May 29, 2017

උගත්තෙමි මහත් පාඩම ආයාසකින් තොරවමැ

සිතා ගන්නට බැරි තරම්
කුරිරු උනේ ඇයි නුඹ
ඔබ නොදැක සිටි බව සත්තයි
ඔබ නැතිව බැරි බව සත්තයි
ඒත්
ඇයි මෙලෙස කුරිරුකම්, නපුරුකම්
රිදවන්නේ අහිංසකයින්, අසරණයින්
නොදැක සිටි කාලේ බැන්න බව සත්තයි
නැතිව සිටි කාලේ බැන්න බව සත්තයි
ඒත්
බැන්නේ රිදවන්නට සිතා නොවෙයි
බැන්නේ හඬවන්නට සිතා නොවෙයි
සිතා ගත්තෙමි ඔබේ තරමත්
සිතා ගත්තෙමි ඔබේ හයියත්
නොකරන්නෙමි
උසුළු විසුළු නැවතත්
ඔබ දුටුවත් නොදුටුවත්
උගත්තෙමි
මහත් පාඩම
ආයාසකින් තොරවමැ

10 comments:

  1. කැපුවා ගස්
    එළි කරා කැලෑ
    හැදුව බිල්ඩින්
    ගොඩකරලා තෙත්බිම්
    අනේ දැන් ගන්වතුරලු !

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒකත් හේතුවක් තමා

      Delete
  2. අපේ මිනිසුන් කිසි විටෙකත්
    ඉගෙන ගන්නෑ පාඩම්

    ReplyDelete
  3. කල හැකි දෙයක් නෑ... මිනිස්සු කරපු වැරදි වලට මිනිස්සුන්ම දඬුවම් විඳිනවා...

    ReplyDelete
    Replies
    1. වැරදි කරන්න ඉඩ දෙන එකනේ වැඩේ කියන්නේ

      Delete
  4. පාඩම් ?
    අපේ මිනිස්සු?
    මේ අපේ මිනිස්සු??
    හිකිස්

    ReplyDelete
    Replies
    1. උඹ නම් රටෙත් නෑනේ දුක ගැන කියන්න

      Delete
  5. සොබා දහම... අම්මා මෙන් ආදරය කරයි...
    අම්මා මෙන් තරවටු කරයි

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!