දෙදාස් තුනේ හයයි හය, ඒ කියන්නේ හරියටම අදට අවුරුදු පහළොවකට කලියෙන් අද වගේම දවසක, පේරාදෙණිය කැම්පස් එකේ දවල් දොළහ හමාරට විතර වෙච්ච ඒ අති සුන්දර සිද්ධියක් මට අද වාගේ මතකයි.
එතකොට මං කැම්පස් ඇවිල්ලා අවුරුදු දෙකක් විතර වෙනවා. අලුතෙන් බැච් දෙකක් ආවා ළඟ ළඟම, ඒ හින්දා අපේ බැච එක ඉක්මනටම සුපර් සීනියර් තත්වයට පත් උනා.මේ බැච් එකේ හිටියා ඒක ගෑණු ළමයෙක් මගේ හිත ගියපු. එයාව දැක්ක දවසේ ඉඳලාම මොකද්දෝ මංදා අමුතුම හැඟීමකින් මගේ හිත පිරිලා තිබ්බේ. හරිම අහිංසක, සොඳුරු හරිම පිළිවෙල තියෙන ළමයෙක් එයා. මටත් නොදැනීම මගේ හිතේ මොනවාද ගැඟීම් ගොඩාක් ඇති වෙලා. ආරංචියේ හැටියට එයාට බෝයි කෙනෙක් ඉන්නවාලු. ඒක තමා රැග් කාලේ තිබ්බ කතාව. මං ඒක ගනන් ගත්තේ නෑ.. මගේ හීන ලෝකෙට වෙලා ඔහේ හිටියා.
ඉතින් ඔය කියන දවසේ මං හිටියේ අක්බාර් හොස්ටල් එකේ අර ළමයාව බලන්න යන්න හිතාන. අළුත්ම බැච් එකට දවල් දොළහ වෙනකල් ලෙක්චර් කියන්න දන්නවා. ඊට පස්සේ සමහරු පුස්තකාලේට යනවා, නැත්නම් හොස්ටල් එකට යනවා. ඉතින් ඔන්න මං දවල් දොළහ වෙනකොට ගියා එලායගේ ලෙක්චර් හෝල් එකට දිහාට එයා ඉන්නවද බලන්න, ඒත් හිත ගැහි ගැහි තිබ්බේ. මට හිතුනා අද නම් මං තව පියවරක් ඉස්සරහට තියන්නම ඕනෑ කියලා.
අප්පට සිරි!
එයා ඒකේ නෑ. මාර සීන් එක, මාව පොඩ්ඩක් විතර කොර උනා වගේ එකක් උනා.
"ෂික්. මං වගේ හරකෙක්... තව ටිකක් කලින්නේ එන්න තිබ්බේ, මෝඩයා වගේ කැරකි කැරකි හිටියා හොස්ටල් ඒකේ.. ගොන් බූරුවා! බලපන් දැන් කොහේ කියලා හොයන්නද..."
සට සට ගාලා මට බනිනවා මගේ හිත. ඉවසාපන් පපුව! කියලා ගියා කෙලින්ම ලයිබ්‍රරිය පැත්තේ, ලාස්ට් චාන්ස් එක, එතන නැත්නම් අද දවස බඩුම තමා. පුස්තකාලේ කිට්ටු වෙනකොට ආයෙත් පපුව ඩිග් ඩිග් ගානවා,
මෙයා අද හොස්ටල් ගියාද දන්නේ නෑ, කතා කරන්න පුළුවන් වෙයිද, යාළුවෝ ගොඩාක් ඉඳීද, ලොකු වැඩක් කර කර ඉඳීද.. හේතු කාරණා කෝටියයි..
