ලංකාවේ මේ දවස්වල නැගලම/බැහැලම යන සින්දුව මේක වෙන්න ඕනෑ. සමහරු යූ නලේට රිංගන්නේ සිංදුව අහන්න නම් නෙමෙයි. ඒකේ තියෙන කොමෙන්ටු ටික කියවන්න. ඒ අස්සේ සමහරු පොඩි බිස්නස් වැඩත් කර ගන්නවා. මම කිව්වේ මේ පොඩි ෆෝන් එකක්, කැමරාවක්, වාහනයක් වගේ විකුණ ගන්න වැඩ. හිනා යන වැඩේ කියන්නේ වඩේත් විකුණනවා... හික්ස්...
සිංදුව නම් මට තේරුනේ නෑ. සමහරවිට ඒක තේරෙන්න වෙනමම මානයක් ඕනෑද දන්නෙත් නෑ. ඒක මොක උනත් ටිකක් මහන්සි වෙලා තියෙන පාටයි. තනියම ඔය වගේ වැඩක් කරන්න ලේසි නෑ. කස්ටිය කොහොම මොනවා කිව්වත් නම් ඒක අගය කරනවා. වැඩේ සාර්ථකද නැද්ද කියන එක වෙනම කතාවක්. සමහර තැන්වලදී කැමරාව එල්ලලා පද්දවලා වගේ විඩීයෝ එක කරලා තියෙන්නේ. පොඩි පොඩි ජිමික්ස් වැඩ ටිකකුත් කරලා තියෙන පාටයි.
හැබැයි කස්ටිය නම් කුඩු වෙන්නම ගහන පාටයි. මේ දැන් වෙනකොටත් "අකැමති" එව්වා 2000+ වෙලා. කොමෙන්ටු 3400+ වෙලා. මාර හිට් වීමක් වෙලා තියෙන්නේ. ඒක හින්දමද කොහෙද සිංදුවත් අයින් කරගන්න පාටකුත් නෑ. මමත් සෑහෙන්න කොමෙන්ටු ටිකක් කියැව්වා. සිනා කාල මැරෙන තරම් එව්වා තියෙනවා. පට්ට පට පට කිව්වලු..
අනේ කාලේ වනේ වාසේ කියලා කතාවක් තියෙනවනේ. ඒක හින්දා ඒ ගැනත් පොඩ්ඩක් හිතුවොත් තමා හොද..
Ex- Alien Lyrics
(Uttering words)- “now am gonna s*x it up guyz-kick otta my-BMW
Werewolf-de EX-yeah”
How I wonder when I see your face with blue eyes they're shimmering-wow
And I want to be with you my baby you know what am saying –wow
When I want you.. I'll give hints by ma eyes
And then I'll wait for u…come with zephyr with no shy
(above part is repeated)
All I want is you-never turn back-what am I to do-am going to die now oh//
Gonna die now oh//
Go-go-gonna d-d-die now wo-o-o
Wo-o-o///
Hey-Ex-alien, where iz ma exaltation
Why you make me exasperated
And know you are exceptional
Oh no no no no no
Ex-alien , your lips are shiny crimson
Superstitious heart throb oh ready 4 heart breaking
Ha-heart breaking///
(Below is the rap)
I know Haute cuisine baby
Libidinous smile is amazing
Shiny hair fluttering it’s crazy
Alien don't you wanna kiss me?
You are like a prince from France
Take me to boutique with your super glance
The Reason I talked about the cooking in the France
Is thinking you'd like it giving me a chance
Transcendental lad from Mars or from where
How I tried to catch the zenith getting you yeah
No matter you can dress me anywhere
Love's trapped in my heart how can I share?
A Hypersonic creature like you
Knows more about human love it ooh
You are super sonic super technologically used
To your world our world really will loose
(Spanish part) - Te queiro
Ahora
Te amo
Elamor-elamor-elamor
Wear your heart on your sleeve
Then tell me what your point of view
You are notta be a guillotine even in few
C'mon yeah –huw EX-Alien, Alien…AHA!
උගුරෙ අමාරුවක් හැදිලා ආත බූත වෙලා හිටියෙ. මේක දැක්ක ගමන් හිනාව නවත්තගන්න බැරිවුණා. සිංදුවට නම් හිනාවෙනවද අඬනවද හිතාගන්න බැරිවුණා. කමෙන්ට් ටික කියවන් යද්දි නම් හිනා වෙලා පණ ගියා.
ReplyDeleteහැබැයි තව දෙයක් කියන්න ඕනෙ. මේ පොඩි කෙල්ලට කැත කතා කියන එකනම් අනුමත කරන්න බෑ. මීට වඩා පජාත විකාර තියෙන්නෙ සිංදු කියලා. සමහර කමෙන්ට් දැක්කම මුන් මොකාට ජාතක වෙලාද කියලා හිතුණා.
සිරාවට
Deleteමේ කමෙන්ට් එක දැක්කට පස්සෙ මතක් වුණේ. අළුත් කොළු පැටියගෙ පින්තූරු කෝ. පළවෙනියා විශේෂයි තමයි. හැබැයි ඉතින් දෙවෙනියටත් ඒ වගේ තැනක් දුන්නැත්තං පස්සෙන් පහු නෝක්කාඩු තමයි. ඔයා මේ බ්ලොග් එක පොඩ්ඩට නොපෙන්නුවත් මං ගෙදරටම ඇවිත් පොඩ්ඩට කියනවා "ඔන්න පුතේ තාත්තා අයියා හම්බුවෙන වෙලාවෙ මෙහෙමයි. ඔයා හම්බුනාම මෙහෙමයි" කියලා. අඩුම ගානෙ කෝ අපිට කිව්වද පොඩ්ඩගෙ නම වත් ඈ? :P
ReplyDeleteඅනේ එපා එහෙම කියන්න. පොඩ්ඩා තරහ වෙයි. අද හෙටම එකක් ලියන්නම්...
