October 19, 2012

සිත් රාවය මුමුනවමින්


නිල් අඹරේ පිය මනින්න
සීන පොදක් තුරුළු කරන්
තරු අතරේ නෙත් යොමන්න
පද ගොතමින් සිහින් සරින්
එක්'වා මතක ගෙත්තම් කරන්න
බිඳෙන් බිඳට කල් යවමින්
තවත් පොදක් ඉඩ තබන්න
සිත් රාවය මුමුනවමින්

8 comments:

  1. නිමිත්ත හරියටම මට පැහැදිලි උනේ නැතිවාට... ඔබේ නිර්මාණාත්මක හැකියාව වඩ වඩාත් ඔප් නැංවේවායි පතමි !

    ReplyDelete
    Replies
    1. මේක මගේ රැජිණට ලියපු එකක් මචන්...
      දැන් අවුරුදු 5නේ. තවත් කල් ඉන්න එපැයි බන්

      Delete
  2. සිරාට වගේම මටත් නිමිත්ත කොයිල් උනා.

    ReplyDelete
    Replies
    1. මේක මගේ රැජිණට ලියපු එකක් මචන්...
      දැන් අවුරුදු 5නේ. තවත් කල් ඉන්න එපැයි බන්

      Delete
  3. අර කෙල්ලෙක්ට ලියපු පෙම් කවියක් සිංදුවක් කරපු ප්‍රින්සිපල්ට යවන්න හිතෙනවා!!!!!!

    ReplyDelete
  4. සමාවෙන්න නිශාන්ත. දෙවැනි ගොසිප් කතාව දැක්කෙ දැන්. බලාගෙන යනකොට ඒක ලියපු එකක් නෙමෙයි, කොපි කරපු එකක්ලු. මම කිසිම විදියකින් අදහස් කළේ නම් නැහැ ඉහත රසවත් කවි පංතිය කොපි කළ එකක් බව.

    ReplyDelete
    Replies
    1. මොකක් කොපි කරපු එකක්. මට කොයිල් උනා දැන්....

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!