February 16, 2011

ඇවටාර් 1_01: පාවෙන අයිස් කුට්ටියේ සිරවුණු ළමයා (The Boy in the Iceberg)


වතුර, පොළව, ගින්න, වාතය. මගේ ආච්චී අපිට ඉතිහාස කතාන්දර කියාදෙන්න පුරුදුවෙලා හිටියා. අපි සාමයෙන් ජීවත් වුණු. ඒ නම් ඇවටාර් විසින් ජල ගෝත්‍රය, පොළෝ රාජධානිය, ගිනි ජාතිය සහ සුළං එඬේර යන ජාතීන් අතර සංතුලනය පවත්වා ගත් නිසාවෙන්. නමුත් ගිනි ජාතිය නොහොත් ගිණි හමුදාවේ ප්‍රහාරයත් සමගම මේ සංතුලනය බිඳ වැටෙන්න ගත්තා. 
මේ ක්‍රෑර ගිණි හමුදාවේ ක්‍රියාදාමය නැවත්විය හැක්කේ මේ මූලධාතු හතරම ප්‍රගුණ කල ඇවටාර්ටම පමණි. නමුත් ලෝකයටම අවැසි මේ තීරණාත්මක වේලාවේ ඔහු අතුරුදහන් වෙලා. අවුරුදු 100ක් ගත වී ගිණි හමුදාව යුද්ධය දිනන්න ආසන්න වෙලා. හරියටම අවුරුදු 2ට කලින් මගේ තාත්තා අපේ හෝත්‍රයේ අනික් පිරිමි සමගින් පොළෝ රාජධානිය වෙත යන්න පිටත් වුනා. ඒ ගිණි හමුදාවට විරුද්ධව සටන් කරන්න. මටයි මගේ සහෝදරයාටයි අපේ ගෝත්‍රයේ අනිත් අයව බලාගැනීමේ වගකීම බාර උනා. සමහරු කියනවා ඇවටාර් කිසිමදාම නැවත උපදුනේ නැලු සුළං එඬේර ගෝත්‍රයේ. 

ඒවගේම ඇවටාර් චක්‍රය බිඳ වැටුනාලු. නමුත් මගේ හිත කියනවා ඇවටාර් ආයෙත් ඇවිල්ලා ලෝකයේ සංතුලනය හදාවි කියලා. 





මේ ඉන්නේ සෝකා එක්ක කිටාරා මාලු අල්ල අල්ල. අර ඉස්සරලා කිව්වා වගේ සොකාගේ මාර ටෝක්ස්. කිටාරට කියනවා මෙන්න බලාගන්න මාලු අල්ලන හැටි. නමුත් කිටාරා වෝටර් බෙන්ඩින් එහෙම නැත්නම් වතර හසුරවලා මාලුවෙක් අල්ලා ගන්නවා. මේ අස්සේ දෙන්නාම අහුවෙනවා දිය වැලකට.ඒකෙන් ගහගෙන ගියාට පස්සේ දෙන්නා අතර පොඩි වලියක් යනවා. අයියලා නංගිලා දන්නේ නැද්ද ඉතින්. කිටාරාට තදවෙලා අතපය විසි කරනකොට වතුර එහෙ මෙහේ ගිහිල්ලා එතන තියෙන අයිස් කුට්ටියක් කැඩිලා යනවා.

අන්න ඒ අයිස් කුට්ටිය අතුලේ තවත් කුට්ටියක් තියෙනවා. ඒක ඇතුලේ කවුද ඉන්නවා දැකලා කිටාරා එයාව එලියට ගන්න හදනවා. මේ ඉන්නේ ඒ හිටපු ළමයා. එයාගේ නම ඇන්ග්. එයා එයාර් බෙන්ඩර් කෙනෙක්. එහෙම නැත්නම් සුළං හසුරවන්නෙක්. දන්න විදියටම මෙයා තමා අන්තිම සුලං හසුරවන්නා. මෙයාට ඉන්නවා කුලු හරකෙක්. ඒකට කියන්නේ ආපා.මේ ආපාට පියාඹන්න පුලුවන්. ඉගිලෙන කුලු හරකා එක්ක ඇන්ග් මේ අයිස් කුට්ටිය ඇතුලේ අවුරුදු 100ක් හිරවෙලා ඉඳලා තියෙනවා,. මේක ඇන්ග්ටත් පුදුමයි. අර දිය වැලට අහුවෙලා මෙයාලා බෝට්ටුව කැඩුනට පස්සේ යන්න විදියකුත් නැති හින්දා මේ ආපා පිටේ නැගලා ගෙදර යනවා. 

