August 23, 2013

මූණු පොතයි අසනීපවීමයි


මූණු පොතයි අසනීපවීමයි යන දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්දැයි කිසිවෙක් ඔබය කියන්නට පිළිවන. මෙය ඒ සබැදෙන කෙටි ලිපියකි.

අනෝමා බලන්නකෝ. මගේ පොඩි එකාගේ පින්තූර ටික මම ෆේස් බුක් එකට දැම්මා. ඔන්න ලින්ක් එක. ඔයත් බලන්නකෝ...
ෂා.. මාර ලස්සනයි අනේ.. හරිම ස්වීට්...
කෝ බලන්න, කෝ බලන්න අනේ තුෂාරී මටත් ලින්ක් එක එවන්නකෝ...
ආ ඉන්න. මං එවන්නම්...
අනේ.. හරී ෂෝක්.. තාත්තා වගේමයි.. බලන්නකෝ පුංචි නහය... ෂා....
මං මේක යවන්නම්කෝ මගේ හස්බන්ඩ්ටත්....

ඔන්න ඉතින් ඔය මාස 3ක්වත් නැති පොඩි එකාව මූණු පොතට රිංගවනවා. මුළු ඔෆීසියේම එවුන්ට ලින්ක් එකත් දෙනවා. මේල් ලිස්ට් එකේ ඉන්න හැම එකාටමත් යවනවා. ඒ මදිවට පබ්ලික් පාරකුත් දානවා. ඕනෑ එකයි නැති එකයි හැම එකාම හූල්ල හූල්ල පින්තූර බලන්න ගන්නවා. සමහර එවුන් ඉතින් ඇස්වලින්
විතරක් නෙමෙයි වෙන වෙන ඒවයිනුත් පින්තූර බලනවා. දවස් දෙක තුනකට පස්සේ ඔන්න ආයෙත් තුෂාරි ඔෆිස් එනවා මෙහෙම කියාගෙන...

අනේ අනෝමා බලන්නකෝ අපේ පොඩ්ඩට සනීප නෑනේ... කිරි බොන්නෙත් නෑ.
ආ.. එහෙමද? ඒ මොකද එක පාරම..
අනේ මන්දා...
අනෝමා ඔය එක එකාගේ ඇස්වහ වැදිලා වෙන්න ඇති අනේ.. ඔයා ෆේස් බුක් එකෙත් දැම්මනේ.. හැම එකාම හූල්ල හූල්ල බලන්න ඇති...
ආ... ඇත්ත තමයි... මං වගේ මෝඩියෙක්... අදම ඔව්වා අයින් කරන්න ඕනෑ..


ඔන්න ඉතින් මූණු පොතට බනින්න ගන්නවා.. හොය හොය මකන්න ගන්නවා. හරිම කරදරයක් කර ගන්නවා. මං දන්නේ නෑ ළමයා අසනීප උනේ මූණු පොතේ දාපු හින්දද කියලා. ඒත් මමත් ඒක නම් පොඩ්ඩක් විතර අත්විදලා තියෙනවා. කොල්ලගේ පින්තූරයක් මූණු පොතේ දැම්මා නම් පහුවදාට බඩු. අඩුම ගානේ හෙම්බිරිස්සාවක්වත් හැදිලා ඇති. මේ දෙක අතර සම්බන්න්දතාවය අන්න්‍යෝය වශයෙන් බහිෂ්කරද කියලා මම දන්නේ නෑ. ඒත් මූණු පොතට පොඩි එවුන්ගේ පින්තූර දැම්ම ගමන් වැඩේ පත්තු වෙනවා කියලා නම මටත් හිතෙනවා. ඉතින් මේක බොරුවක් මිත්‍යාවක් වෙන්න පුලුවන්. ඒත් එහෙම වුනත් ඒ බොරුව පිළිඅරගෙන පින්තූර දාන එක නැවැත්තුවා අඩුම ගානේ මාස 6ක්වත් වෙනකම්. මම විතරක් නෙමෙයි තවත් කිහිප දෙනෙක්ම මේ කතාව කියපු හින්දා මට හිතුනා අකුරු කරලා බලන්න. සමහරු මේකට බනින්නත් පුලුවන්. ඒත් මම නම් හිතන්නේ මූණු පොතයි (පොඩි එවුන්) අසනීපවීමයි අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලායි.


