January 31, 2011

ඇවටාර්: අවසාන සුළං හසුරසවන්නා

ඇවටාර් කියන්නේ මම මේ ළඟදී බලපු මරුම මරු කාටූන් ටීවී කතා මාලාවක්. ඒක කොච්චර අල්ලලා ගියාද කිව්වොත් මං හිතුවා ඒ ගැන ලිපි පෙලක් ලියන්නත්. එච්ච්රටම ආස හිතුනා. කතාව ගෙතෙන්නේ ඇවටාර් කියලා කෙනෙක් වටේ. බුදු දහමේ එන ආපෝ, තේජෝ, වායෝ හා පඨවි යන සංකල්පය ඔස්සේත් මේ කතාව දිවෙනවා. පුනර්භවයත් සම්බන්ද වෙනවා. කතාව ඉදිරිපත් වෙන්නේ එක ගැණූ ළමයෙක් තමන්ගේ කතාව කියනවා වගෙයි.



වතුර, පොළව, ගින්න, වාතය. මගේ ආච්චී අපිට ඉතිහාස කතාන්දර කියාදෙන්න පුරුදුවෙලා හිටියා. අපි සාමයෙන් ජීවත් වුණු. ඒ නම් ඇවටාර් විසින් ජල ගෝත්‍රය, පොළෝ රාජධානිය, ගිනි ජාතිය සහ සුළං එඬේර යන ජාතීන් අතර සංතුලනය පවත්වා ගත් නිසාවෙන්. නමුත් ගිනි ජාතිය නොහොත් ගිණි හමුදාවේ ප්‍රහාරයත් සමගම මේ සංතුලනය බිඳ වැටෙන්න ගත්තා. මේ ක්‍රෑර ගිණි හමුදාවේ ක්‍රියාදාමය නැවත්විය හැක්කේ මේ මූලධාතු හතරම ප්‍රගුණ කල ඇවටාර්ටම පමණි. නමුත් ලෝකයටම අවැසි මේ තීරණාත්මක වේලාවේ ඔහු අතුරුදහන් වෙලා. අවුරුදු 100ක් ගත වී ගිණි හමුදාව යුද්ධය දිනන්න ආසන්න වෙලා. හරියටම අවුරුදු 2ට කලින් මගේ තාත්තා අපේ හෝත්‍රයේ අනික් පිරිමි සමගින් පොළෝ රාජධානිය වෙත යන්න පිටත් වුනා. ඒ ගිණි හමුදාවට විරුද්ධව සටන් කරන්න. මටයි මගේ සහෝදරයාටයි අපේ ගෝත්‍රයේ අනිත් අයව බලාගැනීමේ වගකීම බාර උනා. සමහරු කියනවා ඇවටාර් කිසිමදාම නැවත උපදුනේ නැලු සුළං එඬේර ගෝත්‍රයේ. ඒවගේම ඇවටාර් චක්‍රය බිඳ වැටුනාලු. නමුත් මගේ හිත කියනවා ඇවටාර් ආයෙත් ඇවිල්ලා ලෝකයේ සංතුලනය හදාවි කියලා.



ඉතින් මෙන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ. මේක කියන්නේ කටාරා, එයා ජල ගෝත්‍රයේ කෙනෙක්. එයාලගේ හෝත්‍රයේ ඉන්න සමහරුන්ට පුලුවන් ජලය හසුරවන්ට. ඒකට කියන්නේ බෙන්ඩින් කියලා. කතාවේ නම ද ලාස්ට් එයාර් බෙන්ඩෙර්(Avatar: The Last Airbender) ඒ කියන්නේ අවසාන සුළං ගෝත්‍රයේ කෙනා ඇවටාර් කියලා. මේ බෙන්ඩින් සීන් එක හැමෝටම කරන්න බැ. ඒකට පුරුදු පුහුණු වෙන්න ඕනැ. ඇවටාර් කියන්නේ එක ආත්මයක්. එයා මේ ගෝත්‍ර හතරේ මාරුවෙන් මාරුවට උපදිනවා. ඒකට කියන්නේ ඇවටාර් චක්‍රය කියලා. මොනවාහරි පරිසර අසමතුලිතයක් ආවොත් මෙයා වැඩ දාලා ඒක සෙටල් කරනවා. ඉතින් ඔය අස්සේ ගිණි හමුදාව ඒ කියන්නේ ෆයර් නේෂන් එක යුද්ධය පටන් ගත්තා. ඒ එක්කම ඇවටාර් අතුරුදහන් වෙනවා. ඇවටාර් නැති හින්දා යුද්ධය දිගටම යනවා. ඔවුන් ඉස්සරලාම ගහන්නේ සුළං ගෝත්‍රයට. ඒ මොකද දන්නවද? ඊළඟට ඇවටාර් උපදින්නේ ඒ ගෝත්‍රයේ නිසා. ඇවටාර් හිටියොත් ගිණි හමුදාවට දිනන්න බැරි වෙන හින්දා. මේ කතාව කියන්නේ කටාරානේ. එයා විශ්වාස කරන්නේ නැ ඇවටාර් මැරුනා කියලා. ඉතින් ඔන්න ඔහොම කතාව පටන් ගන්නවා.

