May 29, 2015

පද වැලක් ලියැවුනේ නැත


සිතුනත් ලියන්නට
පද වැලක්
ගිලෙන්නට ඔබේ මුව මඩලේ
සිනා පොදකට
කඳුළු එක්කර
දෙකොපුල් තලා ගලා යන්නට
ඇඟිලි තුඩු බෑ කියයි
පන්හිඳත් ඉකි ගසයි
හදවතත් මොර තියයි
වසා දැමුවෙමි
කවුළු සියල්ල
නිදා වැතිරුනෙමි
සුසුම් පොදකට හාදු තබමින්...

1 comment:

  1. හ්ම්ම්, ඒක එක අතකට හොදයි වගේ ලියවෙන්නේ නැති පදවැලක් අල්ලගෙන ඉන්නවට වැඩිය..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!