බුදු පිහිටයි කියලා අපේ සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. ඒත් මේක වැරදියි කියලයි මං හිතන්නේ. යමෙකුට පිහිට වෙන්න නම් පිහිට වන්නා ජීවමාන විය යුතුයි යන්න මගේ තර්කයයි. බුදු රදුන් පිරිණිවන් පාලා ගොඩාක් කල්. එතුමා ජීවත් වන කාලයේ සෝපාක, සුනීත වගේ අයට පිහිට උනා. නමුත් පිරිණිවනින් පස්සේ එහෙම කලා කියලා හිතන්න බැ. නමුත් බුදු සරණ යන්න පුලුවන් ඕනැම වෙලාවක.
තව එකක්. බුදු සරණයි කිව්ව පළියට ඔයාට මොකවත් ආරක්ෂාවක් නම් ලැබෙන්නේ නැ. මොනවාහරි ලැබෙන්න නම් ඇත්තටම තමන්ම යමක් කර ගන්න වෙනවා.
ඒක හින්දා මෙහෙම කියන එක වඩාත් ගැලපෙනවා කියලා මට හිතෙනවා.
බුදු සරණයි!
දෙවි පිහිටයි!