October 18, 2011

බැඳලා අවුරුදු 4යි

අදට (ඔක්තෝම්බර් 18ට) අපි කසාද බැඳලා අවුරුදු 4ක් වෙනවා. හප්පේ කාලය යන වේගය. පහු ගිය හැම සංවත්සරයක්ම පොඩියට හරි සමරන්න අපි දෙන්නා අමතක කලේ නැ. ඒත් මේ අවුරුද්දේ අපි දෙන්නා දෙතැනකනේ. ඉතින් අපි දෙන්නට වෙනදා වගේ එකට ඉඳගෙන මොනවාහරි කාලා පොඩි සින්දුවක් එහෙම කියලා පොඩ්ඩක් නටලා සමරන්න බැරි වෙනවනේ. මේ සංවත්සරේ අපි දෙන්නාට අමතරව තවත් චන්ඩියෙකුත් ඉන්නවනේ. ඉතින් මේක විශේෂ එකක්ම තමා. ආපු ගමන් සමරමු. තව සති දෙකයිනේ....
 
චන්ඩි බන්ඩියත් එක්ක
පොඩ්ඩක් හුරතල් වෙලා
ඔයාගේ අතින් හදපු
සුපුරුදු තේ එකත් රැගෙන
අපේ සඳළු තලේට වෙලා
අහසේ පායලා තියෙන
තරු කැට ගනින්න
හිමින් හිමින් හොරෙන් හොරෙන්
කළුවරේම
එහා මෙහා ගත වෙලනා
මද නලට හොරා
ඔයාගේ සිනිඳු දෙනෙත්
සිප ගන්න දෙතොල්
රස විඳින්න
සරසවියේ ගෙවුනු සුන්දර
මතකයන් එකතු කරමින්
පෙලින් පෙලිට ගලපා
සුන්දර කතා කියමින්
ඉන්නාවිට බඳවටේ
අත දමා තදින් වෙලාගන්න
අතීතයේ ආවර්ජනාවන්
තුළින් අනාවකට
පියමන් තනන්න
අද බැරි උනත් හෙටක්
තියේවී
රෝස ඇහිරූ
මල්තුහින ඉහිරුනු...


ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් ඉන්නම් සිතට ලංවී

76 comments:

  1. ඉස්සරලාම කොමෙන්ටුව මගෙන්මයි.

    මේක ඔයාටමයි...

    ReplyDelete
  2. සුභ පැතුම් අයියේ.. සුන්දර අනාගතයක් ඔයාලා දෙන්නටම ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  3. @Dinesh,
    අනේ කොල්ලෝ උඹ මාව හැලුවා නේද දෙන්නා කියලා... දැන් දෙකයි නෙමෙයිනේ බන්....

    ReplyDelete
  4. අඩේ . . . මට මතක විදියට මම උඹේ බ්ලොගේ කියවපු පලවෙනි පෝස්ට් එක උඹ පියෙක්වෙච්චි සීන් එක ගැන තිබුන එක . . . .
    උඹටයි උඹේ හාමිනේටයි පැටියටයි තුන්දෙනාටම සුභ අනාගතයක් . . . . .

    ReplyDelete
  5. එදා ඉඳලාම තාම එලවනවා නේද? එල එල... ඒක තමා මචන් ලියන් එවුන්ගේ කික් එක. ලියන එකාට පොඩි හරි සප් එකක් වෙන්නේ මෙහෙම කොට අකුරක් තමා. දැන් මචන් පොඩි එකාට අවුරුද්දකට වැඩියි....

    ReplyDelete
  6. අනේ සමාවෙන්න ඕන... ඔය තුන් දෙනාටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මම හදවතින්ම...

    ReplyDelete
  7. පිස්සුද බන්... මන් ජෝක් එකක් දැම්මේ...
    හික්ස් කිව්වලු....
    එල එල....