56 comments:

  1. පට්ට... මේකෙ ඇත්තක් තියෙන්න බැරිත් නෑ...

    සමහර අය ඉන්නවනෙ ඉතින්.. කෙල්ලක් සෙට් උනත් FඹB දානවා... බූට් එකක් කෑවත් දානවා... කෙල්ල තරහ වුනත් දානවා... අයෙ යාලු වුනාම ඒකත් දානවා..

    අනේ මන්ද ඉතින්...

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ අද මූණු පොත හින්දා පවුල් කීයක් අවුල් උනාද? තව කාලෙකින් තව මොකඛරි මගුලක් එයි. අපේ මිනිස්සු ඒකත් මේ වගේම වැළද ගනීවී. ඊට පස්සේ මොනව වෙයිද දන්නේ නෑ...

      Delete
  2. //මූණු පොතයි (පොඩි එවුන්) අසනීපවීමයි අතර සම්බන්ධතාවයක් තියෙනවා//

    නෙවෙයි.. අපේ මිනිස්සුන්ගේ කුහකකම්... හිතේ එකක් තියාගෙන කටින් තව එකක් තියන ජාතියේ අය ඉන්නකම් ඇස්වහ කටවහ නං නැති වෙන්නේ නෑ නේ... හි හි...

    ( හැබැයි මම ඔය ෆේස්බුක් ඇස්වහ කතාව විශ්වාස කරන්නෙ නෑ.. ඒත් ළමයින්ගේ ෆොටො දාන්නෙ නෑ.. මළ විකාරයක් ඒක...)

    ReplyDelete
    Replies
    1. මම නම් ඒවා නෑ කියන්නේම නැත්තේ නෑ. ඒක් හින්දා ඒවාගෙන පොඩ්ඩක් බේරිලා ඉන්නයි බලන්නේ

      Delete
  3. ඕවගේ ඇත්තක් නැත්තෙමත් නෑ. විශ්වය එකම සංස්ථිතික ශක්ති ප්‍රභවයවක් නිසා. මොනව උනත් වැඩක් නෑ පොඩි උන්ගේ පොටෝ දාලා කව්රුවත් ආසාවෙන් බලන එකක්යැ නමට ෂෝක් කිය කිය ඉදීවි.. එචිචරයි..

    ReplyDelete
  4. ඔය මුනුපොතෙ පොටො දෑමිල්ලනම් සමහර අයට තියෙන ලෙඩක්.මගෙ යාලුවෙක් ඉන්නව බෑදල අවුරුද්දක් විතර දෑන්.මු මෙ වෙනකොට පෑනිහදෙ රෑ ගහපු එව විතරයි දාල නෑත්තෙ.සමහර එව මල විකාරයි.ඔක ගානකට කරන්න ඔන.
    ඈස්වහ කට්වහ නම් තියෙනව කියල මමත් හිතන්නෙ.මොකද මම අත්විදල තියෙනව.හෑබෑයි මුනුපොතෙන්නම් මන්දා

    ReplyDelete
    Replies
    1. ඒක හරි මචන්. මේකලාඅ ඕනෑ එකයි එපා එකයි හැම රෙද්දම දැන් දාන්නේ මූණු පොතේ. සමහර එවුන්ගේ පුද්ගලික කියලා දෙයක් නැති ගාණට මේවා දානවා.. අනේ මන්දා...

      Delete
  5. ade hariyata hari ne. Mama yash podi kale mulin ma pinthurayak dekak demma. public nang kare ne wediya. but oya kiwwa hari. pinthurayak dammoth eelaga dawase leda una. but lamaya loku weddi nang ehema une ne. mama yash podi kale public photos dammema ne bayata. passe hithuna eka hithe thiyena deyak wennethi kiyala. mokada pinthura nodammath eyala leda wenawa ne :D Es waha kiyana dewal nang athi thama but api hariyata hitiyama hari ne. Danwath podi ekage pinthurayak mail karanawada?

