October 16, 2011

ලෝඩ්හිත්තා Lordehytta

ලෝඩ්හිත්තා යනු නෝර්වේවල පිහිටා ඇති ගලෙන් සාදන ලද කුඩා ගෙයකි. ලෝඩ්හිත්තා යන්න ලෝඩ්ගේ කැබින් එනම් රදළයාගේ නිවස යන තේරුම් දේ. මේවා කොටේජ් එසේ නැත්නම් කැබින් නමින් හඳුන්වයි. මෙම කුඩා නිවස සාදා ඇත්තේ ක්‍රි.ව. 1880 දීය. මේ සඳහා ජෝන් ගර්වත් (lord John Garvagh) නැමැති රදළයා මූලිකව කටයුතු කල අතර හොවට් (Hovet) නැමැති ප්‍රදේශයෙන් පැමිණි ලාර්ස් ලෙයින් (Lars Lein) නැමැති අයෙකුගේද සහාය ලැබී ඇත. ලෝඩ්හිත්තා පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1620ක් පමණ උසකිනි. මෙම ස්ථානයට ගමන කල හැක්කේ පා ගමනින් පමණකි. ඒ සඳහා ද හව්ගස්ටොල් (Haugastøl) සිට හෝ රගෙස්ටීන් (Raggstein) මිටියාවත ඔස්සේ පැය 3ක පමණ කාලයක් ගත වේ.

ලාර්ස් ලෙයින් ලුහුබැඳ යාම් හා උගුල් ඇටවීමේ ක්‍රියාවන් ප්‍රගුණ කල ඉතා දක්ෂ කුසලතා ඇති දඩයම් කරුවෙක් විය. ජෝන් ගර්වත් රදළයා තමන්ගේ පළමු දඩයම් ගමනේදී මොහුව මුණ ගැසී ඇත. එම අවස්ථාවේදී ජෝන්ට මුවකු අල්ලා ගැනීමට ඔහු උදව් කර ඇත. ඒ හා ගොඩ නැගුණු සම්බන්දධය ඔස්සේ ඔවුන් දෙදෙනා මෙම කුඩා නිවස තැනීම අරඹන ලදී. පසුව ලාර්ස් ලෙයින් බොහෝ කාලයක් මෙම ගල් නිවසේ ජීවත් වී ඇත. කෙසේ නමුත් කාලයාගේ ඇවැමෙන් මෙය ජරාජීර්ණ වෙමින් තිබිණ. 1962 දී සහ 1990 දී මෙය ප්‍රතිසංස්කරණය කර පොදු ජනයා වෙත ප්‍රධානය කර ඇත. එම ගේ තුළ ඇති සටහන් පොතේ තමා පැමිණි බව සටහන් කිරීමට මෙහි පැමිණෙන කිසිවෙක් තවමත් අමතක නොකරයි.

ලෝඩ්හිත්තා පිහිටා තිබෙන ආකරාය අනුව එහි සිට බොහෝ ඈත සිට එන්නෙකු උවත් ඉතා පහසුවෙන් දැකිය හැකිය. උතුරු පෙදෙසකින් ඇත්තේ මහා ප්‍රපාතයකි. එම පෙදෙසින් නැගීම හුදෙක්ම මහත් ආයාස දෙන්නකි. එනමුදු එය මනස්කාන්ත දසුනකි. ඈතින් පෙනෙන මිටියාවතත් නිල් දිය පිරුණු විල් කිහිපයක් එම දසුන වඩ වඩාත් දෙනෙත් පිනවන්නේය. මෙතරම් උසක ඇති මෙම කඳු මුදුනේද මරනම් විලක් වන්නේය. සිසිරයේ එක් වන හිම දියවීමෙන් පිරෙන මෙම විලේ ජලය ඉතා පිරිසිදු වෙයි. කඳු මුදුනට වන්නකුට මෙය අමෘතය මෙන් දැනෙන්නේ පිපාසය නිවීමට පිරිසිදු ජලය තරම් තවත් දෙයක් නොවන බැවින්ය.

