March 8, 2010

විශ්ව පිරිමි දිනය කවදාද?

අද විශ්ව කාන්තා දිනයලු.
හැම තැනම කාන්තාවන් වෙනුවෙන් සැදුනු නානාප්‍රකාර වැඩසටහන්. මේ අතරේ මගේ හිතේ මෙහෙම අදහසක් දෝංකාර දෙන්න ගත්තා.

විශ්ව පිරිමි දිනය කවදාද?

ඇත්තටම මෙහෙම දියනක් තියෙනවද? නැත්නම් ඒ ඇයි?

මේ ලිපිය ලියන්න හේතුවුනේ මෙන්න මේ කියන සිතිවිලි තමයි.



කාන්තාව යනු මිනිස් ප්‍රජාවේ 50% ක හිමිකරුවාය. ඉතිරි 50% අයිති වන්නේ පිරිමියාටය. කාන්තාවන් පමණක් ජීවත්වන සම්බවයක් ගැන පොත පතෙහිවත් සඳහන්ව නැත. ඒ කිමද යත් සංහතිය නොහොත් පරම්පරාව පැවැත්ම උදෙසා කෙරෙන ප්‍රජණන කාර්යය කාන්තාව තනිව සිදුකළ නොහෙකි නිසාය. එලෙසම පිරිමි පමණක් සිටින සමාජයක්ද නොපැවතිය යුතුය. මෙය මේ කියනා පාර්ශව දෙක එක්ව පැවතිය යුත්තකි. මෙය සක්සුදක් ලෙස අප කාටත් පැහැදිලිය. එසේ නම් පිරිමින්ට අඩු සැලකිල්ල ඇයි?

අද කතා කරන්නේ අම්මා, අක්කා, නංගී, ආච්චී, දුව... ආදී සියලු කාන්තාවන් ගැනය. ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ දුක් ගැහැට ගැනය. ඔවුන් ජීවිතය ජයගත් අයුර ගැනය. නමුත් මෙහිලා කිසිවිට ඔවුන් පිටුපස ඉන්ද්‍රකීලයක් සේ සෙවණ, ශක්තිය දුන් තාත්තා, අයියා, මල්ලී, සීයා, පුතා... ගැන කිසි කතාවක් නැත්තේය. තනිව ජීවිතය ජයගත් බවක් කියන්නේය. (එසේ කල අයද අල්ප වශයෙන් සිටිනා බවද පිළිගනිමි.)

මා මෙහිලා අර්ථ දක්වන්නට උත්සාහ දරනුයේ කාන්තාවන්ට සැලකිය යුතු නොවේ කියා නොව පිරිමින්ටද සැලකිය යුතුය කියාය. අම්මා සඳකි මා ඒ ලොව හිරුය රිදී යන ගීතයෙනුත් මේ ගැන කියැවෙනවා. නමුත් අද සමාජයේ කිසියම් හෝ අඩුපාඩුවක් නිසා පිරිමි කුණු-කූඩයට ගොස් ඇත. මෙය පිරිමින් වන අප පමණක් නොව කාන්තාවන් වන ඔබද සිතිය යුතු කරුණකි. අද ජීවත්වන අම්මලා කීයෙන් කීදෙනාද පියාගේ වටිනාකම දරුවන්ට කියා දෙන්නේ? අපිට වරදින තැන එතනම නොවේද?

"අම්මා නැති කලට අප්පා කවර කල" කිව්වද අප්පා නැති කල අම්මාටද හොඳ කාලයක් නොවන බවත් සිහියට නගා ගත යුතුය. මේ ගැන අපේ අම්මලාට කිසිත් ගානක් නැත. ඔවුන් සිතන්නේ පිරිමි සල්ලි පස්සේ දුවනා අයවලුන් ලෙසය. නමුදු රන් රුවන් වන් පියවරුන්ද සිටින බවද එය සුලබ බවද කියනු කැමැත්තෙමි. සල්ලිවලට වඩා පවුල කේන්දීය කරගත් පියාවරුන් අද කොතෙකුත් සොයා ගත හැකිය. එසේම සාර්ථක පිරිමි පිටුපස සාර්ථක කාන්තාවන්ද සිටිනා බවද නොරහසකි.

"අම්මා රත්තරං"
කියලා එක රෝද තුනක ලියලා තියෙනවා මම දැක්කා. ඒත් එක්කම තව එකක මෙහෙම තිබුණාලු.
"ඇයි තාත්තා පිත්තලද?"
මේ කියමනෙත් ඇත්තක් තියෙනවා.

තාත්තලා සැබැවින්ම නරකද?
නැත්නම් අම්මලා වැඩිපුර හොඳද?
මෙය සමාජය විසින් හිතා මතාම කර ලද සිදුවීමක ප්‍රතිඵලයක්ද?

කාන්තාව නිතැතියෙන්ම අහිංසකයැයි දුර්වලයැයි කියා හංවඩු ගසා ඇයට අමතර සහයෝගයක් හෝ අනුකම්පාවක් දියයුතුයැයි කියනා සමාජයක් අද පවතී. නමුත් මෙය 100% ක්ම පිළිගත නොහැකි කරුණකි. අද කාන්තාව එදා ගමේ විසූ අවිහිංසිකාව නොවන බවත් අද පිරිමි එදා මෙන් නොනැමෙන සුළු, කියන දේ නොඅසන පුද්ගලයන් නොවන බවත් අප පිළිගත යුතුය. සියල්ල වෙනස් වෙමින් පවතී. මෙයට හේතුව "කාන්තා පරමාධිපත්‍යය" ලෙස යම් කෙනෙකු පැවසිය හැක. එය කුමක් වුවත් මෙම ලිපියට එය අදාළ නැත.

අදාල වන්නේ පිරිමින් වෙනුවෙන් මෙලෙස දිනයක් වෙන් නොවන්නේ ඇයි යන්නය හා එය සැබෑවටම අවශ්‍යද යන්නය.



පිංතූරය

82 comments:

  1. හික්...උයලා ඉවර උනාට පස්සෙ කුස්සියේ ඉන්න ගමන් හිතෙන්න ඇති ඇයි කාන්තාවට විතරක් දිනයක් ,පිරිමි අපිට දිනයක් නැත්තේ ඇයි කියලා ...

    ඔයා කියපු දේ හරි. හැබැයි මේ කාන්තාවෝ සමතැනක් හෝ නිසි තැනක් ඉල්ලා කෑ ගසන්නටත්, වීදී බසින්නටත් හේතු උන යුගයක් තිබුනා....අදටත් සමහර රටවල ඒ තත්වය තියෙනවා....

    බලන්න ඉන්දියාව...අදටත් ගෑණු දරුවෙක් පිළිසිදුනාම බඩේදිම මරා දමන්න තරම් සැහැසි සමාජ වාතාවරණයක් තමා ඉන්දියාවේ පවතින්නේ...

    මම හිතන විදියට පිරිමියාට අමුතුවෙන් ඉල්ලීය යුතු අයිතීන්වත්, නීතිවත් නෑ...නමුත් කන්තාවො අදටත් අඩුම තරමින් තමන්ට ජීවත්වෙන්න ඉඩ දෙන්න කියලා ඉල්ලන තරමට අසරණවෙලා....

    කෑල්ල , බඩුව, යන අසික්කිත වචනවලින් දමාගසන්නට තරම් දුෂ්ඨ සමාජයක තව කවර කතාද ?

    පිරිමීන්ට නින්දා කරන්නෙ කොයි කාන්තාවද ? පියවරුන්ට නින්දා කරන්නේ කොයි කාන්තාවොද ? පිරිමියෙක්ව දූෂණය කරන්නේ කොයි කාන්තාවොද ?

    ඉතින් දිනයක් ඉල්ලාගෙන සමරන්නටවත්...දින්නට දෙයක්වත් පිරිමින්ට තියෙනවාද ?

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ අසාධාරන නීති වලින් කොයි තරම් පිරිමින් පීඩාවට පත් වෙලාද? ඒක පැත්තකින් තියමු.මව සහ දරුවා අතර සම්බන්ධය බිඳ දමන්නටත්,ලිංගික වශයෙන් බෙදුන සමාජයක් ඇති කරන්නටත් සටන් කරන අන්තවාදී ස්ත්‍රීවාදීන් ගැන කියන්නේ මොකක්ද?
      පවුල් විරෝධී පිරිමි විරෝධී ස්ත්‍රීවාදීන් නිසා මොන තරම් අවුලක් සමාජයේ ඇති වෙලාද?
      පැය 24 ම ගෙදරින් පිට සිටින පවුල් වගකීම් වලින් සම්පූර්නයෙන්ම බැහැර වුන කාන්තාවක් නිර්මානය කිරීම තමයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියල මේ කරන්නෙ.
      මේක නතර වෙන්නෙ මහ විනාශෙකින්
      අනෝමා රාජකරුනා කියන ස්ත්‍රීවාදිනිය ටී වී එකේ අම්මයි දරුවයි ඉන්න වෙළද දැන්වීම් වලටත් විරුද්ධ වුනා

      ලිංගික වෛරය ඇති කරමින් ගබ්සාව,දික්කසාදය ,සමලිංගික සේවනය වෙනුවෙන් පෙනී සිටින එන් ජී ඕ රටට ශාපයක් නේද

      දරුවන් ලැබීමටත් විරුද්ධ මේ යක්ෂණියො දරුගැබ් දැරීමට හා කිරිදීමට වන්දි ඉල්ලන්නත් සූදානම්

      මුන් පිරිමි දරුවන් හදුන්වන්නෙ පුංචි සතුරෝ කියලයි

      http://navamaawatha.blogspot.com/

      http://prathiwadhiya.blogspot.com/

      Delete
  2. මෙහෙම දවසක් තියෙනවෝ.... ඒත් තාම ලංකාවට ඇවිත් නැද්ද කොහෙද....

    මෙන්න මේ ලින්ක් එක බලන්න.....


    http://en.wikipedia.org/wiki/International_Men%27s_Day

    ReplyDelete
  3. දිල් අක්ක කිවුව දේට මමත් එකඟයි.....

    ReplyDelete
  4. බිඟුවා ගේ කථාව ඇත්ත...
    නොවැම්බර් 19 ලෝක පිරිමි දිනය. අපි හැමෝම මනුෂ්‍යයන් වේ කාන්තාව හො පිරිමි හෝ අපිට සම තැන වගේම නිසි තැනත් ලැබිය යුතුයි.
    කාන්තා දිනයට සුභ පතනවා

    ReplyDelete
  5. dilta yawa wewa!

    ReplyDelete
  6. @විශ්මි,
    මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ දිනය ගැන. එකක් මගේ නොදැනුවත්කම.
    අනික මේක එච්චර ලොකුවට සලකන්නේ නැති නිසා ප්‍රසිද්ධ නැති කම.
    කියලා දුන්නට බොහොම පිං.
    බලමු මේ දිනය දන්න අය කී දෙනෙක් ඉන්නවද කියලා....

    @ජීවිතය,
    හරි, මමත් ඔයත් එක්ක සුභ පතන්න එක් වෙනවා...
    නමුත්....

    @දිල්,
    ඔයාට වෙනමම මම උත්තර බඳින්නම් පොඩ්ඩක් ඉන්නකෝ පොඩ්ඩක් ඔහොම....

    /බිඟුවා...!

    ReplyDelete
  7. ඊලඟට මොකක් කියයිද මේ යකා .... එන පොට හොඳ නැහැ ...

    ReplyDelete
  8. ඔය සම්පූර්ණ බොරු බිඟුවෝ... මේ දැන් උණු උනුවේ හදලා දාපු එකක් විකිපීඩියා එකට ... අද ඒ ගොල්ලන්ගේ...එතකොට 365 - 1 = 364... මේ ඔක්කෝම අපේ... හිත කලබල කරගන්න එපා...

    ReplyDelete
  9. @ biguwaa
    http://en.wikipedia.org/wiki/International_Men's_Day

    ReplyDelete
  10. Actually I also didn't know about NOV 19 is that men's Day...

    pr.......

    ReplyDelete
  11. agreed with tissa.
    Hiks that is FUN talk

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ඇත්තටම බිගු අයියෙ.. මෙකයි සිද්දිය... අපෙ නියම සිංහල පිරිමි හැමදාම ගැහැනු අයට සැලකුවා, ගෞරවය කරා, ආදරය කරා. ඉතින් එ අයටත් ලොකෙ කිසිම අඩු පාඩුවක් නැතිව ලස්සනට දයාව සෙනහස පිරුනු බැදිම් වලින් එ ගොල්ලො පොහොසත් මිනිස්සු වෙලා උන්නෙ. සුද්දො ඇවිල්ලා.. රා බිබි හිටපු කසිප්පු කාරයින්ට එක එක ගුන්ඩු දුන්නා. එකට රැවටිලා අපෙ උන් ටිකත් ජොගි නටන්න ගත්තා. ඉට පස්සෙ උන්ගෙ ගැහැනු ටිකත් ජොගි නටන්න ගත්තා. මෙ වෙනකොට ලොකෙ ජොගි නට නට හිටපු මිනිස්සුන්ගෙ ගැහැනු ටික සෙට් වෙලා එක එක අයිටම් වැඩ පටන් ගත්තා. අඩි උස සපත්තු දාන්න, උරහිස් පළල් කරපු ඇදුම් අදින්න. ඇත්තටම මෙ වා පටන් ගත්තෙ එ විදියට දෙව්න ලොක යුද්ධය ඉවර වෙනවත් එක්කම 50 ගණන් වල. ඔහොම ගිහිල්ලා. සල්ලි හොය හොය මනුස්සකම් නැති කරපු මිනිස්සුම එකතු වෙලා එ ගොල්ලන්ගෙ මාහා සත්ගුනවත් බාවය පෙන්න එක එක දින දාගත්තා. එකක් තමයි කාන්තා දිනය. ඉස්සර කාන්තාවන්ට ගරු කරපු මිනිස්සු 70% විතර හිටියනම් අද ඉන්නෙ 30% විතර. හැම තැනම අද ලොකෙ එක එක දින දාගෙන, එක එක සංවිධාන ගහගෙන කරන්නෙ බොරුව.. උන් හැමදාම කරෙ මෙහෙ තියන දෙවල් තුට්ටුවට අරන් ගිහින් එහෙ තියන දෙවල් වබල් කරලා මෙහෙට විකුනපු එක.... දුප්පත් කම පිටු දකින්න කියලා කරන කියන හැමදෙකින්ම සිද්ධ වෙන්නෙ දුප්පත් අපෙ රට හිර වෙන එක විතරයි.

