August 19, 2010

අපේ එකාගේ තුන ඉවරයි


මළ කෙළියයි නේද? අපේ එකාගේ තුන ඉවරයි!!! තුන ඉවරනම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ. දැන් නියම කාලේ...

හික්ස්... කාලෙකින් බ්ලොග් ලියන්නත් බැරි උනා. ඉතින් ඔන්න කොහොම කොහොමහරි වචන ටිකක් අහුලාගත්තා වෙලාවකුත් එක්ක මොනවාහරි කුරුටුගාන්න හිතාගෙන... එහෙනම් ලියමුකො බලන්න...

ඔන්න අපේ කොල්ලාට දැන් තුනකුත් (මාස ) ඉවර උනානේ. කාලය යන වේගේ... ඉතින් ඔය ගමේ විදියට කරන්න තියෙන චාරිත්‍ර වාරිත්‍ර එහෙම කළා. දන්නවනේ ඉස්සරලාම පුතන්ඩියා ගෙදර එක්කගෙන එන්න කලියෙන් ගේ ඔක්කොම සුද්ද කරලා කහ වතුර ඉහලා සුවඳ දුම් අල්ලලා.... ඔය වගේ වැඩ සෙට් එකක්ම කරන්න තිබුණා. සමහර පළාත්වල නම් ඔය මොකවත් නෑ.. මෙන්න ඉපදුනා. මෙන්න ගෙදර... හරිම සිම්පල් ප්ලෑන් එකක්.... ඒත් අපේ අම්මලා, නැන්දම්මලා හා කිරිඅම්මලා ටිකක් අරවට බරයි. මමත් ඒ කිව්ව සමහර දේවලට 100%ක් එකඟයි.

ඔයන්න ඉතින් කිරිකැටියා ගෙදර ගෙනාවා විතරයි අර කඩමණ්ඩියේ හිටිය කාන්තා පිරිසක් ආවනේ සුටුස් ගාලා... දන්නවනේ ඉතින් ගමේදී හොරෙන් කිඹුහුමක්වත් යවන්න බෑනේ... හැබැයි අපේ නැන්දම්ම දුන්නා එල කවර් එකක්... පුතාව අල්ලන්නවත් දුන්නේ නෑ. උඩින් බලලා යන්න කිව්වා... මොකද කියලා දන්නවනේ... විෂබීජ කඳු, සාගර,  හික්ස්...


ඔන්න ඉතින් පුතාව ඉස්සරලාම වතුර නාවන දවස ආවා. මෙන්න අමුතු ගැජට් වැඩක් කරනවා. දන්නවාද පිණිදිය පනම් අයින් කරනවා කියන සිද්ධිය. මම නම් එදා තමා දැන ගත්තේ. පුතාට ලෙඩ රෝගාදියෙන් පිහිට ආරස්සාව දෙන්න කියලා සතරවරම් දෙවිවරුන්ට බාර වෙනවා. ඊට පස්සේ ඒ වෙනුවෙන් කාසි වගයක් වෙන් කරනවා පඬුරු විදියට. රන් තැඹිලි ගහකින් ගත්ත වේලිච්ච පොල් ගෙදියකින් අතින්ම හදාගත්තු පොල් තෙල් ටිකකුත් ගන්නවා. ඒ පොල්තෙල්වලට තවත් රසකාරක කිහිපයක් දානවා, කරපිංචා වගේ සුවඳ එන්න. ඔන්න ඔය විදියට හදා ගත්තු විශේෂ තැඹිලි තෙලට අර දෙවියන්ට වෙන් කරපු කාසි දානවා. පස්සේ කිරි අම්මා කෙනෙක් බුදුන් වැඳලා එහෙම දෙවියන්නට කන්නලව්වක් කරනවා පුතාව ලෙඩ රෝගවලින් ආරස්ස කරලා දෙන්න කියලා. එහෙම කරලා අර තැඹිලි තෙලෙන් පොඩ්ඩක් අරගෙන් ඔලුවේ ගානවා. දැන් තියෙන්නේ නාවන වෙලාව. මේකට සමහරු වෙලාවකුත් බලනවා. අපිනම් බැලුවේ නෑ. දවල් 12ට කලින් හොඳට ඉර පායපු වෙලාවක් තෝරා ගන්නවා . ඉතින් කලින් හදාගත්තු පොල්කටුවක් අරගෙන, දන්නවනේ පොල් ගෙඩියේ උඩ බෑයක් අරගෙන හිලක් හදලා එහෙම ගන්න එක, ඔන්න නාවන්න ගන්නවා. මේ අතරේ කිරි අම්මා කවියකුත් කියනවා. පළවෙනි වතුර පාරටනම් පුතා එක පාරම ගැස්සිලා යනවා. ඊට පස්සේ ගොඩ. ටිකක් උණු වතුර නිසා පුතා ඒකට කැමතියි. ඔන්න ඉන්නවා ෆුල් ආතල් එකේ. ඉතින් නාවන පොල්කටු ගාන ගනින්නත් ඕනෑ. ඉස්සරලාම 50ක් නෑව්වා. පස්සේ පස්සේ ඒක වැඩි කරනවා. ඔන්න ඔහොම තමයි පුතා නාන්න ගත්තේ...

