March 6, 2012

බිග මැච්

බිග මැච් කාලේ ඇවිල්ලා. මරු මරු. ෆන් ෆන්. ඔන්න ඉතින් කොල්ලෝ කෙල්ලන්ගේ ඉස්කෝලේ ගවුමකුත් ඇඳගෙන පනිනවා කෙල්ලන්ගේ ඉස්කෝලෙට. මැච් එක ගහන්න සල්ලි ඔනේනේ. ඉතින් අනේ කෙල්ලන්ගේ ඉස්කෝලේ හරියට සල්ලි තියෙනවානේ. අක්කගේ හරි නංගිගේ ගවුමක් උස්සලා හිරට හිරේ හරි, බකලෙට බකලේ හරි ඇඳ ගත්තොත් යන්තාන් පැන ගන්න පුලුවන් තාප්පෙන් එහා පැත්තට. ඉතින් කොල්ලෝ දැක්ක ගමන් ඒකේ ඉන්න කෙල්ලන්ට පිස්සු වගේ. සත්තු වත්තේ සත්තු කැම දෙන වෙලාව ආවහම මොර දෙන්නේ ආන්න ඒ වගේ තමා. කොහෙද ඉතින් කොල්ලෙක් බලන්නෙවත් නැනේ ඒකේ ඉන්න කෙල්ලෝ දිහා. ඒ හින්දා ඔන්න කෙල්ලෝ ටික මඤ්ඤං වෙලා පිස්සු වැටිලා අර ගවුම් ඇඳපු කොල්ලෝ වටේ රොක් වෙනවා. ඉස්කොලේ ලොකු මැඩම් ආවත් කොහොම හරි හන්ගලා කොල්ලන්ව බේරා ගන්නවා. සමහර කොල්ලන්ගේ කකුල් වල මයිල් පිරිලා හින්දා වැඩේ කේස් වෙනවා. එහෙම කියලා කොල්ලෝ වැඩේ අතාරින්නේ නැ. රේසර්පාරක් දාලා ෆුල් ටියින් ලෙවල් එකෙන් කොල්ලෝ සෙට් වෙනවා. කොන්ඩේ පැත්තට දාලා හොයා ගන්නම බැ. වෙලාවකට කොල්ලොත් රැවටෙනවා ටීචර්ලා තියා. කොහොමහරි ඔහොම පැනපු කොල්ලෝ රංචුව සල්ලි කෙසේ වෙතත් ෆන් එකක් අරගෙන යනවා. කෙල්ලන්ටත් පන්.

ඔන්න දැන් තියෙන්නේ පෙරඩ් කාලේ. කොහෙන් හරි බස් ටිකක් සෙට් කර ගන්නවා. ගහනවා ලොකූ බෝඩ් එකක් XXX විද්‍යාලය කියලා. ගන්නව ලොකු බෙර ටිකක්. ඔන්න පටන් ගන්නවා සබ්ද පූජාව. ඔන්න තාත්තලා අම්මලා පෙරහැරේ ඉස්සරහින්ම යනවා ඔක්කොම පෙන්නාගෙන. අම්මලා දැක්කාම කොල්ලන්ට විතරක් නෙමෙයි තාත්තලාටත් ටිකක් මඤ්ඤං වෙනවා. පුතාව වාහනේ දාගෙන යනවා ලොකු බෝඩ් එකකුත් එල්ලාගේන. පුලුවන් නම් ගහපියව් කියලා. වාහන පේලිය හින්දා මාර ෆන්. කාටවත් යන්න බැ. දෙන්නම් පැලෙන්න බෙර පාර. පාර යන එවුන්ට දෙන්නම් විසිල් එක. මොකෝ එවුන් අපිට ගහන්නද? මෙතන ඉස්කොලේම ඉන්නවඩෝ... ඔන්න පුලුවන්නම් චොපර් එකකුත් ගන්නවා සල්ලි වලට. බැනර් එකක් දාගෙන අහසින් යනවා උජාරුවට. ළමයින්ට වැඩිය ලොකුවට දෙමාපියෝ හිනා වෙනවා. කොහොමද අපේ එකේ සයිස් එක කියලා. මාර ෆන්.

අන්තිමට මැච් එක හහන දවසේ කුඩු වෙන්න බොනවා. පුලුවන්නම් කොල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් එක්ක හරි සෙට් වෙලා කැලේ පනිනවා. ආතල් එකක් ගන්නව. මාර ෆන්.

මෙන්න මේකයි බිග් මැච් එක. අම්මලා පස්සේ කියන්නේ දැක්කට අපේ එක. උස්සාගෙන ගිය හැටි. ඉස්සරහින්මයි ගියේ. ලොකුවට තිබ්බනේ. රතු පාටට. ආසාවේ බැ. මෙන්න මෙතැනම තමා අවුල එන්නේ. පාසැල හා සිසුවා දැන් නැ. ඉන්නේ කවුද කියලා හැමෝම දන්නවා. පොරත්වය එහෙම නැත්නම් ගැට්ට පෙන්වන්න කාලේ මේක තමා කියලා හිතාගත්ත මෝඩ අම්මලා ටිකක් ෆුල් ෆෝම් වෙලා රටේ අනිත් මිනිස්සුන්ට ආතල් දෙන කාලයක්. දෙමාපියන්ට අවනත නැති දරුවන් ඉන්න කාලේ අවනත් දරුවන් පවා බොරුවට ඇද දමන සමාජයක අපි සිටිමු. පෙරඩ් එකට 10ක් ගියත් මොකද අනිත් මිනිස්සුන්ට කරදර නොවන විදියට. එහෙම බැ. මේක ඔක්කොටම් පේන්න එපැයි. අපි යමු ගාලු පාරේම. ඔන්න ඉතින් පැය ගාණක් වාහන තද බදය. සල්ලි තියෙන එකෙක් තමන්ගේ වාහනේක ඕනැ ගමනක් යයි. ඒත් පොදු සේවා බස් එකේ යන මිනිහා මේක ඉවසන්න එපැයි. යන මගුලක් පලයල්ලකෝ අස්සේ පාරක. කරන මගුලක් කර ගනිල්ලකෝ ඉස්කෝලේ ඇතුලේ. මෙහෙම කියන මිනිස්සු කොච්චර ඇත්ද?