    හැමදාම බටහිර මිනිස්සු කරෙ ආසියාතිකයින්ගෙ තිබුනු හැමදෙම කොල්ල කාගෙන උන්ගෙ ලේබල් ගහගත්තු එක තමයි. හැබැයි උන්ටත් අමතක වෙන දෙයක් තියනවා. දන්නවා නෙද මිට වසර 3000 ක්ට 4000 කට විතර කලින් දකුනු අප්‍රිකානු මාහද්වීපයෙ රටවල තිබුනු සස්‍ශ්‍රිකත්වය. දැන් ඔය වැලෙ වැල් නැතුව ඉන්න..

    ReplyDelete
  14. ඉතින් මම අපෙ කාන්තා පක්ෂයෙ අයගෙන් ඉල්ලන්නෙ. සටන් කරන්න ගියොත් ඔයාලට වෙන්නෙ අතපය කඩාගෙන ගෙදරට වෙලා ඉන්න එක්. ඉට වැඩිය නරකද සින්දුවක් ඉගෙනගෙන, නැටුමක් ඉගෙන ගෙන, ඔය කොම්පියුටරුත් පොඩ්ඩක් ඉගෙන ගෙන දයාවෙන් සෙනහසින් තමුන්ගෙ දරුවන්වයි, සැමියවයි පුරොලා උන් රටෙ දියුනුවට වැඩ කරොලා, උන්ගෙ දාඩිය මහන්සියට සෙවනක් සිසිලසක් දිලා එ දිහැ බලලා සතුටු වෙලා සන්තොෂයෙන් දරු මුණුපුරු මිණිපිරියන් 100 ක් විතර මැද්දෙ මෙලොකෙන් නික්මෙන එක. හම්බ කරලා පොත්ත පාට කරගත්තට වැඩක් නැහැ. හම්බ කරලා තට්ටු ගෙවල් ගහ ගත්තට වැඩක් නැහැ, දරුවන්ගෙ, සැමියගෙ කිසි තෙතමනයක් නැත්නම්. අන්තිමට බලද්දි අම්මායි තාත්තායි ජොගි නටන්න ගිහිලා පරම්පරා 10 යක් අනාත කරලා.....

    ඔය පිරිමින්ගෙ දිනයනම් මහාම මහා බොරුවක්.. ඔය දින මව්වරුන්ගෙ දිනය, ගුරුවරුන්ගෙ දිනය, මෙ ආදි එකි මෙකි නොකි සියලු දින දාගත්තාහම 365 න් 200 විතර ඉතුරු වෙනවා. ඉතුරු 200 ම පිරිමි දින තමයි...

    (බිඟුවට රහසින් "ඔන්න අයියෙ වලිය ඇද්දා දැන් මාව බෙරගන්න වරෙන්......කොල්ලො ටිකව සෙට් කරපන් වලියට... දිල් ලට, නිමන්තිලට දෙමු අද මදි නොකියන්න...")

    ReplyDelete
  15. තිස්ස අයියට /

    ඉතුරු 364 අපේ කිව්වට ඔයා ,බිගුවා ඇතුළු අය ජීවත් වෙන්නෙත් අපි කියන පවුල් සංස්ථාව තුලනෙ ....;) එතැන කාන්තාවත් ඉන්නවනෙ....

    රවා ට /

    ඔයාට උත්තර දීලා මගෙ වචන ටික නාස්ති කරගන්න මොකද්දෝ වගේ......... :p

    ReplyDelete
  16. අනේ බිගුවො පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා.
    අද හැර අන් සෑම දිනයක්ම අපේ.
    :)

    ReplyDelete
  17. එල රවා.... මම ඔයාගේ පැත්තේ.
    ඕනෙම දේකට කොල්ලෝ එක්ක ඉන්නවා...
    ඇදපන් බය නැතුව බිගු ඔය කෙල්ලන්ත බය වෙන්න එපා

    ReplyDelete
  18. පිරිමි දිනේට ඇති වෙන්න බොන්න දෙනවද?

    ReplyDelete
  19. බිඟු..මේහ්...
    මම නම් කැමතියි..පිරිමි දිනෙත් අදම තිබුනා නම්..එතකොට කිසි අවුලක් නෑනේ. හිහ්..හිහ්..හී.....

    නැත්නම්, දිල්..විශ්මි..අපි එක්ක තරහා..වෙයි..යාලුවා.

    ReplyDelete
  20. සුපුන්March 8, 2010 at 5:20 PM

    කොල්ලො කියපු දේවල් වලට අර දිල් කියන කෑල්ලට මල පැනල වගේ ඔය වගේ අය හින්ද තමයි අමුතුවෙන් කාන්තා අයිතීන් රකින්න වෙලා තියෙන්නෙ ඒක ඒ අයට නොතේරෙන එක තමයි අවසනාව

    ReplyDelete
  21. Men always try to shit on Female.
    Here is same. You always think u r the big one & u have big one. But it is not true. sometimes u r not enough for me.

    ReplyDelete
  22. සුපුන්March 8, 2010 at 5:50 PM

    මේ දිල් කියන කෑල්ල අර කොල්ලො 8 දෙනෙක් ගෙයි කෙල්ලෙක් ගෙයි සිද්දියෙදි ඇත්ත හෙලි වෙද්ද comment නොකර මාරු උන හැටි නම් නියමයි

    ReplyDelete
  23. I said this again. supun also a typical guy just call dil to "දිල් කියන කෑල්ල". i'm not her mother, but u r not ready to believe women has needs as well. that is why i said that u guys try to pull down women always.

    no more any respect from u guys. that is too bad. but remember that u r not enough for me.

    -simple girl-

    ReplyDelete
  24. also i have been in this blog 1000 times & bingu is not try to kill women party. he always try to show how & why? that is why i came here. i personally like that. But it is up to you to comment. girls need more help than you think. but you r not ready to give that. that is the bad thing you have made.

    ReplyDelete
  25. සුපුන් මල්ලී.. පොඩ්ඩක් සංවරව කතා කලොත් නේද හොඳ...? මෙතන කෑලි නෑ...ඔක්කොම ඔයාල අපි වගේ සම්පූර්ණ මිනිස්සු ඉන්නේ...

    ReplyDelete
  26. කාට හරි තරහ ගිහින්ද?

    ReplyDelete
  27. සමනලීත් බිඟුවා අයියාගේ අදහසට එකගයි..... අපි හැමෝම එකිනෙකාට ගරු කරන්න දන්නවානම්, සම්බන්ධකම් වල වටිනාකම.. මිනිස්සුන්ගේ වටිනාකම අදුරනවා නම් ඔය වාගේ දවස් වෙන් කරන් එදාට විතරක් ඒ ඒ කෙනාව සමරන්න ඕනා නෑ.....
    සමනලීත් තාත්තාට ගොඩාක් හදවතින් බැදුනු කෙනෙක්.... ඒ නිසා සමනලී දන්නවා පවුලක් ඇතුලේ තාත්තා කියන චරිතයේ වටිනාකම.. ඒ නිසා සමනලී නම් හිතන්නේ කාන්තාවට වාගේම පිරිමින්ටත් එක වාගේ සලකන්න ඕනා කියලා......

    ReplyDelete
    Replies
    1. අන්තවාදයන් හෙළා දකින ඔබ වැනි කාන්තාවන් ගැන අහන්නට ලැබීමටත් සතුටුයි

      Delete
  28. සුපුන් මල්ලි..
    ඔයගෙ අතින් වැරැද්දක් උනානම් ඔයා බය නැතුව සමාවෙන්න කියන්න. ඔයා හිතනවනම් ඔයගෙ අතින් වැරැද්දක් නෙමෙ උනෙ කියලා නිශ්ශබ්දව ඉන්න.. මම මුලින් ම රන්ඩුව පටන් ගත්තෙ නියම පිරිමි අය ගැහැනු අයට ගෞරවය, ආදරයෙන් සැලකුවා කියලා... සමහර විටකදි ඔයා ඇසුරු කරන සමාජය අනුව ඔයා එ වචනය භාවිතා කිරිම නිවැරදි යැයි හැගෙන්න පුළුවන්.. නමුත් එම වචනය ගැහැනු කෙනෙකුට ඇසුනු ගමන් ඇ තුල ඇතිවන හැගිම තෙරුම් ගන්න. ඔබටත් අම්මා කෙනෙක්, සමහර විට නංගි කෙනෙක් ඉන්න පුළුවන්, ඔබෙ අම්මා හො නංගි වෙනුවෙන් තවත් නාඳුනන කෙනෙකුගෙ කටින් එවැනි වචනයක් පිටවු කල්හි ඔබෙ හිතෙ ඇතිවන හැගිම්ත් තෙරුම් ගන්න උත්සහා කරන්න...

    දිල් අක්කෙ...
    මගෙ කටින් හො අතින් වැරදි යමක් පිට උයෙ නම් දිල් අක්කෙ මට සමාවෙන්න. ඔබ මා සමග මෙ අවස්ථවෙ සණ්ඩු නොවෙන්න කාරනව ඔබෙ හදවත ඔබෙ ගර්වය හා බුද්ධිය සමග සණ්ඩු කරන නිසාය.... ඔබ මා කියනදෙ හදවතින් පිළිගන්නා නමුදු ඔබ ජිවත්වන පරිසරය හා බහිර බලපැම් හෙතුකොටගෙන ඔබෙ ඇතුලතින් ම එය ප්‍රතික්ෂෙප කරන නිසා වෙනි....

    තර්ක කිරිමෙදි, සණ්ඩු කිරිමෙදි මාතෘකාවට අදාල නොවන කරුනු ගෙන හැර විරුද්ද පාර්ෂවය මානසිකව පහලට දමා දිනිමට උත්සහා කිරිම පහත් දෙශපාලනයෙන් මිනිසුන් උකහාගත් දෙයකි. මා මෙහි සණ්ඩුව (වලිය) ඇදිමට උත්සුක උයෙ එය සොඳුරු සණ්ඩුවක් කර ගැනිමෙ බලාපොරොත්තු වෙනි. නමුත් දිල් අක්කගෙ හිත සුපුන් මල්ලිගෙ වචනයකින් රිදුනෙ නම් එයට පරිසරය නිර්මානය කරදිමෙ වරදට මගෙ හිතද මාහට දොස් පවරනු ඇත. එ වෙනුවෙන් මම සණ්ඩුවට ලංවු සියල්ලන්ගෙන් සමාව ඉල්ලන අතර සණ්ඩුවෙන් සණ්ඩුවෙන්(වලියෙන්) ඉවත් වෙමි..

    බිඟූ වලිය ගෙනියන්න....

    ReplyDelete
  29. ඇයි අනේ අප්‍රෙල් 1 වෙනිදා ?

    ReplyDelete
  30. බිඟු කියන කතාව ඇත්ත. එත් එක්කම මම දිල් එක්කත් එකඟයි. පිරිමින්ට හැම අයිතිවාසිකමක්ම බොහෝදුරට ලැබිලා තියෙනවා. නමුත් ගැහනුන්ට තාමත් අසාධාරණ සිදුවෙන්වා.
    හැබයි ඉතින් මගේ කිසිම විරුද්ධත්වය නෑ පිරිමි දිනයක් දැම්මට. කාන්තා දිනයක් කියල තිබ්බත් මහලොකු විශෙෂයක් ඕකේ නෑනේ. රූප පෙට්ටියේ එක එක දෙවල් පෙන්නනවා විතරයි. ඔය අතරේ අලුත් කෑමවට්ටොරුත් තියෙනවා. ඉතින් කවුද කියන්නේ ඕක අපිට විතරයි වැදගත් කියලා? ඔයාලටත් එක්කතමා ඕවා පෙන්නන්නෙ. නරකක් වෙලා නෑ නේද?

    ReplyDelete
  31. සුපුන් ට /

    මම හිතන්නේ ඔයාගෙ තතවය ඔයා පෙන්නලා ඉවරයි මල්ලි....ඉතින් මේ " කෑල්ල " තව මොනා කියන්නද ?
    දිල් කියන්නේ ජීවිතේ කිසිම දෙයක් ඉල්ලපු කෙනෙක් නෙමේ. ලැබෙන දේ සතුටින් භාර ගත්තු කෙනෙක්.අපි මෙතන බොහෝම සුහදව ...විනෝදයෙන් එකිනෙකාගෙ අදහස් හුවමාරු කරගත්තා විතරයි...වෙන කිසිම දෙයක් ඉල්ලුවේ නෑ...

    ඔයා මට " කෑල්ල " කිව්වා. මම ඒකට ඔයාට " ස්තුතියි " කියන්නම්.....මොකද මම වගේම කෑලි ඔයාගෙ ජීවිතේ වටේම ඇති...

    ReplyDelete
  32. රවා ට /

    මල්ලියෝ ඇයි ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ ? කලින් ඡන්දයේදි වගේම මෙතැනදිත් අපි කරන්න හැදුවේ විනෝදකාමි රණ්ඩුවක්.කේක දන්නේ අපි අපි විතරයි...කලින් ඡන්දයේදි අපි මොනතරම් විනෝද උනාද ?

    සුපුන් ඇවිත් එයාගෙ තත්වය පෙන්නලා ගියා.,ඉතින් ඔයා සමාව ඉල්ලන්න එපා....මොනා කලත් රවා කවුද කියලා දිල් දන්නවා වගේම දිල් කවුද් කියලත් රවා දන්නවා නේද ? අච්චර ප්‍රශ්ණවලට මූණ දුන්න මම මේ වගේ දෙයකින් වැටෙයිද ? කවදාවත් නෑ..හිත් නම් රිදුනා තමයි. ඒත් ඉතින් හැමදාමත් රිදෙන හිතනෙ....ගනන් ගන්න එපා.....ඔයාල මේක කරගෙන යන්න...මම පැත්තකට වෙලා බලාගෙන ඉන්නම්....

