July 24, 2013

ඇයි බං මේ


ලංකාවේ මේ දවස්වල නැගලම/බැහැලම යන සින්දුව මේක වෙන්න ඕනෑ. සමහරු යූ නලේට රිංගන්නේ සිංදුව අහන්න නම් නෙමෙයි. ඒකේ තියෙන කොමෙන්ටු ටික කියවන්න. ඒ අස්සේ සමහරු පොඩි බිස්නස් වැඩත් කර ගන්නවා. මම කිව්වේ මේ පොඩි ෆෝන් එකක්, කැමරාවක්, වාහනයක් වගේ විකුණ ගන්න වැඩ. හිනා යන වැඩේ කියන්නේ වඩේත් විකුණනවා... හික්ස්...

සිංදුව නම් මට තේරුනේ නෑ. සමහරවිට ඒක තේරෙන්න වෙනමම මානයක් ඕනෑද දන්නෙත් නෑ. ඒක මොක උනත් ටිකක් මහන්සි වෙලා තියෙන පාටයි. තනියම ඔය වගේ වැඩක් කරන්න ලේසි නෑ. කස්ටිය කොහොම මොනවා කිව්වත් නම් ඒක අගය කරනවා. වැඩේ සාර්ථකද නැද්ද කියන එක වෙනම කතාවක්. සමහර තැන්වලදී කැමරාව එල්ලලා පද්දවලා වගේ විඩීයෝ එක කරලා තියෙන්නේ. පොඩි පොඩි ජිමික්ස් වැඩ ටිකකුත් කරලා තියෙන පාටයි. 

හැබැයි කස්ටිය නම් කුඩු වෙන්නම ගහන පාටයි. මේ දැන් වෙනකොටත් "අකැමති" එව්වා 2000+ වෙලා. කොමෙන්ටු 3400+ වෙලා. මාර හිට් වීමක් වෙලා තියෙන්නේ. ඒක හින්දමද කොහෙද සිංදුවත් අයින් කරගන්න පාටකුත් නෑ. මමත් සෑහෙන්න කොමෙන්ටු ටිකක් කියැව්වා. සිනා කාල මැරෙන තරම් එව්වා තියෙනවා. පට්ට පට පට කිව්වලු..

අනේ කාලේ වනේ වාසේ කියලා කතාවක් තියෙනවනේ. ඒක හින්දා ඒ ගැනත් පොඩ්ඩක් හිතුවොත් තමා හොද..

Ex- Alien Lyrics 
(Uttering words)- “now am gonna s*x it up guyz-kick otta my-BMW 
                                Werewolf-de EX-yeah” 
 
 
How I wonder when I see your face with blue eyes they're shimmering-wow 
And I want to be with you my baby you know what am saying –wow 
When I want you.. I'll give hints by ma eyes 
And then I'll wait for u…come with zephyr with no shy 
(above part is repeated) 
 
All I want is you-never turn back-what am I to do-am going to die now oh// 
Gonna die now oh// 
Go-go-gonna d-d-die now wo-o-o 
Wo-o-o/// 
 
Hey-Ex-alien, where iz ma exaltation 
Why you make me exasperated 
And know you are exceptional 
 
Oh no no no no no 
 
Ex-alien , your lips are shiny crimson 
Superstitious heart throb oh ready 4 heart breaking 
Ha-heart breaking/// 
(Below is the rap) 
I know Haute cuisine baby 
Libidinous smile is amazing 
Shiny hair fluttering it’s crazy 
Alien don't you wanna kiss me? 
 
You are like a prince from France 
Take me to boutique with your super glance 
The Reason I talked about the cooking in the France
Is thinking you'd like it giving me a chance 
 
Transcendental lad from Mars  or from where 
How I tried to catch the zenith getting you yeah 
No matter you can dress me anywhere 
Love's trapped in my heart how can I share? 
 
