April 6, 2011

කොල්ලෝ විතරද 100 යන්නේ?

මම මේ පහුගිය දවසක ඔන්න එනවා පිළියන්දල පැත්තේ ඉඳලා. කන්තෝරු යන්න පොඩ්ඩක් පරක්කුවගේ හින්දා මගේ පල්සර් එකේ නැගලා ටිකක් වේගෙන් පැද්දා. වෙලාව 7.30 විතර හින්දා ටිකක් නෙමෙයි ගොඩාක් වාහන තදබදය තියෙනවා. ඒත් ඉතින් බයික් වලට මොන ටැපික්ද හා. එහෙන් මෙහෙන් දලා රුන් ගාලා ඉගිලෙනවා. මෙන්න මෙහෙම මම පැදගෙන යනකොට එක පාරම මගේ කණ ගාවින් ස්කූටියක් ගියා රුන් ගාලා. මමත් ගියේ 70ට 80ට විතර. ඒ කියන්නේ මේ ගිය කෙනා අඩුම ගානේ 90ට 100ටවත් යන්න ඕනැ. මම බැලුවා මොකාද යකෝ මට ගේම කෝල් කරන්නේ කියලා. අනික මේ ස්කූටියක්....

ඉතින් ඔන්න මමත් ගත්තා ඇඟට. දැම්මා 3ර්ඩ් එකට, දුන්නා උපරිම rpm එක. මෙන්න යනවා ගිඩි ගිඩි ගාලා. එහෙන් මෙහෙන් වෙට්ටු දාලා ගත්තා අර ස්කූටිය කිට්ටුවටම. මෙන්න මේක ඒ පාර ගේමට එනවා. ඒකත් යන්න ගත්තා සිරි සිරි ගාලා. ඒවා කොහෙද මගේ පුල්සර් එකත් එක්ක. ඔය වාහන තදබදය අස්සේ වැඩ කිඩ දාගෙන මම ඉස්සර කලා අර ස්කූටිය. ඒ වෙනකොටත් 80 පැනලා එලවන්න ඇති. ඒවා බලන්නත් වෙලාවක් තිබ්බේ නැ. වාහන එනවා මූණටම. ඉතින් කොහොම කොහොම හරි මම ස්කූටියට ඩොට වෙන්න ඇරලා ගියා. මෙන්න ඉතින් සුපුරුදු විදියට වට රවුම. ඉතින් බාප්පලා කියන විදියටනේ එතන වැඩේ. ඔන්න මම නැවැත්තුවා.

මෙන්න ටිකකින් අර ස්කූටිය එනවා අස්සෙන් අස්සෙන්. ඇවිල්ලා ඇන්නේ නැතැයි මගේ වම් පැත්තේ කණ්ණාඩියේ ඩෝං ගාලා. මට මල....
ගර්...ර්....

මම වයිසර් එක උස්සලා දෙකක් කතා කරන්න හදනකොටම අරක පැදගෙන ගිය කෙනත් වයිසර් එක උස්සලා කතා කරන්න හැදුවා. මෙන්න බලනකොටනේ දැක්කේ. අප්පට සිරි ගජ් කිව්වලු, මේ ස්කුටියේ ඇවිල්ලා තියෙන්නේ කෙල්ලෙක්නේ. යකෝ මම මේ දැක්කමයි මෙහෙම කුලප්පුවකින් බයික් එලවන කෙල්ලෙක්. ඉතින් මේ කෙල්ල මගේ මූණ බලාගෙන මෙහෙම කිව්වනේ...

අනේ සොරි...

ඉතින් කොහොමද දෙයියනේ මම කට ඇරලා බනින්නේ.... ඉතින් මම හිනාවෙලා මෙහෙම කිව්වා...

අහා... ටිකක් හිමින් යන්න...
වැදුනොත් ඉවරයි....

මෙහෙම කිව්වා විතරයි බාප්පා විසිල් එක ගැහුවා. මෙන්න ආවට වඩා වේගෙන් මෙයා විද්දා. එයා පස්සේන් එලවන එක පැත්තක දාලා මගේ ගමන යන්න ගියා...

36 comments:

  1. ඔකනෙ කියන්නෙ සාය කැල්ලක් දැක්කම සද්ද නැ..ඔන්න පැන්ඩෙක් ආවත් නං කන පලයි බිඟු අයියා මගෙ..

    ඔයත් පරිස්සමින් යන්න තෙරුවන් සරණයි

    ReplyDelete
  2. shit ban,
    ubata tibbe isaar karala wanguwakin harawanna

    ReplyDelete
  3. චිත්‍රපටි ජවනිකාවක් වගේ...
    ඉතුරු ටිකත් චිත්‍රපටියක වගේ වුනානම්...

    ReplyDelete
  4. පල්සර් එකේ 100යයි ස්කූටියෙ 100යි ගැන ද කිව්වෙ??

    ReplyDelete
  5. අනේ පලයන් ඩෝ නිකන් පච හලන් නැතුව ස්කුටියක කොහොමද යකො 100 යන්නෙ ට්‍රැ‍ෆික් එකක හොදමා හරිය තම උබ මීටරෙ බැලුවෙ නැ කියපු 1ක මීටරෙ බලන්නැතුව යනකොට 60 විතර ගියත් 100 කියල හිතෙනව චා...ටර් බං ස්කුට්ය ගේම ඉල්ලුව කියන්ටත්
    ගනන් ගන්න එපා ඉදල හිටලා ඔහොම චාටර් සෙට්වෙනවා .