    :)

    ReplyDelete
  33. ඇයි ඇත්තටම මිනිස්සු මෙහෙම කතා කරන්නේ කියලනම්..මට තේරෙන්නේ නැහැ.
    දිල් කිව්වා හරි..කවුරු හරි කතා කරන දේ වල් වලින් අපිට එයාගේ තත්වය මැනගන්න පුලුවන්.තිස්ස අයියා කියනවා වගේ වගේ අපි සංවරව කතා කරන්න ඉගන ගමු නේද..?එතකොට කාගේවත්ම හිත රිදෙන්නේ නැහැනේ.අපි බලන්න ඕනේ හැම වේලාවෙම අනිත් අයට කරදරයක් නොවී ඉන්න නේද..?
    මම නම් හිතන්නේ එහෙමයි.ඉතින් කවුරුත් හිත රිදවගන්න එපා.කෝ රවා මල්ලී.ඔන්න අපි ආවා..ඒ පාර ඔයා යන්න හදනවා.

    ReplyDelete
  34. I dont think guys need a day for them. Just think about it. Most of us don't remember our own birthdays. do we really need another day to remember?

    Probably that's why no one knows much about the guys day. We just dont remember.

    ReplyDelete
  35. @වැප්,
    යකා කලු උනාට බය වෙන්න එපා හරිද ...
    හික්ස්...

    @තිස්ස,
    ඒක නම් ඇත්ත තමා. අධික අවුරුද්දක් වුනාම 365ම අයිති පිරිමි අපිටමයි.
    හා.. හා...

    @නිමන්ති,
    මම අද තමා මේ පිරිමි දිනේ දැන ගත්තේ. මම අහුවා මගේ යළුවන්ගෙන්

    @රවා,
    "සන්තොෂයෙන් දරු මුණුපුරු මිණිපිරියන් 100 ක් විතර මැද්දෙ මෙලොකෙන් නික්මෙන එක."
    මේක නම් නියම කතාව බං.
    වලියක් දාන්නම ඕනේ නෑ මල්ලියේ. කොහොම වුනත් මෙහෙම අදහසකුත් මට හිතුනා පස්සේ.

    අතීතයේ කාන්තාවන් යනු වහලියන් සේ සලකන ලද ජන කොට්ඨාශයක්. පස්සේ කෑ ගහලා කෑ ගහලා යාන්තම් අයිතිවාසිකම් ඉල්ලා ගත්තා.
    තවම සමහර ජන වර්ගවල කාන්තාවන්ට නිසි තැන (සම තැන නොව ) ලැබෙන්නේ නෑ. අද වගේ දිනයකින් ඒ වගේ පිරිම්න්ට සිහි කරලා දෙනවා කාන්තාවන් කියලා පිරිසක් ඉන්නවා කියලා. ඒ වගේ සමාජ වලට මේ කියන්න හදන පිරිමි දිනේ වැදගත් නෑ. මොකද 365ම පිරිමි දින කරගෙන ඉවර හින්දා.

    නමුත් ඔයා කිව්වා වගේ අපේ රටට නම් පිරිමි දිනයක් තිබුණොත් හොඳයි.

    @නිල් අහස,
    දෙකම එකම දවසට තිබුනොත් නම් අල බෝලයක්ම වෙයි නේද?
    වෙනම දවසක් තියෙන එකමයි හොඳ. නැත්නම් පේන්නේ නැද්ද මේ යන වලි වල හැටියට කොහෙන් කොහොම නවතීද දන්නේ නෑ මේවා...

    /බිඟුවා...!

    ReplyDelete
  36. @සරල ගෑනු ළමයා,
    ඉස්සරලාම මම හරිම සතුටුයි ඔයාගේ කිසිම විස්තරක් නැතුව මී වද‍යට නිතර යන එන කෙනෙක් වීම.
    ඔයාට තහර ගිහින් වගේ...
    ඔයා කියන්නා වගේ මට ඕනේ උනේ නෑ කාටවත් රිදවන්න.
    නමුත් වැරැද්දක් විදියට මා දකිනා දේ අප අතරේ බෙදා ගැනීමේදී යම් කෙනෙකුට රිදෙන්නත් පුළුවන්.
    හැබැයි මාත් ඔය කියන "කෑල්ල" කියන වචනේ නම් පාවිච්චි කරලා තියෙනවා අනන්ත වාරයක්....

    @සුපුන්,
    කෂ්ටිය දෙහි කපනවා නේද?
    මම මොකද කියන්නේ....
    මේකයි මල්ලී පුතා, තරහ කියන්නේ මිනිස්සුන්ට අයිති දෙයක්. ඒ හින්දා ඒ ගැන නම් එච්චර හිතන්න එපා.
    නමුත් ඉන්න සෙට් එක අනුව පොඩ්ඩක් අපි කතා කරමු නේද...
    අනික අපි කතා කරන්න හැදුවේ පිරිමි දිනේ ගැනනේ නේද..
    අපි ඒක ගැන බලමුකෝ...

    @සමනලී,
    200% එකඟයි.
    ඒ වගේම සතුටුයි ඔයා පිරිමි ගැන මේ වගේ කෝණයකින් බලන්න පුරුදු වෙලා ඉන්න එකට.
    ඒක ඔයාගේ විවාහ ජීවිතයත් ගොඩාක් සාර්ථක වෙන්න උදව් වේවි.

    @රවා ආයෙත්,
    කොහෙද යන්නේ...
    මෙන්න අර දෙන්නා ඇවිල්ලා... ඉක්මනට වරෙන්...
    උඹ ගිනි තියලා කැලේ පැන්නා නේද?
    අනික අපි කවදත් වලි දැම්මේ ෆිට් එක වැඩි හින්දා මිසක් කෙනෙකුට රිදවන්න නම් නෙමෙයි...
    ඒක අපි ඔක්කොමලා දන්නවා...
    අනික දිල් ඔන්න උත්තරත් දීලා තියෙනවා....

    @මකරා,
    මං හිතන්නේ ඕක පිරිමි දිනේ නම් වෙන්න බෑ.
    නමුත් මකර දවසක් වෙන්න පුළුවන්ද මන්දා....

    @හිපෝ,
    ඒකත් ඇත්ත. ඔය රූප පෙට්ටියේ පෙන්නන තරම් ලොකු දෙයක් නම් වෙන්නේ නෑ.
    අර කෑම උයන එක නම් ඉතින් වැදගත් අපිට තමා. මොකද අපිනේ වැඩිපුර රසට උයන්නේ...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  37. පෝස්ට් එකත් කියෙව්වා! කොමෙන්ට් ටිකත් බැලුවා. අපුරුවට හිටපු උඔලා සුද්දගෙ දිනයක් අල්ලං මරා ගන්ඩ හදන්නෙ මොකද? එක අම්මගෙ තාත්තගෙ දරුවො වගේ ඉදපල්ලකෝ මරා ගන්නෙ නැතුව!

    ReplyDelete
  38. Ammata hudu.. Pirimi dine Ape lokkaga B,day eka neda? mala magulai uru wansaya dana gaththoth oka ganath potak sure

    ReplyDelete
  39. @දිල් ආයෙත්,
    මොකද ඔයා පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ.
    ඔයාගේ ජීවිතේ එහම ඉඳලා පුරුදුද?
    ඔයාගේ කතාවේ එහෙම කෙනෙක් හිටියේ නෑනේ...
    දුක හිතෙන්න ඇති. හිත රිදෙන්න ඇති.
    ඒත් ඒක අල්ප මාත්‍රයි කියලායි මට දැනෙන්නේ ඔයාට සිද්ධ වෙලා තියෙන අනිත් දේවලුත් එක්ක.
    අනික මේ වගේ පොඩි දේකින් ඔයා ගේම (වලිය ) අතඇරියොත් අපි උඩින්ම දිනුම්.... හුරේ....
    හරිම ලේසියි ඔයත් එක්ක දිනන්න...

    මම පුද්ගලිකව කැමති නෑ ඔයා පොර පිටියෙන් ඉවත් වෙනවට. :(
    ඒත් මට බල කරන්න බෑ ඔන්න..

    @නිමන්ති,
    ඒකනේ. බලන්නකෝ
    රවා පැනලා ගිහිල්ලනේ.
    ඒ මදිවට දිලුත් ගියා ඔන්න.
    වලිය උපන් ගෙයිම මළානේ..
    අපරාදේ...

    @රකා,
    පට්ට කතාව බං. මගේ උපන් දිනෙත් මට වැඩිය නෝනට මතකයි බං.
    එයාලට තමා ඔය දින වැදගත්. ඒත් අපේ දිනේ ගෑනු මතක තියා ගනීනේ බං.
    ඒකම මදෑ. මොනව හරි විශේෂ දෙයක් කන්නවත් හමබ වෙයිනේ මචං
    අපිට මතක නැති උනාට මතකයි ඈට අද වගේ...

    @බුද්ධි,
    ඒකනේ බලපන්කෝ....
    මුන් එකෙක්වත් කියන දෙයක් අහන්නේ නෑනේ...
    ඒත් පොඩ්ඩක් ඔහේ ඇරගත්තත් කමකුත් නෑ ඔන්න ඔහේ.
    නිකන් තියෙන මොලගෙඩි ටික රත් වෙන්නත් එක්ක...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  40. දැන්නේ දැක්කේ

    ගේම නැගලා ගිහිල්ලානේ..
    මම එන කොට බැහැලා ගිහිල්ලා ..
    හොද වෙලාවට කට්ටිය ඛෙරුනා කියලා හිතා ගන්න.

    දිල්ට...
    පුංචිම පුංචි දේවල් ගණන් ගන්න ගියොත් අපිට වෙන කරන්න වැඩක් නැතිව යනවා.
    අල්ලලා දාන්න.
    ඔන නම් මෙ මායි රවයි ඉන්නේ ඔයාට ඇති වෙනකල් බනින්න.
    අපි වැරදියි තමයි.
    ඔය එක එක තැන් වලදී මාත් කියන ඒවට මටත් සමා වෙන්න.
    රවා වගේම ඔන්න මාත් ගියා.

    ReplyDelete
  41. Every day is a MEN'S Day except march 8th.

    ReplyDelete
  42. ගෑනු කියන්නේ මහ මෝඩ ජාතියක්.ඒ නිසා ඔවුන්ට ලැබිය යුත්තේ නිසි තැනයි.සම තැන නොවේ..........

    ReplyDelete
  43. Three men were hiking through a forest...
    ...

    when they came upon a large raging, violent river.

    Needing to get to the other side, the first man prayed:
    ' God, please give me the strength to cross the river.
    Poof!!!
    God gave him big arms and strong legs...
    and he was able to swim across in about 2 hours,
    having almost drowned twice.

    After witnessing that, the second man prayed:
    'God, please give me strength and the tools to cross the river'
    Poof!!!
    God gave him a rowboat and strong arms and strong legs...
    and he was able to row across
    in about an hour
    after almost capsizing once

    Seeing what happened to the first two men,
    the third man prayed:
    'God, please give me the strength, the tools and the intelligence to cross the river'
    Poof!!!

    HE WAS TURNED INTO A WOMAN!!!
    She checked the map, hiked one hundred yards upstream...
    and walked across the bridge

    Guys, if at first you don't succeed, do it the way your wife told you!

    Have a wonderful Woman's Day !!!

    Source : an E-mail

    ReplyDelete
  44. ගෑනු කියන්නෙ මෝඩ ජාතියක් තමා.නැත්තම් මේ වගෙ බූරුවෙකුට උපත් දේවිද

    ReplyDelete
  45. බිඟු මම පැනලා ගියෙ නැහැ... මෙතන්ට එනවා... නිමන්ති අක්කයි, දිල් අක්කයි, අළු ගහලා දාල ඔයාට දැඩි ප්‍රහාරවල් එල්ල කරන්න ආවොත් ඉතින් මමත් පැනලා ඔයාව බෙරගන්නවා. අපි පොඩි පොඩි දෙවල් කියලා හිතුවට වචන තමයි ලොකුම දෙවල්......

    ReplyDelete
  46. රවා ට/

    ඇස් වලින් දැකලා නැති අපේ බැදීම ගැන සමහරුන්ට තේරුමක් නෑ නේද රවා...අපි අතරේ තියෙන්නේ සහෝදර බැදීමක්...ඒක නොතේරෙන අය ඇවිත් ගල් ගැහුවට අපිට මොකෝ.....

    අපි බිගුලන්තයේ සමාජිකයෝ....විහිළුවට වලි දාගත්තට .නේද රවා

    ReplyDelete
  47. හැමෝටම තියෙන්නේ රිදෙන හිත්.
    පොදුවේ දිපු අදහසක් වෙනුවෙන්..ඇයි මේ තරම් තරහා ගත්තේ.
    කාටවත් රිද්දන්න..තරම් ඇයි.. මානසිකව, පහතට වැටුනේ..

    ReplyDelete
  48. metana dil kiyalaa nama kiyalama kiyapu ekay problem eka une. poduwe kiyana dewalnam ange gahaganne nam modayoe natnam adaala aya

    ReplyDelete
  49. බිඟු..

    මේ ‍මොකද වෙන්න යන්නේ..

    ඇත්ත තමයි, දෙගොල්ලන්ගෙම දවස්, එක දවසකට වැ‍ටුනොත් අපේ කොල්ලො ටික, මේ කෙල්ලන්ව හොඳටම මඩවාවි..

    මම බැලුවෙ වෙඩින් එක දවසේ, දෙන්න දෙමහල්ලෝ ආදරෙන් ඉන්නවා වගේ, එක දවසට මේ දෙකම ගන්න..