Deleteඅඩේ ඒ කෙල්ල කතා කියන්න තරම් හැදිලා නැහැ තමයි..තව ටිකක් මස් දාල පබාල අනර්ලා සයිස් එකට ආවම කියන්න කැත කතාටික ඉතිරි කරගන්නවා නම් හොදයි කියලා මටත් හිතුනා..
ReplyDeleteඒක නම් ඇත්ත තමා
Deleteහතර හිනා!
ReplyDeleteකරවල වල තියෙන කුණු රසයත් රසයක්නේ.....:))
ReplyDeleteහික්ස්
Deleteමං මේ හොය හොය හිටියේ එළාම් එකට දාන්න සිංදුවක්..එම්පී3 නැද්ද?
ReplyDeleteහා හා... බලාගෙන ඔයා බය වෙලා ඇහැරෙයි
Deletepoor kid. ei deiyane meka upload karanna kalin katawathma pennala nedda. adu gane ammala wath balala nedda danne ne. Mata eke wachanayak wath hariyata therune nane. bada danawo wage kellak nang ahuna. Younger generation pissuwak meka nang. Paw kiyala thama kiyanna thiyenne
ReplyDeleteඇත්තටම එහෙම කරන්න තිබ්බා. කලින් කාගෙන් හරි ඇහුවා නම් ඔච්චර ප්‍රශ්න වෙන්නේ නැ
Deleteහොඳ සිංදු කියල හිට් ගන්න බැරි එකේ ඔහොම හරි හිට් ගන්න එපැයි. :D
ReplyDeleteඋඹ තමයි හරිම කොමෙන්ට් එක දැම්මේ.මේකත් එක්තරා මාකටින් වර්ගයක් තමයි.
Deleteහා හා... ඒකත් ඇත්ත තමා
Deleteමට හිතෙන්නෙ හුගක් උන් බනින්නෙ අනිතුන් බනිනව දැකල හික්ස්
ReplyDeleteනැත්නම් ඔයිට වඩා පජාත වෙච්ච විඩියෝ ඔනෙත‍්රම් තියෙන්නෙ
කෙල්ලට විහිලුවට මොනවහරි කිව්වටනම් කමක් නැහැ හැබැයි එක එකාගෙ අසහන කමෙන්ට් විදියට එන එකනම් අනුමත කරන්න බැහැ
සිරාවට
Deleteබුකියේත් මේ ගැන ලියවෙන ස්ටේටස් අප්‍රමානයි.. මම නම් මේකේ වැරද්දක් කියන්නේ නැ... මොකද මේක ඒ කෙල්ලගේ කැමැත්ත... ඒ කෙල්ල ඕන විදිහාට කීවහම අපිට මොකද මොකද බලෙන් ඕක අහන්න කියලා අපිට කියලා නැනේ අකමැතිනම් අහන්නේ නැතුව ඉන්න ඕනනේ...
ReplyDeleteඅනිවා.. මටත් ලොකු අවුලක් නැ.
Deleteඅනේ මන්දා මෙවුවට මොනා කියන්ද කියලා.
ReplyDeleteමට "බල්ලොත් එක්ක බෑ" එකෙ ගිහාන්ගෙ කොමඩියක් මතක්වුණා.
ටොකො ටොකෝ...
හා හා
Deleteවිභාග වැඩ කටයුතු තිබුණු නිසා මේ සිංදුව ගැන දැනගත්තෙත් ඕන් අද මේ බ්ලොග් සටහනෙන්. අයියාට වගේම තමා මටත් මෙලෝ දෙයක් තේරුණේ නැහැ වගේම මේ සිංදුවේ මෙලෝ රහක් නැහැ.
ReplyDeleteඒත් ඉතින් මේ විදිහේ හරි වැඩක් කරන්න ඒ කෙල්ලට තිබුණු ආත්ම ශක්තිය අගය කරනවා. ඉස්සරහට හරි මේ කෙල්ල අපි හොඳයි කියලා හිතන සිංදුවක් කරයි කියලා හිතමුකෝ :D
අනිවා... අපි බලමුකෝ මොකද කරන්නේ කියලා
Deleteසිංදු කියන්න උත්සාහ කරන කෙනෙක් හැටියට මට හිතා ගන්න බැරි එකම දේ මෙච්චර `unlike `ගොඩාක් ලැබුණම ගායිකාවට කොහොම දැනෙනවා ඇද්ද කියන එක..
ReplyDeleteකොහොම වුණත් කවුරුත් පිළිගන්න කැමති නෑ තමන්ට පුළුවන් හෝ බැරි කම.කෙනෙක්ට අදක්ෂයෙක් වගේ පෙනෙන කෙනෙක් තවෙකෙකුට දක්ෂයෙක් වගේ පෙනෙන්න පුලූවන්..
මම මේ කෙනා ගැන ඇත්තටම දුකයි...
අයියෝ එහෙම හිතන්න එපා. එයාගේ හැකියාවනේ
Deleteපට්ට කතාව.
ReplyDeleteහික්ස්
Deleteමේ සින්දුවට මම දැක්ක මෝස්ට් ක්‍රියේටිව් කමෙන්ට් එක
ReplyDeletehttp://www.youtube.com/watch?v=g0uQgV35XmY
උඹටත් බඩුවක් කිව්වොත් ඕන එකක් පට්ට... කොල්ලෙක් කිව්වනන් උඹ ඕක අගේ කොරයිද.. ඇඹලයා
ReplyDelete