නුඹ නැතිව එක් රැයක්
පුතු නැතිව තව රැයක්
සිනා පොදක් හසරැල්ලක්
කිසිත් නොමැති මූසල රැයක්
සීත සිසිල් සුළං පොදක්
විඩා දුරුවන සොඳුරු වදනක්
සිත සනාහලන අකුරු පෙළක්
නොදැනෙන එක් මහ මූසල රැයක්
පිය තෙපුල් සොඳුරු වදන්
සිනා සමග කඳුළු නුවන්
එහෙන් මෙහෙන් දණ ගාමින්
කොහෙවත් නැති මූසල රැයක්
රැට හොරෙන් ඉඟියක් වී
සුළැඟිල්ලේ කොනකින් වී
ආදරයෙන් මුසපත් වී
නොගෙවන මහ මූසල රැයක්...
April 5, 2011
Subscribe to:
Post Comments (Atom)

ආදරය කරන අය ලග නැති උනාම මාරම දුකයි.
ReplyDeleteහික් ය. ඒයි මේකෙ මමත් ඉන්නව.. ලොල්ය.. :D
ReplyDeleteආදරණීය රැයක්
ReplyDeleteආදරයෙන් පිරුනු රැයක්
පුතුගේ සිනහව ඇහෙන රැයක්
හෙට
ලස්සන... ලස්සනම රැයක්
පද ගැලපිල්ල නම් සුපිරියි බිඟු අයියේ...
ReplyDeleteඅවුරැද්දක් විතර ඉඳන් හැම රැයක්ම ඔයවගේ තමයි මලේ..
ReplyDelete