    ReplyDelete
    Replies
    1. ඔයාට විතරක්වත් එවන්නම්කෝ. අසනීප උනොත් ඉතින් උඹැ තරි ඔන්න.... හූල්ලන්නේ නැතුව බලන්න ඕනෑ ඔන්න.... හික්ස්

      Delete
  6. මුණු පොත වගේම තමයි අනිත් ඒවත් . මට මතකයි එක ජනප්‍රිය නිලියක් තමන්ගේ පලවෙනි දරුවගේ පින්තුර කිසිම මාධ්‍යකට දුන්නේ නෑ දරුවට මාස 3ක් ද කොහෙද යනකම්. මේවයේ ඇත්තක් නැත්තෙමත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක මම දැනගෙන හිටියේ නෑනේ. සිරාවට. එයත් එහෙනම් ඒවා විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕනෑ.

      Delete
  7. Aththakda ane manda ithin

    ReplyDelete
  8. ඈස්වහ කටවහ වෙන්න ඈති

    ReplyDelete
  9. Sorry for commenting in english as I don't have sinhala typing facilities. Your point is correct as so far I have uploaded the photos of my baby 2 times to face book and in both times after some time she fell sick.

    After my first experience I wanted to recheck so I uploaded the pictures after some time and she fell sick again.

    ReplyDelete
    Replies
    1. babies, children do get sick. Thats normal. you can find 1000s of baseless associations if you are creative enough.

      Delete
    2. අප්පා. එහෙමද? මටත් එහෙම නොවුනානම් නෙමෙයි. ඒ දෙක වෙන වෙනම උනත් එකමටයි සිද්ද උනේ

      Delete
  10. ehema venne na , lamai kohomath leda venawa , pics dammath nathath masekata kipa sarayak leda venawa, fb ekai leda vena ekai compare karanan yana eka therumak nathi vadak :)

    ReplyDelete
  11. මොක උනත් ඕන එකයි එපා එකයි හැම එකම මූනු පොතට ඔබනවටනං මම කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒ මිනිස්සුන්ට පිස්සු බන්

      Delete
  12. පිංතුර දැම්ම නොදැම්ම කියල පොඩිඋන් ලෙඩ වෙන එකෙ වෙනසක් නැහැ, මොන පොඩි එකත් නිත‍රම වගේ ලෙඩවෙනව, මුහුණුපොතෙන් එන අදෘෂ්යමාන බලවේග වලට වඩා දේවල් පොඩි එකාගෙ වටේ තියෙනව ලෙඩ වෙන්නෙ, සමහ‍ර විට තමන්ගෙ අම්ම තාත්ත වෙන්නත් පුළුවන්. මම දැකල තියෙනව සමහ‍ර ඔෆිස් ගිහින් ආපු ගමන් මගදිම පොඩි එකා හුරුතල් ක‍රන්න ප‍ටන් ගන්නව, බස්වල ඇවිල්ල සල්ලි අතගාල විෂබීජ කෝටියයි පස්සෙ පිට මිනිසුන්ට බනිනව ඇස්වහ කටවහ කියල.
    මම තිතන්නෙ පොඩිකාලෙම ඔයවගේ පොඩි පොඩි ලෙඩ හැදෙන එක හොද දෙයක් නැත්නම් ලොකුවෙලා ඉගෙන ගන්න කාලෙ වැඩ ක‍රන කාලෙ වෙන කොට ඔය විෂබීජ වලට නිරාව‍රනය වෙනකොට ලෙඩ වෙන්න ගන්නව.
    මම දන්න එකෙක් ඉන්නව පොඩිකාලෙ ඉදන්ම අව්වට වැස්සට වැඩිය අහුවෙන්නෙ නැතුව හැදිච්ච එකෙක් ඌ OL ක‍රන කාලෙ වෙනකොට පොඩ්ඩ ඇත්නම් ලෙඩ, හදිසියකට බස් එකෙන් යන්න බැ වමනෙ දානව හිතාගන්න පුළුවන් නෙ පොඩි එකෙකුගෙයි මහ එකෙකුගෙයි බස්වල වමනෙ දාන කොට තියෙන වෙනස.