A Hypersonic creature like you 
Knows more about human love it ooh 
You are super sonic super technologically used 
To your world our world really will loose 
 
(Spanish part) - Te queiro 
                           Ahora 
                         Te amo 
                         Elamor-elamor-elamor 
 
Wear your heart on your sleeve 
Then tell me what your point of view 
You are notta be a guillotine even in few 
C'mon yeah –huw EX-Alien, Alien…AHA!

30 comments:

  1. උගුරෙ අමාරුවක් හැදිලා ආත බූත වෙලා හිටියෙ. මේක දැක්ක ගමන් හිනාව නවත්තගන්න බැරිවුණා. සිංදුවට නම් හිනාවෙනවද අඬනවද හිතාගන්න බැරිවුණා. කමෙන්ට් ටික කියවන් යද්දි නම් හිනා වෙලා පණ ගියා.
    හැබැයි තව දෙයක් කියන්න ඕනෙ. මේ පොඩි කෙල්ලට කැත කතා කියන එකනම් අනුමත කරන්න බෑ. මීට වඩා පජාත විකාර තියෙන්නෙ සිංදු කියලා. සමහර කමෙන්ට් දැක්කම මුන් මොකාට ජාතක වෙලාද කියලා හිතුණා.

    ReplyDelete
  2. මේ කමෙන්ට් එක දැක්කට පස්සෙ මතක් වුණේ. අළුත් කොළු පැටියගෙ පින්තූරු කෝ. පළවෙනියා විශේෂයි තමයි. හැබැයි ඉතින් දෙවෙනියටත් ඒ වගේ තැනක් දුන්නැත්තං පස්සෙන් පහු නෝක්කාඩු තමයි. ඔයා මේ බ්ලොග් එක පොඩ්ඩට නොපෙන්නුවත් මං ගෙදරටම ඇවිත් පොඩ්ඩට කියනවා "ඔන්න පුතේ තාත්තා අයියා හම්බුවෙන වෙලාවෙ මෙහෙමයි. ඔයා හම්බුනාම මෙහෙමයි" කියලා. අඩුම ගානෙ කෝ අපිට කිව්වද පොඩ්ඩගෙ නම වත් ඈ? :P

    ReplyDelete
    Replies
    1. අනේ එපා එහෙම කියන්න. පොඩ්ඩා තරහ වෙයි. අද හෙටම එකක් ලියන්නම්...

      Delete
  3. අඩේ ඒ කෙල්ල කතා කියන්න තරම් හැදිලා නැහැ තමයි..තව ටිකක් මස් දාල පබාල අනර්ලා සයිස් එකට ආවම කියන්න කැත කතාටික ඉතිරි කරගන්නවා නම් හොදයි කියලා මටත් හිතුනා..

    ReplyDelete
  4. හතර හිනා!

    ReplyDelete
  5. කරවල වල තියෙන කුණු රසයත් රසයක්නේ.....:))

    ReplyDelete
  6. මං මේ හොය හොය හිටියේ එළාම් එකට දාන්න සිංදුවක්..එම්පී3 නැද්ද?

    ReplyDelete
    Replies
    1. හා හා... බලාගෙන ඔයා බය වෙලා ඇහැරෙයි

      Delete
  7. poor kid. ei deiyane meka upload karanna kalin katawathma pennala nedda. adu gane ammala wath balala nedda danne ne. Mata eke wachanayak wath hariyata therune nane. bada danawo wage kellak nang ahuna. Younger generation pissuwak meka nang. Paw kiyala thama kiyanna thiyenne

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කරන්න තිබ්බා. කලින් කාගෙන් හරි ඇහුවා නම් ඔච්චර ප්‍රශ්න වෙන්නේ නැ

      Delete
  8. හොඳ සිංදු කියල හිට් ගන්න බැරි එකේ ඔහොම හරි හිට් ගන්න එපැයි. :D

    ReplyDelete
    Replies
    1. උඹ තමයි හරිම කොමෙන්ට් එක දැම්මේ.මේකත් එක්තරා මාකටින් වර්ගයක් තමයි.

