙස්වල එය පවුලේ නාටකය වී ඇත්තේය. මා එහි කිසිම දොසක් නොදකින්නේ ඒ හරහා කිසියම් වූ ලාබ ප්‍රයෝජන කිහිපයක් කාටත් හොරා අපට ලැබෙන නියාව නිසාය. අඩුම වශයෙන් පවුලේ සියල්ලන්ටම එකට සිට නැරඹිය හැකි තරමේ නාටකයක්වත් වීමය. 

කෙසේ වෙතත් දැන් නාටකයේ අවසාන අවධියට එලැඹ ඇත. තවත් සතියකින් පමණ මෙය අවසන් වන්නේය. කොටස් 54ක් පමණ ඇති මෙම නාටකය ලංකාවේදී කොටස් 75ක් පමණ දික් කර ඇත්තේ අතරින් පතරට වෙළඳ දැන්වීම් එක් කිරීමෙනි. මිනිසුන් මෙසේ ඇලී ගැලී මෙම නාටකය නරඹන්නට හේතුව සොයා අපද මෙවැනි නාටක ලංකාවේ නිපදවිය යුතුය. මෙගා නාටක කෙරුවාව අහකට දමා සමාජයේ කුතුහලය දැනුමත් එක් කරමින් කෙරනා නාටක කළ යුතුය. 

මා මෙම නාටකයේ කැමතිම ගුණාංගය වන්නේ පරිසර හිතකාමී ලෙස කෙරෙන කටයුතුය. හුදෙක් අතීත මිනිසා පරිසරය හා සමගිව සිටි ආකාරයත් කුමංත්‍රණාදී කටයුතු නිසා මිනිසා පිරිහෙන සැටිත් සරලව අප අතරට ගෙන එන්නට තරම් අධ්‍යක්ෂක සාර්ථක ඇති බවක් මා දකින්නේය. 
තව එක් කරුණක් සිහි කිරීමට කැමැත්තෙමි. මේ කතාව අවසන් වී වහාම තවත් එක් කොරියානු කතාවක් එන්නේය. මෙය එතරම් සුබ ලකුණක් නොවේ. අපේ මිනිස්සු එක් දෙයක් එහි රසය නැතිවනතුරු පට්ට ගසති. ගුණාත්මකභාවය හා රසාත්මකභාවය රැකගෙන කටයුතු සිදුවන්නේ නම් කෙතරම අගනේද?

42 comments:

  1. මේක එක අතකින් හොද වුනත්, ‍බහුතරයකගේ මේකට ඇබ්බැහියක් නිසා තව අතකින් මේක වදයක් වෙනවා.

    අ‍පේ දේ අගයන ටෙලි නිර්මාණ වෙනුවට, "මෙගා රැල්ල" මේ සියල්ලත් ගිල ගැනීම හා, මේ බොහෝමයක් මෙගා වල හැමදාම එකම තැන කැරකෙන සිද්ධියකට කොමඩි එකතු කර එපා වන තුරු විකිනීමේ ප්‍රයත්නය නිසා, අපට එපාවූ ටෙලි සංස්කෘතියට පණ ගහන්න ඉදහිට එන, ප්‍රේක්ෂකයාට රසවින්දයක් ගත හැකි විවිධ විෂයන් යටතේ වූ නිර්මාණ නිසා තාමත් යම් ගුණාත්මයක් ඉතිරිවී තිබෙන බව පමණක් කිය හැකියි.

    ඒත් ඒ විශිෂ්ඨ ගනයට වැටෙනා නිර්මාණ වලටද හෙටක් නැති වෙන්නේ සියලු ගුවන් කාලය මෙගා වුවහොත් ඇතිවන තත්වය දැන්ම වටහාගතහොත් පමණි.

    රාත්‍රී 7-8, 9-9.30 ට අලුතෙන් 6.30 - 7.00 ගුවන් කාලයද මෙගා වීම චංගුමීගේ නාමයෙන් වුවත් සුභ ලකුණක් නොවනු ඇත.