    ReplyDelete
    Replies
    1. මලියා. උඹ කියන එකත් හරි. අනිත් මිනිස්සුන්ට බනින්න කලියෙන් අපි අපිම හැදිලා හිටියානම් වැඩිය හොදයි.

      Delete
  13. මටත් ඕක හිතාගන්න බෑ. හැබැයි මාත් ඉස්සර ඇස්වහ කාන්දමක් ලු. තාත්තාත් වැඩිය ඕව හිතලා නෑ. හැබැයි එක පාරක් මගේ මුළු ඇඟේම බිබිළි දාලා වතුර වගේ ගලන්න ගත්තළු. දොස්තරලට හොඳ කරන්න බැරි තැන අන්තිමට ඇස්වහ මතුරපු ගමන් අර දුස්සාධ්‍ය වෙලා තිබිච්ච බිබිලි එක දවසින් එක මොහොතින් වේලිලා තිබුණළු. ඉතින් මම නම් ඕව නැතෙයි කියන්නේ නැත. ලොක්කට ත් එහෙම උනාද අයියෙ?

    ReplyDelete
    Replies
    1. සිරාවට. ඉතින් ඔහොම දෙයක් උනාම කොහොම්ද බන් මේවා බොරු කියන්නේ... අපේ ලොක්කටත් එහෙම නොවුනාම නෙමෙයි. ඒකයි මං පින්තූර දැමිල්ල පොඩ්ඩක් නතර කොලේ.

      Delete
  14. මූනු පොතට එකතු කර ගන්නේ හිතවතුන් නේද . .

    මූපොතට පින්තූර දාන්නේ හිතවතුන් එක්ක බෙදා හදා ගන්නනේ.

    ඒ අය ඉරිසියා කරයි කියලා හිතන්න පුලුවන්ද?

    හැඟීම් වල තරංග අනෙක් කෙනෙකුගේ ජීවිතට බලපාන්න ඉඩ තියෙනවා.

    ලෝ ඔෆ් ඇට්‍රෑක්ෂන් ගැන මම කිව්වේ . .

    ඒකට මූනු පොතට හිතවතුන් විතරක් එකතු කර ගත්තා නම් හරි යයි නේද .. .

    අනේ මන්දා මට හිතුනු දේ කිව්වේ . .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචෝ. මෙතැන මුකුත් නෑ කියන්නේ නෑ මම. බුදු දහමෙත් තරංග හා ශක්තිය ගැන ගොඩාක් කතනදර තියෙනවනේ. ඒක හින්දා බොරු කියලා හිතෙන්නේ නෑ

      Delete
  15. දැන් එතකොට තාත්ත වගේම කියුට් කියලා ඇන්ටිලා වටකොටගෙන බබාව ඉඹින කොට තාත්තාට ඇස්වහ, කටවහ වදින්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒක මතක් උනේ නෑනේ... ඒකත් වෙන්න පුලුවන් නේද? හැබැයි කතාවේ හැටියට පොඩි එවුන්ට විතරයි නේද ඇස්වහ වදින්නේ...

      Delete
    2. මට නම් පුතාව තාත්තා වගේ කිය කුයා හුරතල් කරපු ඇන්ටිලාගෙන් ඇස්වහ කටවහ වැදුනා.

      පසුව ඒ කතන්දරයට ලින්ක් එක දාන්නම්.

      නාථ දෙයියන්ට බාරයක් වෙලා තමයි ගොඩ ආවේ.

      පසුව දළුගම නාථ දේවාලයට ගොස් බාරය ඔප්පු කළා.

      මේ ගැන මා ලියූ research paper එක Journal of Supernatural Healing හි ලබන කලාපයේ පළවීමට නියමිතයි.


