July 19, 2012

ෆූල් බෝයි

සඳුදා පටන් ක්ලෝරීන් එක් කරන්නේ
පුලුවන් අයත් ඒ හින්දයි නො එන්නේ
අනිත් දිනවලත් මමමයි මෙහි රැඳෙන්නේ
ෆූල් බෝයි කියලයි මට කියන්නේ

ආවා දිනේ ස්විමින් ගේම් එක තියෙනා
හෝ ගාලා කට්ටිය මෙතැනට පිරුනා
හැකි පමණින් දස්කම් පෙන්වමි හිතුනා
ඒ හින්දා උඩ පැන පැන කස්ටිය ඇදුනා

වෙල්පෙයර් එකට නෙයෙකුත් මැසිවිලි නැගුනා
අපිට ඉඩක් නැතුවාමයි කවුරුත් කියනා
එන පොට නොහොඳ බව ඔවුනට දැනුනා
හනිකට දින එක දෙක නම් වෙන් කෙරුනා

ගිණි ගත්තෝ සඳුදා එක් රැක් වෙන්නා
එහෙන් මෙහෙන් වැඩ දමමින් උන්නා
වටෙන් ගොඩෙන් වැඩ බැරි බව තේරෙන්නා
හිමින් හිමින් මෙගොඩින් ගොඩටම යන්නා

පස්කරුවෝ පසුදා හවසම එන්නා
පස්වැඩ මිසක් වතුරේ වැඩ නොමදන්නා
හැකි තරමින් එහෙන් මෙහෙන් වැඩ පෙන්නා
කින්ඩි නොවී කරුවලේම ගෙදරට යන්නා

දින දෙකකින් සුළං කරුවෝ පියඹන්නා
වතුර මොකද සුළඟ මොකද කියමින්නා
පොඩ්ඩ පොඩ්ඩ සද්දය නම් අඩු වෙන්නා
රෑ වෙනකොට කකුල් දෙකෙන් පියඹන්නා

ඔන්න බොලේ ජලකරුවන් එක් වෙන්නා
වැඩ පෙන්වන්නට කාලයමයි කියමින්නා
කියූ පරිදි උඩින් යටින් වැඩ පෙන්නා
ලෙවෙත් නොමැති ආතල් එක මට දෙන්නා

සියල්ලෝම එක සිතකින් ජය පතලා
තර්ස්ටනේ ෆූලය වෙත පිය නගලා
ලකුණ ලකුණ එක කරමින් සිටලා
ජල කරුවෝ දිනුවලු එය හිටු කියලා

එදා ඉඳලා කිසිම කෙනෙක් මේ පැත්තෙන්
ආවේ නෑනේ මං මැරුණා වත් ද බලන්
ඇස් දෙක රිදෙනවා මග ඉඳල බලන්
එන්නේ නැද්ද ආයෙත් මේ පැත්තේ බොලන්



8 comments:

  1. ස්විම් කරන එකත් මරු ෆන් වැඩේ !

    ReplyDelete
  2. ඔව් ඔව්.
    අපේ ඔෆීසියේ නාන තරඟයක් තිබ්බනේ...
    මේ ඒක ගැන තමා....

    ReplyDelete
  3. හික්ස්..ෆූල් බෝයි... :D

    ReplyDelete
  4. හප්පේ.. මේන් මෙයා දැක්ක කල්.....
    දැන් ජොබ් එක මාරු කරලද මන්දා අයියා.. හික්ස්...

    ReplyDelete
  5. අපූරුයි. වෙනම දැක්මක්.

    ReplyDelete
  6. කොහෙද බං හැංගිලා ඉන්නෙ. රැජිණ ගැන පැටිය ගැන මොනවද විස්තර. වෙනද වගේ ලියපං ආසයි කියවන්න.

    ReplyDelete
  7. අනේ මචන් සනීප නෑනේ.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!