මේ අතරේ ගිණි හමුදාවේ නැවක් යනවා. ඒකේ ඉන්නේ ගිණි ගෝත්‍රයේ ලොක්කගේ සහෝදරයයි පුතයි. අයිරෝ මමා මාර මොල කාරයා. හරිම සැහැල්ලුවෙන් ඉන්නේ. නියම කතා කියන්නේ. හරිම දක්ෂ රණ සූරයෙක්. නමුත් වැඩ දාන්නේ නැ. මේ ඉන්නේ අයිරෝ අංකල්. පුතාට කියලා දෙනවා සටන් ක්‍රම. එතන ඉන්න අනිත් කෙනා ෆයර් ලෝඩ්ගේ පුතා. නම සුකෝ. මිනිහට ඉක්මනට කේන්ති යනවා. තමන්ව පාලනය කර ගන්න බැ. තාත්තා ගෙදරින් එලවනවා ඇවටාර් අල්ලගෙන එන්න කියලා. එක හින්දා මැන්ස් හිටු කියලා ඇවටාර් එහෙම නැත්නම් ඇන්ග් හොයනවා එකසිය ගාණට.

ඇන්ග් ඔය අස්සේ ගමට යනවා. නමුත් කියන්නේ නැ එයා තමා ඇවටාර් කියලා. සාකගේ වැඩේ ගමේ ඉන්න පොඩි කොල්ලන්ට තෙල් බෙදන එක. ෆන් නැ. නමුත් ඇන්ග් ආවට පස්සේ ඒක වෙනස් වෙනවා. ෆට්ට ෆන් එකේ ඉන්නවා. මේ අස්සේ පෙන්ගුවින් පදින්න ආස හිතිලා ඇන්ග් කිටාරා එක්ක යනවා. මෙහෙම හිගිල්ලා නවතින්නේ ගිණි හමුදාවේ අතහැරලා ගියපු නැවක් ළඟ. ඇන්ග්ට ඒක ඇත්ළට යන්න හිතිලා කිටාරවත් බලෙන්ම එක්කගෙන යනවා. ඇතුලේ තියෙන උගුලකින් නැවේ තියෙන අහස් වෙඩිල්ලක් පත්තු වෙනවා. මල කෙලියයි. දැන් මොකද කරන්නේ ආපහු දුවනවා ඇරෙන්න. අවාසනාවට මේක සුකෝ කුමාරයා දකිනවා. මිනිහට හෙන ෆන්. මොකද දැන් මිනිහ දන්නවා ඇවටාර් කොහෙද ඉන්නේ කියලා. මිනිහගේ නැව අර කිටාරා ඉන්න ගමට හරවනවා.





මීළඟ කොටසින් ඇවටාර් ආපසු එයි (The Avatar Returns)

9 comments:

  1. :D :D :D
    මන් ආස කාටූන් සීරීස් එකක්. ඔක්කොම බලන්න හම්බුනේ නෑ. ඒවුනාට බලපු ටික නම් මාර ජොලි :D

    ReplyDelete
  2. මම නම් ඔක්කොම ටික බැලුව. පොඩි එකාගෙ ආසාවනේ

    ReplyDelete
  3. lol jakiya.
    watched the whole series 2wis.
    film eka nun patta cha
    /gira

    ReplyDelete
  4. මම සීසන් තුනම බලල තියනව. සීසන් 4 තමා තාම හොයන්නෙ.
    ෆයර් ලෝඩ් ගෙ නම "ඕසායි" නේද ?

    ReplyDelete
  5. The last air bender... ​ෆට්ට මූවි එක... මම තාමත් බලනවා. මාරම ගති.

    ReplyDelete
  6. මාත් මේ ෆිල්ම් එක බැලුවා.. කාටුන් එකේ තාම සීසන් 4ක් අවෙ නැහැ නේද??

    ReplyDelete
  7. දිනේශ් . . . සීසන් 4 තියනව. youtube බලපං

    ReplyDelete
  8. මේ කතාවම නේද මේ තියෙන්නේ?
    The Last Airbender (2010)
    මේ ෆිල්ම් එකනම් මගෙත් හිතට ඇල්ලුවා....ටීවි සීරිස් එක ගැන දැන ගත්තේ අද....බලමුකෝ....

    ReplyDelete
  9. මම නම් ඔය කාටුන් එක බලල නෑ.. පුළුවන්ද ලින්ක් එකක් දෙන්න භාගන්න..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!