      Delete
    3. එල එල. එහෙනම් ඒකත් කියවලා බලමුකෝ

      Delete
  16. මුල්වරට කියවා ක්මෙන්ට් කරපු වෙලේ මං හිතුවේ මැවිසුරු නිශාන්ත මේක සරදමට ලියපු එකක් කියලයි.

    දැන් බලන කොට මේ ෆුල් සීරියස් කේස් එකක් නේ.

    දුකයි මහරජ...!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ ෆුල් සීරියස් කේස් එකක්...
      hiks

      Delete
  17. මෙහෙමයි
    මමත් බබාගෙ පින්තූර මූනු පොතේ දැම්ම. උපන් හැටියෙම
    යාලුවො කීපදෙනෙක් කියපු නිසාම මටත් හිතුන ඒව අයින් කලොත් හොදයි කියල
    මම ඇස්වහ කටවහ විස්වාස කරන්නෙ නැතුවම නෙමේ නිසා අයින් කලා

    ප.ලි.
    උඹේ බබාගෙ ඩිලිවරියට යන්න කලින් දාපු පින්තූරටික නං මට අද වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. එල එල... දැන් දාන්නේ නෑ මචන්

      Delete
  18. munu potha gana nam danne natha. eth aswaha katawaha gana nam aththak athi kiyala hithanawa.

    ReplyDelete
  19. nikan modayek wenna epaaa,,blog ekak liyanawanam nikam podi gansiyakata ahuwela arthal ekak ganna noliya 10 parak hithala deyak liyanna,,onema deyak liyana puluwan kama oyage ayithiya,,moda dewal walata banina eka mage aiythiya,,,as waha kiyana ewa thiyenne lankawei indiawei vitharai,,oya okkoma leda me ratawal dekei indiawa wate inna ratawal walai vitharai,,,podi lamai leda wena eka normal.leda unu dawasata photos dalath thibunama 'hithanawa aaa hethuwa meka thamai kiyala'...owa aluth kale sithuwili nemei ratama passata adina moda sithuwili...lankawe adupadu hugak pennala dunna 'sumanadasa samarasinghe' mahatthayage pothak kiyawanna,,obata blog ekak liyanna thina hakiyawa saha kapavimen wadak ganna,,,ratata wadak karanna..(banina ewath post karanawa kiyala dakka hindai comment eka danne..)

    ReplyDelete
    Replies
    1. ඈ බං ගොනෝ, අර ලෝකේ උලාකාලා වතුර බිව්ව සුමනදාස නරියගේ පොත් කියවලද උඹ මෙච්චර උගතෙක් උනේ. නොදන්න බයිලා නොගහා වැඩක් බලාගං. අපි කියන්නේ අපිට සිද්ධ වෙච්ච දේවල්. ඒවා ලියන්න උඹේ අවසර මොකටද? ගොං නාම්බා.

      ඔන්න මමත් මගේ බයින අයිතියෙන් වැඩ ගත්තා.

      Delete
  20. //obata blog ekak liyanna thina hakiyawa saha kapavimen wadak ganna,,,ratata wadak karanna..//
    ඇනෝ
    ඔයා බිඟූ කියන්නෙ කවුද කියල නොදැන කතා කරන්න එපා. ඔයා නොදන්නවට ඔයාල දැනටත් ප්‍රයෝජනේට ගන්නව බිඟූ කරපු සමාර දේවල්වල ප්‍රතිඵල.
    අනික 2007 ඉදල තාමත් සාර්තකව බ්ලොග් එකක් කරගෙන යනව කියන්නෙ ඔයාල වගේ අයට හීනෙකින්වත් හිතාගන්න බැරි වැඩක් . . . ඔයා කියන විදියට //blog ekak liyanawanam nikam podi gansiyakata ahuwela arthal ekak ganna noliya// ලිවුව නං ඔයාම පෙන්නල දෙන්න ඒ "පොඩි" ගැන්සිය මොකද්ද කියල

    ReplyDelete
    Replies
    1. එළ එළ ඕනයා, මේ පණ්ඩිතමානී ඇනෝ නොදන්න මගුලට ගිහින් වරිගේ නහ ගන්න හදන්නේ.