    ReplyDelete
  8. සුබම සුබ අනාගතයක් මචෝ, (තුන් දෙනාටම.. හරිද ?)
    මමත් මගේ 9 වෙනි සහ දහවෙනි විවාහ සංවත්සර සමරුවේ මගේ sweetheart සහ පැටවු දෙන්න නැතුව. 9 වෙනි සංවත්සරේ 2010-10-04 සමරද්දී මම මෙහෙ (UK) ආවා විතරයි. කාටවත් කිව්වෙන් නැහැ තනියම ඔහේ හිටියා. 10 වෙනි සංවත්සරේ 2011-10-04 සමරද්දී මෙහෙ ඉන්න යාලුවෝ සෙට් එකක් එක්ක පොඩි පාටියක් දාන්න හැකියාව ලැබුනා. ඔයා කිව්වා වගේ නෝනයි බබාලයි නැතුව මොන සංවත්සර ද?

    ReplyDelete
  9. ජය වේවා....සුභ අනාගතයක්.........

    ReplyDelete
  10. සුබ පැතුම්!

    ReplyDelete
  11. චිරාත් කාලයක් ජීවත් වේවා .........
    මෙන්න මගෙන් සුබ පැතුම් ....

    ReplyDelete
  12. ඔන්න බිඟු අයිය අපෙන් උණුසුම් සුභ පැතුම්!...

    ReplyDelete
  13. සුභ පැතුම් බෝවේවා...
    ආයුබෝවේවා...
    දිගු කලක් යෙහෙන් වැජඹේවා...!

    ReplyDelete
  14. බිඟු අයියලෑ පවුලේ සියළු දෙනාට සුබම සුබ අනාගතයක් !!!
    ඒ වගේම ඔයාලගේ විවහා සංවත්සරේට මගෙනුත් සුබ පතනවා !!!

    ප.ලි. - බිඟු අයියා පේරාදෙණියෙද ? සෙනෙට් එක ලඟ නේද මේ ෆොටෝ එක ගත්තේ ???

    ReplyDelete
  15. හැපී ඇනිවර්සරියක් වේවා....මමත් මේ බ්ලොග් එකේ කියවපු මුල්ම පොස්ට් එක තමයි "අපේ පුතා මෙළොව එළිය දුටු හැටි" කියන එක...මම බ්ලොග් ලියන්න පටන් ගන්න ගොඩක් කලින්...:)

    ReplyDelete
  16. සුභ පැතුම් බිඟුඅයියා...

    තුන් දෙනාටම තෙරුවන් සරණයි...!!

    ReplyDelete
  17. Oya meka keeyatada post kare.. :) ehe welawen midnight pahu wela wennethi ne :P
    Anyways happy anniversary

    ReplyDelete
  18. කලකට පස්සේ.......
    අපිව මතකදෝ ????
    හේ හේ...

    මාත් බිඟු නද කියවන්න ආවෙ බිඟු අයිය චූටි පැඇටියගෙ මාස නවය වාර්තා කල සටහන් ලියන කාලේ.

    ඔන්න එහෙනම් මගෙනුත් සුභ පෑතුම්... චිරාත් කල් යෙහෙන් වැජඹෙන්නට :)

    ReplyDelete
  19. ඔන්න මගෙනුත් සුභම සුභ සුභපැතුම් බිඟු සහෝට, රැජිණට!!!
    (සහ "පුංචි බිඟුට"!!!)

    ReplyDelete
  20. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා!!!
    සුබ පැතුම් බිගු අය්යා,අක්කා,චූටි බබාට!!!

    ReplyDelete
  21. බැඳලා නෙවෙයි නියම වචනය, "බැඳිලා". දුකේදී හඬන්ටත්, සැපේදී හිනා වෙන්ටත් දෙන්නා දෙන්නට බැඳිලා. මගේ 21 වන "බැඳුනු" සමරුව සති දෙකකට කලින් චාමෙට සැමරුව. ඔබලාට මගේ රෙකෝර්ඩ් එක කඩා බිඳ දමා යෑමට ලැබේවා කියා පතමි.

    ReplyDelete
  22. මගෙත් සුබපැතුම් සහෝ...තුන් කට්ටුවට සුබ අනාගතයක්...ජය

    ReplyDelete
  23. කවුරුහරි අලුතෙන් බ්ලොග් එකක් පටන් ගන්නකොට බිගු අයියගෙන් කමෙන්ට් එකක් වැරදුනේ නැ..කමෙන්ට් එකක් දෙකක් වැටෙන් මුල් කාලේ ඒක හෙන ෆිට් එකක්..


    බිගු අයියාගෙ පුන්චි පවුලට තෙරුවන් සරනයි..!