ඔන්න නොදැනීම මාව ලං උනා පුස්තකාලේ ගාවට. ඒකේ විශාල දොරෙන් ඇතුළට ගිය විදියවත් මට මතක නෑ... නිකන් රොබෝ කෙනෙක් වාගේ ගියා. ඊට පස්සේ අර මහ විශාල පොත් කබඩ් අස්සෙන් මගේ ඇස් දෙක දිව්වා පුළුවාන් තරම් හයියෙන් එයාගේ රූපේ හොයාගෙන.. ඒත් එයාව දැක්කේ නෑ. ඔන්න එක පාරම දැක්කා එයාගේ යාළුවා දෙව්මිණි ඉන්නවා මේසයකට වෙලා කාත් එක්කද වැඩක් කර කර. දෙව්මිණි මාව දැකලා හිනා උනා, ඒ හිනාව ඉවර වෙන්නත් කලින් එයා බැලුවා එයාගේ ඉස්සරහ හිටිය ගෑණු ළමයා දිහා ඇස්දෙක ලොකු කරගෙන. ඒත් එක්කම මගේ ඇස් දෙකක් ගියා ඒ දිහාවට මොකද ඒ ගෑණු ළමයා හිටියේ මට පිටපාලා. ඒ ගෑණු ළමයා හිමීට හැරිලා මං දිහා බැලුවා මට නිකං කරන්ට් එක වැදුනා වගේ උනා. පොඩ්ඩක් ස්ටක් උනා, කටේ කෙල හිඳුනා, පපුව නැවතුනාද කොහෙද, මොකක්ද විකාරයක් උනා මට. ඒත් එක්කම ඒ ගෑණු ළමයාගේ මුවින් මද සිනාවකට වඩා එකක් මතු උනා, ඒත් එක්කම මාව පියවි සිහියට ආවා.. මං ටික ටික කිට්ටු කලා ඒ මේසය ගාවට. ගිහින් මෙහෙම කිව්වා...
මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද?
එච්චරයි මට කියන්න පුළුවන් උනේ.. ඊට පස්සේ මං හිස්. මං බලාගෙන හිටියා එයා මොනවා හරි කියයි කියලා. එයා මුකුත් කීවේ නෑ පොත් ටික බෑග් එකට දාන්න ගත්තා. මං හිතාගත්තා එයා කතා කරන්න කෑමතියි කියලා. හැරුණා අනිත් පැත්තට ආවා සං ගාලා එළියට හරියට දුටුගැමුණු මහ රජ්ජුරුවෝ යුද්ධෙන් දින්නා වගේ. එන් ගමන් මං දැක්කා දෙව්මිණි ඇස් ලොකු කර කර ඉඟි කරනවා අරයට... ඊට පස්සේ මොනවා කුටු කුටු ගෑවා.
මං එලියට වෙලා හිටිය තප්පර ගණන මට දැනුනේ හරියට අවුරුද්දක් වගේ. ඔන්න අර ගෑණු ළමයා එලියට ආවා පුස්තකාල දොරෙන් හරියට සුරංගනාවියක් බිමට බහිනවා වගේ..
මගේ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා. දැන් මොකද්ද මං කරන්නේ...
මං හදිස්සි උනා වැඩිවත්ද? මෙයා මට කැමති වෙයිද? මොකක්දරි ලෙක්චර් එකක් ගැන අහන්නද...
දාහක් ප්‍රශ්ණ මට. කොහොමහරි හිත එකතු කරගෙන මං අහුවා වැඩක් කර කර නේද හිටියේ කියලා.. ඉතින් යන්නතන් අයිස් කුට්ටිය බින්ඳා හෙන අමාරුවෙන්... තව පොඩ්ඩක් කතා කරලා මං බැස්සා කෙලින්ම සබ්ජෙට් එකට හෙනම හෙන බයෙන්, මං හිතන්නේ මගේ ජීවිතේ අමාරුවෙන්ම කතා කරපු දවස වෙන්න ඕනෑ ඒක. හැබැයි එයත් මට කතා කරන්න ඕනෑ විදියටම ඉඩ හදලා දුන්නා කිසිම පැකිලීමකින් තොරවම හරියට මං කියන්න යන එකට එයත් කැමතියි වගේ... ඉතින් ඊට පස්සේ කතාව තව දුරටත් ගියා...
