October 31, 2011

වෙලාව පැයක් පස්සට ගියා

අද ඉඳලා පැයක් පස්සට ගියා ඔන්න. බය වෙන්න එපා. මේක ලංකාවට අදාළ නැ. නැත්තෙමත් නැ.  

දිවා එළි ශේෂණ කාලය කියන කතාවනේ ඔය. ඒක බලපාන රටවල් තමා මේ නිල් පාටින් තියෙන්නේ. Daylight Saving Time (DST) එහෙම නැත්නම් ගිම්හාන කාලය කියලාත් මේක හඳුන්වනවා. මේක වෙන්නේ වසන්තය කාලයදී මේ රටවල් වලට උදේට ඉර පායන්න පරක්කු වෙනවා වගේම රැ වෙනකම්ම ඉර පායලා තියෙන හින්දා මෙයාලා හවසින් වැඩි වෙලාවක් වැඩ කරන්න යොදා ගන්න හින්දා. උදේ වැඩියෙන් පැයක් නිදියාගන්න පුලුවන්. ඒත් රැ තව පැයක් වැඩියෙන් වැඩ කරන්න වෙනවා. ඒකට නම් ආසා නැ. ඒ උනාට උදේ හම්බ වෙන අමතර නිදි පැයට නම් ආසයි. ඉතින් මෙහෙම අඩු කරපු පැය ආයෙත් සරත් කාලයත් එක්ක වැඩි කරනවා. මේක 1895 ඉඳලා තමා පටන් අරගෙන තියෙන්නේ. මේක බලපාන රටවල් වෙලාව ස්වයංක්‍රීයව වෙනස් වෙනවා. මේකේ අපූරු සිද්ධියක් තමා කෝච්චි බස් වල ගමනාගමනය.

ඔයාලා දන්නවාද කෝච්චි පැයක් නවත්තාගෙන ඉන්නවා වෙලාව එනකල්. මරු නේද? ඒත් මං හිතුවේ පැයක් වැඩි කරනකොට මුන් කොහොමද දන්නැ ඒක අල්ලන්නේ. ඉගිලිලා යනවද දන්නේ නැ.... තව සීන් එකක් තමා ඉස්පිරිතාලේ වැඩ. ලෙඩෙක් ඉසිපිරිතාලේට යනවා රැ 11.59 ට. මේකා තව විනාඩි 10කින් මැරුනොත් එහෙම වෙන්නේ මෙහෙම.

11.09 - මරණයට පත් වීම....
11.59 - ඇතුල් වීම හා බේත් ගැනීම


ඒ කියන්නේ මේකා මැරිලත් බේත් අරගෙන... හා හා... මාර සීන්ස් වෙන්න පුලුවන් නේද?

ඔය කොහොම කිව්වත් කාටවත් වෙලාව නවත්වන්න නම් බැ. වෙලාව අවුරුදු ගානක් පස්සට ගත්තත් ඕක හරියන්නේ නැ. ඒක තේරුම් අරන් ඉන්න එක නම් වැදගත්....


.

14 comments:

  1. පොඩි කාලේ "ටයිම් ටනල්" බැළුවම හරි ආස හිතුනා ඒ විදියට කාලය හරහා යන්න.....

    ReplyDelete
  2. හප්පේ මාස 6ක් පැයක් වැඩිපුර නිදා ගන්න පුලුවන්.. [අපේ ගෙදර කෙනෙක් ගේ ප්‍රකාශයක්...] :-)
    අනේ ඇත්තට නින්දට තියන ආසාවක් :D

    ReplyDelete
  3. මේ දවසට බිත්ති ඔරලෝසු නම් ඉතින් අතින් කරකවලා හදන්න වෙනවා....

    හැබැයි බිඟු අයියේ මේකේ අනිත් පැත්ත නෙමෙයිද වෙන්නේ? වසන්ත කාලේ එද්දී ඉර පරක්කු වෙලා බහිනවා වගේම කලින් පායනවා නේ. අපිට නම් වෙන්නේ එතකොට පැයක් අඩු කරලා සරත් කාලේදී පැයක් වැඩි කරනවා උදේට කරුවල නිසා...අනේ මන්දා මට පැටලිලාද දන්නෙත් නැහැ...

