April 5, 2011

එක් මහ මූසල රැයක්

නුඹ නැතිව එක් රැයක්
පුතු නැතිව තව රැයක්
සිනා පොදක් හසරැල්ලක්
කිසිත් නොමැති මූසල රැයක්
සීත සිසිල් සුළං පොදක්
විඩා දුරුවන සොඳුරු වදනක්
සිත සනාහලන අකුරු පෙළක්
නොදැනෙන එක් මහ මූසල රැයක්
පිය තෙපුල් සොඳුරු වදන්
සිනා සමග කඳුළු නුවන්
එහෙන් මෙහෙන් දණ ගාමින්
කොහෙවත් නැති මූසල රැයක්
රැට හොරෙන් ඉඟියක් වී
සුළැඟිල්ලේ කොනකින් වී
ආදරයෙන් මුසපත් වී
නොගෙවන මහ මූසල රැයක්...

5 comments:

  1. ආදරය කරන අය ලග නැති උනාම මාරම දුකයි.

    ReplyDelete
  2. හික් ය. ඒයි මේකෙ මමත් ඉන්නව.. ලොල්ය.. :D

    ReplyDelete
  3. ආදරණීය රැයක්
    ආදරයෙන් පිරුනු රැයක්
    පුතුගේ සිනහව ඇහෙන රැයක්
    හෙට
    ලස්සන... ලස්සනම රැයක්

    ReplyDelete
  4. පද ගැලපිල්ල නම් සුපිරියි බිඟු අයියේ...

    ReplyDelete
  5. අවුරැද්දක් විතර ඉඳන් හැම රැයක්ම ඔයවගේ තමයි මලේ..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!