    ReplyDelete
  2. මේක එක අතකින් හොද වුනත්, ‍බහුතරයකගේ මේකට ඇබ්බැහියක් නිසා තව අතකින් මේක වදයක් වෙනවා.

    අ‍පේ දේ අගයන ටෙලි නිර්මාණ වෙනුවට, "මෙගා රැල්ල" මේ සියල්ලත් ගිල ගැනීම හා, මේ බොහෝමයක් මෙගා වල හැමදාම එකම තැන කැරකෙන සිද්ධියකට කොමඩි එකතු කර එපා වන තුරු විකිනීමේ ප්‍රයත්නය නිසා, අපට එපාවූ ටෙලි සංස්කෘතියට පණ ගහන්න ඉදහිට එන, ප්‍රේක්ෂකයාට රසවින්දයක් ගත හැකි විවිධ විෂයන් යටතේ වූ නිර්මාණ නිසා තාමත් යම් ගුණාත්මයක් ඉතිරිවී තිබෙන බව පමණක් කිය හැකියි.

    ඒත් ඒ විශිෂ්ඨ ගනයට වැටෙනා නිර්මාණ වලටද හෙටක් නැති වෙන්නේ සියලු ගුවන් කාලය මෙගා වුවහොත් ඇතිවන තත්වය දැන්ම වටහාගතහොත් පමණි.

    රාත්‍රී 7-8, 9-9.30 ට අලුතෙන් 6.30 - 7.00 ගුවන් කාලයද මෙගා වීම චංගුමීගේ නාමයෙන් වුවත් සුභ ලකුණක් නොවනු ඇත.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. පිටරටවල මෙගා නාටක වලට බනින්න කලින් අපේ රටේ එව්වට කලින් බනින්න ඕනෑ. එකක්තමා ඔය කෝපි කඩේ. ඒක බලන අය ඉන්නවද මන්දා. මිනිස්සුන්ට ඒකේ ඉන්න චරිත දැක්කාම වමනේ යන තරම් අමාරුයි. වෙන්නේ මොකද්ද කියලා කලින්ම කියන්න පුලුවන්. කෝ එතන කුතුහලය? රසාස්වාදය.? ඔන්න ඔතන ඉදලා හදන්න ඕනෑ. ඉස්සර තිබ්බ ගිරය, දඬුබස්නාමානය වගේ නාට්‍යය දැන් බිහිවෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන අපි පොඩ්ඩක් හොයන්න කාලේ මන් හිතන්නේ...

      Delete
  3. එකගයි.අපි කරන්න ඕන චංගුමී‍ට වශී වෙන එකවත්,ප්‍රතික්ශේප කරන එකවත් නෙවෙයි මට හිතෙන හැටියට.මං ‍කොරියන් ඩ්‍රාමා එක බැලුවා.ජීවිතේට ගන්න ගොඩක් යහපත් දේවල් තියෙන කතාවක් මේක.චංගුමී දන්නෙ උයන්නයි බෙහෙත් කරන්නයි විතරයි කියන කතාවට එහා ගොඩක් දේවල් මේ ඇතුළෙ තියෙනව.යහපත වෙනුවෙන් වැඩ කළ යුතුයි කියන එක ඒ ඇතුළෙ තියෙනව.ඒ වගෙම ආසියානු අනන්‍යතාවය තියෙනව.අපේ මාධ්‍ය භාවිතයෙයි වැරැද්ද තියෙන්නෙ.චංගුමීගෙ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමා ඇත්තටම මටත් කියනන් ඕනෑ උනේ. මිනිස්සු මාධ්‍යය භාවිතය හරියට යන්නේ නෑ. එතන තමා අලේ තියෙන්නේ