    ReplyDelete
  24. බිඟුවා ඇයියටයි , මගේ ගෲපි අක්කටයි මල්ලි බබාටයි මකර අධිරාජයත් සුබපතනවා !

    ReplyDelete
  25. අඩ්ඩඩ්ඩා...අවුරුදු 4ක්.... රැජිනටත් බිඟුවටත් ඔය ලස්සන ජීවිතේ තව දුරටත් ඔය විදියටම අරන් යන්න මගෙන් සුබ පැතුම් බිඟුවො......

    කෝ දැන් බිඟු පැටියා......?

    ReplyDelete
  26. කුරුලු කැදැල්ලේ ...
    උණුසුම ..
    සදාකල් රැඳේවා!!!!

    ReplyDelete
  27. @$මරුමූස් $,
    ඒකනේ මචන්... 10ත් ඉවරද.... අප්පා හෙන කාලයක්නේ...
    ජය ජය....
    මගෙන් ඔන්න සුබ පැතුම් කිව්වා...

    @ඔබ නොදු‍ටු ලොවක්.....,
    ස්තුතියි කිව්වා...

    @arunishapiro,
    එල එල...
    ස්තුතියි කිව්වා...

    ReplyDelete
  28. @පන්සල් හංදිය, @සාතන්, @තිස්ස දොඩන්ගොඩ,
    ස්තුතියි ඔක්කෝටම...

    ReplyDelete
  29. @මධුරංග,
    ඔව් මලයා. හරියටම හරි.. මේක ගත්තේ සෙන්ට්ටුව ගාවදී තමා. සටස් ගාලා අඳුර ගත්තා නේද?
    ඔය ඉන්නේ පේරා කොල්ලෝ....

    @සයුරි,
    එහෙනම් ඔයත් කාලෙක ඉඳලා කියවන ලියන කෙනෙක් හා...

    @සෝරෝ,
    කෝ බන් උඹ කිව්වට ආවෙ නැනේ මල්ලි බබා එක්ක සෙල්ලම් කරන්න...

    ReplyDelete
  30. @Rasini,
    ඔව් ඔව්.. මහ රැ නිදි මරාගෙන ලිව්වා...
    මෙහේ වෙලාවෙන් හෙට වෙලා තිබ්බේ නැ....
    හික්ස් කිව්වලු...

    ReplyDelete
  31. @ජීවිතේ මල්,
    මොකද යකෝ මතක නැත්තේ....
    ඉස්සර අපේ සෙට් එකනේ...
    එල එල....

    @'සුළඟ'
    මොකද මගේ පුතා වරහන ඇතුලේ දාලා...
    අපි දෙන්නගේ වැඩ නොපෙනෙන්නද
    හික්ස් කිව්වලු

    ReplyDelete
  32. @Praසන්ன , @නදී
    ස්තුතියි කිව්වා...

    @nihal gurusinghe,
    අප්පට සිරි ගජ කිව්වලු...
    මේකට නම් සැහෙන්න දත කන්න වෙනවා....

    ReplyDelete
  33. @Raj,
    ජය!

    @පැන්ඩා,
    අලුත් අයට සප් එකක් දෙන්නම ඕනේනේ බන්...
    එතනදී තාමා කික්ස් එන්නේ තව ලියන්න....
    අර තාමත් බුද්ධිකයා කියවන්නේ පලවෙනි කොමෙන්ටුව මගෙන් කියලා... ඒක මටත් හෙන ෆිට්....
    ආයයෙත් පොඩ්ඩක් ලියන්න බැලුවේ මචන්...

    ReplyDelete
  34. @මකර,
    එල එල...
    මන් හිතුවා මකර රාජධානිය බිඳ වැටිලාද කියලා...
    කිසිම සද්දයක් නැනේ....
    කොහොම උනත් අන්න පුතා බලාගෙන ඉන්නවා මකරයිය එක්ක සෙල්ලම් කරන්න....

    ReplyDelete
  35. @දිල්,
    කෝ මේ රවා දිල්... වලියක්වත් පටන් ගන්න තිබ්බනේ ඒකා එක්ක. ඒකාව දැක්කේම නැ. මැරිලද ???
    එල එල... එහෙනම් එන්නම් ඔයාලා ලියපුවා කියවන්න. ඒත් මේ වෙලාවනේ හරස් කපන්නේ... අනික දැන් අපේ අය ලියනවා සට සට ගාලා.... ආසාවේ බැ.. අන්තර්ජාලයේ සින්හල ගොඩායි....

