July 16, 2013

"මහා කෙලි" ජාතකය

යටගිය දවස බරණැස්නුවර නොව කොළොම්තොට අපේ ඔෆීසියේ ගැන්සිය සැනෙකෙලි කෙලින්න්ට දිනයක් යොදා ගත්හ. මහා බෝසතාණෝ සිතන්නේ යමක් වීද, එය ඒ ආකාරයෙන්ම ඉටුවන්නාක් මෙන් වෙල්පෙයාර් එකේ බුවාලා යමක් සිතීද එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන්නට වූහ.

මෙදා පොටේ මහා පිටිය සරසන්නට කෙල මහා කෝටියක් පිරිස එතැයි අපද ඔද වැඩී ගිය මෙත්තාවෙන් කුකුලාද රැගෙනම පිටයට බටහ. අපගේ මහා පුණ්‍යකර්මයක් හේතුකොටගෙන උදෑසනම කිසිදු බුවෙක් පිටිය සැකසීමට උත්සුක නොවූ සෙයක් වන්නට වූහ. පෙරදා කල සැකසුම් ඒ පරිද්දෙන්ම ඉටුවන්නේද කෙසේද'යත් කියතොත්, පෙරදා බෙදූ මහා තෛලයේ බිංදුවකද අගයක් නොවන්නට මෙන් එකිනෙකා එතැන මෙතැන කුඩා ගම්සබා තනමින් කාලය බුදිමින් වන්නට වූහ. කාලය සුළුවූයෙන් හනි හනිකට එක් කරගත් පිරිසෙන් අඩක් රැගෙන වහ වහා නිවාස අලංකරනයේ යෙදෙන්නට වූයෙන් අලස බව අපෙන් මිදෙන්නට වූහ.

මහා පිටිය අලංකරණයට ඔෆීසියේ ගැන්සිය සිව් අයුරෙන් යුත් කල්ලි ගතවූහ. එක් එක් කල්ලිය වෙත එකිනෙකට වෙනස් වූ ප්‍රකෘත්තියන් නොහොත් තේමාවන් වන්නට වූහ.

මහා වෘත්තාන්තය එක්තරා ලෝහමය ද්‍රව්‍යයයකින් සැදුනු මනඃකල්පිත යකඩ පුටුවක පරම අයිතිය උදෙසා කෙරන්නාවූ මහා ලේ වැගිරීම්, වංචා කිරීම්, රැවටීම් අලලා ලියැවුණු මනඃකල්පිතයක් විය. ග්‍රන්ථයන් සතකින් යුතුවූ මේ මහා කතාවේ තවමත් අවසන් වී ඇත්තේ ග්‍රන්ථ පහක් පමණක් බවත් එයිනිදු තුනක් දැනටමත් චිත්‍රපටියට නැගී අවසන් බවත් තතු දන්නා "සීනා" වැනි පණ්ඩිතයෝ පවසත්. මේ අතරැම ගත්කතුද තවමත් හරිහැටි නොදන්නා කතාවේ අවසානය මෙසේ වන්නේයැයි පූර්ව නිගමනවලට බට පිරිසකුත් අප අතරම ගැවස ගත්හ. ඒ කෙසේ වූවද අපේ කෙලියට එයින් අපගමනයක් නොවන්නා මෙන් මහා උත්සවයට පිරිස මහා උනන්දුවෙන් කටයුතු සැලසුම් වන්නේය.

එකෙක් පරයා තවැකෙක් පුටුව සොරා ගනිතැයි මහා බියෙන් වෙව්ලා ලහි ලහීයේ තම තම හැකි පමණින් වෙර යොදා යුධ කටයුතුවල නිරතුරු වූහ. සරඹ කණ්ඩායමක් සැදීම එක්තරා අංගයක් වූයෙන් තම පිරිසේ අභිලාසය ඇත්තෝ සොයමින් එතැන මෙතැන කරගැසූ මූලිකයන් මහාමාරුවෙන් පිරිස සොයා කුඩා ව්‍යායාම පද්දතියක් සකසා ගත්හ. සැමදා ඉර මුදුන් යාමයේ මෙකී පිරිස ලාහට ගෙම්බන් එක් රැස් කරන්නාක් මෙන් එක් කොට හැකි පමණින් පුරුදු පුහුණු කරන්නට වූහ. ඇතමෙක් ඇඟ සැරසිලි ගැන වෙහෙසුනාහ. තවෙකෙක් ආවුද ආම්පන්න ගැන වෙහෙසුනාහ. බොහෝමයක් මුන්ට මොන්ගල්යැයි කියමින් එතැන මෙතැන කාලය කමින් ජීවත්වූහ.