    දිල්, රවා /

    ඇයි මේ දෙන්නම හිත රිදවගෙන.
    දෙන්නම දුක් වෙන්න එපා. ඔය දෙන්න නැතුව බිඟුලන්තයට පාලුයි.
    රිදුන හිතට කාලය විසදුම් දේවි..

    ReplyDelete
  50. බිඳුනු කලක අමතක කළ නොහැකි නම් සිතින්
    බිඳුනු බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්

    ReplyDelete
  51. බිගු, කවුද කිව්වෙ අපි හිත් රිදවගෙන කියලා ? රවා නම් අද ටිකක් බිසී වගෙ...දකින්නත් නෑ..මම නම් ඉතින් ඇවිත් බලලා ගියා......පාළුව යන්න රවා , මාරයා හවසට ඒවි මේ පැත්තට :D

    ReplyDelete
  52. හැමෝම කියලා තියෙන දේවල් බොහොම සාවධානයෙන් කියෙව්වම මට හැඟෙන දෙයක් තමයි මිනිස්සුන්ට රණ්ඩු කරන්න හිත් රිදවගන්න විශේෂ හේතුවක් ඔනේ නෑ කියලා. වෙනස් කම් කියන දේ හොයන එකම ජීවී විශේෂය අපි වෙන්න ඇති. මන් හිතන්නෙ නෑ ලෝකෙ වෙන කිසිම සතෙක් එකිනෙකා අතර තියෙන වෙනස් කම් මත ප්‍රශ්ණ ඇති කර ගන්නව ඇති කියලා. උඹේ වල්ගෙ කොටයි. උඹේ කන් 2 දිගයි. මට පුල්ලි තියෙනව. උබට නෑ. මගෙ ඇගේ ලොම් ගොඩයි. මෙහෙම කිය කිය රණ්ඩු වෙනව ඇතිද සත්තු. මන්නම් හිතන්නෙ නෑ. ඒත් බලන්නකො මිනිස්සු. උසයි මිටියි කියල ප්‍රශ්ණ, සුදුයි කලුයි කියල ප්‍රශ්ණ, ගැනු පිරිමි කියලා ප්‍රශ්ණ, අගම මොකද්ද කියල ප්‍රශ්ණ, ජාතිය මොකද්ද කියල ප්‍රශ්ණ.......අය්යෝ ප්‍රශ්ණ ලෝකයක්නේ. කිසිම තත්පරයක හිත නිදහසක් නෑ. අනේ මන්දා මටනම් තේරෙන්නෙ නෑ.
    මේ එක එක අය වෙනුවෙන් දවස් වෙන කරගෙන සැමරීම කොයි තරම් අර්ථාන්විතද කියන දේ ගැන මට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. පුදුමයි සත්තුන්ගෙ නම් වලින් එහෙම දවස් වෙන් කරල නැති එක. එහෙම උනනම් බල්ලන්ගෙ දවස, පුසන්ගේ දවස. ඉබ්බන්ගෙ දවස, ඔය එක එක නම් දගෙන එවත් මිනිස්සුන්ම සමරාවි. (දැනටමත් හැබැයි එහෙම දවස් තියෙනවද දන්නෙ නෑ.)අර සමනලී කියන්නා වගේ හැමෝම එකිනෙකාව හරි හැටි තේරුම් අරගෙන මනා අවබෝධයෙන් යුතුව ජීවත් වෙනවනම්, ඒක සෑහේවී මේ ලොකෙ මීට වඩා ලස්සන වෙන්න. නමුත් ඒ දේ කවදාවත් වෙන එකක් නෑ. මොකද හැමෝගෙම හිතේ මාන්නය පිරිලා. කිසිම කෙනෙක් ඒ මාන්නය පැත්තකින් තියල නිදහසේ ලෝකය දිහා බලන්න සූදානම් නෑ. මාන්නය මිනිස් හිතේ රජ කරන තාක්කල් මේ අඳුරු යුගය එලෙසම පවතීවි.

    ReplyDelete
  53. ආ...ආ...ආ...අමතක උනානේ. අපේ දිල් සහෝදරීට යමක් කියන්න ඕනකම තිබ්බා.
    "පිරිමීන්ට නින්දා කරන්නෙ කොයි කාන්තාවද ? පියවරුන්ට නින්දා කරන්නේ කොයි කාන්තාවොද ? පිරිමියෙක්ව දූෂණය කරන්නේ කොයි කාන්තාවොද ? "
    ඔන්න ඔය දේ සම්බන්දව. පත්තරයක් අරන් බැලුවොත් ඔය නොවෙන දේවල් විදිහට කියල තියෙන දේවල් වෙලා තියෙන අවස්ථා වලට ඕන තරම් උදාහරණ හොයගන්න පුලුවන්. ගෑනු හරි පිරිමි වැරදි කියල අපිට කියන්න බෑ. ඒ වගේම පිරිමි හරි ගෑනු වැරදි කියල අපිට කියන්නත් බෑ. අපි දෙගොල්ලොම මිනිස්සු. මිනිස්සු උනාම හැමෝම අතේ වැරදි තියෙනවා. සර්වසම්පූර්ණ පුද්ගලයෙක් මේ ලෝකෙ නෑ. අපි අනිත් හැමෝගෙම වැරදි දකිනවා. නමුත් අපෙ වැරදි අපි දකින්නෙ නෑ. අපෙ ලොකුම වැරද්ද ඒකයි.
    "පිරිමියෙක්ව දූෂණය කරන්නේ කොයි කාන්තාවොද?" කියන ප්‍රශ්නේ අහල තිබ්බ. ඇත්තටම මොකද්ද මේ දුශණය කරනව කියන්නේ. ලිංගිකත්වය කියන්නේ සාමාන්‍ය ජිව ක්‍රියාවලියක්. තම ජීවි විශේෂයේ ඉදිරි පැවැත්ම තහවරු කරන්න සැකසුනු ජීව ක්‍රියාවලිය. මෙතනදි සිදු වෙන්නේ ඒක. නමුත් කාන්තාව පමණයි දූශණයට ලක් වෙනවා කියල කියන්නේ. අපි ජීවත් වෙන්නේ විවහය පදනම් කරගත්තු සමාජ ක්‍රමයක් අතුලේ. ඒකයි මේ ප්‍රජනනය කියන ජීවක්‍රියාවලිය මෙ තරම් ප්‍රශ්ණ වලට හේතු වෙලා තියෙන්නෙ. විවහයට පෙර ලිංගික සබඳතාවයකින් කාන්තාව දූශණයට ලක් වෙනවනම් ඒක පිරිමියාටත් පොදු වෙන්න ඕන. දෙදෙනාම දූශිත ලෙස හන්වඩු ගැසෙන්න ඕනේ. එය කාන්තාවට පමණක් බලපාන අන්දමට සමාජ ක්‍රමය නිර්මණය වීම ලොකු අසාධාරණයක්. ඇත්තටම කාන්තාවට ලොකු අසධරණයක් වෙල තියෙනවා. දින වකවානු වලින් හරියටම කියනන බැරි උනත් මට හිතෙන්නෙ මේ අසාධාරණය මිනිස් ප්‍රජාව ආරම්භයේ සිටම පැවත එන දෙයක් කියලයි.
    රවාට උත්තර බඳිනවනම්, අද තත්වෙ ටිකක් හරි හොඳයි. එදා කාන්තාවට තිබ්බ තැන ගැන පිරිමියෙක් විදියට මට කතා කරන්නත් ලැජ්ජයි. මොක්ද ඒ ත්ත්වෙ ඇති කලේ පිරිමි අපිම නිසා.
    "සිනා නොමසෙන් දසන් දක්වා"
    මතක ඇතිනේ. හිනා වෙන්නත් සීමා පනවපු යුගයක් තිබ්බේ එදා.
    කොහොම නමුත් කාලයක් පැවතුන සමාජ ක්‍රමයක් වෙනස් කරන්න අමාරුයි. මේ හිටපු විදියටම වෙන දේවල් බලාගෙන ඉන්න 1 තමා කරනන් වෙන්නේ. තව දෙයක්. අද හැමෝම ඔය සම තැන නෙවෙයි නිසි තැන කිය කිය මොකද්දෝ නිසි තැනක් ගැන කතා කරනවා.අනේ දන්නවනම් කවුරු හරි මට කියන්නකො ඔය කියන නිසි තැන මොකද්ද කියලා. මාත් ආසයි දැන ගන්න.
    මන් කලින් දවසක මගෙ බ්ලොග් එකේ කාන්තාව ගැන ලිව්වා. මෙන්න ඒකේ ස්බැඳිය. කැමති කෙනෙක් ඉන්නවනම් කියවල බලන්න.
    http://ananthayata.blogspot.com/2010/02/blog-post_16.html

    ReplyDelete
  54. @අනුරාධ

    පූසන්ගේ දවස කියල එකක් තියනවා.මමත් ඒක දන්නේ අද ( හෝ ඊයෙ ).
    ප්‍රවෘත්ති වලට කිව්වා රේඩියෝ එකේ.
    ඒක ඉතාලියෙ තමයි සමරන්නේ.

    හොඳ වෙලාවට ලංකාවෙ එහෙම එකක් නැත්තේ.

    ReplyDelete
  55. සෑහෙන්න හිතන්න ඔන...

    - සොරො

    ReplyDelete
  56. @මාරයා,
    වේලාවට උඹ පරක්කු උනේ. නැත්නම් මෙතන ලොකු කෙලියවක් වෙනවා සිකුරුයි.

    @ප්‍රියන්ක,
    මෝඩ කතාව නම් පිළි ගන්න බෑ. නමුත් නිසි තැන කියන එක පිළි ගන්නවා.
    හැබැයි ම්නිසි තැන සම තැන වෙන්නත් බැරි නෑ නේද?

    @නොදන්නා,
    ලොකු කතාවක් නේ මේ...

    @රවා,
    ආ... ඔය ඉන්නේ ඇවිල්ලා ෆිට් එක.

    @නිල් අහස,
    වෙඩින් දවසෙත් පොඩි පොඩි කේස් නැතුවාම නෙමෙයි බොස්.
    දන්නවනේ ඔය පොඩි සීන් ඉතින් කවදත් අපි අපි අතරේමයි.

    @අනුරාධ,
    නියම පිළිතුර. හරිම අගෙයි.
    දිල්ට හා රවටත් උත්තර දීලා තියෙන හැටි අපූරුයි.
    මානය කතාවටත් එකඟයි. ඒක වෙනම කෝණයකින් මේ ලියමනට ගැලපෙනවා.
    නිසි තැන කියන්නේ කොතනද කියන එක මටත් ප්‍රශ්නයක් තමා...
    මෙන්න කෙනෙක් මෙහෙම කියනවා "පූසන්ගේ දවස කියල එකක් තියනවා."

    @දිල්,
    මම වෙනම පිළිතුරක් ලියන්න හිටියේ ඔයා වෙනුවෙන්.
    නමුත් මම කියන්න හිටිය ගොඩාක් දේවල් කස්ටිය කියලා හින්දා මම ආයේත් කියන්නේ නෑ.
    මීට පස්සේ කලින් මමම කියනවා. පරක්කු නොවී කියන්න ඕනෑ දේ, නැත්නම් හරි යන්නේ නෑ.

    සොරෝ,
    සෑහෙන්න බොන්න වෙනවා....

    /බිඟුවා...!

    ReplyDelete
  57. ඒක නේන්නම්. ඔය කියනකන් මාත් දැනන් උන්නෙ නෑ නොවැ. බය වෙන්න දෙයක් නෑ එහෙනම්. ලඟදිම මේහේටත් එයි. හැබැයි මට තියෙන ප්‍රශ්ණේ මේකයි. කව්ද දැන් ඕක සමරන්නේ. පූසොද?

    ReplyDelete
  58. අනුරාධ මල්ලිට...
    මල්ලි කවුරු හරි ගැහැනු කෙනෙක් මගෙන් සමතැන් ඉල්ලගෙන ආවොත් එයාට ඉතින් සොරිම තමයි. ඔයත් පිළිගන්නවා ගැහැනුන්ට සමාජ ක්‍රමය තුලින් අසාධාරනයක් සිදු උනා කියලා.

    පිරිමි සත්තු ලස්සනට ආකර්ෂනය වෙනවා.. ගැහැනු සත්තු ශක්තියට ආකර්ෂනය වෙනවා.. බොහො විට ශක්තිය නිසා තමයි ලොකෙ පැවත්ම සිදු වන්නෙ... නමුත් ශක්තිය පැවතෙන්නෙ ලස්සන නිසා.. මගෙ අදහස අනුව... කවුරුත් ඉහලින් හො පහලින් ඉන්න ඔනා නැහැ. ස්භාවධර්මයා විසින් අපිව එක විදියකට හදලා තියනවා. අපි එකට අනුව යන්න ඔනා. අපි ගැහැනු ලමයින්ට වැදගත් විදියට, ගෞරවයෙන් සලකන්න ඔනා, එයා එකට සුදුසු ගතිගුණ තියන කෙනෙක්ද නැද්ද කියන එක අපිට වැදගත් විය යුතු නැහැ. හොදට බලන්න මල්ලි ඔය කාන්තා විමුක්තිය කියන දෙ හොයන් යන ගැහැනු අයගෙන් බහුතරයක පුද්ගලික ජිවිත ගැන.

