September 21, 2011

දුක්වුණු සිත්මඩල

රාත්‍රිය උදාවුනිද
නින්ද උතුරා යන්නට
මත්තේන්
බිඳක් හෝ තෙපලන්න
ආදර බොළඳ වදන්
ඔබ සමඟින්
මුකුළු පිරුණු සිනහව
සිත මෝදුවන තරමට
ගෙනෙයි සිසිලස සතුට
සනහන්නට
මගේ කාන්සිය පිරුණු
දුක්වුණු සිත්මඩල
නුඹ නැතිව... 

14 comments:

  1. ආදරේ කරන අයගෙන් ඈත් වෙලා ඉන්නකොට තනිකම දැනෙනවා වැඩියි. ඔය අර අලුත් ගෙදර ඉදන් ලියන කවි නේ ?

    ReplyDelete
  2. eyaatath ohomama athi ithin.. kohomada Thehas?

    ReplyDelete
  3. රාත්තිරි උදාවුනා තමුසෙ කවද්ද එන්නේ....

    ReplyDelete
  4. ආදරේ දිපු අය ලග නැති උනාම ..ඔහොම හිතට දැනෙනවා..බිගූ.
    ඒ වෙලාවට ..මේ වගේ ලස්සන පද වැල් හිතට..එන එක නවතන්න බෑ....

    ReplyDelete
  5. හ්ම්ම්ම්............

    කෝමද අයියේ අළුත් ගෙදර ජීවිතේ...... :)

    ReplyDelete
  6. ලස්සන අදහසක්....

    ReplyDelete
  7. ලස්සනයි.. පින්තූරෙට මැච් වෙනවා..

    ReplyDelete
  8. හිතං හිටියටත් වඩා ආදරෙයි නේද? ටික කාලෙකට හරි දුරස් උනාම තමයි දැනෙන්නෙ මී වදේ කොච්චර ආදරේ පිරිල තිබිලද කියල. හිතට එන දේ ඔය වගේ ලස්සනට ලියන්න. අපි කියවන්නං

    ReplyDelete
  9. ලංවීමේ සුන්දරත්වය දැනෙන්න නම් ඈත්වෙන්න ඕන.. ඊට පස්සෙ ලංවුනාම ආදරේ, බැඳීම වැඩි වෙනවා..

    ReplyDelete
  10. හලෝ කස්ටිය....
    මන් නැතුවට කස්ටිය ඇවිල්ලා ගිහින්නේ...

    @මධුරංග,
    ඔව් ඔව්.. අලුත් ගෙදරදී ලියැවෙන එව්වා තමා මෙව්වා... වෙන් වුනාමනේ ආලය නියෙමෙට දැනෙන්නේ කියලා කතාවක් තියෙනවානේ...

    @Rasini ,
    ඔව් ඔව්.. එයාත් දුක් වෙනවා ඇති. අනේ පුතුට උණ හැදිලනේ...

    @indi ,
    තව මාස 2යි මචන්... සුස් ගාලා පනිනවා...

    ReplyDelete
  11. @නිල් අහස,
    අනිවා සහෝ... ඒක සහතික ඇත්ත. ෆට්ට පාලුයි මචන්...
    කරන්න කියන්න වැඩකුත් නැ බොනවා ඇරෙන්න...

    @හා පැටික්කි (MS)
    අලුත් ගෙදර නම් මරු... ඒත් මගේ ගෙදර වගේ නැ...

    @Dinesh,
    එල. ජය...

    @මාතලන්,
    පින්තූරෙන්නම් මන් ඉස්සුවේ නෙට් එකෙන්. නිසැඳස ලියලා ඉවර උනාම හිතුනා පින්තූරෙකුත් කොටන්න ඕනැ කියලා..

    ReplyDelete
  12. @දයියා,
    ඒක හරි දයියා... හැමදෙයක්ම ගොඩාක් තියෙනකොට අගේ අඩුවෙනවනේ.. දැන් ආයෙත් වැඩි වේගෙන යනවා කියලා හිතෙනවා. එල එල.. එන්න එන්න.. ඒත කොල්ලෝ මටනේ එන්න වෙලාවක් නැත්තේ...

    @RoshanHerath ,
    ඔව් මචන්... ඒක නම් සහතික ඇත්ත. මේකත් හොඳයි කියලා හිතෙනවා. .වෙනසකුත් එක්ක ජීවත් වෙන්න පුලුවන්නේ...

    ReplyDelete
  13. මොනා කියන්නද කියලා හිතාගන්න බෑ. ලස්සන ට ලියලා තියෙනවා.................

    ReplyDelete
  14. අපි කොච්චර දැඩි උනත් සමහර වෙලාවට එහෙම නැ කියල හොදටම දන්නවා....
    බොලද සුන්දර හැගීම් වලට අපිත් ආදරෙයි.....ඒවගේ හැගීම් සමහර වෙලාවට හදවතේ විඩාබර ගතිය නිවනවානේ.....
    එවන් මොහොතක අපිට ඒක නොලැබෙනවනම්.....පාළුව,තනිකම,කාන්සිය අපිව දාල යන්න කොහෙත්ම කැමති වෙන 1ක් නෑ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!