    ReplyDelete
  36. සුබ පැතුම් මගෙනුත්... 3 දෙනාටම සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..... හුඟ කාලෙකින් අයියව දැක්කෙ.

    ReplyDelete
  37. බිඟු පවුලට මගෙනුත් සුභ පැතුම්...!
    මී පැණිවලින් ඉතිරී යන සුභ අනාගතයක් වේවා!

    ReplyDelete
  38. @පිස්සා පලාමල්ල,
    ඒකනේ මලයා... කාලෙකින් ආවත් පරණ යාලුවෝ ඉන්නවා දැක්කාම ආසා හිතෙනවා...

    @රූ....,'
    එල එල කිව්වලු...

    ReplyDelete
  39. අප්පච්චියේ මේක සෑහෙන්න පරණ තැනක්නෙ...ඒ වුනාට ගොඩ වුනේ නම් අදම තමයි..

    එළ එළ.........එනකොටම පාටි..එහෙනම් තුන් දෙනාටම සුභ පැතුම්....

    ReplyDelete
  40. ඔන්න මගෙනුත් සුබ පැතුම්!!

    ReplyDelete
  41. @ලකී,
    අහා.. එහෙනම් ඉතින් අද ආවනේ...
    එල එල.... හිමින් හිමින් යමුකෝ....

    @හිරණ්‍ය,
    එල මසන්....

    ReplyDelete
  42. චණ්ඩියටයි ඔය දෙන්නටයි සුභම සුභ අනාගතයක් ,

    ReplyDelete
  43. සුබ පැතුම් මගෙනුත් අක්කාටයි, අයියාටයි, පුතු පැටියාටයි... දැන් ආවාම අපිට පුතු පැටියාගේ පින්තුරෙකුත් දාන්න බලන්න.. දැන් ලොකු ඇති....

    ReplyDelete
  44. suba pathum ayya! :) hamadama dennama sathutin inna! :)

    ReplyDelete
  45. haleeeeee ali soi affa :D bigu lanthayatama suba pathumzzzzzzz :D

    ReplyDelete
  46. @බුවාගේ සිතුවිල,
    එල එල.. ජය කිව්වා...

    @හසී,
    ආ හසී....
    දාන්නම්කෝ චන්ඩි බන්ඩියගේ පින්තූරයක්....

    @මාධව,
    ඔය බලපන්කෝ ආයෙත් මාව අතඇරියානේ...
    අර දෙන්නා විතරයි...
    කැතයි හොඳේ

    ReplyDelete
  47. @ජේ.ඩී,
    අම්මෝ උඹව දැක්ක කල් බන්...
    මැරතන් එකෙන් පස්සේ දැක්කෙ නැද්ද මන්දා...

    ReplyDelete
  48. මේ තවත් පේරා ලව් එකක්ද?? එළ එළ !! සුභ පැතුම්...

    ප.ලි : ඔය බංකුවේ අපිත් ඉඳගෙන තියනවා :)

    ReplyDelete
  49. ම්ම්ම්..බොහෝම සතු‍ටු ආරංචියක්..තුන්පත් රෑනේ ආදර උණුසුම දිවි තිබෙන තුරු තිබේවා....සුබ පැතුම් පැටියටයි ඔය දෙන්නටයි...........

    ReplyDelete
  50. හැමදාම ඔය විදිහටම ගොඩාක් ආදරෙන් බැදිලා ඉන්න හදවතින්ම සුභ පතනවා බිගු අයියේ....

    ReplyDelete
  51. සුබ පැතුම් අයියේ.. ඔය තුන් දෙනාටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා :-)

    ReplyDelete
  52. @deeps,
    අප්පට සිරි කිව්වලු..
    එහෙනම් දැන් බබාලත් ඇතිනේ නේද?

    @වෙද සිතක්,
    එල එල...
    ජය!

    @මම,
    ස්තුතියි කෙල්ලේ...

    ReplyDelete
  53. @සිත්රූ සිහින,
    ජය!

    ReplyDelete
  54. බිඟු සහෝ ඇතුළු පවුලටම සුභ අනාගතයක්...! වාසනාවන්ත පවුල් ජීවිතයකට ආසිරි !!!