මේක සංකර ජීවිතවල ආරම්භයයි. සිංහලකම නැති වෙලා ඉවරයි. බෞද්ධකමක් කොහොමත් නැ. නමුත් තවම පාසල හා සිසුවා ඉවර නැ. ගුරුතුමා හා සිසුවා ඉවර නැ. මේක ඉවර කරන්නේ අපේ දෙමාපියොයි. මේ ගැනත් හිතලා යමක් කලෝත් යහපත් දරුවන් පාසැලෙන් බිහි වේවි. නැත්නම් වැඩි කල් නොගොස් දෙමාපියෝ දරුවාගේ මෙහෙකරුවා වනු නිසැකය.

13 comments:

  1. අනේ මන්දා... පෙරඩ් යන උනුත් හරි.. උන්ට බනින උනුත් හරි...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පෙරඩ් ගැන මොකුත් කියන්නෙ නෑ . . මමත් පෙරඩ් ගිය එකෙක් නිසා. හැබැයි දැං දැං පෙරඩ්වල තත්වෙ හෙනම චා කියන එකනං පිලිගන්න වෙනව අවිවාදයෙන්ම.

    ReplyDelete
  4. අපේ ඉස්කෝල වල ඔවුවා තිබ්බේ නෑ නෙව. බිග් මැචුත් නෑ ! පෙරඩුත් නෑ !

    ReplyDelete
  5. අපිත් පැරෙඩ් ගියා. ඒත් දැන් නම් අපේ පාසල කියලා කියන්නත් ලැජ්ජයි. පාදඩ ලුම්පන් පංතිය එතනටත් රිංගලා. තිබුන තත්වය තනිකර නැති කරලා. ඔබේ දරුවා දැණුවත් කර ගන්න. එච්චරයි.. සක්කිලි පඩි ගැනීමයි. ඇළුත් සල්ලි කාරයන්ගේ ෆනුයි අතර කිසිම වෙනසක් නෑ.

    ReplyDelete
  6. අනේ මන්ද බං... පාරවල් බ්ලොක් වෙන එකනම් දුකයි තමා... පෙරේදා අපේ එකට බස්සපු බස් ටිකත් පොඩ්ඩක් අවුල් තමා.. :-( ඒත් බං අවුරුද්දකට සැරයක් නේ...! ටිකක් පිලිවෙල කරල කරානම් හරි... පාරවල කියල දැන් සුලුපටු ට්‍රැෆික් එකක්ද

    ඒත් උඹ කියන මේන් පොයින්ට් එක "පාසැල හා සිසුවා දැන් නෑ.."
    මෙතන නම් ලොකු අවුලක් තියනව... මම දැන් අවුරුදු නමයක් තිස්සේ කොල්ල එක්ක ඉස්කෝලෙට යනව එනව... අම්මල තාත්තල තමා ගේම ගෙනියන්නේ... භාහිර ක්‍රියාකාරකම් කෙසේ වෙතත් අධ්‍යාපනයත් කිට්ටු කරල... A/L වෙනකොට නම් පොඩ්ඩක් එව්ව හැලෙනව... ඒත් එතකොට සීමිත රස්සාවලට අවශ්‍ය පදනම ඒ elite society එකේ දරුවෝ හදාන ඉවරයි...

    ReplyDelete
  7. අයියෝ සල්ලි කියුවලු

    ReplyDelete
  8. අපි ගමේ බයියෝ,ගමේ ස්කෝලෙට ගිය ඒවගේ ඔය බිග් මැච් තිබුනේ නෑ,අපි ගැහුවේ එල්ලේ සහ වොලිබෝල්, අනේ බිගුවෝ මම ඔය බිග්මැච් වල වෙන වැඩ දැන ගත්තේ මේ බ්ලොග් අවකාශයෙන්මයි

    ReplyDelete
  9. අපි නං රා පොඩ්ඩක් බීලා ලෑන්ඩ්මාස්ටරයක් රෙන්ට් කරගෙන ට්‍රක් ගියා...ඒකට දැං...

    ReplyDelete
  10. අවුරුද්දකට සැරයක් නම් තමා...ඒත් ඉතින් බිග් මැච් එනකොට එන්නෙ වැල් පිටින්නෙ...එක ඉස්කෝලෙකට දවස් 2 ගානෙ දැම්මත් සති කීයක් නම් පාරවල් බ්ලොක්ද.... :((

    ReplyDelete
  11. අපි ඉස්කෝලේ ලොකු අයියලා වෙලා හිටිය කාලේ parade යාම ප්‍රින්සිපල් තහනම් කරලා තිබුණේ. අපි ගියත් හරි ආයේ පටන් ගත්තා

    ReplyDelete
  12. අයියෝ සල්ලි...අපේ බග් මැච් එක මේ අවුරුද්දෙන් ඉවර උනා....ආයෙ තියන්නෙ නැති වෙයි.. වලි නිසා..හැබැයි මොකක්ද පත්තරේකත් හෙන පචයක් ලියල තියෙනව දැක්ක අපේ බිග් මැච් එක ගැන

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!