      Delete
  21. ubata sidda wechcha dewal liyanawanam onetharam liyapan,,,apen badawak naaa,,,eka ube kamaththaneaa,,,,2007 idan ubata sidda wechchadewal kiyawannath ona mantal kiyanawa wage loku senagakuth ubata innawanee,,uba ube arthal eka ganin,,,e unata molayak kiyala kaladak thiyana minissunta nam uba me subject eke liyala thiyana dewal 18 weni siyawase watti amma kenekge kathawak....

    sumanadasa mahaththage pudgalika jiwithe gananam man harima aduwen danne,,namuth ethumage poth kiyawala jiwithee loku wenasak karagena jiwithe sathuta kiyana de wadi pura welawak thiyagena inna kenek mama,,oba thuma karapu api proyojanayata ganna dewal monawada kiyalath danaganna kamathiy...

    0nayata---

    sarthakawa blog ekak karagena yanawa kiyanne thamnta wechcha dewal lunu miris dala liyana ekatda? 2007 idan me wenakotath liyanne as waha katawaha ganada????hina yanawa...

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      මම කිසිම තැනක කියල නෑ බිගුවට ලොකු සෙනගක් ඉන්නව කියල. ඒත් මම ඔයාගෙන් පැහැදිලි සිංහලෙන් ඇහුව කවුද ඔයා ඔය කියන "පොඩි" ගැන්සිය කියල :D මොකද මම හොදටම දන්න දෙයක් තමා බිඟූ කියන්නෙ කොහෙවත් ගැන්සි හදාගන්න ගිය පොරක් නෙමේ කියල.
      මෙහෙමයි මේ ලිපියෙ ලියල තියන දේවල් 18වෙනි සියවසේ වට්ටිඅම්ම කෙනෙක්ගෙ කතාවක් වෙන්නෙ ඔයා ඔය කියල තියනව වගේ සුමනෙගෙ පොත් කියවලා ඔල්මොරොන්දං වෙලා ඉන්න නිසා වෙන්න ඇති. ඒත් ඇත්තක් ඇතුව හෝ නැතුව තාමත් ඒ දේවල් විස්වාස කරන මිනිස්සු ඉන්නව.

      මම හිතන්නෙ තමන්ට වෙච්ච දේවල් වලින් හෝ බ්ලොග් එකක් ඇදගෙන යන්න හැකි නම් මෙච්චර කාලයකට ඒක සාර්තකත්වයක් තමා. ඔයා හිනාවෙන්න කමක් නෑ . . . හැබැයි හිනාවෙන්න ඊටත් වඩා ඔයාටම. මොකද දන්නවද බිගු මෙහෙම හරි බ්ලොග් එකක් ලියනව. ඔයාට අඩුම ගානෙ එහෙම ලියන්නවත් හැකියාවක් නැති එකට. (ඊටපස්සෙ සුමනදාස අමරසිංහ ලියපුවාගෙන් බැරිඋනොත් එයාගෙ දුවගෙන් අහගෙන හරි පොඩියට බ්ලොග් එකක් ලියන්න බලන්න සැගවී කීබෝඩ් කෙටිල්ලේ හාස්කම් වගේ එකක්)

      Delete
    2. එළ එළ ඕනයා. මැක්සා ටෝක් එක. මේ නිකන් පු- කපාගන්නේ නැතුව හිටපන් ඇනෝ. නිකන් ගින්පාට් නොදා

      Delete
    3. යකෝ මේ දවස්වල මෙතනද ආතල් දෙන්නේ.. :D

      මං මේ අහන්න යන්නේ අපේ හිතාදර ඇනෝගෙන් සූටි ප්‍රශ්නයක්...
      ඔය සුමනදාස මහතැන්ගේ පොත්වලින් කිව්වා නෙව ඇනෝතුමා සතුටින් ඉන්න කාලේ වැඩි කොරගන්න ඉගෙන ගත්තාය කිව්වේ... අනේ මංනං උපන් තේකට ඕවා කියවලා නැහැ.. එකම එක වංගියක් අර මනස කියන සගරාවේ ගිය කෑලි වගයක් දැකලා මට ජීවිතෙත් එපා උනා.. ඒ හින්දා මං මේ අහන්නේ ඇත්තටම දැන ගන්න හොදේ...