    ReplyDelete
  4. මං ඊයෙත් ඇවිත් බැලුවා..මට හොරෙන් බිඟු අයියා දාලද කියලා ලිපියක් වත්
    අනේ මාරයි නම් තමා මචෝ මේ වැඩේ....අර ඉස්පිරිතාල වැඩේ..හි හී
    ඔය සෘතු මාරු වෙන කාලෙට කොච්චර ලස්සන ඇත්ද ඒ රටවල්...ඒත් මම මේ පැයේ කතාව නම් අද මයි ඇහුවේ...තැක්කූ ඒක දැන ගන්න සැලැස්සුවට...
    මොනා වුණත් මට අපේ රට තරම් නම් වටින්නේ නෑ ලෝකෙ කොහෙවත් ජීවත් වෙන්න...

    ReplyDelete
  5. ඔයාටනම් ඉතින් පැයක් නිදාගන්න වෙන්නේ තව සතියයි නේද අයියේ....

    ReplyDelete
  6. හපොයි මේක දැක්කාම මතක් වුනේ..අපි කස්ටමර් කෙනෙකුට ගෙනල්ලා දුන්නා ජර්මනියෙන් මැසිමක් පොඩි වැඩකට..ටික දවසක් ගිහිල්ලා මනුස්සයා අපිට බනිනවා මේකෙ වැඩිපුර පැයක් ගිහිල්ලා data loss කියලා...අපිත් පණ දාගෙන හොයලා හොයලා අන්තිමට තමා සෙන්ටර්වුනේ මැසිමෙ Daylight saving Auto on වෙලා...අපි නාගත්ත හැටි තවම මතක් වෙනවා...!!

    ReplyDelete
  7. අඩේ . . ඒකටද ඩේ ලයිට් සේවිං කියන්නෙ . . . මගෙ ජංගමේ ඔහොම ඔප්ශන් එකක් තියනව . . මම මෙච්චර කාලයක් හිතං හිටියෙ දවල්ට ස්ක්‍රීන් එකේ එලිය අඩුකරල බැටරි සේවු කරන සීන් එකක් කියල . . . විලි ලැජ්ජයි ඕයි කාට හරි ඕක කියලතිබ්බ නං . . .

    ReplyDelete
  8. නිදි පැය නම් වටිනවා, ඒත් ඒ ටික ආයේ වැඩ කරන්නත් එපැයි .... ඒක තමයි හරි නැත්තේ!!!

    ReplyDelete
  9. \\මේ රටවල් වලට උදේට ඉර පායන්න පරක්කු වෙනවා වගේම \\රැ වෙනකම්ම ඉර පායලා තියෙන හින්දා //
    හවස 4 වෙනකොට කළුවරයි :-(
    ''හවස ඉක්මනට ඉර බැහැලා යන නිසා '' මේක හදන්න බිඟුවෝ..

    ReplyDelete
  10. ඔව් උදේටනම් දැන් පැයක් වැඩියෙන් නිදා ගන්න පුළුවන් අපිට..

    අර ලෙඩාගේ කතාවනම් මරු අයියේ..

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේක නම් ලංකාවට එන්නේ නැති වෙයි. මොකද අපේ රටේ ඒ තරමටම සෘතු භේදයක් නෑනේ.

    ReplyDelete
  13. hi

    It will be on next sunday at 2.00am for North America.
    thanks

    ReplyDelete
  14. මෑරුණු එකා වගේම උපදින එකාගෙත් අවුලක් එනවනේ.....
    හිතන්නකෝ මෙහෙම....
    11.30ට උපදින ළමයට වඩා එදාම 11.55 උපදින ළමයා වෑඩිමල් නේ...
    ඕක තවත් කෙලවෙන්නේ එකම පවුලේ උනොත්.....ළමයි දෙන්නා අතර time 1 වෙනස 25min වගේ නම් ඕක තවත් අවුල් වෙනවා

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!