
ඔෆීසියේදීම සල්ලන් වෙන්න තරං මුන්දැලෑ කරුණා උනා කියහන්කෝ. මාත් මොකෝ කියලා වයින් වීදුරු දෙකතුනාක්ම නාමාගත්තා.
පස්සේ ඉතින් අර ඉස්සරලා කියපු සුදු නැන්දාගේ රථ ගායේම නැගලා ගල් ගුහාවකට ගියා කියහන්කෝ. ගල් ගුහාව කිව්වට මේක, මේ උන්දැලෑ හෙන ඉස්සර කාලේ යුද්ධයක් ආවොත් බේරෙන්න කියලා හදාපු එකක්.
මෙහේ යුද්ධ කියන්නේ හරියට අපි පොඩි කාලේ අල්ලන සෙල්ලන් කොරනවා වගේ, නැත්තම් හොරා පොළිස් කරනවා වාගේ.

ඉතින් මමයි තව එක ඉන්දියන් ගෝතයෙකුයි සෙට්උනා සාජ්ජේට. ඉතින් පටන් ගත්තේම ඒ කිව්වේ වෙල්කම් ඩ්‍රින්ක්රි එකම ඇල්කොහොලික් කියහන්කෝ. අනේ ඒපා කියලා එක හුස්මට ගහලා දැම්මා. ඔන්න කෙලි පොඩ්ඩක් ආවා මල්ලක් අරගෙන මොනවද ඇතුලේ ලාගෙන. ගන්න කියපි එකක්. ඔන්න අරගෙන බැලින්නම් මම ඉඳගන්න තැන. ඒක නම් අගේ වැඩේ.. නැත්නම් වෙනදා ගැට්ටටමනේ සෙට් වෙන්නේ. මං හිතෙන්නේ මේ කරමේ නම් අගය කොරන්න ඕනෑ.
තුන්ඩු දාලා ඉඳගන්න තැන දුන්නාම හැමදාම නොදකින එවුන් එක්ක ගැටෙනවානේ. මේකනේ වෙලා තියෙන්නේ අපේ රටේ කෙල්ලෙන්ගේ මහා ගැට්ටනේ. උන් හිතාන ඉන්නේ කොල්ලෙක් කතා කලාම පැණි හලනවා කියලා. බොරුවට පුම්බාන යන්නේනේ උන් තනන්නේ. මොනා කොරන්නද ජම්මේ හැටිනේ. ඉතින් මෙහෙම තුන්ඩු දාන්න ගියොත් අපේ කෙල්ලෝ ගෙදරින්ම තුන්ඩු හදාගෙන ඇවිල්ලා ඉස්සර වගේම එකම ගැට්ටට සෙට් වෙලා පුම්බාන් ඉඳින් අම්මපා..
ඒක වැඩක් නෑ...


ඉතින් මේක බෙදාන ගියාම බෝලේ ආවනේ පොඩි කුප්පි සෙට් එකක්. ඒක ඕනෑළු මේ මස් කන්න, සැර 41.5%. අමුවේම ගහන්නත් ඕනෑ. අනේ එපා කියලා ඇදලා ඇරියා. (අතරින් පතරට අර විශේෂ බීර)
ඊළඟට අතුරුපසට පළතුරු. ඊටත් පස්සේ කෝපි. ඔන්න සරුවට කන වැඩේ නම් ඉවරයි. ඔන්න පටන් ගත්තා සින්දු කියන්න. ඊටත් පස්සේ නටන්න ගත්තා. (අතරින් පතරට අර විශේෂ බීර) මටත් ගාණට වැදිලා තියෙන එකේ මාරු වෙන්න වෙලාව හරි වගේ තේරුණා.
අර සුදු නැන්දා ආයෙත් අපේ වාසනාවට වගේ ගෙදරටම ගොසින් බැස්සුවා අනේ වාසනාවන්. ඉතින් මේ විදියටට උන්දැලෑගේ නත්තල් සාජ්ජෙකටත් ඔන්න සෙට් උනා.

Nice article
ReplyDeleteGuys just sharing, I've found this interesting! Check it out! https://goo.gl/OjG3jZ
more info
මාර කෑමක් සහ බීමක්නෙ.
ReplyDeleteකෑම කෙසේ වෙතත් මචන් පට්ට බීම පසන්... එපික් උනා කියහන්කෝ
Deleteබිඟු ඉන්නේ ස්වීඩන් වල මොන පලාතෙද ?
ReplyDeleteගොතම්බර්ග්වල.ටවුම කිට්ටුවමයි ඉන්නේ.. එහෙද ඉන්නේ?
Deleteමම ඉන්නේ LUND / MALMÖ වල. මේ පැත්තේ එන්න අදහසක් තියෙනවද ? මට ඊමේලයක් දාන්න
Deleteඔය මගුලෙ රටේ බොන්න පුලුවන් බීලා දවස් 3,4 වත් වාහනේක ඩ්‍රයිවින් සීට් එකක් දිහා බලලවත් පොලෝසියට මාට්ටු උනොත් සොරි නෙ
ReplyDeleteසිරවට ඒක නම් ඇත්තම ඇත්ත. ඒ වගේම මුන් එහෙම බීල යන්නෙත් නෑ වගෙයි. හෙණ තදයිලු නීතිය...
Deleteනියමයි.නියමයි. විනෝදවෙන වෙලාවට විනෝද වෙන්න ඕන. අර කුප්පිය ගැන පොඩි විස්තරයක් කියන්න.
ReplyDeletehttps://www.vinmonopolet.no/vmpSite/Land/Norge/Simers-Taffel/p/1230101
Deleteමේක නෝර්වේ බඩුවක්. පොඩි කුප්පියක්. අමුවෙන්මයි ගහන්නේ. බොක්ක දාලා යනවා. මස් එක්ක නැගලම යනවා. කුඩු වෙන්න වදිනවා.
Delete