මේ කාටූන් මාලාව ප්‍රධාන පොත් 3ක් නොහොත් Season 3ක් ඔස්සේ දිව යනවා. ඔක්කොම අතුරු කථා(Episodes) 61ක් සමගින්.

පොත අංක 1: වතුර             20 අතුරු කථා(Episodes)
පොත අංක 2: පොළව        20 අතුරු කථා(Episodes)
පොත අංක 3: ගින්දර          21 අතුරු කථා(Episodes)





මෙන්න පළවෙනි එක:
පාවෙන අයිස් කුට්ටියේ සිරවුණු ළමයා (The Boy in the Iceberg) 


සොක්කයි, කිටාරයි මාළු අල්ලමින් ඉන්නවා. සොක්ක කියන්නේ කිටාරාගේ සහෝදරයා. මිනිහ හෙන තාක්ෂණික ඩයල් එක වගේ ඉන්නේ. තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ. සමහර වෙලාවට ඒවා වැඩත් කරනවා. ජල ගෝත්‍රයේ හිටියට මැන්ස්ට බෙන්ඩින් බැ. ඒ කියන්නේ සොක්ක ජල හසුරවන්නෙක් නෙමෙයි. නමුත් කිටාරාට පුලුවන්. මේ දෙන්නා මාලු අල්ල අල්ල ඉන්න වෙලාවේ හදිස්සියේ ජල පහරකට අහුවෙලා අයිස් කුට්ටියක් ගාවට තල්ලු වෙනවා. ඔන්න ඕක ඇතුලේ පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. මෙයාලා එයාව බේරා ගන්නවා. ඒ ළමයගේ නම ඇන්. ඇන්ට ඉන්නවා ඉගිලෙන කුළුහරකෙක්. ඒකගේ නම ආපා. අර ජලපාර හින්දා මෙයාලගේ බෝට්ටුව කැඩුනනේ. දැන් යන්න වෙන්නේ මේ කුලාගේ පිටේ තමා. ඉතින් ඒකගේ පිටේ නැගලා ගමට යනවා.

සොක්කට මේ ඇන්ව අල්ලන්නේ නැ. මොකද මේකා සුළං ගෝත්‍රයේ සුළං හසුරසවන්නෙක් නිසා. ජනප්‍රවාදයට අනුවනම් ඔක්කොම සුළං හසුරසවන්නන් මැරිලා. නමුත් එකෙක් ඉතුරුයි. අනික සොක්කගේ මූලික අරමුණ තම ගෝත්‍රය ආරක්ෂා කිරීම. ඒ හින්දා ෆන් වැඩවලට කැමති නැ. ඇන් කියන්නේ පොඩි කොල්ලෙක්. ඇන් ගෝත්‍රයේ ඉන්න අනිත් අයත් එක්ක ෆන් ගන්නවා. මේක එච්චර ඇල්ලුවේ නැ සොක්කට. කොහොම නමුත් ඔක්කොමලා සමගියෙන් ඉන්නවා.

මේ අතරේ එක් ගිණි හමුදාවේ නැවක් යනවා. ඒකේ ඉන්නේ ගිණි හමුදාවේ ලොක්කගේ ඒ කියන්නේ ෆයර් ලෝඩ්ගේ අයියයි, පුතයි. සුකෝ කියන්නේ ෆයර් ලෝඩ්ගේ පුතා. ෆයර් ලෝඩ් පුතාව ගෙදරින් පන්නනවා එක වැරැද්දකට. ආයෙත් ගෙදරට භාරගන්න නම් ඇවටර් අල්ලා ගෙන එන්න කියනවා. ඉතින් මේ පුතයි, මාමා අයිරෝයි දෙන්නා ඇවටාර් හොය හොය ඇවිදිනවා. දවසක් ඇන්, කිටාරා එක්ක ගිණි හමුදාවේ දමලා ගියපු නැවකට ගොඩ වෙනවා. වැරදීමකින් ඒකේ අනතුරු එලියක් පත්තු වෙලා ඒක සුකෝ දකිනවා. ඉතින් සුකෝ හඳුනාගන්නවා මේ ඉන්නේ ඇවටාර් කියලා. ඊට පස්සේ සුකෝ ගමට ගේම දෙන්න යනවා.


