October 18, 2012

බැඳලා අවුරුදු 5යි



අදට (ඔක්තෝම්බර් 18) බැඳලා අවුරුදු 5යි. සෑහෙන්න කාලයක් ගත වෙලා. ම්ම්ම් කරපු කියපු වැඩ මතක් වෙනකොටත් හිනා යනවා. අපේ කොල්ලා තමා දැන් ලොකුම සිද්ධිය. ඇත්තම කිව්වොත් සිද්ධිදාමය. හරිම ආසයි. බලාගෙන ඉන්නකොට ආස හිතෙනවා. කොල්ලෙක් හින්දා මුරණ්ඩුත් වැඩිද මන්දා...

කොහොම උනත් කොල්ලා කියලා රැජිණට අඩුවක් කරන්න බෑනේ... ඔන්න  ගිය සතියේ ගියා ෂොපින්.... බීච් එකටත් ගිහින් පොඩ්ඩා එක්ක නාලා කරලා ආවා.

සමරන්න තරම් උවමනාවක් නම් තිබ්බේ නෑ. ඒත් එදාටම රැජිණගේ පියාගේ උපන්දිනය තියෙනවනේ. ඒක හින්දා ඒක සමරන්න උවමනා හින්දා කේක් ගෙඩියක් ගෙනල්ලා කපලා කෑවා. පස්සේ අපි දෙන්නම ඔෆිස් ආවා. එච්චරයි. සරලයි. අවුරුදු 5හේ කියලා ලොකු සීන් නෑ.


මෙන්න ගිය අවුරුද්දේ ලියපු ආටිකල් එක. ඒක මේකට වැඩිය හොඳයි. :පී

http://bingunada.blogspot.com/2011/10/4.html

17 comments:

  1. සුභ සංවත්සරයක් වේවා..!

    බ්ලොග් එක ඕනෑවට එපාවට ලියන එක ගැන මාගේ බලවත් විරෝධයත් මේ ගමන්ම පල කරන්න ඕන... :)

    ReplyDelete
    Replies
    1. අනේ බන් මේ කොල්ලා එක්ක කොරන්න බෑ මේක...
      මැෂිම දැම්ම ගමන් ඒකා මේකේ ඉන්නේ
      මොනා කරන්නද

      Delete
  2. සුබ සංවත්සරයක් වේවා !

    ReplyDelete
  3. මම හිතං හිටියේ මේ බ්ලොග් එක අතුරුදහන් වෙලා කියලා... හි හි..... මාරයියගේ විරෝධයට මගෙත් සහයෝගට...

    සුභ සංවත්සරයක් වේවා.....!

    ReplyDelete
  4. ​බැඳලා අවුරුදු 5ක් කියන්නෙ සුළුපටු කාලයක්ද?
    කොච්චරද කියනවා නම් බිඟුවට බ්ලොග් එකත් අමතක වෙලා වගේ..

    කොහොම වුනත් හද පිරි සුභපැතුම්..5... 25 වෙන්නත් 25..50 වෙන්නත්

    ReplyDelete
  5. සුබ පැතුම් නිශාන්ත අයියා !
    නිදුක් නිරෝගී චිර ජීවණය ලැබිලා ජිරාත් කාලයක් සතුටින් ජීවත් වෙන්ඩ ලැබෙන්න කියලා. :)

    ReplyDelete
  6. බිඟු උඹට මතකද උඹේ බිඟු පැටිය ඉපදුනාම මම කිව්වා. බ්ලොග් එක නවතීවි කියල. ඒත ඇත්තටම මම එහෙම බලාපොරොත්තු උනේ නෑ. මම ඉස්සර හරිම අසාවෙන් කියෙව්ව උඹ ලියපුව. ඉස්සර උඹේ භාෂා රටාව හරිම ලස්සනයි. ඇත්තටම දැන් ලියන්න වෙලා නැතුව ඇති. ඒත් මාරයාට මාත් එකතු වෙනවා උඹට ඉස්සර තිබුන ආදරෙන්ම.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කොල්ලා... මට මතකයි... මොනා කරන්නද?
      අපේ එකාටත් කොපම්පියුටරයක් අරගෙන දෙන්න වෙයි වගේ...

      නැතුව හරි යන්නේ නැ...

      Delete
  7. මුල්ම කාලේ අපි ව දිරිමත් කරන්න ආ බිඟුවා! ඒ කාලේ උඔගේ පැමිණීම මට ලොකු ශක්තියක්. දැනුත් වෙනසක් නෑ. අපේ බබාට කොහොමද දැන්?

    සුබ පැතුම්!!!!

    ReplyDelete
  8. ආ මල්ලී...
    දැන් ඉතින් කස්ටිය ඉන්නවනේ ඇති වෙන්න...
    අපි දැන් නිවාඩුවේ ඉන්නවා....

    අලුත් අය නියමයි... :ඩී

    ReplyDelete
  9. subha pathum yaluwa, kaalekin ennath bari una me paththe! kohomada jeevithe

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!