      Delete
  4. හරියට හරි බිඟූ. මම ඉතින් ගෙදරට ගොඩ වෙන්නෙ ඕක ඉවරවෙන්න කිට්ටුව නිසා බලන්න වෙන්නෙ නෑ. ඒත් කිසිම කමකට නැති, මෙලෝ රහක් නැති, නාට්‍යමය ගුණයක් නැති මෝඩ චූන් වලට වඩා මේ කතාව සිය දාස් ගුණයකින් හොඳයි. කිව්වත් වගේ කොරියන් නාට්‍ය රැල්ලක් ඇති වෙනව නම් ඒකත් ප්‍රශ්නයක් තමයි. ඒත් අගක් මුලක් නැති ගොන් හරක් මෙගා වලට වඩා හොඳ දෙයක් වෙයි කියලා හිතෙනවා.
    තව දෙයක් ඔප්පු වෙනවා. මිනිස්සු හොඳ දේට අකමැතිවා නෙවෙයි. මේ මීහරක් මාධ්‍ය තමන්ගේ බඩ ගෝස්තරේ වෙනුවෙන් මිනිස්සුන්ගේ රසවින්දනය මොට කරනවා.

    ReplyDelete
    Replies
    1. සිරාවටම ලකී. බලපන් මචන් රූපවාහිනී චැනල් මිනිස්සුන්ගේ රසවින්දනය නැති කරනවා විතරක් නෙමෙයි. අනන්‍යයතාවයත් නැති කරනවා. වැරදිලාවත් හදිස්සියකටවත් මිනිස්සුන්ට නාටක බලන එකක් නෑ මෙහෙම ගියොත්. මේවා සල්ලි පස්සේ අඹන චැනල්වලට තේරෙන්නේ නෑ. උන්ගේ පුතාලට තේරෙයි මිනිස්සු මේවා බලන්නේ නැති කාලේ ආවාම

      Delete
  5. "මම ඉතින් ගෙදරට ගොඩ වෙන්නෙ ඕක ඉවරවෙන්න කිට්ටුව නිසා බලන්න වෙන්නෙ නෑ."
    internet එකේ සුජාත දියණිය ගහල මුළු කතා මාලාවම වෙළඳ දැන්වීම් නොමැතිව බලන්න පුළුවන්. ඒක තව සැරයක් බැලුවත් පාඩු නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් ඒකේන් බැලුවා. කොරියන් එකත් බැලුවා. අපේ ටියුසන් කාරයන්ගේ ඇඩ බලනවට වඩානම් ඒක 1000න් සම්පතයි.

      Delete
  6. හක් හක්.. කොරියාවේ බල්ලට ගනන් ගන්නෙ නැති ඒවා මෙහේ හෙන ලොකු කරන්... චංගුමී බෙහෙත් දුන්නා කියලා අපිට පාංද? යකෝ අපේ දේශීය ටෙලි කලාව දියුණු කරපල්ලකො.. කොරියාවට $ක දෙන්නෙ නැතුව....

    ReplyDelete
    Replies
    1. සුරියප්පෙරුම ලොක්කා ඇවිල්ලා.

      Delete
    2. අපේ එව්වා දියුණු කරන්න ගියොත් හැමදාම බලන්න වෙන්නේ මෙගා තමා. අනේ දුක්කේ... මෙහෙව් එකක් වත් යන එකෙන් යන්තම් අපේ ගෘනියෝ අර මෙගා රැල්ලෙන් මිදෙනවා.

      Delete
    3. අපේ ඒවා දියුණු වෙන්න නෙමෙයි ඕනෑ. හරියටම රසාස්වාදය එක කරන එකයි. වෙනස් විදියකට මිනිස්සු පිණවන එකයි. ඒකට ඕනෑ තාක්ෂණය නෙමෙයි. කලාත්මකභාවයයි.

      Delete
  7. දෙයක් ජනප්‍රිය වූ පසු ඒ පසුපසම දිවගොස් එය මිනිසුන්ට එපා කරවීම ලංකාවේ රූපවාහිනී මාධ්‍යවල ක්‍රමයයි.

