January 22, 2010

වාස්තු විද්‍යාව - 2: වඩු රියන, කෝණ මාස

1. වඩු රියන:
මේ මොකද්ද මේ අලුත් රියන් ජාතිය. ඇත්තටම මේ රියන අලුත් නෑ. ගොඩාක් පරණ එකක්. මේ රියනට අඟල් 31 ක් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමියකුගේ දකුණු අතේ බාහුවේ වැලමිට දක්වා වූ දිගත් වඩු රියනක් විධියට ගනන් ගන්නවාලු.

ඉතින් මොකටද මේ වඩු රියන? වෙන මොකටද, දිග මනින්න මිසක්. හැබැයි මෙහෙම කතාවකුත් තියෙනවා. අපේ ගෙදරක දිග, පළල දෙක වඩු රියන්වලින් ඔත්තේ වෙන්න ඕනෑලූ. දැන් ඉතින් තියෙන්නේ ඉන්න ගෙදර දිග පළල මැනලා බෙදලා ගණන් හදලා බලන්න ඔත්තේද කියලා.... හැබැයි ඔත්තේ නොවුනොත් වෙන්නේ මොකද කියලා විස්තර කරලා නෑ. කියන්නේ ඔත්තේනම් සුභයි කියලා ව්තරයි.

2. කෝණ මාස:
මේ මොකද්ද ඒ පාර අලුත් මාස ජාතිය. අවුරුද්දකට කෝණ මාස 4 ක් තියෙනවා. මේ කෝණ මාස 4 පහළ තියෙන විධියට අවුරුද්දේ යම් යම් කාල වලදී එළඹෙනවා. මෙන්න මේ කියන කාල සීමා වලදී ගෙවල් හදන්න පටන් ගන්න සුදුසු නෑ. මුල් ගල් තියන්න, උළුවහු තියන්න වහල ගහන්න වගේ දේවල්. හැබැයි ඇයි කියලානම් දන්නේ නෑ. මං දකින විදියටනම් මේ කියන සමහර කාලවල තද වැහි තියෙනවා. ඒක එක හේතුවක්. වැඩේ පටන් ගත්තට දිගටම කරන්න බෑ.

මාර්තු 14 සිට අප්‍රේල් 11 දක්වා- මීන කෝණය ( බය )
ජුනි 15 සිට ජූලි 15 දක්වා - මිථුන කෝණය ( මරණ )
සැප්. 16 සිට ඔක්. 15 දක්වා - කන්‍යා කෝණය ( රෝග )
දෙසැ. 16 සිට ජනවාරි 14 දක්වා - ධනු කෝණය ( හානි )

9 comments:

  1. OK. i'll try....
    :0

    ReplyDelete
  2. ඔව්මයි..
    මොකද දන්නෑ මේ වහේ මිම්මක් ගත්තේ

    ReplyDelete
  3. ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට බිහිවෙන්නෙ කිසියම් පදනමක් මත තමයි. කෝණ මාස වගේම අනිත් දේවලුත් බිහිවෙල ඇත්තෙ කිසියම් පදනමක් මත. අපි තාම ඒ දේවල් අඳුනගෙන නැති නිසා අපි හිතනව ඒව බොරු කියල...

    ReplyDelete
  4. @ඉන්දික්,
    ඒක හරි,
    අපි නොදන්න පළියට ඒක බොරුයි කියන්න බෑ..

    ReplyDelete
  5. මම හොය හොයා හිටපු විස්තරයක් තමයි මේ

    ස්තුතියි ඔබට!!!

    ReplyDelete
  6. @රන්දිල්,
    ස්තුතියි ඔබටත්.

    /බිඟුවා...!

    ReplyDelete
  7. මෙය පරන වස්තු විද්යාවයි. නිර්මාන සිද්ධාන්ත කට වහරෙ තබා ගැනීමට මෙවැනි රියන නැමති මිම්ම භාවිත විය.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!