March 28, 2013

සීයාගේ ස්වයංක්‍රීය පිළිතුරුදීමේ යන්ත්‍රය



හලෝ ආයුබෝවන්. සමාවන්න. මේ මොහොතේ අප නිවසේ නොසිටී. කරුණාකර ඔබේ පණිවුඩය බීප් නාදයට පසුව සඳහන් කරන්න.

බීප්.. ප්....ප්....

ඔබ අපේ දරුවෙක්නම් අංක එක(1) ඔබන්න. දැන් ඔබ පවුලේ කීවෙනියාද යන්න දැක්වීම සඳහා එකේ සිට පහ දක්වා ඇති අංකවලින් ඔබේ අංකය ඔබන්න. මීළඟට මතු දැක්වෙන මනාපයන් තෝරා ගන්න.

අප ඔබේ දරුවන් සමග සිටීමට අවැසි නම් අංක 2 ඔබන්න.
ගමනක් යාමට අපගේ මෝටර් රථය අවැසි නම් අංක 3 ඔබන්න.
ඔබේ රෙදි සෝදා වේලා ගැනීමට අවැසි නම් අංක 4 ඔබන්න.
ඔබේ දරුවන් අපේ ගෙදර අද රාත්‍රිය නැවැත්වීමට අවැසි නම් අංක 5 ඔබන්න.
අප ඔබේ දරුවන් පාසැලින් ගෙදරට ඇරලීමට අවැසි නම් අංක 6 ඔබන්න.
අප අද රාත්‍රී ආහාරය සූදානම් කිරීමට අවැසි නම් අංක 7 ඔබන්න.
අප කෑම සකසා ඔබේ නිවසට ගෙනත් දීමට අවැසි නම් අංක 8 ඔබන්න.
ඔබට කිසියම් මුදල් ප්‍රමාණයක් අවැසි නම් අංක 9 ඔබන්න.

අපට රාත්‍රී ආහරයට ආරාධනා කිරීමට හෝ චිත්‍රපටයක් නැරඹීමට යාමට ආරාධනා කිරීමට නම් දැන් කතා කිරීම ආරම්භ කරන්න.
අපි දැන් අසා සිටින්නෙමු....

16 comments:

  1. ඔබට කිසියම් මුදල් ප්‍රමාණයක් අවැසි නම් අංක 9 ඔබන්න.

    ඊට පස්සෙ අවශ්‍ය ගානත් ඔබන්න පුලුවංද?

    ReplyDelete
    Replies
    1. බලපල්ල්කෝ... මේකා ගානත් ඉල්ලන්න යන හැටි

      Delete
  2. :D මොනව උනත් ගොඩක් තැන්වල යථාර්තය ඕකයි

    ReplyDelete
  3. මේක මරු... හි හි...

    ReplyDelete
  4. බිඟු පැටවාගේ සීයාට තවමත් මේ තත්වයට මූන දෙන්න වෙලා නැතිව ඇති නේද?

    ReplyDelete
  5. තාම නෑ. මොකද සීයා අපේ ගෙදරනේ ඉන්නේ... හී හී...
    මතකනේ උතුරනවෝ... සීන් එක...

    ReplyDelete
  6. අනේ මට හිතෙනවා අංක 8 ඔබන්න..කඩෙන් කාලා ඇති වෙලා...

    ReplyDelete
  7. ඇත්තටම වෙන දේ තමා ඉතින් මේ...

    ReplyDelete
  8. පාරිභෝගික සේවා නිලධාරියෙක්ව සම්බන්ධ කරගන්න බැරිද :P

    ReplyDelete
    Replies
    1. හා හා.. අර අක්කගේ කට හඬ අහන්න නේද?

      Delete
  9. නියමයි. මේක ස්ව නිර්මාණයක්ද. පරිවර්තනයක්ද බිඟුවෝ?

    ReplyDelete
  10. හුගක් තැන්වල මේක තමයි වෙන්නෙ. හැබැයි අර අන්තිමට කතා කරන්න කවදාවත් අවස්ථාවක් උදා වෙන්නෙ නැතුව ඇති..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!