කියන්න අමතක උනානේ. වතුරෙන් ගත්ත ගමන් දුන්නා හූව ගේම දෙකක් වෙන්න. අම්මෝ... බය හිතෙනවා.. දුකත් හිතෙනවා... සීතලට මොර දෙනකොට....

ඉතින් ඔන්න ඔය විදියට ටික දවසක් ගියා. මෙන්න ඉතින් ඉන්ජෙක්ෂන් කෝස් එක පටන් ගත්තනේ... අම්මෝ... මට දුක..ක හිතුනා. පව් අනේ.. හෙක්සා කියලා මගුලක් විද්දා... පුතා ඇඩුවා... ඒ විස්තරේ පස්සේ ලියන්නම්කෝ..
අදට මේ ඇතිවගෙයි...
ඕන් මං ගියා...

48 comments:

  1. මල්ලි බබාට ගම්මිරිස් පිම්බෙ නැද්ද?
    ඒක නෙවෙයි අපි දන්නෙ නෑනෙ මල්ලි බබාගෙ නම

    ReplyDelete
  2. සිරාවට ඒක ලියන්න බැරි උනානේ...
    පිම්බා පිම්බා... කිරි අම්මා තමා වැඩේ පටන් ගත්තේ..
    මකරා ඔක්කොම දන්නවානේ....

    ආ මල්ලි බබාගේ නම: තෙහස් විදුනිත
    (තෙහස් කෑල්ල මගෙන්)

    /බිඟුවා...!

    ReplyDelete
  3. දැන් නම් ඔය සිරිත් විරිත් ඔක්කොම නැතිවෙලා ගොහින් නෙව.....ලස්සන නම....සුබපැතුම්.....:)

    ReplyDelete
  4. ගම්මිරිස් පිඹිනව කියන්නෙ මොකැයි..
    කොලුවට ජය !

    ReplyDelete
  5. අම්මෝ කරන්න තිබිල තියන වැඩ තොගේ............

    රැජින අක්කට නම් පළවෙනි පාර නිසා ඉතින් පැත්තකට වෙලා නරඹන්න වෙන්නැත්තේ එදා.........
    පැටියගේ නමත් හරි හැඩයි......... (කලින් කිව්ව වගේ මතකයි මට....)

    රැජින අක්කවයි මල්ලි බබාවයි ආදරෙන් මතක් කලා කියන්න.......... (අමතක කරොත් බලාගෙනයි.......)

    ReplyDelete
  6. අයියෝ අපි suggest කරපු එක නමක්වත් දාල නෑ නෙ .. :( ෂිහ් වැඩේ කැතයි.

