October 19, 2015

ගුරු ගීතය කියැවීමි.

මේ පොත් ගොඩක් පරණ පොතක්(1962 - "Первый учитель" (The Fist Teacher)) උනාට පළවෙනි වතාවට කියැව්වේ පහුගිය මාසේ. ඒකත් මේ නෑනාගේ ගෙදර ගියපු ගමන්. පිටු 100ක් විතර තියෙන හින්දා කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතලා කියවන්න ගත්තා. මුලදී නිකං මඤ්ඤං වගේ උනා.

කතාව පටන් ගන්නේ මොකද්ද මේ පොප්ලර් කියලා ගස් දෙකක චිත්‍රයක් අඳින්න තටමන පොරක් ඒක හරියට ඇඳෙන්නේ නැති සීන් එකක් ගැන. ඒ අතරේ අල්තිනායි සුලෙයිමානවා කියලා මහාචාර්යවරියක් හා දුයිෂෙන් කියලා වයසක පොරක් ගැනත් කතාව යනවා. ටික වෙලාවකට පස්සේ තමා තේරුනේ මේ ගස් දෙකයි අර දෙන්නයි අතරේ මොකද්ද සම්බන්ධයක් තියෙන වග. ඒ තමා අල්තිනායිනාගේ මුල් ගුරා තමා දුයිෂෙන් වෙන අතරේ මේ පැල හිටවලා තියෙන්නේ එයාලා. කොමියුනිස්වාදියෙක් වෙන දුයිෂෙන් පුළුවන් විදියට අල්තිනායිනාට අකුරු උගන්වනවා ඉස්කෝලයක් දාගෙන. අල්තිනායිනාව බලෙන් කරකාරෙට දෙනවා චන්ඩියෙකුට. ඉතින් ඒ හරහා ගට්ටනයක්  ඇවිල්ලා දුයිෂෙන් ගේමක් දීලා, ඇත්තටම කිව්වොත් ගුටි කාලා කොහොමහරි බේරාගෙන මිනිහා ටාගට් එකට යවනවා.

මට හිතෙනවා දුයිෂෙන් හිතපු විදියට අල්තිනායි වැඩ කලේ නෑ කියලා. මෑන්ස් හිතන්න ඇත්තේ අල්තිනායි ආපහු ගමට සේවයක් කරාවි කියලා. ඒත්....

කතාව බොහොම සරල, පොදු එකක් උනාට ඉතාම හොඳට ඒක ගලපලා තියෙනවා. වටිනාකමක් තියෙන හින්දා හිතුනා පොඩි සටහනක් දාන්න. කියවන්න හොඳ කතාවක්. අද කාලේ නම් මේවගේ ගුරුවරු හොයන්න වෙන්නේ නෑ. අරූගේ චිත්‍රය වගේම මටත් හරියටම අකුරු ගලපාගන්න බෑ මේ පොත ගැන කියන්න.


කියවන්න ආසනම් මෙන්න මෙතැනින් බාගන්න පුලුවන්:
http://www.mediafire.com/download/m4o1m4m52my/Guru_Geethaya.pdf


24 comments:

  1. ගුරු ගීතය ගැන දැක්ක කෙටිම කෙටි සටහන මේක.. ඇත්තටම ඒ පොතේ මහ ලොකුවට ගැඹුරක් නැතත් හිත අලවන සුළු ගතියක් එක්ක දැනෙන මහ අමුතු ගතියක් තියෙනව
    කී පාරක් කියවල තියෙනවද දන්නෙං නෑ ඒත් කී පාරක් කියෙව්වත් එපා නොවු පොතක්

    ReplyDelete
    Replies
    1. හා හා....
      ඇත්තම කිව්වොත් ඒ පොත ගැන දිගට ලියන්න පුළුවන් එකක් තමා. සමහර තැන් සඟවලා ලියලදෝ කියලත් හිතෙනවා..

      Delete
  2. FB එකේ පොත් ගෘප් එකේ මාසෙකට සැරයක් වගේ කවුරු හරි කෙනෙක් මේ පොත ගැන පෝස්ට් එකක් දානවා. ඒ කොච්චර දැම්මත් ලයික් හාර පන්සීයක් වැටෙනවා. කමෙන්ටුත් ඒ වගේමයි.