අද වන විට නෝර්වේ ගවේෂකයන්ගේ සංගමය විසින් ගමන් මග රතු පැහැති කැපිටල් ටී (T) අකුරකින් සටහන් කරමින් දක්වා තිබේ. වස්සාන කාලයේදී මේවා බොහෝ පැහැදිළිව දක්නට තිබුණද සිසිරයත් සමග යම් යම් සලකුණු හිමෙන් වැසී යනු ඇත. එම නිසා ඔවුන් ඒවා ගල් කිහිපයක් එක් කර තැනූ විශේෂ ගල් ආකෘතියක රඳවා සලකුණු යොදා ඇත. මෙසේ උසවන ලද ගල් ආරුක්කුද තද හිම සහිත කාලයේදී යට වනු ඇත. ඒ හේතුවෙන් විශේෂයෙන් තනන ලද කම්බි කූරක හැඩැති කුලුණු අතරන් පතර තනා ඇති අතර ඒවා ආධාරයෙන් කඳු මුදුනට ළඟා විය හැකිය. කඳු පාමුල සිට කිලෝමීටර් 10ක් පමණ ඈතින් ඇති කඳු මුදුණට ගමන් අරඹන කෙනෙකුට අතර මගදී කුඩා දිය පහර 3ක් පසු කිරීමට සිදු වේ. වැසි කාලවලදී මෙම ජල පහර හරහා යැම අසීරු වේ. එමෙන්ම කුඩා කුඩා කඳු ගැට කිහිපයක්ද තරණය කිරීමට සිදු වේ. නගිමින් බහිමින් දිවෙන මෙම මාර්ගය ගවේෂකයකුගේ ගවේෂණ අත්දැකීම ඉතා ඉහලින් විඳීමට කදිම අවස්ථාවක් තනා දෙන්නේ නිතැතිනි. අවසාන කඳු ගැටියට ප්‍රථම කුඩා නිම්නයක් දිගේ ගමන් කිරීමට සිදු වේ. අවසන කඳු ගැටය ඉතා අසීරු එකක් වේ. වස්සානයේදී ගල් එකිනෙක අල්ලා ගනිමින් ගමන් ගත්තද සිසිරයේ පිරෙන හිම නිසා බොහෝ අනතුරු සහිත ස්වරූයක් ගන්නේය. කෙසේ වෙතත් මෙතරම් දුරක් ගෙවා ආ ගවේෂකයා කඳු මුදුණට යැම කිසිවිටෙකත් අතනොහරින්නේය. එහි සැබැ සුන්දරත්වය විඳින්නට අමතක නොකරන්නේය.

මෙහි ඇති කුඩා ගෙය කාමර දෙකකින් යුක්ත වේ. වහලය තනා ඇත්තේ දර භාවිතයෙන් වන අතර බිත්ති සියල්ල කළු ගලෙන් නිමවා ඇත. පළමු කාමරය බඩු ගබඩා කිරීමට යොදා ගන්නා එකකි. දර, ආහාර මෙන්ම යම් යම් උපකරණද එහි තිබෙනු දක්නට හැකිය. දෙවන කාමරය තුළ කුඩා මේසයක් පුටු 2ක් හා කුඩා උදුනක්ද දැකිය හැකිය. බිත්තියට අලලා තනන ලද කුඩා රාක්ක කිහිපයක හිස් උනු කෝප්පක් කිහිපක්ද ගිණිකූරු කිහියක්ද දැකිය හැකිය. මේවා බොහෝ විය මෙතැනට පැමිණෙන්නන් දමා ගිය ඒවා ලෙස සැලකිය හැකිය. සිසිරයේ එන අයෙකුට කිසිම අපහසුවකින් තොරව සීතල පහවන සේ ගිණි මැලයක් සාදා වතුර රත්කර ගැනිමේ පහසුව තිබෙන්නේය.

ඒ කෙසේ වෙතත් ගවේෂකයකුට මෙය ඉතා මනරම් අත්දැක්කිම් සමුදායක් ලාබ ගත හැකි චාරිකාවක් වේ.

10 comments:

  1. මම නම් මේ ගැන දැනගෙන හිටියේ නෑ. වටිනා ලිපියක් !!!

    ReplyDelete
  2. @මධුරංග,
    මම දැන ගෙන හිටියෙත් නැ. පහුගිය සතියක අපි කස්ටියක් ගියා. එලම ගමන. හිම තිබ්බ හින්දා ගමන අමාරු උනා...

    ReplyDelete
  3. බිඟුවා දැන් කොහේ කොහේ යනවද මංදා..?
    ඔහේ වඳ බැන්දැකිදෑ..?

    ReplyDelete
  4. @මාරයා,
    මේහේ වද බැන්ඳොත් තියෙටි සම්බුව ගෙදර ගියාම....

    ReplyDelete
  5. මාත් කියෙව්වා ...ඉවර වෙනකම්ම.
    අලුත් අත්දැකීමක් ජීවිතයට එකතු උනා වගේ හැගීමක් දැනුනා...බිගූ.

    ReplyDelete
  6. @නිල් අහස,
    එල එල... එහෙනම් එච්චරයි. මගේ මහන්සිය අපරාදේ ගිහින් නැ...

    ReplyDelete
  7. මටත් ආස හිතුනා මේ වගේ පැත්තක පොඩි ගෙයක් හදා ගෙන තනියම ඉන්න :)

    මේ පින්තුරේ ගේ ඇතුලේ එකක්ද? හිම වැටිලානේ ඇතුලටත්

    ReplyDelete
  8. @සයුරි,
    තනියම පොඩි කඩයක් දාගෙන ඉන්නද?
    ඔව් ඔව්.. ගේ ඇතුළට හිම එනවා තදට හිම තියෙනකොට.

    ReplyDelete
  9. හරිම ලස්සන තැනක්නේ...........

    ReplyDelete
  10. මට නම් ගොඩාක් වෑදගත් තොරතුරක් තමයි.... වෙන මුකුත් නිසා නෙවෙයි, මම මීට කලින් අහලම නෑති දෙයක් උන නිසා....බොහොම වෑදගත්...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!