මෙතනින් පළවෙනි කොටස ඉවර වෙනවා. මම මේ කතාව බලන්න අරගෙන නිකන් අබින් කාලා වගේ නිදි මරාගෙන බැලුවා. පට්ටම කියලා තමා කියන්න තියෙන්නේ. මේ දවස්වල මගේ රැජිණත් එකසිය ගාණට ඒක බලනවා. ඇත්තම කිව්වොත් මම දෙපාරක්ම බැලුවා. උන්මාදයක් වගෙයි. පුලුවන් උනොත් ඔක්කොම Episodes මම ලියන්නම් කෙටියෙන්. හොයාගෙන හරි බලන්න වටිනවා.

22 comments:

  1. මම ෆිල්ම් එක නම් කියෙවුවා.... පට්ටයි ඒක...
    මේ කාටූන් සීරිස් එක නම් බලලා නෑ...
    මොකේද මේක පෙන්නන්නේ...
    ජාලයෙන් බා ගන්න විදියක් නෑ ද.......?

    ReplyDelete
  2. ෆිල්ම් එකට වඩා මේක මරු.
    මංගාව නම් කොපියක් තියෙනවා. 10GB විතර ලොකුයිනේ.
    ජාලයෙන් හොයාගන්න බැරිද? මම ජාලෙන් බාන්න එච්චර දස්ස නැනේ.
    අපේ දස්සයෙක් හොයලා දේවි.

    ReplyDelete
  3. @සෝරෝ
    සීරීස් තුනම තියන DVDrip එකක් තියනව torrent ඒත් සීඩ්ස් මදි direct download හරි online බලන්න තමා වෙන්නෙ

    @බිඟූ
    මාත් ඕකෙ ඔක්කොම බලල තියනව මරු කතාව ඒත් මටනම් කතව advance මදි මේක අවු10-12 පොඩි උන්ට හදල තියෙන්නෙ :P විශේෂයෙන් fights ටික තාත්වික මදි :(
    ඔයා මේකට කැමති නම් Naruto කාටූන් එකට අනිව කැමති වෙයි .
    http://naruto.viz.com/
    http://en.wikipedia.org/wiki/Naruto

    ReplyDelete
  4. මම බැලුවා මේකේ ෆිල්ම් එක. The Last Airbender. දැන් ඉතින් බලං ඉන්නේ ඒකේ දෙවෙනි ෆිල්ම් එක එනකම්. බොහෝ දුරට මේ අවුරුද්දේ එයි. කිව්වත් වගේ ඉතින් ෆටේම ෆට්ට ෆිල්ම් එකක්.

    ReplyDelete
  5. " ඒ ළමයගේ නම ඇන්. " ෙම්ක " ඒ ළමයගේ නම අන්ග්" ෙවන්න ඔ්න

    ReplyDelete
  6. ෆිල්ම් එක නම් බැලුවා ඕන්.....
    ඒක නම් පට්ටා.......මමත් හෙන ආසයි නේ බොලේ ඔය කාටුන් බලන්න...බාගන්න තියේ නම් බාගන්නවා

    ReplyDelete
  7. මම නම් කාටූන් එකේ book 3 ම පස් පාරකට වැඩිය බලලා තියෙනවා.මම බලපු හොදම cartoon එක.හැබැයි film එකනම් හෙන චාටර්.අපෝ මටනම් එක පෙන්නන්න බෑ.නියම කතාව කාලා.

