March 11, 2016

කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ...


ලියන්න උනේ නෑ කාලෙකින්. වැඩ වැඩිද, නැත්නම් වැඩ කලමණාකරනය නැතිද, කොහොමහරි අන්තිමට උනේ ලියන්න බැරි උන එක තමා..

පහුගිය 6 වැනිදාට අපේ පොඩි එකාගේ තුනත් ඉවර උනානේ. ඉතින් දැන් ඌත් ලොකු එකෙක්.. කරන්නේම චන්ඩි වැඩ තමා. අද ලිපියට උගේ වැඩක් දාන්න හිතුනා..

අපේ ලොක්කා මලයට හෙන ආදරෙයි. අපි මල්ලිට සැර කරනවට නැත්නම් ගහනවට කැමති නෑ. දවසක් මං අහගෙන මෙහෙම කියනවා.

"මට පේන්න බැරි ඔය අත්තම්මගේ කෑගැහිල්ල තමා... මල්ලි තාම පොඩිනේ...  එයාට බෑනේ තවම ඔව්ව කරන්න......"

මං හිතන්නේ රැජිණගේ අම්මා මොකක් හරි කියන්න ඇති මල්ලියට, ඉතින් අයියා ඒක ඩිෆෙන්ඩ් කරන්න හදන්න ඇති... බ්ලා.. බ්ලා...බ්ලා....

ඒත් අයියට මල පැන්නම දෙනවා ඩිග් ඩිද්... ගාලා, හැබැයි ගහන්නේ කොට්ටයක් හේත්තු කරලා. එතකොට රිදෙන්නේ ටිකයිනේ... ඒකටත් හිනා කාලා මැරෙනවා. ( ආදරෙයි + සැරයි )

අයියගේ තියෙනව පරණ පිංතූර පොතක් බැකෝ එහෙම තියෙන. ඒක දෙන්නේ නෑ මලයට ඉරලා දායි කියලා. දැනටමත් ඒකේ පිටු ගොඩක් ඉරිලා තියෙන්නේ ගන්න දෙයක් නෑ... ඒත් අයියා ඒක දෙන්නේ නෑ.

දවසක් මේ පොත තිබ්බා මේසයක් උඩ. අයියා පේන්න හිටියේ නෑ. මලයා සටස් ගාලා පුටුවක් ගෙනාවා නැග්ගා මේසයට. පොත අතට ගත්තා විතරයි අයියා ආවා.. මල කෙලියයි... ඔන්න අයියා එනවා නාලාසිරි ඇතා වගේ කෑගහගෙන... මම එලියේ ඉඳන් සිද්ධිය බලාගෙන...

මල්ලි දැන ගත්තා වැඩේ කේස් කියලා බුග් දාලා පොත විසි කලා බිමට... දැන් පොත අතේ නෑනේ, ඉතින් ගහන්න බෑ.. අයියා ගියා යන්න නිකන් පුස් වෙඩිල්ල වගේ උනේ වැඩේ..

මලයා වැඩේ අතඇරියේ නෑ... මූට කරන්න පුලුවන් දේකුත් නෑනේ.. කලිසම පාත් කලා... චූ කලා පොතට.... ඊට පස්සේ හිමීට බැහැලා ගියා මේසෙන් මුකුත් දන්නේ නෑ වගේ..

මට මැරෙන්න හිනා...

කරපු වැඩේ මම දැක්කේ නෑ වගේ හිටියා. මොකද අනුමත කරන්න බෑ, ඒත් මගේ හිතේ පොඩි සතුටකුත් නැතිවම නෙමෙයි.. තමන්ට පුළුවන් ලෙවෙල් එකෙන් රිටන් එක දුන්නේ.. කලේ මහා කුපාඩි වැඩේ ඒත් මගේ විදියටනම් ඒක කොළු වැඩක්...

මට මතක විදියට රැජිණ අවිල්ල දෙකක් දෙසුවද කොහොද කරපු වැඩේට..
ඒත් මම පස්සේ කිව්ව ඔව්වා ඔය කාලේ නැතිව කවද කරන්න කියලා...
කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ...





27 comments:

  1. හැක්.. හැක්.. නියමයි.

    ReplyDelete
  2. කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු..නියමයි.

    ReplyDelete
  3. ලස්සනට ලියලා.

    ReplyDelete
  4. යකෝ මූ මර බඩුවක්නේ...... තාත්තා වගේම තමයි!!!

    ReplyDelete
    Replies
    1. අනිවා.. දැන් නම් පට්ටම ආතල් කාලයක් යනනේ

      Delete
  5. අද තමා බ්ලොගය ඇහැ ගැටුනේ.. දෙවැනි එකා නම් රියල් බඩ්ඩක්.. ඉස්කෝලේ යන්න ගත්තාම තමා වැඩේ ලෙසටම පටන් ගන්නේ.. අපිත් ඔව්ව කළා නෙව..

    ReplyDelete
  6. හුටා... මළ කෙළියයි

    ReplyDelete
  7. පොඩි කාලේ මරද වැල්ලේ....

    ReplyDelete
  8. පොඩි පුතා තාත්තා වගෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් කතාවක්...

      Delete
  9. හ්ම්ම්.... හැබැයි උඹ දාලා තියෙන image එකට නම් හිතට කනගාටුවක් දැනෙනවා. නමුත් මං ඒක කියන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. අහා... ඒක ගනන් ගන්න එපා මචං

      Delete
  10. මහඑකාගේ තුනවත් ඉතුරු නැතිකොට පොඩි එකාගේ තුන ඉතුරුවෙයියැ

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!