    ඉතින් ශක්තිය නිසා ලොකෙ පැවතෙද්දි පිරිමියට ඉබෙම වැදගත් තැනක් ආවා. ඔය දෙව සංකල්ප ටිකක් එක්ක ආසියාවෙ හෙන මගොඩියක් උනෙ. කොහොම කොහොම හරි හිටපු පිරිමි ජඩයො ටිකක් හින්ද අහිංසක ගැහැනු ටිකක් දුක් වින්දා. එඅතර හිටියා පිරිමි මහත්වරු ටිකක් , ගැහැණුන්ට ආදරෙන් සලකපු ගෞරව කරපු. එඅය ගැනත් පොඩ්ඩ පොඩ්ඩ සදහන් වෙලා තිබුනට මම නම් හිතන්නෙ ගොඩාක් දෙවල් සටහන් වෙලා නැහැ කියලා. තවමත් අපෙ ගම් වල ඉන්නවා සැමියට ආදරෙන් භක්තියන් සලකලා තමුන්ගෙ මුලු ජිවිතෙම, තමුන්ගෙ තියන පුංචි පුංචි ආසවන් කැපකරලා පුංචි පුංචි අසතුටු කම් වින්දත් අන්තිම කාලයෙ පුදුමාකාර සතුටකින්, වින්දනයකින් මෙ ලොකෙන් නික්මෙනවා. එ වගෙම තමයි පිරිමි අයත්. දැන් ගොඩක් ප්‍රශ්න තියන්නෙ හදාගත්තු ආර්ථික ප්‍රශ්න හින්දා අම්මලා දරුවන්ගෙන් වෙන් වෙලා. දරුවො කිසි තෙතමනයක් නැතුව හැදෙනවා වැඩෙනවා. අම්මලා තාත්තලගෙ සල්ලි වියදම් කරලා උන් ඉගෙනගෙන ඩිග්‍රි ගහනවා. හොයනවා හොයනවා එ උනාට මුන් හොයාගත්තු දෙකුත් නැහැ.. හැමදෙම පිටින් ගෙනල්ලා මෙතන හයි කරනවා....කවුද ලොකු, කවුද උඩින්ම ඉන්නෙ, කවුද පළවැනියා කියන දෙ තමයි දැන් ගොඩක් ප්‍රශ්නෙ. ඔක්කොමලා පලවැනියලා වෙන්න පුදුම දැගලිල්ලක්.

    ඔයා මානය ගැන කියලා තියන කථාවට මම ත් එකඟයි. නමුත් මානය කියන එක නැතිවන්නෙ රහත් විමෙදි විතරයි. එතකම් අපි තුල අනිත් අයට වඩා තමන් උසස් කියන දෙ හිටිනවා. අපි ටිකක් රඟපාමු අපෙ එක ගොඩක් අඩුයි කියලා.

    අපි එගොල්ලන්ට ඇගිල්ල දිග් කරලා " හ්......බලන්න කියනවා අපි නරකක් කරපු තැනක් , තමුසෙලත් අපිට වැරදි කරනවා". පිරිමි අපි අපි ගාව තියන ශක්තිය පෙන්නන ඔනා නැහැ. අපි අපි ගාව නැති ලස්සන පෙන්නන්න ඔනා. " හරි හරි ඔයාලට මෙ හිටපු මදාවියො කිපදෙනෙක් හින්දා ගොඩක් කල් දුක විදින්න උනා අපෙ පරම්පරාවෙ ඉදලා වත් එක වෙනස් කරමු " අන්න එහෙම කිව්වොත් ඔය නැති ශක්තිය පෙන්නගෙන එන ගැහැනු ටික හිමිට ප්‍රවීනා වයි, ශාන්තිවයි අකුලගෙන යයි.

    ඔයා තැනකදි කියලා තියනවා
    " සිනා නොමසන් දසන් දක්වා ", මට මතක හැටියට මෙක ලොකොපකාරයෙ කවියක්. අවස්ථා දෙකක් තියනවා. ඔයාගෙ හිතෙ මවාගැනිමෙ හැකියාව හරියට වටිනවා.
    ඔයා කසඳ බැන්දට පස්සෙ සිදු වෙන සිදුවිමක් මෙ..
    1. කට්ටිය හිනා වෙන වෙලාවකදි ඔයගෙ බිරිද ඔයගෙ යහලුවො, නෑදැයො, දෙමව්පියො ඉස්සරා හයියෙන් දත් පෙන්නලා, කෑගහලා හිනා වෙනවා.. අහල ගම් හතකට ඇහෙන්න..
    2. ඔයගෙ බිරිද ඉහත අවස්ථාවෙදිම දත් ටික නොපෙන්වා හිනියට දානවා පුංචි හිනාවක්....

    ඔයා ඔය අවස්ථා දෙක ගැන මොකද හිතෙන්නෙ. ඔයා කැමති මොකෙටද..... ඔයගෙ බිරිද ගැන ඔයගෙ හිත තුල ගෞරවයක් ආදරයක්, සෙනෙහසක්, භක්තියක්, දයාවක් වැඩි වෙන්නෙ කොයි අවස්ථාවෙද... මල්ලි ලොකොපකාරය ලියපු මිනිහට නෙමෙයි වැරදුනෙ... අපිටයි... අපෙ පරම්පරාවෙ මිනිස්සු දුක් විදින්නෙ උඩ උන් සැප කියලා වරැද්දට ලයිසැන් දුන්නු හින්දයි.

    මල්ලි අපි ඔනැම ප්‍රශ්නයකදි අපි ඉන්න තැන ඉදලා අනිත් තැනට ගිහිල්ලා කල්පනා කරන්න ඔනා. එතකොට අපිට විසදගන්න ලෙසි වෙයි.. නැද්ද..

    ReplyDelete
  59. නිල් අහසට-: රවාගෙ නැන්දා ඉස්පිරිතාලෙ.. රවගෙ අම්මා නැන්දලාගෙ ගෙදර.... රවගෙ ලොකු අම්මා ලෙඩින් ... ලඟ එන චන්දෙ ට කරන වැඩ සාකච්චා කරන්න එක එක හිනා මුනු හම්බ වෙන්න යනවා. එ අස්සෙ අන්නාසිකොටුවත්, මිරිස් කොටුවත් බලනවා. ලැප් එකත් කැඩුනා එකත් හදාගත්තා.

    ReplyDelete
  60. This comment has been removed by the author.

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete
  62. රවාට
    ඔයගේ කතාවෙන් කාරණා කිහිපයක් ඉස්මතු උනා. මන් ඒ එකින් එකට උත්තර බඳින්නම්. මේ මට හිතෙන විදිය. මට හැඟෙන විදිය. මන් කියන්නේ නෑ මන් කියන සේරම හරිම දේවල් කියලා. මොකද මේ ලොකේ සියල්ල දත්තා මන් නෙවේනේ. මන් කියන දෙවල් වල වැරදි ඇති. නමුත් මේ මට හිතෙන හැටි. අනිත් 1 මන් හිතන්නේ හරි වැරැද්ද කියන දේත් සාපේක්ෂයි.

    හ්ම්... ඔයා මුලින්ම කියල තියෙනවා පිරිමි ශක්තිමත් කියලා. ඒ කියන්නේ ඔය නොකියා කියල තියෙනව කාන්තාව දුර්වලයි හෝ පිරිමියාට වඩා ශක්තියෙන් අඩුයි කියල. ඒ කතාවට මට එකඟ වෙන්න බෑ. පිරිමියෙක්ට වඩා ශක්තිමත් කාන්තාවො මන් ඕන තරම් දැකල තියෙනවා. වැදගත්ම දේ අය්යා මේ ශක්තිය කියල අදහස් කරන්නෙ මොකද්ද. ලොකුවට ඇඟ දාලා මස් හොඳට පිම්බිලා කට්ස් දාලා එන් එකද? එහෙනම් ලොකුම වැදගත්තු තමයි ඔය කායවර්ධනය කරන උදවිය. කොල්ලො ඉන්න පව්ලක, ඒ කොල්ලො පිස්සු නටද්දි, මුලු පව්ලෙම බර කරට අරගෙන තමන්ගේ මුලු පව්ලම පෝෂණය කරන කෙල්ලො මන් මගේ ඇස් දෙකින් දැකල තියෙනවා. ඒ වගෙම තමන්ගේ දරු පව්ල රැකගන්න නොවිදිනා දුක් විදින අම්මල ඕන තරම් හමු වෙලා ඇතිනේ. කොටින්ම අපේ පවුලෙ පවා මූලික ආදායම් මාර්ගය අම්මා. මන් දැන් රස්සවක් කරන නිසා අව්ලක් නෑ. හැබැයි ඊට කලින් අපෙ අම්මගේ ශක්තිය නැති වෙල ගියානම් අපි වේලක් කාලත් හමාරයි. ඉතින් කොහොමද කියන්නේ කාන්තාව ශක්තිමත් නෑ කියලා. ලස්සන ඇතුලේ හැංගිච්ච ලොකු ශක්තියක් කාන්තාව තුල තියෙනවා. නමුත් ඒක එලියට එන්න ඉඩ දෙන්නෙ නෑ. එක එක සංකල්ප නීති රීති වලින් එවා හිර කරලා.
    මිනිසුන්ගේ ගොඩක් දේවල් තිරණය කරන්නේ එයා හැදෙන වැඩෙන, එයා ජීවත් වෙන පරිසරය. අපේ දෙමව්පියො කෙල්ලෙක්ව හදන විදියට කොල්ලෙක්ව හදන්නකො. ඒ වගේම කොල්ලෙක්ව හදන විදියට කෙල්ලෙක්ව හදන්නකො. මොකද වෙන්නෙ කියල බලන්න. ශක්තිය අපි උපතින් අරන් එන දෙයක්ද වැඩි දියුණු කරගන්න දෙයක්ද කියල එතකොට වැටහේවි. වෙලා තියෙන්නේ මේකයි අය්යේ. අපි ගැනු කෙනෙක් මෙහෙම වෙන්න ඕන, පිරිමි කෙනෙක් මෙහෙම වෙන්න ඕන කියල, සීමාවන් හදාගෙන. ඒ සීමාවෙන් පිට ගියොත් ඒක අසම්මමතයක් වෙනවා. නමුත් ඔය සම්මමතය හදගත්තෙත් අපිමයි. පිටින් ඇවිත් ඔව හදලා දීලා ගියේ නෑ. අපි හදාගත්තු සංකල්ප, රාමු ඇතුලේ අපිම හිරකාරයො වෙලා. ඒක නේද මේ වෙලා තියෙන්නෙ.

    කාන්තා විමුක්තියයි අරකයි මේකයි කියලා කෑ ගහන එකත් මන් අනුමත කරන්නෙ නෑ. අපිට අරක නෑ මේක නෑ කිය කිය කැ ගගහ ඉන්නවට වඩා නිශ්ෂබ්දවම තමන්ගේ ශක්තිය, වටිනාකම ලොකෙට පෙන්නන්න පුලුව්නනම් මේ ත්ත්වය මීට වඩා ටිකක් හරි වෙනස් වේවි කියල මට හිතෙනවා. "අපිට විමුක්තිය දියව්" කිය කිය මේ විමුක්තියක් ඉල්ලන්නේ කාගෙන්ද. පිරිමින්ගෙන්මයි. හරියට අපි නිකන් එයාලගෙ විමුක්තිය අරගෙන හන්ගලා තියන් ඉන්නව වගේ. මන් කියන්නෙ තමුන් තමුන්ගෙ විමුක්තිය හොයා ගන්න. තමන්ගේ නිදහස බුක්ති විඳින්න. මේහෙම ඉල්ලන එකෙන් ඔයල අයෙත් පරක් ඔයාල විසින්ම පෙන්නනව ඔයල පිරිමින්ට යටයි කියලා. මන් කියන්නෙ එහෙම වෙන්න එපා.

    හිතේ තියෙන සේරම ලියන්න ගියොතින් මේක නිකන් පැදුරක් වගෙ වෙනවා. ඒක නිසා අර හිනාවෙන 1 ගැන තිබ්බ දේට ලියල නවත්තන්නම්.

    හොඳයි අය්යේ මෙහෙම ගන්නකො. ඔන්න ඔයාල හැමෝම ඉන්න තැන කවුරු හරි විහිලුවක් කරනවා. ඒ විහුලුව හැම කෙනෙක්ටම සංවේදි වෙන්නෙ එක්ම විදියට. එක එක්කෙනා අනුව පොඩි පොඩි වෙනස් කම් තිබ්බත් හැමෝටම හිනා යනවනේ. ඔයා ඒකට මහ හය්යෙන් හිනා වෙනවා. නමුත් ඔයගේ බිරිඳට එහෙම කරන්න අයිතියක් නෑ. එයා කට කොනින් පොඩ්ඩක් හිනා වෙලා නවතින්න ඕන. මොකද්ද ඒකෙ තියෙන සාධාරණය. එතකොට කාන්තාව සියලු හැඟීම් හිර කරගෙන ඉන්න ඕන. අඩුම ගානේ හිනා වෙන්නවත් බෑ. එහෙම හිනා වෙන එක වරදක්නම් ඒක පිරිමියටහ් අදාල වෙන්න ඕන. ස්වභාවධර්මය හැමෝටම එක විදියට සලකනවනම්, ඇයි අපි මේ වෙනස් වෙනස් විදියට සලකන්නේ.
    හිතේ හැටියට කෙල්ලො ඇසුරු කරලා, කරන්න ඕන කුපාඩි කම් අලුගුත්තේරුකම් වලත්තකම් සේරම කරපු කොල්ලෙක් කසාද බඳින්න යද්දි, ඒ බඳින කෙල්ලගේ පිරිසිඳු කම හොයනවා. අපේ සමාජ න්‍යායන්ගේ තත්වය එතනින්ම පැහැදිලෙ වෙනව නේද?

    අවසාන වශයෙන් එක දෙයක් කියනන්ම්. අර කලින් කිව්ව ශක්ත්ය ගැන. ප්‍රසූත වේදනාව දරාගන්න කාන්තාවකට තියෙන ශක්තිය පිරිමි අපිට තියෙනවද? ටිකක් නිවි හැනහිල්ලෙ හිතල බලන්න. සමහරවිට උත්තරයක් හම්බ වේවි.

    ReplyDelete
  63. මෙන්න ඒ පාර කොල්ලෝ-කොල්ලෝ වලියක් පටන් අරගෙනෝ.
    දුවපියෝ. ගහපියෝ. මරපියෝ. කිසිම බයක් නැතුව බැනපියෝ.
    දැන් කෙල්ලෝ කොහාට සපෝර්ට් කරයිද දන්නෙ නෑ...

    Anradha stands for poor women.
    thanx.