      ඔය කියන විදියට සුමනදාස මහතැන්ගේ පොත්වලමද තිබුනේ අනුන්ගේ නිදහසට බාධා කරලා ඒ මැද්දට පැනලා නැති හිතේ අමාරු හදාගන්න කියලත්.. ? :D

      අපොයි එහෙමනං ඒවා සෝක් පොත්.. ඇනෝ සෑහෙන්න ජිවිතේ හදාගෙන වගේ කියලා පේනවා.. සංතෝෂයි ඈ.. :D

      Delete
    4. //ඇනෝ සෑහෙන්න ජිවිතේ හදාගෙන වගේ කියලා පේනවා.. සංතෝෂයි ඈ.. :D//

      ඇනෝ ජීවිතේ හදාගෙන විතරක් නෙමේ ඒව කියවල . . . අනුන්ගෙ ජීවිත හදන්නත් ඉගෙනගෙන. සතුටුයි නේද ??? (මේ බලපං මාරෙ සතුටු කදුලු)

      Delete
    5. ඇඩෙනවා බං... :D
      (සතුටට..සතුටට... )

      Delete
  22. maraya--rate loke thiyana gon arathal dawasema kiyawana eke, pata kannadiyak daganne nathuwa eka pothak wath kiyawala-(sagarawala kali kiyawanne nathuwa) comment ekak danna,,oba thuma''sumana gomas gana liya thibuna eka kiyawanna labuna..hithuna monawahari deyak kiyanne hodata hoyala balala kiyala eth methanadi dana comment anuwa nam e sithuvilla wenas karanawa....//අනුන්ගේ නිදහසට බාධා කරලා ඒ මැද්දට පැනලා නැති හිතේ අමාරු හදාගන්න කියලත්.. ?//ekane man kiwwe gansiyak hadagena arthal ganna epa kiyala...minissu banina eka ahanna bari nam methana comment danna enne nanee.....


    onaya--mata blog ekak liyanna hakiyawak nathi nisane udinma kiwwe hakiyawa thiyana aya watti amma katha noliya wadagath deyak liyanna kiyala.....sAgavi kotanneth mata blog profile ekak nathi nisath,,methana ehema kotanna pahasukama di thibena nisath pamanai



    onaya---anunge jiwitha hadana eke sathuta gana danneekek hari wenas wela eka dakala sathutu wenna puluwan minihek witharai..ewa oppu karanna ba,vidinna vitharak puluwan dewal...


    gansiyata----ubalage arthal eka ganin---ayyo welawa kiyala thamai kiyanna wenne

    ReplyDelete
    Replies
    1. ඇනෝ
      ඔයාට අයියෝ වෙලාව විතරයි

      මට
      අයියෝ වෙලාව සහ අයියෝ යුනිකෝඩ්

      Delete
  23. මා නිවසේ නැති අතරේ
    වලියක් නම් ගිහින් තියේ
    කවුරු උනත් අප අතරේ
    තරහ මරහ නෑ මිතුරේ

    ReplyDelete
    Replies
    1. Good conclusion Bingu.. Hina yanawa ara Mr. Anonymous liyala thiyena ewata. I don't think ur article is a moda athal one. It's some thing that u felt and lot of others shared the same. It's not a 18th century one. And if he's telling that it's common in sri lanka n india only then he's wrong. I'm not quite sure about other countries but in Oz, lot of ppl say "Touch wood" or "Touch gold" when some one tells good about a child. I'm quite surprised y this mr anon got so carried away by this article but he's a guy who cannot respect other's view point. Ane aththamai lankawe hitiya nang oyath ekka mey gena hondata kiyawanna thibba ne :D

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!