අන්තිමේදී එයාගේ කැමැත්ත මට හම්බ උනා. මට මුළු ලෝකයම හම්බ උනා වගේ දැනුනා. ආදරයෙන් මගේ හිත පිරිලා පුපුරලා යන්න වගේ උනා.. ඔන්න ඔහොමයි උනේ මීට අවුරුදු පහළොවකට කලියෙන්.. එදා
එහෙම පිරිච්ච හිත අදත් එහෙමම තියෙනවා කිසි වෙනසක් නැතිව. ඒකට මං හැමදාමත් එයාට ණයගැතියි කියලයි මට හිතෙන්නේ... අද යන්න ඕනෑ ඒක සමරන්න...
ම්ම්.. පරක්කු වැඩියි...
දැන්ම යන්න ඕනෑ.......
පසුව ලියමි.
අපි දෙන්නා අද වෝග් එක පැත්තේ ගිහින් පොඩි බඩ්ඩක් ගත්තා.
මේ තියෙන්නේ එහෙම ගිහින් මං අරන් දුන්න පුංචිම පුංචි තෑග්ග.
:)
ReplyDeleteela
Deleteපාරට බැස්සම නොවැ සීතල වැඩි.
ReplyDeleteහා හා
Deleteනියමඊ
ReplyDeleteඑල
Deleteපේරාදෙණියේ මහවැලි ගඟ ළඟ කෙතරම් පෙම්වත් මුණු මුණු ඇසුනිද....
ReplyDeleteඒ බිම මෙතරම් සුන්දර වන්නේ ඒ මුණු මුණු හඬ නිසා නොවන්නෙද?
අනිවා.. එතනදී අරඹන කතා කවදත් ලස්සනයි
DeleteEla.
ReplyDelete:D
Deleteපරක්කු නොවී යනු!
ReplyDeleteඔව් ඔව්.. යන්නෙමි හනිකට
DeleteHappy anniversary !!!
ReplyDeleteela
Deleteඅද එහෙනං පාටියක්
ReplyDeleteවාන් පාටියක් වෙයිද දන්නේ නෑ
Deleteසුපර් සීනියර් ලු. ඒත් කෙල්ලෙක් එක්ක කතාකරන්න ගියාම කලිසමේ චූ නොගිය එක විතරයි. හැක්..
ReplyDeleteසුබ ඇනිවර්සරියක් වේවා.
වැඩිය බොන්න එපා. හැක්.. x2
එව්වා එහෙම තමා ලොක්කා
Deleteකමු කමු බඩ පැළෙන්න.. අද ලොක්කගෙ ඇනිවසරි පාටිය නෙ... හික්ස්...
ReplyDeleteහැපි හැපි ඇනිවසරියක් වීවා පුතී ...
එල එල
DeleteHappy anniversary !!!
ReplyDeleteතුති
Deleteඊයේ කොමෙන්ටුව අන්තරස්දාන් වෙලා......
ReplyDeleteමොකක් හරි.... සුභ පැතුම් අයියා ඇන් අක්කා.....
ඒ මොකෝ ඒ...
Deleteකමක් නෑ... ඔයා කාලෙකින් ආවනේ...
අපේත් ඇනිවසරිය අදනේ!දාහතරයි හැබැයි. සුබපැතුම්!
ReplyDeleteපට්ටනේ
Deleteජූනි 06 අපෙත් 14 වෙනි හෝම් කමින් ඇනිවසරි එක.. හෙහ්.. වෙඩිම තිබ්බේ හතර වෙනිදා..
Deleteehemada pattane
DeleteGood luck bro
ReplyDeleteela. :)
Deleteපේරා වලදී පටන් ගන්න ලව් ස්ටෝරි ලේසියෙන් කැඩෙන්නේ නෑ.. :)))
ReplyDeleteජයවේවා!
aniwa
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteහරි.. .
Deleteහරිම ලස්සනයි සර්... ලස්සන චිත්‍ර රූප ටිකක් තත්පර ගානකට මැවුණා..
ReplyDeleteමුතූ..
තුති මුතූ
Delete