    ReplyDelete
    Replies

    1. සිරාවට.

      සුපර් ස්ටාර්,
      ප්‍රවීණා,
      මහගෙදර,
      බඩයනකම්ම දෙනවා.

      Delete
  8. මමත් ඔය නාට්‍ය ආසාවෙන් බලනවා.. අපේ මහත්තයත් කතාව අහගන්නවා මගෙන්.. මම වැඩිපුරම ආස අර කෑම බිම, බෙහෙත් එහෙම පරිසරයෙන් හොයාගෙන, ඒවා හරියට යොදාගන්න හැටි විස්තර කරන විදියට.. පුදුම විදියට මිනිස්සු පරිසරයත් එක්ක බද්ධ වීම පෙන්නන කතාවක්..

    ඒත් දැන් තවත් ඒ වගේම කතාවක් දාන්න යන එක ගැන නම් මගෙත් ඒ හැටි කැමැත්තක් නෑ... එත‌කොට වෙන්නේ ඒකත් එපා වෙන එක තමයි ඉතිං.... කොච්චර මෙගා නාට්‍ය, අර දෙපැය මේ පැය දෙකාමාර කියලා ජාති තිබ්බත් දැන් නං ඒවා බලන අය අඩුයි කියලා මට හිතෙනවා.. මං හරිද කියලා නම් දන්නේ නෑ හැබැයි..

    ReplyDelete
    Replies
    1. හිරු කියන කතාව හරි කියලා මට හිතෙනවා. මොකද මෙගා නාට්‍ය රසිකාවියක් වන අපේ අම්මා තමයි මටත් කිව්වේ දැන් යන නාට්ටි ඔක්කොම එක වගේ හංදා බලලාම එපා වෙලාය කියලා

      Delete
    2. හිරු හරි මගේ හිතේ. දැන් මිනිස්සු මෙගා පස්සේ එලවන්නේ නෑ. බලන්නකෝ සුපර්ස්ටාර් සීන් එක. අපි මිනිස්සු නිසා අපිටත් සීමාවක් තියෙනවා හැම දේකටම.

      පුදුම විදියට මිනිස්සු පරිසරයත් එක්ක බද්ධ වීම පෙන්නන කතාවක්.. මේක ඇත්ත. මම වැඩිය ඒගැන ලියන්න හිතුවේ නැත්තේ කාටත් ඒක තේරෙන හින්දා

      Delete
  9. බිඟුවාගේ කතාව වටිනවා..චංගුමීට බැනලා ලියපු පොස්ටු කීපයක් දැක්ක නිසා එකක් හරි හොඳ කියලා තියන එක වටිනවා..

    කොහොම වුනත් හැම කොරියන් නාට්‍යකම ඒ නාට්‍යට වෙන් වෙච්ච අන්‍යන්‍යතාවයක් තියන නිසා දිගටම කොරියන් නාට්‍ය පෙන්නුවත් එපා වෙන්නැති වේවි..

    ReplyDelete
    Replies
    1. මම කොරියන් ෆිල්ම් දෙක තුනක් බලලා තියෙනවා. ඒවාගේ නම් එකිනෙකට වෙනස් ගුණාංග තිබ්බා, නමුත් නාටක ගැන කියන්න දන්නේ නෑ. බලමුකෝ. වැඩි කාලයක් නෑනේ...

      Delete
  10. අනේ මන්දා අප්පා.. රට්ටු එක එක කතා කියනවා නේ.. කාලෙකින් අයියා ලියලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔව පසන්. වෙලාව තමා වැඩේ... දන්නවනේ අපේ එකා එක්ක ඉන්නකොට නෙට් යන්න හිතෙන්නේ නෑ.. ඔහේ නට නටා ඉන්නවා මිසක්. මගේ රන් දෙපැය ඒකනේ

      Delete
  11. අලුත්ම ආතල් එක ඕක මයේ හිතේ ලංකාවෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා...