    ReplyDelete
  64. හපොයි කියල වැඩක් නැහැ.මොකද ලමයි නේ..මේ..කියවන්නත් කම්මැලියි වගේයි..ඉන්නකෝ ටිකක්, මම නම් සපොර්ට් කරන්නේ වැඩියම සාධාරනයි කියලා මට හිතෙන කෙනාට.දෙන්නම කියන එවා අහල ඉවර වෙලා ඉමු නේද? අපි..
    @බිඟුවා
    මල්ලී ඔයා නම් හොද පහසුකම් සපයන්නා සහ..මැදිහත් කරු චරිතයට.ඉස්සෙල්ල පාරත් රණ්ඩුව බේරලා තිබුනා ශෝක් එකට[හා නොර්වේ ගියානේ නේද..ඒක තමා]

    ReplyDelete
  65. අනුරධ මල්ලිට

    මල්ලි කෙනෙක් තමුන්ගෙ සිතුවිලි, තර්කයන් මෙහෙය වන්නෙ එයා ගැටෙන පරිසරයට සාපෙක්ෂවයි.

    ඔයා අයිතියක් ගැන කතා කරද්දි මම යුතුකම්ක් ගැන කතා කරනවා.

    ඔයා තර්කය ගොඩක් ඉගෙන ගෙන ඇති නමුත් සාමජයෙ ඇති වත්කම් ගැන කථා කරද්දි කිප දෙනෙක් පෙන්නලා උදාහරණ අරන් එක ඔප්පු කරන්න බැහැ. මොකද ව්‍යාප්තියක් ගැන සලකන්න ඔනා. මල්ලි තර්කයට හැමදෙම කරන්න බැහැ...

    කො ඉතින් ඔයා කිව්වෙ නැහැනෙ ඔයගෙ ගැහැනු කෙනා කොහොම හිනා උනොත්ද කැමති කියලා...?

    ප්‍රසුත වෙදනාව ගැන යමක් කියනවනම්...පිරිමි කෙනෙකුට දරු ගැබක් පිහිටිමෙ හැකියවක් තිබුනනම් එක අපිට බලා ගන්න තිබුනා. ජල අණුව කොණික උන හින්දා ජිවය ඇති උනා කියලා කියන්න බැහැ. ජල අණුව කොනික උනෙ නැත්නම් වෙන අණුවක් කොනික වෙලා ජිවය ඇතිවෙවි..(එකට අපි ජල අණුව කියලා කියාවි) නෙද...?

    තර්කයට අනුව හිතන මිනිස්සු හිතන්නෙ හැමතිස්සෙම 1 නත්නම් 0 පමණයි ලොකයෙ තියන්නෙ කියලා.

    ඔය ඔය ඉහතදි පෙන්නලා උදාහරන අරන් තියන්නෙ අපෙම වැරැද්දෙන් ඇති වෙච්චි ප්‍රතිපල කිපයක් පමණයි. අපෙ සමාජය අයිතින් කියලා දෙයක් ගැන එච්චර ලොකුවට තිබුනෙ නැහැ. යුතුකම් විතරයි.

    මල්ලි කට්ටිය හයියෙන් හිනා වෙන තැනකදිත් එයාට මම අයිතිය දෙනවා ඔනා තරම් හයියෙන් හිනාවෙන්න. නමුත් එයා එහෙම කරන්නෙ නැහැ මොකද එයා මගෙ බිරිද.....

    මල්ලි අපි හැමතිස්සෙම එයලගෙ අයිතියක් ගැන නෙමෙයි කතා කරන්න ඔනා. මගෙන් එයාට වෙන්න ඔනා යුතුකම් ටික ගැනයි.. අපි යුතුකම් කතා කරමු.

    මම ඉහතදි භවිතා කළ ශක්තිය, ලස්සන ගැන ඔයගෙ හිතෙ තියන අදහසත් වැරදි ...

    බොහො විට ශක්තිය නිසා තමයි ලොකෙ පැවත්ම සිදු වන්නෙ... නමුත් ශක්තිය පැවතෙන්නෙ ලස්සන නිසා..

    මෙකෙ තියන එක එක කොටසක් පමණක් උපුටාගෙන ඔයා අදහස විකෘති කරන්න හදන එක වැරදියි.

    ඉහතදි මම කොතනකවත් පිරිමිකෙනා ගැහැනු කෙනාට වැඩිය ශක්තිමත් කියා නැහැ...හොදට බලන්න...
    මම මල්ලි ආපහු කියනවා... වැරදුනෙ ලොකොපකාරය ලියපු මිනිහට නෙමෙයි...වැරදුනෙ අපිට....

    ReplyDelete
  66. නිමන්ති අක්කට :- හා හා ඔයා එහෙම ඉන්න බැහැ... මෙකට එන්ටර් වෙන්න ඔනා. ඔයා අනුරාධ මල්ලිගෙ පැත්ත ගන්න... දිල් අක්කා මගෙ පැත්ත ගනි...මම දිල් අක්කව මෙතනට ගෙන්නම....

    ReplyDelete
  67. අනුරාධ මල්ලිට...
    පිරිමි කෙනෙකුට ප්‍රසුත වෙදනාව දරා ගන්න පුළුවන්ද... මල්ලි මෙතනදි මම මගෙ පුද්ගලික හැගීමක් කියන්න... මගෙ බඩෙ ඇතුලෙ දරුවෙක් හිටියොත් ඌ මගෙ මොක පලන් එලියට ආවත් ඌ මගෙ දරුවා.. ඌ අනිවාර්යෙන්ම මෙ ලොකෙට එනවා. මම මැරුනත් කමක් නැහැ. මොකද ඌ තමයි මගෙ නම ඉස්සරහට ගෙනියන්නෙ..එ දෙ මට දරාගන්න පුළුවන් ඉටත් වැඩි දෙයක් උනත්.. හැබැයි මල්ලි .. මගෙ බිරිද ප්‍රසුත කාමරෙයෙදි මගෙ දරුවා බිහිකරද්දි විදින වෙදනාව මට දරාගන්න බැරි වෙයි... එ වෙලාවෙ මගෙ ඇහැට නම් කඳුලු එවි.. (එහෙම අවස්ථාවක් ආවොත්.... එදා තමයි මගෙ ජිවිතෙ වටිනාම දවස වෙන්නෙ)

    ReplyDelete
  68. මම අයෙ උත්තරයක් ලියනවද නැද්ද කියල සෑහෙන්න වෙල කල්පනා කරා. මොක්ද බලන අයට මේක වදයක් වේද මන්දා කියල හිතුන නිසා. පස්සෙ ඕන දෙයක් වෙද්දෙන් කියල ලියන්න ගත්තා.
    මන් ඉස්සර ඉස්කොලෙ යන කාලෙ කොල්ලෙක් කිව්ව, උඹට ප්‍රසූත වේදනාව මොන වගේද කියල දැනගන්න ඕනෙනම් කරන්න තියෙන්නෙ එක දෙයයි. පුක මහලා බඩ යන්න බෙහෙත් බීපන් කියලා. ( අනේ සමාවෙන්න ඕනෙ මේ වචනෙ භාවිතා කරාට.) දැන් මට කට්ටිය බනියි වච්න භාවිතය ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඒක කියන්න ඊට වඩා වෙනස් ක්‍රමයක් මගෙ ඔලුවට අවෙ නෑ. කට්ටිය අපහසුතවයට පත් උනානම් මන් අයෙ පරක් සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මොකද්ද මන් කිය කිය හිටියෙ. ආ...ප්‍රසූත වේදනාව. ඔයා කියන කතාවෙ ඇත්තක් තියෙනවා. පිරිමි අයටත් දරු ගැබක් තිබ්බනම් තත්වය වෙනස් වෙනව තමයි. හැබැයි අය්යේ ඒක එහෙම වෙල නෑනෙ. අතීතයෙදිත්, වර්ථමානයේදිත්, අනාගතයේදීත් ඒ වේදනාව විඳ දරා ගන්න වෙන්නේ කන්තාවට විතරයි. එහෙම උනනම් මෙහෙමයි කියලා ෆැන්ටසි ලෝකයක් තුල ඉඳගෙන තර්ක කරන්න බෑනේ. මන් කතා කලේ යථාර්තය ගැන.

    මම තර්ක කරද්දි ප්‍රතිවාදියා යම් ඇත්තක් කිව්වත්, ඒක ඇත්තක් කියල අමු අමුවෙ පෙනෙද්දිත්, ඒ ඇත්ත පිලි නොගන්න තරම් කුහක පුද්ගලයෙක් නෙවේයි. අය්යගේ කතාවෙත් යම් යම් සාධාරණ තැන් තියෙනවා. මන් ඒව හිස් මුදුනෙන්ම පිලි ගනන්ව. නමුත් මන් මේ කතා කරන්නේ ඔයගේ කතාවෙ පොදු හරය ගැන. මට එකඟ වෙන්න අමාරු කාරණා ගැන.

    ඔයා යුතුකම් ගැන කිව්ව දේට මන් සම්පූර්ණයෙන් එකඟයි. අපි හැමෝම තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් අඩුවක් නැතුව ඉටු කරනවනම් කාටවත් අයිතිවාසිකම් ගැන කතා කරන වෙන්නෙ නෑ. නමුත් ගැටලුව ඒක එහෙම වෙනවද කියන එකයි. අපි අපෙ අයිතිවාසිකම්නම් ඉල්ලනවා. නමුත් අපෙන් වෙන්න ඕන යුතුකම් තව කෙනෙක් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන කරපිය කියලා. අපි මේ ජීවත් වෙන්නෙ යුතුක්ම් නොපිරිහෙලා ඉටු කරන සමාජෙකනම් අපිට මේ විදියට වාද කරගන්න වෙන්නෙ නෑනෙ අයියෙ.

    ඔයා කියල තියෙනව මම උදාහරණ අරන් තියන්නෙ අපෙම වැරැද්දෙන් ඇති වෙච්චි ප්‍රතිපල කිපයක් පමණයි කියල. සම්පූර්ණ ඇත්ත. අපේ වැරැද්දෙන් වෙච්ච එව තමයි. නැතුව අහසින් අපු කෙනෙක්ගෙ අතින් වෙච්ච වැරදි මේ ලෝකෙ නෑනෙ. ඔක්කොම අපේම වරදින් වෙච්ච වැරදි. අපේ අතින් වෙන වැරදි වලට එක්කො අපි වන්දි ගෙවනවා. නැත්නම් වෙන මිනිස්සු වන්දි ගෙවනවා. එහෙමත් නැත්නම් අපි දෙගොල්ලොම වන්දි ගෙවනවා. ඒකනේ වෙන්නේ. උදාහරණ කිහිපයකින් මුලු සමාජයම ආවරණය කරන්න බෑ තමයි. ඒත් ඕන කෙනෙක්ට සාමාන්‍ය අදහසක් ගන්න ඒ උදාහරණ හොඳටෝම ප්‍රමාණවත්. මට ඕන උනේ කාන්තාව තුල තියෙන ශක්තිය ගැන යම් වැටහීමක් ඇති කරගන්න පුලුවන් පුංචි තැන් දෙක තුනක් පෙන්නන්න විතරයි. පූර්ණ සමීක්ශණයක ප්‍රතිඵල වලින් ඒක පැහැදිලි කරන්න මට ඕන උනේ නෑ.

    ශක්තිය නිසා ලොකෙ පැවැත්ම සිදුවෙනව කියන 1ට මන් එකඟයි. අපෙ පෘථුවියෙ ජීවය තීරණ වෙන්නෙ සූර්‍‍ය ශක්තිය මත. මන් මේ මේක ලියන්න වැය කරන ශක්තියේ පලමු අවස්ථවත් සූර්‍‍ය ශක්තියයි. නමුත් ශක්තිය පැවතෙන්නෙ ලස්සන නිසා කියන 1 මට පිලිගන්න අමරුයි. සමහර විට එක මගේ බුද්ධි මට්ටමේ ප්‍රශ්ණයක්ද දන්නෙ නෑ. උදාහරණ දෙක තුනකින් ඒක පැහැදිලි කරන්න පුලුව්නනම් සමහර විට මට තෙරුම් ගන්න පුලුවන් වේවි.

    අවසාන වශයෙන් කියන්නම්. මගෙ බිරිඳගෙ හිනාව මට ප්‍රශ්ණයක් නෙවෙයි. කෑ ගහල හිනා උනත් කට කොනින් හිනා උනත් ඒ මගේ බිරිඳ. කෙනෙක්ගේ හිනාවෙන් එයගේ සම්පූර්ණ ජීවන විලාසයම එලි වෙන්නෙ නෑ. අහල ඇතිනේ " උපසක බළල්ලු මීයො දෙන්නා දෙන්නා අල්ලනවලු" එක දේකින් හෝ දේවල් කීපයකින් පුද්ගලයෙක්ව විස්තර කරන්න අමරුයි. මේ ලෝකෙ කරන්න් අමරුම වැඩක් තමයි අනෙකාව හරිහැටි තෙරුම් ගන්න එක. ඒ නිසම තමයි ලෝකෙ මේ තරම්ම ප්‍රශ්ණ.

    වැරදුනේ ලොකෝපකාරය ලියපු මිනිහට නෙමෙයි...වැරදුනෙ අපිට...ඇයි අපිට වැරදුනේ. කෙනෙක් කිව්ව පලියට ඒක ඒ විදියටම පිලිගන්න ගිහින්......

    ReplyDelete
  69. සතුටු වෙන්න බිඟුවෝ...
    ගැහැණු තරමටම තාම පිරිමින්ව "මාර්කට්" කරන්න බැරි වෙච්ච එක ගැන..!

    ඒක තමයි පිරිමින්ට තියන ලොකුම නිදහස..

    නැත්තං කවදා හරි ඔයාලට ඇදුමක් වත් නිදහසේ අදින්න බැරි වෙයි.!