      Delete
    2. හා හා... ඒකත් ඇත්ත තමා

      Delete
  9. මට හිතෙන්නෙ හුගක් උන් බනින්නෙ අනිතුන් බනිනව දැකල හික්ස්
    නැත්නම් ඔයිට වඩා පජාත වෙච්ච විඩියෝ ඔනෙත‍්රම් තියෙන්නෙ
    කෙල්ලට විහිලුවට මොනවහ‍රි කිව්වටනම් කමක් නැහැ හැබැයි එක එකාගෙ අසහන කමෙන්ට් විදියට එන එකනම් අනුමත ක‍රන්න බැහැ

    ReplyDelete
  10. බුකියේත් මේ ගැන ලියවෙන ස්ටේටස් අප්‍රමානයි.. මම නම් මේකේ වැරද්දක් කියන්නේ නැ... මොකද මේක ඒ කෙල්ලගේ කැමැත්ත... ඒ කෙල්ල ඕන විදිහාට කීවහම අපිට මොකද මොකද බලෙන් ඕක අහන්න කියලා අපිට කියලා නැනේ අකමැතිනම් අහන්නේ නැතුව ඉන්න ඕනනේ...

    ReplyDelete
    Replies
    1. අනිවා.. මටත් ලොකු අවුලක් නැ.

      Delete
  11. අනේ මන්දා මෙවුවට මොනා කියන්ද කියලා.
    මට "බල්ලොත් එක්ක බෑ" එකෙ ගිහාන්ගෙ කොමඩියක් මතක්වුණා.
    ටොකො ටොකෝ...

    ReplyDelete
  12. විභාග වැඩ කටයුතු තිබුණු නිසා මේ සිංදුව ගැන දැනගත්තෙත් ඕන් අද මේ බ්ලොග් සටහනෙන්. අයියාට වගේම තමා මටත් මෙලෝ දෙයක් තේරුණේ නැහැ වගේම මේ සිංදුවේ මෙලෝ රහක් නැහැ.

    ඒත් ඉතින් මේ විදිහේ හරි වැඩක් කරන්න ඒ කෙල්ලට තිබුණු ආත්ම ශක්තිය අගය කරනවා. ඉස්සරහට හරි මේ කෙල්ල අපි හොඳයි කියලා හිතන සිංදුවක් කරයි කියලා හිතමුකෝ :D

    ReplyDelete
    Replies
    1. අනිවා... අපි බලමුකෝ මොකද කරන්නේ කියලා

      Delete
  13. සිංදු කියන්න උත්සාහ කරන කෙනෙක් හැටියට මට හිතා ගන්න බැරි එකම දේ මෙච්චර `unlike `ගොඩාක් ලැබුණම ගායිකාවට කොහොම දැනෙනවා ඇද්ද කියන එක..
    කොහොම වුණත් කවුරුත් පිළිගන්න කැමති නෑ තමන්ට පුළුවන් හෝ බැරි කම.කෙනෙක්ට අදක්ෂයෙක් වගේ පෙනෙන කෙනෙක් තවෙකෙකුට දක්ෂයෙක් වගේ පෙනෙන්න පුලූවන්..
    මම මේ කෙනා ගැන ඇත්තටම දුකයි...

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම හිතන්න එපා. එයාගේ හැකියාවනේ

      Delete
  14. මේ සින්දුවට මම දැක්ක මෝස්ට් ක්‍රියේටිව් කමෙන්ට් එක
    http://www.youtube.com/watch?v=g0uQgV35XmY

    ReplyDelete
  15. උඹටත් බඩුවක් කිව්වොත් ඕන එකක් පට්ට... කොල්ලෙක් කිව්වනන් උඹ ඕක අගේ කොරයිද.. ඇඹලයා

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!