      Delete
  12. සුජාත දියණි කතාව පෙන්නන එකෙන් අපේ රටේ රසිකත්වය මෙගා වලින් මිදිලා කොරියාවට ගියා. දැන් කොරියාව එපා කියන ඇයෝ තමා ඉන්දියාවේ ප්‍රවිණලා ශාන්තිලා එපා කිව්වේ. රසයක් කියන්නේ ලොකු දෙයක් මේ බඩු මිල ජිවන බර ආදි දහසක් කර පින්නා ගෙන දුක් විදින අයට. ඒ අයට ඕනා කරන රසය ඒක නම් මේ කෑ ගැන පඬිවර් ටික වෙනත් නාලිකාවක් බැලුවා නම් අහවර නේ.

    හුඟාක් බරපතල දේ තේරුම් ගන්න බැරි අය ඒ වගේ සරළ දෙයක් වත් රස විදින ඒක ලොකු දෙයක්. ඒ හිංදා 'සුජාත දියණිය' ට පස්සේ තවත් කොරියන් කාතවක් ආවට ප්‍රශ්නයක් නෑ. ඒක බලන්න අය ඉන්නවා නම් ඒක එයාලාගේ කැමැත්ත. තවත් චැනල් නැද්ද අනිත් අයට බලන්න...

    හොද ලිපියක්...හැබැයි මේක තවත් ටිකක් විචාර ගුණයෙන් පිරුණා නම් හොදයි කියලාත් අන්තිමේදි මට හිතුණා

    ReplyDelete
    Replies
    1. එකඟයි. තවත් ඇදලා ලියන්න තිබ්බා. විස්තර දාලා කරුණු අරගෙන උදාහරණත් එක්කම. නොලියන්න හේතු කිහිපයක් තියෙනවා.

      එකක් තමා මගේ විදිය. ඒ කියන්නේ කෙටියෙන් සරලව පොඩියට කියන්න තියෙන කතාවා විතරක් අදාල අයට විතරක්. ඒක හින්දා මේක කෙටි ලිපියක් උනා. අඩුපාඩුව තමා බහුතරයට ලිපිය දිරවන්නේ නැති වෙන්න පුලුවන් විෂය කරුණු දන්න අය විතරයි සෙට් වෙන්නේ.
      අනික තමා කොල්ල එක්ක සෙල්ලම් කර කර අස්සෙන් අස්සෙන් ලියන හින්දා අකුරු හරියට අමුණාගන්න තියෙන අමාරුව. අදහස් එකටම ගලාගෙන එන්නේ නෑ. ආවත් කොල්ලා කතාකලොත් බෝල ගහන්න, එක්කෝ කොච්චි යන්න, නැත්නම් වෙළඳාමක් කරන්න.. ඒක අංක 1ට වැටෙනවා. එතකොට ලිපිය කැලේ යනවා. ඒ හින්දා කෙටියෙන් කොටලා දානවා.

      නමුත් ඔයාගේ අදහසට 100% එකඟ වෙන්න නෑ මම. කලාව කියන්නේ විකුණාගෙන කන්න තියෙන එකක් නෙමෙයි. මිනිස්සුන්ට ජීවිතයත් එපා කරවන එකක් නෙමෙයි. කලාවේ රසය එන්නේ කුතුහලය හා ගුප්ත බව ඔස්සේ... ඒක හින්දා සල්ලි පෙන්නලා ඒක නැති කරන එක වෑරදියි. කුතුහලය තියෙනකම් මිනිස්සු ඒවා පස්සෙන් යයි. ඒවා නැතිකරගනනේ නැතිව ඕනෑ එකක් කලාට කමක් නෑ...