    ReplyDelete
  70. දැන් ඉතින් මේ ඔක්කෝටම උත්තර දෙන්න ඕනේ මමද..?
    ***මේ රවා ඉන්න තැනකනම් කිසිම දෙයක් හිතන්න වත් හොඳ නැහැ.ලෝකේ අනිත් කෙලවරේ ඉන්න කෙනෙක් ගේ හිතත් කියවනව නේ.):D***
    ගොඩාක් නිස්කලංකව තිබුන සමාජය අවුල් කලේ සුද්දෝ කියන එකට මම එකඟයි.ඒ වගේම මේක නවතින පාටකුත් පේන්න නැහැ.මම නම් කියන්නේ ඔය කිසිම දිනයකින් ඊට අදාල අයට සේවයක් වෙන්නේ නැහැ.ඉතින් එහෙම දෙයකට වැය කරන කාලය මුදල් අපරාධයක්.
    රවා කාන්තාවන්ට දෙන්න යන්නේ නම් අරුම පුදුම ිදහසක්.සිංදුනම් කමක් වත් නැහැ කියමුකෝ නැටුනුයි කොම්පියුටරුයි මොකටද ..?කියන්නකෝ බලන්න.
    නමටම ගැල පෙන්න රවා ගෙන ඉන්නවගෙයි ලෑස්ති වෙන්නේ ජීවිතේටම.ඒක ඔයාගේ පුද්ගලික කැමැත්ත.අනුරාධ හිතන විදිය තමා එයා කියල තියන්නේ..ඒක එයාගෙ කැමැත්තනේ.කාගෙවත් පුද්ගලික ජිවිත වලට බාධා කරන්න අපිට අයිතියක් නැහැනේ.
    ඒ ඇරෙන්න ඔයා කියා ඒවත් හරි ..ඒවට මම ඒකඟයි.
    අපි දෙගොල්ලෝම එකිනෙකාට ගරු කරනවනම්, තම තමන්ගෙන් ඉටුවෙන්න ඕනේ යුතුකම් දෙපැත්තෙන්ම ඉටු වෙනවනම්..මම හිතන්නේ නැහැ කවුරුත්ම අයිතිවාසිකම් කියල දෙයක් ඉල්ලල සටන් වදීවි කියලා...මේ තියන ප්‍රශ්න ගොඩාක් දුරට අඩු වෙයි කියල මමත් හිතනවා.

    ReplyDelete
  71. අනිත් එකඟ වෙන්න බැරි දේ තමා දරුවෙක් බිහි කිරීමට මවක් දරන වේදනාව..ගැන කියන දේ...අපිටත් ඉතින් ඕක කරන්න පුලුවන් කිව්වට කවදාවත් ඒක වෙන්නෙ නැහැ නේ මල්ලි.ඒ නිසා දැන් තියන යතාර්ථය නේද? අපිට පිලිගන්න වෙන්නේ.අනික ඔයාලට උණක් හෙම්බිරිස්සාවක් එහෙම හැදුනොත් කොහොමද..?කියල මතක් කරල බලන්නකෝ..??
    අනුරාධ කියන දේවලට තමා මම එකඟ. ඒකයි..මම කිව්වේ ..ඔයා මට එයාගේ පැත්ත..ගන්න කියලා මම හිතපුදේම හිතල කියලා..
    මම ඔය කියපු කරුණු දෙකෙදි ඇරෙන්න අනිත් කාරණා වලදි මම ඔයා එක්කත් එකඟයි.
    අන්තිමටම මම ඔයලා දෙන්නා ගැනම ගොඩක් සතුටු වෙනවා,කාන්තාවන් දිහා මේ තරම් විවෘතව බලන්න පුලුවන් වීම ගැන.

    ReplyDelete
  72. අනුරාධ මල්ලිටයි, නිමන්ති අක්කටයි...
    ඔන්න මල්ලි ඔයා ගැහැනිය ගෙ ශක්තිය ගැන පෙන්නන්න ගත්තු කරුණ නිමන්ති අක්කා විනාශකරලා. මම එක ඔයගෙන් බලාපොරොත්තු උනෙ, නමුත් නිමන්ති අක්ක පැනලා එක කිව්වා. ඔයා මට කරුනු කිව්වෙ. ප්‍රසුත වෙදනාවක් පිරිමින්ට දරාගන්න පුළුවන් ද කියලා. එ කරුණ ඉදිරිපත් කරලා ඔයාගෙ තර්කය මෙහෙය උයෙ ගැහැනුත් ශක්තිමත් කියලා පෙන්නන. ඉතින් මල්ලි අපි දෙයක් සංසන්දනය කරන්න යොදා ගන්න ඔනා දෙපැත්තටම සමාන අවස්ථාවන් දිලා, දෙපැත්තටම තියන දෙයක් ඇසුරෙන්... පිරිමින්ට කවදාවත් හම්බ වෙන්නෙ නැති දෙයක් ඉදිරිපත් කරලා ඔයා කියනවා ගැහැනු එක විදින හින්දා ගැහැනු ශක්තිමත්ලු පිරිමින්ට වඩා... ඔයා එක කියන්නෙ අපිට විදින්න පුලුවන්ද කියලා... ඔයා එවගෙ දෙයක් ගත්තු හින්දයි මම කිව්වෙ ඔව් අපිටත් පුළුවන් කියලා.

    ඔයගෙ යහලුවා කියපු දෙ ගැන මොකවත් කියන්නෙ නැහැ. මොකද එහෙම යහලුවෙක් ඔයට කිව්වෙ නැහැ. එක ඔයගෙ හිතට ආපු දෙයක්. එවගෙ දෙයකින් බැහැ තෙරුම් ගන්න ප්‍රසුත වෙදනාව කියන්නෙ මොකද්ද කියලා...

    අනිත් එක ඔයා මෙච්චර ශක්තිමත් උනෙ ඔයාගෙ අම්මාගෙ තිබුනු ලස්සන හින්දා කියලා කියන්න මැලි වෙන්න එපා. ලස්සන කියන්නෙ මල්ලි රැපයෙ තිබෙන රුමත් බව නෙමෙයි.. එ අම්මාගෙ තිබුණු ලස්සන හින්ද තමයි ඔයා මෙහෙම ශක්තිමත් වෙලා තියන්නෙ..

    කොම්පියුටර් ට්කක් ඉගෙන ගන්න කිව්වෙ නැත්තම් කොහොමද බ්ලොග් ලියන්නෙ..හික්..හික්.. නැටුම් වලින් කරන්නෙ මොකද්ද අක්කෙ.. ඔයා නැටුම් කරලා තියනවානම් මට ලෙසියි විස්තර කරන්න...එත් ඔයා නැටුම් ගුරුවරියෙකු ගෙන් අහන්න එ වෘතියෙහි තියන අභ්‍යන්තරික තෘප්තිය ගැහැනියෙකුට හම්බෙන, එතනින් ගැහැනියව තවත් සුන්දර (ලස්සන) කරනවා...

    මල්ලි මම තර්ක කරන්න ගන්න කාරනා අර්ථ දක්වලා නැහැ. නමුත් එවා අර්ථ දක්වන්න මගෙ දැනුම මදි. එවා ගැන තමුන්ගෙ අය ඇතුලට දාලා බලන්න... ඔයා රහත් උන කෙනෙක් නෙමෙ. ඔයගෙ හිත ඇතුලෙත් රාගය, ද්වෙශය, මොහය විවිධ මට්ටමෙන් තියනවා.
    ඔයා එවා නැති කෙනෙක් වගෙ හිතන්න එපා...

    බටහිර විද්‍යාව, ගණිතය ඉගෙන ගත්තු මිනිස්සු කරන්න එක දෙයක් ඇත්තයි කියලා අර්ථ දක්වලා එවා තවත් දුරටත් විකසනය කරලා ඉස්සරහාට යන එක... මම නමුත් අන්තිමට ඔයාට ඉතාම වැදගත් දෙයක් කියන්නම්.. ඉහතදි ශක්තියයි , ලස්සනයි කියන්නෙ දෙකක් නෙමෙයි... එක එකක්. එහෙම දෙයක් තියනවා කියලා මට දැනෙනවා.. මිනිස්සුන්ගෙ හදවත් ඇතුලෙ තියන... ගැහැණු පිරිමි බෙදයකින් තොරව... එක පිරිමි කෙනෙක්ගෙන් එලියට එද්දි එකට මම ශක්තිය කියලා කියනවා. එයගෙ හැමදෙයක් ම මෙ අර්ථ දක්වලා නැති දෙට අයිති වෙනවා. හදවත් ඇතුලෙ තියන දෙ ගැහැනූ කෙනෙක්ගෙන් එලියට එද්දි එකට මම ලස්සන කියලා කියනවා....

    මගෙ හිතෙ තියන මොඩල්(ආකෘතිය) එක තෙරුම් ගන්න. ඔයගෙ හිත දුවන්නෙ 60, 70 ව දශකයෙ සමාජයෙ ඇති උන විපර්යාස කෙන්ද්‍ර කොටගෙන පවතින ආකෘතියක. එකයි ඔයා බොහොම මතුපිටින් පෙනෙන කරුණු කාරනා එක්ක මාත් එක්ක වාද කරන්න ආවෙ. මම වාද කරන්න දන්න කෙනෙක් නෙම්. මම හැබැයි ගණිතයයි ,සාහිත්‍යයයි හොදට ඉගෙන ගෙන තියනවා.


    හැමදෙයක්ම වචන වලින් කියන්න බැහැ නිමන්ති අක්කෙ.. ගොඩක් දෙවල් අපි තෙරුම් ගන්නෙ වචන වලින් ඔබ්බෙහි තියන දෙවල්... මම ඔයත් එක්ක තව තැනක වාද කරලා තියනවා. එතකොට ඔයා ඔයගෙ අදහස් ප්‍රකාශ කරද්දි මම මගෙ ඔලුවෙ සටහන් කරගන්නෙ ඔයා කියන දෙ නෙමෙයි, ඔයගෙ හිතන විදියෙ ආකෘතියයි. එ ආකෘතියෙන් මිදෙන්න ඔයාට බැහැ එක දැනගන්නෙ නැතුව. ඔයා තව තැනකදි වාද කරන්න එන්නෙත් එ ආකෘතිය අරන්. මට බැහැ දැනගන්න දෙයකදි ඔයා හිත ඇතුලෙ දුවන දෙවල්. නමුත් අනුමාන කරන්න පුලුවන් 70 -80 % නිවැරදිතාවයෙන්...

    ReplyDelete
  73. හැමෝම කතා කරලනෙ, මම මොනා කියන්නද? අපි වෙනුවෙනුත් දිනයක් දාමු කියලවත් කියන්නමි..
    "කෑල්ල, බඩුව" මෙ වචන වලින් කෙල්ලන්ට ආමන්ත්‍රණය කරන්න වර්තමාන කොලුපරපුරට හුරුකලෙ මොන අසමජ්ජාතියාද දන්නෑ, මමත් කොල්ලෙක් නිසා යළුවන් එක්ක ඉද්දි ඔය වචන භාවිතා කරල තියෙනවා, එත් කෙල්ලෙක් ඉස්සරහ ඔය වචන ප්‍රසිද්ධියෙ පාවිච්චිකරන්න නම් ඉදිරිපත් වෙලා නෑ(හෙතුව දන්නෙ නෑ).
    මගෙ නංගිට එහෙම කියනවට තියෙන අකමැත්ත නිසා වෙන්න ඇති.
    කොහොම උනත් පිරිමි අපිත් මෙ ලෝකයෙ ජීවත් වෙනවා කියන එක රූප පෙට්ටියෙයි FM කිචි බිචියන්ටයි මතක් වෙන්න නම් මෙ වගෙ නම් කරපු දිනයක් ඔන වෙයි...

    ReplyDelete
  74. කාන්තා දිනය කියල දැන් කරන් සීනි බෝල වැඩවලින් නම් තේරුමක් නැහැ තමයි. මෙතන්දි මලීගෙ සටහනට මම 100% එකඟයි.
    නමුත් අපේ සමාජයේ පිරිමින්ට වඩා ගෑණුන්ට අසාධාරණ කම් වෙනවා. ඔය දිනය මුලින්ම පටන් ගන්න ඇත්තෙ ඒක වෙන්න පුලුවන්.
    'සම තැන', 'නිසි තැන' ඔය වචන ටිකක් අල්ලගෙන කෑ ගැසීම කෙසේ වෙතත්, තමන් ගැහැණියක් හෝ පිරිමියෙක් වීම නිසා කෙනෙක්ට එයාට කැමති විදියට ජීවත් වෙන්න නොලැබීම ලොකු වරදක් නේද?
    මට නම් ඕන කරන්නෙ ඔය එක එක 'තැන්' නෙවේ - මනුෂ්‍යයෙක්ට වගේ මට අනික් අය සළකනවනම්, ඒ ගරුත්වය දෙනවනම් එච්චරයි.
    හැම ගැහැණියක්ම එක වගේ නෙවෙයිනෙ. සමහර ගැහැණු ළමයි බලාගෙන ගෙදරට වෙලා ඉන්න කැමතියි. සමහරු රස්සාවෙන් ඉහළට යන්න කැමතියි. ඉතින් කැමති අය ඒ ඒ දේවල් කරාවි. කෙනෙක්ට මේ මේ දේවලට කැමති වෙන්න කියල බල කරන්න බෑනෙ. පිරිමින්ට කවුරුත් අණ දෙන්නෙ එන්නෙ නෑනෙ අරක කරන්න - මේක අඳින්න - අරහෙ යන්න එපා - අරම හිනා වෙන්න එපා - කියලා.
    කළ යුතු නොකළ යුතු දේ තම තම නැණ පමණින් කල්පනා කරල, කිරීම ඒ ඒ අයට භාරයි. :)

    ReplyDelete
  75. මළ කෙලි 7යි. ජූලි 49යි.
    මෙතන නියෙමෙටම ගිහිල්ලනේ.
    අනේ සමා වෙන්න ඕනේ සෙට් වෙන්න බැරි වෙච්ච එකට.
    හේතුව:
    අපේ බබා වෙනුවෙන් මාස 7 පිරීමට කලින් තිබිය යුතු පිරිත් වැඩ සටහන නිසා මා හට සයිබරයට ගොඩ වැදීමට නොහැකි විය.

