January 7, 2014

කඩුපුල් මලක් සේ...

කඩුපුල් මලක් සේ
  දකින්නට නුඹ රුව
නිදිබර දෙනෙත් අඩවන්
   අදුරෙන් ඈතට
පියමන් තනනා
   සීතල රාත්‍රියේ
පවන් පොදක් ගත නොගැටෙන
   සොදුරු නිමේෂයක
ස්නේහසේ සොදුරු දසුන්
   පොදකින් තෙමන
මහද නොරිදවා
   නිදිබර දෙනෙත් යුග
ඇසිල්ලකින් .....


(දුනීල - මගෙ මිතුරෙක් ඉතුරු කොටස මෙසේ පුරවන්නට විය.)

...
පියවෙන 
   මේ නොයිදුල් රාත්‍රියේ
වඩින් සොදුරු යහනට
   චන්නකින්නරාවියේ...

16 comments:

  1. බලාගෙන ගියාම දුනීල ත් නියම කවිකාරයෙක් නේ :)

    ReplyDelete
  2. දුනීල ලියපු ටිකත් එක්ක මුළු කවියම සම්පූර්ණයි !

    ReplyDelete
  3. මාත් කෑල්ලක් දෙන්නෙයි??

    ReplyDelete
    Replies
    1. දෙන්න දෙන්න... වංගුව අරගෙන දෙන්න

      Delete
  4. කවිය වගේම අත් අකුරු ටිකත්, සිතුවමත් හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. අහා.. උඩ අකුරු මගේ, යට අකුරු දුනීලගේ

      Delete
  5. සමන් හිත් කොහොමත් එකට යනවා නොවැ

    ReplyDelete
  6. මටනම් වැඩියෙන්ම හිත ගියේ අත්අකුරු ටිකට.. කවියත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. අහා.. උඩ අකුරු මගේ, යට අකුරු දුනීලගේ

      Delete
  7. රූලක් ඇර රූලක් තමා ලියන්න වෙන්නේ... :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකද එහෙම කරන්නේ

      Delete
    2. එ‍ඩිට් කලා නේද... ඒවා ඔට්ටු නෑ හො‍ඳේ... :D

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!