      Delete
  13. okkoma hodai eke sinduwai e atharata yana tution sir lage add tikai thamai balan inna beri.. . EEEEEEEEthale yukthiya ne buhahah

    ReplyDelete
    Replies
    1. බුහා... සින්දුව නම් නිකන් කන විදගෙන යන එකක්... ටියුෂන් කාරයෝ දන්නවා මේක බලන්නේ කවුද කියලා...

      Delete
  14. ඊළඟට අභීත දියණිය :P

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඒකත් හිමීටම. කතාවේ වෙනසක් නැති උනොත් නම් වැඩේ අල වෙලා යයි...

      Delete
  15. මම මුලින්ම දාන කොමෙන්ටුව වෙන්න ඕනේ..

    මරු ආර්ටිකල් එක...

    අර කිව්වත් වගේ අපේ කට්ටිය ඕක පට්ට ගහන්න ගනියි ද දන්නෙ නෑ.... ප්‍රේක්ෂක ජනයාගේ ඉල්ලීම පරිදි කියලා :p

    එහෙම වුනොත් නම් ඉතින් චංගුමී තවත් එක් දාමිණී කෙනෙක් වෙයි.. :(

    ඉඩ ලැබුණු වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න... :)

    http://gaveshakaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ අපේ මිනිස්සු කරන්නේම කෙල කරන එකමයි.

      Delete
  16. සුජාත දියණිය ගැන කියන්න දන්නෙ නෑ...අපේ ගෙදර කවුරුවත් ඕක බලන්නෙ නෑ...ලංකාවෙ කාන්තා පත්තර ටික නම් සුජාත දියණිය සෑහෙන්න විකුණනවා මේ දවස් වල...චංගුමී ගෙ කබාය මහන හැටිත් මම දැක්කා පත්තරේක තියෙනවා...අපිට තව ටික දවසකින් බලන්න පුලුවන් ඒ කබායෙන් සැරසිලා රැකියාවට යන කුල කතුන්...

    ReplyDelete
    Replies
    1. ඒක මරු කතාව. වෙන්න පුලුවන්. හෙට අනිද්දා චංගුමීගේ අර රෙද්ද ඇඳගෙන යන ගෑණු ඉන්න පුලුවන් ලංකාවෙත්

      Delete
  17. ගෙවල් වල පැත්තකට දමපු ටෙලිවිෂනය ආයෙත් සාලයට ආවෙ සුුජාත දියණිය නිසයි.දරුවන් සමග එකට බලන්න පුලුවන් නිසත් අර්ථවත් අදහස් තියෙන නිසත් මෙය ජනප්‍රිය වුනා.කොහොමටත් මෙි වගේ නාට්‍යවලට අකමැති අයත් ඉන්නවනෙ .ලංකාවෙ වුනත් කොරියාවෙ වුනත් හොද දේ අගය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒක තමා මම කියන්නේ. අගය කල යුතු දේ අගය කල යුතුයි. නමුත් එහි අගය නැතිවෙන පරිදි නැවත නැවත නොකල යුතුයි

      Delete
    2. //නමුත් එහි අගය නැතිවෙන පරිදි නැවත නැවත නොකල යුතුයි//

      මෙන්න මේක තමයි මමත් කියන්නෙ...
      ඕනවට වඩා පෙන්වන්න ගියාම එපා වෙනවනෙ ;) :)

      Delete
  18. Ane manda.....hebei ITN eken Changumee kara nam....Kotas 75 newe.....Asia walath newe.... Gloabally digama kathawa wenawa...Aniwaaa.....dannawada kotas ganana....75,000

    Muthu....

    ReplyDelete
  19. සිරාගෙ කතාවට තව ඌණ පූරනයක් එකතු කරොත් හොඳයි කියල හිතුනා...ච0ගුමී ගාන කොරියන් සබනුත් ල0කාවෙ මාර්කට් වෙන්න බැරි නෑ

    ReplyDelete
    Replies
    1. හා හා.. ඒ විතරක් නෙමෙයි. ෂැම්පු, ඔයිල්, ක්‍රීම් වර්ගත්....

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!