June 17, 2015

June 11, 2015

අම්මට වයස හැටයි.


අම්මට අදට වයස හැටයි. ඉතින් සමරන්න එපැයි යමරෙට. ඒත් කල්පනා කලා මොකද්ද කරන්නේ කියලා. අම්මා කෑම ජාතිවලට එහෙම ලොකු ආසාවක් නෑ වගේම ඔය මස් මාළු වගේ දේවල් කන්නෙත් නෑ. රොස් කරපු, බැදපු තෙල් දාපු කෑම වලට රුචියකුත් නෑ. මට හිතුනා අම්මාව එක්කරගෙන හොඳ හෝටලේකට ගිහින් රෑ කෑම වේලක් සෙට් දෙන්න. ඒත් ඉතින් ඒවාගේ තියෙන්නේ ඔය කියපු කෑම ජාති හින්දා වැඩේ අල්ලලා දැම්මා. ඒ වගේම ඒකේ විශේෂ ගතියකුත් නැති වෙයි කියලා හිතුනා. මොකද අපිට ඉස්සරලා ඔළුවට එන්නේ කෑමනේ. ඉතින් කොහොමහරි ඒ අදහස දැම්මා බල්ලට.

ඊළඟට ඔලුවට ආවේ ඇඳුමක් ගන්න. ඇත්තම කිව්වොත් සාරියක්. ඒකත් ලේසි වැඩක් නෙමෙයිනේ. සුදු සාරියක් අරගෙන දෙන එක හරි නෑවගේ කියලා හිතුනා. ඒ හින්දා මං අමාරුවෙන් වගේ ගොඩාක් චාම් ලා දම්පාටක් තියෙන පුංචි මල් වැටිච්ච සාරියක් සෙට් කර ගත්තා. සාරි වැඩේට ඉතින් රැජිණ විශේෂ ප්‍රාගුණ්‍ය ලබලනේ තියෙන්නේ. ඒකේන් වැඩේ ලේසි උනා. හැම අවුරුද්දේම මං කොහොමත් සාරියක් අරගෙන දෙන හින්දා මේකත් විතරක් ස්පෙෂල් මදි කියලා හිතුනා. ඉතින් තව කල්පනා කලා. අහා.. අපේ අම්මගේ හෑන්ඩ් බෑග් එක පරණ වෙලා වගේ පොඩි මතකයක් තිබ්බා. දෙන්නම් ඒකටත් වැඩේ කියලා ඒකකුත් ගත්තා.
අම්මා දැන් ගොඩාක් දහමට බර හින්දා මට උවමනා වෙලා තිබ්බා දහම් පොත් ටිකක් අරගන්න. ඒත් මගේ නොසැලකිල්ලා හින්දා ඒක සෙට් කර ගන්න බැරිව ගියා. ඒත් ඒක මං කොහොමහරි කරනවා කියලා හිතාගත්තා.

අම්මගේ ආසාවක් තිබ්බා දෙව්රම් වෙහෙර අර පන්නිපිටියේ තියෙන්නේ ඒක බලන්න. එක්කරගෙන ගියා ඒකත් බලන්න. අපි සෑහෙන්න වෙලා එහේ හිටියා. එතැන සිරා. ඒත් මුදල හැම එකටම ඉස්සර වෙලාදෝ කියලා පොඩි හැඟීමකුත් ආවා.

අම්මාගේ අවුරුදු හැට සපිරීම ගැන මීට වඩා ලියන්න ඕනෑ. මෙහෙම කෙටි සටහනක් දැම්මා ලොකු ලිපියට කලියෙන්.