    @රවා සහ අනුරාධ, නිමන්ති
    දෙන්නා කියන දේවල් සාවධානව අසා සිටියෙමි. අනුරාධගේ වේදනාවට දුන් අර උදාහරනයට මට සිනා ද නැගුනි.
    බොහෝ කරුණු සංවාදයට ලක්ව ඇති බව පෙනේ. ශක්තිය, ලස්සන, පැවැත්ම, පක්ෂ...
    දෙදෙනාගේම අදහස් 100% ක්ම පිළි නොගත්තද බහු අගයක් මා විසින්ද එක හෙලා පිළිගනිමි.
    මම නිමන්ති අක්කා එක්ක එකඟ වෙමි. මොවුන් දෙදෙනා මනා විවෘත මනසකින් කාන්තාවන් දෙස බැලීම සම්බන්ධව.
    නමුත් :
    අවසානයේ යම අවස්ථාවක් මාතෘකාවෙන් පිට පැනීමක් සිදු වූවා සේද මට හැඟී යයි. එයට කම් නැත.
    කෙසේ හෝ සංවාදය තුලින් යම් යම් අදහස් සාධාරණීකරනය කිරීම් හා වැරදි පෙන්වාදීම් නිසා මෙය සාර්ථක යැයි මට සිතේ.
    එයයි සංවාදයක වැදගත්ම ලක්ෂණය විය යුත්තේ. අවසානයේ යම් යම් දේ තහවුරු විය යුතුය. එය මාතෘකාවට අනුවමය සේ අර්ථ දක්වා නොමැත.


    /බිඟුවා...!

    ReplyDelete
  76. @මලී,
    දැනුත් බෑනේ අපිට කැමති විඩියට අදින්න.
    කොට කලිසමක් දැම්මොත් ඉවරයි. එහෙමද ඔයාලා කොට එකක් දාපුවාම ඩිමාන්ඩ් එක...
    පුහ්...

    @ප්‍රභාත්,
    ඒක නම් ඇත්ත බං.
    බලමුකෝ දැන් නොවැම්බර් 19 මොකද වෙන්නේ කියලා.

    @නිරෝ,
    කාන්තා දිනය ආරම්භයට හේතුව ඇත්තටම ඔය කියන අයිතිවාසිකම් ප්‍රශ්නය තමා.
    ගොඩාක් දේවල් කෑගහලා තමා දිනා ගෙන තියෙන්නේ. නමුත් කෑ නොගහා දිනන්න දේවල් තිබ්බා ඔය අතරම.

    /බිඟුවා...!

    ReplyDelete
  77. මම ගමේ ගිහිල්ල එන්න ගියානෙ. ඒකයි මේ පැත්තෙ එන්න බැරි උනේ. කට්ටිය හිතුවද දන්නෙ නෑ මන් බයේ පැනලා ගිහිල්ල කියලා. ඕන්න ඉතින් එහෙම සැකයක් හෙම තිබ්බනම් ඒව ඔක්කොම දූරින්බූත වෙලා යන්න කියලා මන් ආයෙත් ලියන්ඩයි ලෑස්ති වෙන්නෙ.
    මට පේන්නෙ රවා එන්න එන්නම මේක පටලවා ගන්නව වගේ. පුලුවනම් අයෙත් සැරයක් මන් ලියපුව ඉවසීමෙන් කියවලා බලන්න, කොහේවත් ලියවිල තියෙනවද කියලා ගැහැණු පිරිමින්ට වඩා ගක්තිමත් බවක්. එහෙම ලියවිලා තියෙනවනම් මට කියන්නකො.පිරිමින්ට වඩා ශක්තිමත්ද කියල මන් කොහේවත් ලියල නෑ. ශක්තිය කියන දේ සාපේක්ශයි. මට වඩා ශක්තිමත් කාන්තාවො ඕන තරම් ඇති. ඒ වගෙම මට වඩා දුර්වල අයත් ඕන තරම් ඇති. බහුතරයක් පිරිමින්ට වඩා ශක්තිමත් කාන්තාවො ඉන්නවා. ඒ වගේම දුර්වල අයත් ඉන්නවා. කෙනෙක්ව තනියෙන් තිබ්බොත් එයා ශක්තිමත්ද දුර්වලද කියන්න බෑ. ඒක එකිනෙකාට සාපේක්ශව තීරණය වෙන දෙයක්. මන් කියලා තියෙන්නෙ කාන්තාවත් ශක්තිමත් කියලා විතරයි. පිරිමියාට වඩාද අඩුවෙන්ද යන වගක් ලියලා නෑ. නමුත් ඔයා මේ ලස්සන කියන එකක් මැදට දාගෙන ශක්තිය කියන දේ පිරිමියාට පමණක් ආරෝපණය කරන්න උත්සහ කරල තිබුනා. ඒකයි මට ඒ විදියේ උදාහරණ ඉදිරිපත් කරන්න උනේ.

    ඔයා මේ ශක්තිය හා ලස්සන ගැන කියන සම්බන්දය ගැනනම් මට තාමත් තේරුනේ නෑ. ඔයා ගෙනාපු උදාහරණෙත් එතරම්ම බලවත් එකක් කියලා මට හැඟෙන්නේ නෑ. අම්මගේ ලස්සන නිසාද නැද්ද කියනන් මන් දන්නේ නෑ. නමුත් මන් අද මෙතන ඉන්නේ මගේ අම්මගේ තිබ්බ ශක්තිය නිසා කියලානම් මන් හොඳටම දන්නවා.

    මම කතා කෙරුවෙ මතුපිටින් පෙනෙන කරුණු කාරණා ගැන නෙවෙයි. ඔයාගේ අදහස් මේ සමාජයේ බහුතරයක් නියෝජනය කිරීමක්. එවැනි බහුතරයක් නිසා තමයි අද කාන්තා විමුක්තිය, පුරුශාධිපතිය, කාන්තා අයිතීන් ගැන මේ තරම් කතා කරන්න වෙලා තියෙන්නේ. කාන්තාව කියන වචනය මේ තරම් විවාදයට තුඩු දීලා තියෙන්නෙ. කාන්තාව කියන්නේ ගෙදර දොරේ වැඩ කටයුතු ටික බලා කියාගෙන, ළමයි බලා කියාගෙන, ඇදුම් පිගන් කෝප්ප හොදලා, උයල පිහලා, හවසට තමන්ගේ ස්වාමියා ගෙදර එනකම් කෑමක්වත් නොගෙන මග බලාගෙන සිටිය යුතු අමුතු ආකාරයේ මැසිමක්ය කියලා අර්ථගන්වන සමාජෙක අපි ජිවත් වෙනව කියල අපිට පිලිගන්න වෙනවා සහෝදරයා.

    මගේ අදහස අන්න ඒ තත්වය වෙනස් විය යුතුයි කියන එකයි. එහෙම කියලා පවුල ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැතුව දවස තිස්සෙ රවුන් ගහලා රෑට නයිට් කලබ් ගිහිල්ල පිස්සු කෙලින තත්වෙට කාන්තාව වැටිය යුතුයි කියල මන් කියන්නේ නෑ. මන් කියන්නේ කන්තාව හා පිරිමියා කියන දෙදෙනාටම පොදු තත්වයක් තිබිය යුතුයි. එක හා සමාන ගරුත්වයක් ලැබිය යුතුයි. දෙවිදියකට සැලකිය යුතු නෑ කියන මතයෙයි මන් ඉන්නේ. එහෙම වෙනවනම් ඔය විමුක්තියක් හොයාගෙන යන අයගේ කටවල් ඉබේම වැහේවි. මීට වඩා සහයෝගයකින්, සාමූහිකත්වයකින් යුතුව ජීවත් වෙන්නත් පුලුවන් වේවි.

    ඒත් ඉතින් එහෙම දෙයක් කවදා වේවිද?????????

    ReplyDelete
  78. ඔන්න බිඟු අයියා මමත් ආවා ඔයාගෙ බ්ලොග් එකට.......
    මමත් ආසයි ලියන්න කියවන්න......ඒනිසාමයි ඔයාගෙ බ්ලොග් එකට එන්න හිතුවෙ....
    ඔයා කැමතිනම්........
    ඉතිං මේ ඔයාල කතාකරන දේවල් ගැන මටත් තියනව කියන්න අදහස් ගොඩාක්....
    ඒත් මම ඒදේවල් කියන්න තරම් ඉක්මන් නොවී ඉන්නයි හිතුවෙ.
    මොකද ඉස්සෙල්ලම ඔයාගෙන් අවසර ගන්න එක මගෙ යුතුකමක් කියල හිතුව නිසාම.
    ඒවගේව ඔයාගෙ බ්ලොග් එකට නිතර ආවෙ ගියෙ නැති උනාට ඉඩක් ලැබුන හැම වෙලාවෙම මම කියවනව මට අවසර තියන ප්‍රමාණයෙන්.....
    ඒ හැම වෙලාවකම මට හිතුන මේකට ලියන්න ඕන කියල...ගොඩක් වෙලාවට දිල් අක්කිගෙ අදහස් වලට මම ගොඩක් ආසයි........
    ඉතිං බිඟු නදට මටත් එන්නට අවසරද......?

    ReplyDelete
  79. තියනව යමක් feminism කියා එහි එල්බ ගත් කාන්තාවෝ නිදහස නෑ කියයි. තියෙන දේවලුත් නෑ කියයි, පිරිමි එපා කියයි. ලංකාවට තාම මේවා ඇවිත් නෑ තදබල ලෙස, එන එකත් හොදයි එතෝට ජෝක් බලන්න මහපාරේ ගියාම ඇති!

    මගේ මතය මානව අදහස් සයිනාකාර යන්නයි. කෙටියෙන් කියනවා නම් කොකාගේ වාරය ඉවර වූ පසු තිත්තයාගේවාරය පැමිණෙයි. වික්ටෝරියානු කාලයේ පිරිමි ආධිපයත්‍යය හොදටම බටහිරත් තිබුනා ඊට කලිනුත් සමහර විට, දැන් ඒකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා මොකද සාපේක්‍ෂව පිරිමි(නීති සම්පාදනය කරන බුද්ධිමත් අය) දැන් ගැහැනු දෙස බලන්නෙ අහිංසක ලේබලය සමග මේකට හේතුව අර කලින් කාලයේ ගැහැනිය යටපත් කිරීම ඒ කරපුවගෙ කොටස් දැනුත් පේන්න තියෙනකොට "අනේ පවු" ලෙවල් එකට නිකන්ම වැටෙනවා. දැන් නීති රීතීන් හැදෙන්නෙත් සමාන අයිතිවාසිකම් කියලා සමහර තැන්වල පිරිමින් ගැන නොතකා ගැහැනුන්ට තැන දෙන්නෙත් මේ නිසා මේ ගැන පිරිමින් අමුතු ඇසකින් බලන්න ඕනා නෑ ඉස්සර ගෑනුන්ට මෙහෙමයි! ඉතින් ඒ කාලේ එහෙම වුන එක දැන් අනිත් පැත්තට යනවා වැඩේ කියන්නේ මේවා 1:1 අනුපාතයෙන් නවතින්නෙ නෑ මේක තව වැඩි වෙනවා ඉදිරියට ඊට පස්සෙ මේකට උරනවෙන අය ආයි විප්ලවකරලා පිරිමි අයිතිවාසිකම් දිනාගන්නවා කියලා එකක් කරයි :P
    ඔක්කොම මම සලකන මිමි වලින් නම් විහිළු, ගැහැනිය මාකට් සංකල්පයට හොදින්ම ඇදි ගියා ඒ පාරෙන් පිරිමිත් සංකල්පයට ඇදුනා මේ මාකට් වෙන එකත් ඔය කියන රෙස්පෙක්ට් එක නැති වීමට හේතුවක්.
    එකෙක්ටවත් දින ඕනා නෑ :P 365.25 දවස් සියල්ල අපේ වෙන කාගෙවත් නෙමේ කාටවත් යම් දිනයක දී විශේෂ විදියට සලකන්න ඕනා නෑ අපිට ඕනා නැත්නම් :)

    BTW family guy FTW!!! It's my favourite!

    ReplyDelete
  80. @අනුරාධ,
    ඔයාගේ අර්ථ කථනය හරි. මම ඒකත් එක්ක එකඟ වෙනවා.
    ඉතින් ඒ දවස උදාකර ගන්න අපි නිකන් බලාගෙන ඉඳලා වැඩක් නෑ...
    රවානම් පේන්න නෑ උත්තර බඳින්න...
    කමක් නෑ ඒකට.
    නමුත් මෙහෙම එකකුත් තියෙනවා...
    කෙනෙක්ව හිර කරගෙන ඉඳලා නිදහස් උනාම ඕනවට වැඩ්යෙන් ඒක විඳින්න හදනවා. ඒක අනිත් අයට රිදෙන්න පුලුවන්.

    @ගිම්හානී,
    අනේ එන්න... අපේ බිඟුලන්තය සැමදෙනාටම විවෘත තැනක්...
    අනික මම කිසිම කෙනෙක්ට එන්න එපා කියලා නෑ.
    ඔයා කැමති විදියකට මේකේ ලියන්න. මට සමා වෙන්න මේක ලියන්න පරක්කු උනාට.
    හැබැයි ලොකු කුණුහරුප නම් මකනවා....
    ඔයාගේ කිසිම සලකුණක් නෑ ආපහු හොයාගෙන යන්න...
    :(

    @මධුර,
    ම්ම්ම්....
    අදහසනම් අගෙයි. නමුත් දැන් මෙතන කට්ටිය නෑ ඒවට පිලිතුරු දෙන්න.
    ඔක්කෝමලා ගිහිල්ලා...
    ඔව් ඔයා කියන විදියට මේ ඔක්කොම විශේෂ දින නැති කලා නම් මීට වඩා හොඳින් ඉන්න පුලුවන් වෙයි කියලා මටත් හිතුනා...
    හැබැයි එතකොට අර කියන අය ආයෙත් වීදි බහින්න පුලුවන්...

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!