    ReplyDelete
  6. ඒකනේ.. කොල්ලන්ට විතරද 100.. අපි සීයට ගියාම නරකද..?:):)

    ReplyDelete
  7. ඕකනේ චීත්තයක් දැක්කාම කටවලුත් වැහෙනවා නේ.....
    කාටත් වෙන දේනේ ඕක.......

    ReplyDelete
  8. චීත්තයක්වත් සායක්වත් ඇඳගෙන හිටියේ නැ බොලව්.....
    ඩෙනිම් කලිසමක් බස්සලා තිබුණේ...

    ReplyDelete
  9. ආ . . . හරි . . . මෙහෙම කියමු . . . .
    "ලේඩීස් ඩෙනිමක් දැක්කම බිඟුවගෙ කට වැහෙනවලු"

    ReplyDelete
  10. ඉතින් ඉතින් ඊට පස්සේ....

    ReplyDelete
  11. නිවැරදි තීරණයක් ඒ ස්කූටිය පස්සෙන් නොගොය එක.. නැත්නම් ආයි ඇවිල්ලා කොහේ හප්පයිද කියන්න බෑ.. මොකෝ බනින්නද? :))

    ReplyDelete
  12. kawuda danne eya mokak hari haddissi gamanak yanawada kiyala.thamange gamana yanne anunge vege mokatada?

    ReplyDelete
  13. හික් හික්.... කෙල්ලොත් එහෙම තමා....

    ReplyDelete
  14. යකෝ මේ දවස්වල අර අපේ රන්දුනා නං ඔහොම යන විත්තියක් ආරංචියි..මට කිව්වේ උන්දැගේ හස්බන්ඩමයි...රන්දුනාව අල්ලන්න ඩිසිකවරියෙන් ගිහිල්ලත් බැහැ කියලා..මට හිතෙන්නේ ෂුවර් ඹය රන්දුනා තමයි

    ReplyDelete
  15. සයිඩ් කණ්නාඩියක් විතරක් නෙමෙයි ඇ‍ඟෙන් පලුවක් ගියත් ඉතිං ආයෙ කෙල්ලෙක් හන්ද බනින්නෙයි කියලැයි නේද, අනේ අම්මප අපි වගේ පිරිමි. !

    ReplyDelete
  16. චී චී සාටර් බං බිඟු අයියේ... උඹ කෙල්ලෙකුට සෙකන්ඩ් වුනා ද...

    ReplyDelete
  17. බිගු අයියේ ඔයා වෙලාවට කෙල්ල පස්සේ යන එක අතෑරියේ.... නැත්තන් කෙල්ල 100 පන්නලා කොහේ හරි අනගත්තොත් එහෙම ලෙඩ ලොකයයි...

    ReplyDelete
  18. හිටු මම අක්කට කියන්නම් අයියන්ඩිගෙ වැඩ.

    ReplyDelete
  19. ඒ කෙල්ලට ජයවේවා......

    ReplyDelete
  20. රේස් එක නම් පැරදුනත් දුක නෑ... කෙල්ලෙක් කියල දැනගත්ත ගමන් බිඟුවා පූස් පැටියෙක් වගේ වෙච්චි එකනෙ ‍වැඩේ...

    ඇත්තටම යන්න ගිය ගමනමද ගියෙ....

    (පළවෙනි පාරට ආවෙ.. නිවිසැනසිල්ලෙ අනිත් පෝස්ට් ටිකත් බලන්නම්...)

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. හුටපරිඤ්ඤං කිව්වලු !

    ReplyDelete
  23. නාටකයක් වගේ අප්පා................

    ReplyDelete
  24. ඉස්කූටියෙ 100ට යන්ඩ බැරියෝ.............

    ReplyDelete
  25. කෙල්ලොත් ඉගිල්ලෙන්නයි උඩින් යන්නයි තමා දඟලන්නේ මේ කාලේ.............

    ReplyDelete
  26. කෙල්ලෙක්ට උනත් සෙකන් එක දාන එක නරකයි බිගු අයියේ !!!!

    ReplyDelete
  27. නියමයි නියමයි.. නියම කෙල්ලෙක්.

    ReplyDelete
  28. ඇත්තමයි ඔතන මං හිටියනං.....
    .
    .
    .
    .
    බිඟුවා කොරපු ටිකම තමයි කොරන්නේ..

    ReplyDelete
  29. යේ....අන්න කෙල්ලෝ... නියමායි... වෙල් ඩන්!!!

    ReplyDelete
  30. බොරු කියන්න නං එපෝ.... ස්කූටිය 100 වෙනකම් ස්පීඩ් කරන්න බෑ. Scooty බර නැති නිසා very unstable. ඒක නෙමේ.... බිඟුගෙ පලුසර් එකේ ස්පිඩේමීටරේ හරියට වැඩ කරනවද? මං හිතන්නෙ පලුසර් එකේ ලෙඩක්. :P

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!