October 6, 2011

නොමියෙන කාන්සාවක්

සුමුදු වලාවක එතෙන්න
තරම් හිත් නොවුනත්
දෙනෙත් අතරට
තදකර මිරිකා
කඳුළු පොදකින්
තෙමන්න තරම්
හිත් පොපියන
බොරවුනු හැන්දෑවක
හීන් කෙඳිරිය එක්ක
මුසුවුනු සීතල පිනි පොද
ගත වෙලා
කවුළු
අතරින් රිංගා
ලැගුම් අරගෙන
නොමියෙන කාන්සාවක්
එක් කරගෙනම...


.

11 comments:

  1. බිඟුවා තාමත් මුදෙන් එහාද ඉන්නෙ?
    ගනන් ගන්න එපා. තව ටික දවසය් කියල හිත් හදන් ඉන්න, කොහොමටත් එක සැරේකට ගෙවන්න තියෙන්නේ එක දවසක් විතරඉ නෙ. සෝ ටේක් ඉට් ඊසි..

    ReplyDelete
  2. තරහ වෙන්න එපා කිව්වට ..පොඩි අඩියක් ගැහුවනං ඔය කාන්සාව යනවා....

    ReplyDelete
  3. @samadhi,
    ඔව් ඔව්.. තාම මුහුදෙන් එහා. පට්ට කතාව. එකපාරකට එක දවසයි...

    @ඔබ නොදු‍ටු ලොවක්.....,
    අත්දැකීමෙන්ම ඒක දන්නවා. ඒත් අඩියේ සැර බාල වෙනකොට ආයෙත් අරක එනවනේ...

    ReplyDelete
  4. උඹ කොහෙද බං මේ දවස්වල?

    ReplyDelete
  5. @ගීතක,
    මේ දවස්වල ඉන්නේ නෝර්වේ බන්....
    පොඩි වැඩකට ආවනේ... තව මාසෙකින් ආපහු එනවා...

    ReplyDelete
  6. පාලුවේ තරම හොද හැටි තේරෙනවා....පද වැලෙන්...බිගූ.
    බිගු රැජිණයි, පැටියයි .... නැතුව මොන තරම් අඩුවක් ඇද්ද.....

    ReplyDelete
  7. ඔව් බිඟුවෝ මටත් ජීවිතේ ගෙවාගන්න ගොඩාක් අමාරු දිග කාල තිබුනා (පාසල් නේවාසිකාගරයේ, පස්සේ බෝඩින් වල). හැම තිස්සෙම හිත හදාගත්තෙ කමක් නෑ මට අද ගෙවාගත්තම තව දවසක් අඩු වෙනවනෙ, ඉතින් මගේ ටාගට් එක උනේ අද දවස ගෙවාගන්න එක විතරමඉ. ඉතින් වැඩේ ලෙසිය්.

    ReplyDelete
  8. සිරාවට මචං . . . . පැටියවය් හාමිනේවයි දාල ඇවිත් තාම සතියයි . . . මටත් ඔය වගේම තමා හිතෙන්නෙ. . . . උඹට තරං ලස්සනට වචන ගැටගහගන්න බැරි උනාට . . .

    ReplyDelete
  9. නොර්වේ අයියා කෙනෙක්.....
    එල එල..... මට එකේ තෙරුම හරියට මිටර් වුණේ නැනේ?

    ReplyDelete
  10. @නිල් අහස,
    ජීවිතේ අමාරුම කාලයක් මචන්...
    හැම වෙලාවේම හිත දුවන්නේ ගෙදරට..

    @samadhi,
    ඒක නම් මරේ මරු අදහස.. ඒත් දැන් මට අද ගැන විතරක හිතලා බැනේ....

    @ඕනයා,
    උඹත් රට පැන් නද ?

    ReplyDelete
  11. @රහස් පරික්ෂකයා
    ඔය තියෙන්නේ පරීක්ෂණයක් කරලා. හොයා ගත්තා නේද මොකද්ද කියලා. එල ඒල... ඔහොම හොඳයි....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!