    ReplyDelete
  55. @චතුරංග පෙරේරා,
    ස්තුතියි කිව්වා...

    ReplyDelete
  56. සුභ පැතුම් මචන්... අපි නම් තාම පොඩි එවුන්.. බැඳල තාම මාස 6යි...

    ReplyDelete
  57. තවත් අවුරුදු 40 ක්...(ඇති නේද?) සතුට, සැනැසුම අතරමැද සුන්දර පවුල් ජීවිතයක් ගෙවන්නට ලැබේවා...!

    අවුරුදු 4 ට දාලා තියෙන වැඩ කිඩ මදිද මංදා... හිකිස්

    මං නං බැඳලා අවුරුදු 6 යි. දුවට අවුරුදු 4යි. පුතාට අවුරුදු 2යි.. කොහොමද වැඩ..

    ජය වේවා..!

    ReplyDelete
  58. @පැතුම්..... ,
    එල පැතුම් මචන්...

    @චතුර විජේකෝන්,
    හා හා...
    මට මචන් control එක තියෙනවා..
    හික්ස් කිව්වලු

    ReplyDelete
  59. බිඟුවෝ ඔන්න ඔය දෙපලට මගෙනුත් සුභ පැතුම් !!

    ReplyDelete
  60. සොරි තුන් දෙනාටම සුබ පැතුම්

    ReplyDelete
  61. @හිස් අහස,
    ආ ඒක තමා... ඒත් මන් බැලුවා මාව හැලුවද කියලා..
    ජික්ස්

    ReplyDelete
  62. ඔබ එන තුරු බලා සිටිමි

    ReplyDelete
  63. අහස සේ ඔබ අනන්තයි..
    සයුර සේ ඔබ අනන්තයි...
    මෙ විශ්වයේ මා දකින්නේ....
    ඔබම පමණයි....ඔබ අනන්තයි

    ReplyDelete
  64. අය්යේ.....සුබ පැතුම් අයියේ....
    සුභාසිරි හා දිගාසිරි පතනවා ඔයාලට....

    ReplyDelete
  65. සියළු පැතුම් ඉටුවෙනට... ජීවිතයේ බිඟු ගීතය එක්ව මුමුණන්නට.. බිඟු පවුලටම මගෙන් සුබම සුබ පැතුම්..!! :)

    ReplyDelete
  66. පුංචි පවුලටම මගෙනුත් උණුසුම් සුබ පැතුම්.....!!

    ReplyDelete
  67. හුග දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න උනේ නෑ.
    ඉතිං ..මේ වැදගත් මොහොතට සුබ පතන්න, මං ප්‍රමාද නම්... තරහා වෙන්න එපා..බ්ගූ.

    සංසාරේ පුරාවට පතාගෙන ආ...මේ ආදරය රැදි..යුගදිවිය, බිගු පැටියාත් සමග වාසනාවන්තව, චිරාත් කාලයක් ගත කරන්නට..හේතු වාසනා වේවා....!!!!!

    ReplyDelete
  68. හ්ම්. ඔන්න ඔයාටයි, හාමිනේටයි දරු පැටියාටයි මගෙනුත් උනුසුම් සුභ පැතුම්!! ඔක්. 18 මගෙත් ඇනවසරියනේ. මරු මරු

    ReplyDelete
  69. මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  70. ඇස්වහක් කටවහක් වදින්න එපා....
    සුභම සුභ පැතුම් අයියේ.....

    ReplyDelete
  71. @Psycho,නන්දු,samadhi,නිසපු,ලොකු පුතා,
    ස්තුතියි කිව්වා ඔක්කෝටම.

    @නිල් අහස,
    ඒකනේ මොක්ද වෙලා තිබ්බේ... මම නම් බිසී වෙලා හිටියනේ....

    @malmi,
    අහා... එහෙනම් එක දවසක සෙට් වෙලාම සමරමුද?

    ReplyDelete
  72. දුර්වලයි අවුරුදු 4ටම එක ළමයි නේ... අපි බැන්දනම් ඉතින්...

    ReplyDelete
  73. පමා වූ සුභ පැතුම් :))

    ReplyDelete
  74. ඔයාල දෙන්නට මගේ සුභ පැතුම්!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!