සිතේ දහිරිය නිසාවෙන්ම අවසන් දින කෙසේ හෝ අටවා ගත් දර කැබලි සමගින් යුධ පිටියට බට සොල්දාදුවෝ කිසි බියෙකින් තොරව සටනට වන්නේ පිටිය පිරාවට තිබූ හිස් බව නිසාවෙන්යැයි තවෙකෙක් සිතන්නටවුහ. සැමදා මෙන්ම මෙදාට පුරුදු සුපුරුදු මූණු එකිනෙකා පසසමින් සමගියෙන් යුතුව මදු පානය කරමින් තම යුධ කටයුතුවල නිරතවන්නට වූහ. සමහරෙක් සිරස්වසද, සමහරෙක් තිරස්වද තවත් සමහරෙක් අඩ සිහියෙන් යුතුව කෙලෙමින් කාලය විකන්නට වූහ. අවසානයේ සියල්ලෝම සතුටින් නිවෙස්බලා ඇදෙන්නට වූයෙන් "මහා කෙලි" ජාතකය මෙසේ අවසන් වන්නට විය.

28 comments:

  1. ලඟදී ඉඳන් මාසෙට එක ගානෙවත් පොස්ට් වැ‍ටුන් නැති හින්දා ලියන එක අතහැරලා කියලා හිතුවෙ...
    කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. වෙලාව තමා නැත්තේ. දැන් දෙන්නයිනේ

      Delete
  2. ලස්සනට ලියලා තියෙනවා....

    ReplyDelete
  3. ඇඩෝ මරු බන් මෙලෝ දෙයක් තෙරුන් නෑ

    ReplyDelete
  4. ඈ තේරුනේ නෑ නොවැ

    ReplyDelete
  5. මේකනම් එල කිරි කතාව..අවසන මධුපානය විතරයි සාමාන්‍යෙයන් ඉතිරි වන්නේ..

    ReplyDelete
    Replies
    1. අනිවා!!! එව්වා නැතුව අපි කොහොමද නිවන් දකින්නේ.........

      Delete
  6. අපිනං ඉතිං මහ කෙලිය කියන්නේ ඕකට නෙවී... :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් කියමුකෝ බලන්න ඒ ජාතකෙත්...

      Delete
  7. ජාතකේ මොකක් වුනත් මේ කතාව ඇතුලේ භාෂා රටා ගණනාවක් හඳුනගන්නට පුළුවන් , වෙනස් නිර්මාණයක් .
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. එල එල. ස්තුතියි කිව්වා ඔන්න

      Delete
  8. ලස්සනට ලියල තියනව....නියමයි

    ReplyDelete
  9. //සමහරෙක් සිරස්වසද, සමහරෙක් තිරස්වද තවත් සමහරෙක් අඩ සිහියෙන් යුතුව කෙලෙමින් කාලය විකන්නට වූහ.//
    මේ කෑල්ලට නම් පට්ට ලයික්යැ..!!

    ReplyDelete
  10. අයියෝ සල්ලි...වැඩේ කෙසේ වෙතත් ලියවිල්ල නම් මාරම එන්ටර්ටේනින්ග්.... හික්ස්...

    ReplyDelete
    Replies
    1. හා හා.. වැඩේ කෙසේ වුනේ නැ. එලටම ගියා

      Delete
  11. ko liyala nane 'Mage kandayama dawasa awasanaye putuwa jayagaththeya' kiyala :D

    ReplyDelete
    Replies
    1. එක එච්චර වැදගත් නැ අනේ

      Delete
  12. මුඋනු පොතේ පින්තුර ටිඅකකුත් ෂෙයාර් කරා නම් තමයි හොඳ.. මේ පාර කවුරුවත් පින්තුර දාල නැහැ. ඒකටත් එක්ක ගිය පාර.. පින්තුර විමානයයි..

    ReplyDelete
    Replies
    1. සිරාවට.... දාමු එහෙනම් ටිකක්

      Delete
  13. //....නඃකල්පිත යකඩ පුටුවක පරම අයිතිය උදෙසා කෙරන්නාවූ මහා ලේ වැගිරීම්, වංචා කිරීම්, රැවටීම් අලලා ලියැවුණු මනඃකල්පිතයක් විය. ග්‍රන්ථයන් සතකින් යුතුවූ මේ මහා කතාවේ...//

    මොකක්ද මේ කතාව අයියා ? පොඩ්ඩක් කියවලා බලන්න හිතුණා :)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!