    හැබැයි ඉතිං මට නං එච්චර සෙට් වුනේ නෑ පොත. :D

    ReplyDelete
    Replies
    1. හප්පා සෝරෝ මලයා... දැක්ක කල්...
      මටනම් පොතේ අවුලක් නෑ.. සරල සීන් එකක් තියෙන්නේ ලස්සනට කෙටියෙන්...

      Delete
  3. http://dreamsofharee.blogspot.com/2015/05/blog-post.html

    ReplyDelete
  4. මගේ ජීවිතයේ කියවපු සුන්දරම කතාව

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත. මගෙත්.

      Delete
    2. ඒක එහෙමම නෑ බං මට නම්

      Delete
  5. ස්තූතියි බිඟු අයියා

    ReplyDelete
  6. මම මේ පොත බලලා නැ.ඩවුන්ලෝඩ් කරගෙන බලලම පොත ගැන මොකද හිතෙන්නේ කියලත් කියන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. හපොයි. කියෝලා නැද්ද ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇත්තෙන්ම නැ බං,මට කෙටිකතා,නවකතා පොත් කියවන්න වෙලාව මදි වෙනවා,අනිත් පොත් ගොඩයකුත් තියනවා තවම කියවලා ඉවරකරගන්න බැරි වුන.උගන්වන හින්දා අදාළ විෂයන් ගැන පොත් තමයි වැඩිපුර කියවන්නේ.මේ දවස්වල ඉන්දීය දර්ශනය පොත මුලක ඉදලා බලනවා..

      Delete
    4. පොඩි පොතක් වැඩිම උනොත් පැයක් යාවි. සුපිරියි. ආ... මේකෙන් ළඟදීම ටෙලියක් එනවා කියලා ආරන්චියි. ගම කාලද ෂුවර් නෑ...

      https://www.youtube.com/watch?v=dpfkTy-yC5k

      Delete
    5. ටෙලියක් නෙවෙයි ෆිල්ම් එකක්

      Delete
    6. හප්පා... ගම කාලද දන්නේ නෑ..
      ඔහොම කරන ගොඩක් එව්ව අල වෙනවා බං

      Delete
  7. සැබෑ ගුරුවරයා කවුද? සැබෑ ආදරේ මොකක්ද? කියල කියවෙන සුපිරිම පොතක්. දුයිෂෙන් අල්තීනායිට ආදරේ කරනවා. ඒත් තමන්ගෙ ගුරු භූමිකාවෙන් පිට නොගිහින් අල්තීනායිට ජීවිතේ ජයගන්න උදව්ව කරනවා. සරලයි වගේ පෙනුනට, පොඩි උනාට ලොකු දෙයක් තියෙනවා ඒ පිටු අතරේ...........

    ReplyDelete
  8. මිට වඩා සංවේදී විදියට මේ වගේම අදහස් තියෙන තව පොත් තියෙද්දී මේ පොත විතරක් මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මට නම් හිතා ගන්න අමාරුයි.. ලස්සන කතාවක් උනත් ඒ තරම් ම අගය කරන්න විශේෂත්වයක් මට නම් පෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං...
      මටත් ඒක හිතා ගන්න බෑ...
      ලියපු ඩයල් එක පොරක් හින්දද දන්නේ නෑ

      Delete
  9. ගුරු ගීතය මමත් ආසාවෙන් කියවපු ලස්සන පොතක්.

    පුංචි පොතක් නිසා මුලින් හිතුනේ නෑ ලස්සන ඇති කියලා. ඒ නිසාම කීප සැරයක්ම පුස්තකාලේදී පොත අතර අරෙගෙන තියලා ඇවිත් තියෙනවා. ඒත් කියෙව්වට පස්සේ හිතුනා අපරාදේ කලින් නොකියෙව්වේ කියලා.

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි තරම් ලොකු සීන් එකක් නැති උනාට කියවන්න එපා වෙන්නේ නැති පොතක්නම් තමා

      Delete
  10. පොත පුංචි වුණාට පණිවිඩේ නම් ගැඹුරුයි... සැප්තැම්බර් තරඟෙට ගහන සමහරක් පොත් තරම් නම් ලොකු නෑ තමයි..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!