    ReplyDelete
  8. මම ආසම කාටුන් සීරීස් එකක්.. පහත ලින්ක් එකෙන් බාගෙන බලන්න,වයස් භේදයකින් තොරව රසවිදින්න පුලුවන්..

    http://thepiratebay.org/torrent/4312758
    (කතා ඔක්කොම තියෙනව මේ ලින්ක් එකේ,කෝකටත් මුල්ම එක බාගෙන කොලිටිය හොදද කියල බලල ඉතුරු ටිකත් බාගන්න! )

    ReplyDelete
  9. මම කියන්නද නියම වැඩක්.මගෙ ලගත් season 3 තිබ්බා.ඒත් එච්චර කොලිටි නෑ.ඉතින් මටත් ඔය ඔක්කොම අයෙ ඩොව්න්ලොඅඩ් කරන්න ඔන උනා.මට ඔක කරන්න බෑනෙ.(SLT 512kps unlimited)මම ඉතින් මාස කිහිපයක් තුල cyber cafe වලින් 60GB වඩා බාලා තියෙනවා.ඉතින් මේකත් ගිහිල්ලා දැම්මා cafe එකටම:P
    දවස් 3 න් විතර වැඩේ හරි.ඔහොම තමයි මම ලොකු ලොකු games,movies බාලා තියෙන්නේ.හැබැයි ඉතින් අහුවෙන්නේ නැති වෙන්න වැඩේ කරන්න ඔනේ.නැත්තම් ඉතින් එක පාරක් ගිහින් ආයෙ යනකොට දාපු එකේ කෑලිවත් හොයා ගන්න නෑ.

    ReplyDelete
  10. මම මේකේ පොත් තුන හොයනවා....බාන්න ක්‍රමයක් තියෙනවනම් කියන්නකෝ....කොහොමත් පිචෑර් එකේ ඊළඟ කොටස ළඟදීම එයි නේද?

    ReplyDelete
  11. බ්ලොග් කාරයින්ටත් බෝ කරන්න යන්නෙ නේද ලෙඩේ?

    ReplyDelete
  12. @Nadeendra,
    එලනේ. ඒත් මට මේක නම් පට්ටම වගේ.

    @ආදර කතාව, @රත්ගමයා
    කාටූන් එකයි වැඩිය හොඳ.
    ෆිල්ම් එක චාටර්ලු. එතකොට හිතාගන්නකො ඒකේ තරම.
    මන් හිත්න්නේ ඔයාට පුලුවන්....

    @Dragon ,
    වෙලාවට කිව්වේ..
    නැත්නම් මම ඒක බලන්න හිටියේ...

    ReplyDelete
  13. @පොතේ ගුරා,
    ඔය ඉන්නේ ගුරා...

    @Dragon ,
    ඔය ඉන්නේ හොරා....

    @මකුළුවා......
    පිචර් එක චාටර්ලුනේ....
    අනික කාටුන්න් එකකඉන් දෙන්න පුලුවන් තරම් ආතල් දෙන්න බැරි වෙයි නෙද?


    @ස්වප්නා,
    නැ නැ... මෙයාලා මට කලින් බලලනේ...
    ආයේ බෝ කරන්න දෙයක් නැ..
    ඔයාටත් දෙන්නද බලන්න...

    ReplyDelete
  14. @රාජ්,
    ආ ඔව් නේද? Aang කියලනේ ඉංග්‍රිසියේ තියෙන්නේ. ඒත් මම් කියන්නේ ඈන් කියලා.

    ReplyDelete
  15. film eka nam meloma rahak na tv series ekath ekka balanakota..
    pattama katawa...
    mamath nidi maragena, banum ahagena balala iwara kare...

    ReplyDelete
  16. @Banuka,
    ඔය ඉන්නේ තව බලපු අය නිදි මරාගෙන...
    ඒ කියන්නේ කස්ටියට අල්ලලාම ගිහිල්ලනේ...

    ReplyDelete
  17. මේ කතාව තියෙන ෆිල්ම් එකක්නම් ඊයෙ පෙරේද බැලුව. ඒක නියමෙට හිතට අල්ලල ගියා මේ කතාව නිසා. ඒත් කාටුන් එක නම් බලන්න ලැබිල නෑ.

    ReplyDelete
  18. @``` Outsider``` ,
    අයියෝ...
    කාටුන් එකනේ බලන්න ඕනැ එක...

    ReplyDelete
  19. අතුරු කතා වලට download කරනවානම් මෙන්න සයීට් එක
    http://www.animea.net/download/477/Avatar+The+Last+Airbender.html

    ReplyDelete
  20. U CAN TAKE A DVD FROM COLOMBO FORT

    ReplyDelete
  21. @dilshanwn ,
    ඔය ඉන්නේ බාන අය

    @Nuwan1101,
    ඔය ඉන්නේ ගන්න අය

    ReplyDelete
  22. film eka char..but cartoon series superb. Film eka nikan cartoon eke thenin thena eka digata muttu karala wage.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!