    ReplyDelete
  7. අම්මෝ මාස තුනකට කරල තියෙන වැඩ තොගේ.

    @ස්වප්නා ඒ උනාට දාපු නම ලස්සනයි නේ.

    ReplyDelete
  8. කාලෙකට පස්සෙ අපිව මතක්වෙල තියෙන්නෙ. තව දෙයක් තියනව අදන්න. ඔය නහය හදනව, කටට ඇඟිල්ල දාල උඩු තල්ල අල්ලනව, කකුල් හදනව. මේවගේ දේවල් කරන්නෙ නැද්ද?

    ReplyDelete
  9. අම්මො දැක්ක කල් මම පුදුම උනා කොහෙද ගිහින් හිටියෙ කියලා.. මතක් උණා.. දවස් කිපයක්ම. මතක් වෙන වෙලාවෙ ලඟ අන්තර්ජාලය නැහැ. අන්තර්ජාලය ලග තියන වෙලාවෙ උබව මතක් වෙන්නෙ නැහැ බිඟු අයිය.. කස්ටියටම තෙරුවන් සරණයි

    ReplyDelete
  10. මාර ගේමක්නෙ දීල තියෙන්නෙ. දකින කොටත් බය හිතෙනවා කරන්න ඕනැ කාර්යයන් ලැයිස්තුව දැක්කාම. එක අතකට පුදුමයි උදේට කාපු බීපු දේ මතක තියා ගන්න බැරි අපිම මේ සම්ප්‍රදායික දැනුම කන්දරාව කවදාවත් පොත පතක නොලියා, මතකයේ ආරක්ෂා කර ගන්නා හැටි විතරක් නෙවයි ඊළඟ පරම්පරාවලටත් පාස් කරන හැටි දැක්කාම.

    මගේ නම් ඔය අංශයේ දැනුම අවමයි කියලා අමුතුවෙන් ලිවිය යුතු නැහැනෙ.

    - Taboo

    ReplyDelete
  11. @හේමලයා,
    එල මචන්.. ස්තුති වේවා...

    @පිටස්තරයා,
    අපප්ට සිරි ගජ කිව්වලු...
    ගම්බිරිස් පිඹිනවා කියන්නේ ..
    ගර්....

    @හා පැටික්කි,
    ආ ඔයාත් අවාද... එල එල...
    පාඩම් වැඩ කොහොමැයි..
    හරි හරි මම කියඤ්ඤං...

    @ස්වප්නා ,
    ඔයා මේ නම් කිව්වා නම් මම දානවාමයි...



    /බිඟුවා...!

    ReplyDelete
  12. මාසා තුනකට මෙච්චර වැඩ තොගයක් කොලානම්...අවුරුදු තුනකට කොච්චර තියෙවිද? පික්සු හැදෙයි....
    හැබැයි කොච්චර වැඩ තිබ්බත් එපා වෙන්නේ නැතිව ඇති.අර කතාවකුත් තියෙනවනේ අලි බැලිල්ලයි ලමයි බැලිල්ලයි එපා වෙන්නෙම නෑ කියලා.....බලන්න ඇත්නම් බිඟු පැටියව ෂෝයි.....

    මේ ඇත්තටම නොදන්න හන්ද අහන්නේ....ඇයි පුතාට ගම්බිරිස් පිඹින්නේ...?

    ඔන්න බිඟුවා අයියටයි රැජිණ අක්කටයි බිඟු පැටියටයි තුන්දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
  13. බිඟු කට්ටියටම තෙරුවන් සරණයි....!

    ReplyDelete
  14. @ගයාන් තාරක
    ඒකනේ බන්, තව ඉවර නෑ..
    හිටපන්කෝ ලියන්න ඒවත්...

    @පීවර්,
    ඔව් ඔව් ඒකත් ලියන්න බැරි උනා...
    ඒත් පුතාගේ ගොඩාක් හදන්න දේවල් නෑලූ
    මම කිව්වා වැඩිය රිද්දන්නේ නැතුව ඕන මගුලක් කරන්න කියලා...

    @රවා ,
    ඔවුනේ කොල්ලෝ...
    හෙන කාලෙකින්....
    දැන් මොකෝ කරන්නේ....කාලෙකින් වලියක්වත් දැක්කේ නෑ...
    එකක් පටන් ගනිමුද....

    @ටැබූ,
    අනිවා...
    මේආඅ පොත්වල ලියැවෙන්නම ඕනෑ දේවල් තමා
    නැත්නම් අමතකම වෙලා යාවී...


    /බිඟුවා...!

    ReplyDelete
  15. @හසියා...
    ඔය බලපල්ලකෝ
    මුන් අහන්නේම අර පිඹිල්ල ගැනමයි...

    @Praසන්
    එල එල,


    /බිඟුවා...!

    ReplyDelete
  16. ගම්මිරිස් පිඹින්නෙ සීතල නැති වෙන්නනෙ.
    මල්ලි බබාගෙ නම ශෝයි

    ReplyDelete
  17. @ බිඟුවා
    නොදත් දේවල් අපි ඉගෙනගන්න එපායැ....

    @ මකර රජා

    අහ් බොහෝමත්ම ස්තූතියි මකර රජෝ....හැබැටම මකර රජාටනම් ඒකාලේ අම්මලා පිඹින්න ඇත්තේ ගිණිද? හික්ස්

    ReplyDelete
  18. @ මකර රජා:
    පිඹින කථාව මම දන්නෙත් අද...හික්ස්...
    බොහෝම ස්තූතියි ඒක කියල දුන්නට
    @බිගු අයියා:
    පොඩ්ඩ මල්ලිත් බබා පැට්ටට සුභපතනවා.... !!!

    ReplyDelete
  19. සුබ පතනවා...

    හප්පොච්චියේ ඔව්වා දැන් කාලේ කරන්නෙ නීයෙන් කී දෙනාද ? කරන්න දන්නෙ කීයෙන් කී දෙනාද... ඒ අතින් උබ වාසනාවන්තයි... පැටියත්...

    ජය.

    ReplyDelete
  20. ආ ඒව ඉවරයි......
    මං මේ විභාගේ ඉවරත් කරල ඉන්නේ........

    ඔක්කොම ගානට මිම්මට හැදිල ඉපදෙන බබාගේ තව මොනව හදනවද මංද.........

    @ මකරයියේ
    ගම්මිරිස් පිම්ඹම සීතල යන්නේ කොහොමද කියන්නකෝ තරහ නැතුව.......
    මට හිතෙන්නේම සීතල කොහොම වෙතත් හචින් යයි කියල......

    ReplyDelete
  21. අපොයි වැඩ ගොඩාක් කරලානේ. මමනම් දන්නේ ගම්බිරිස් පිඹින එක විතරයි.අපේ අක්කාගේ බාබාලාට පිම්ඹානේ ගම්බිරිස්.
    බුදු සරණයි තුන් දෙනාටම!

    ReplyDelete
  22. @ හා පැටික්කි (MS)

    ගම්මිරිස් පිඹලා දැවිල්ල ඇල්ලුවම අර හා හා හරි හාවා කැලේ මැදින් ගියා වගේ සීතල පැනල යනවාලු. හා පැටික්කිත් ගම්මිරිස් ටිකක් පිඹගෙන බලන්නකො.

    =======
    @ බිඟුවා.

    ගම්මිරිස් topic එක ගැන කට්ටියගෙන් බේරිල්ලක් නෑ වගේ නේද ? පොඩි එකාගෙ තුනට වඩා කට්ටියගෙ උනන්දුව ගම්මිරිස් ගැන වගේ :D :D :D

    ReplyDelete
  23. ආහ්!! මාර දේවල් ගොඩක් කරලනේ! මම දැකල තියෙන්නේ පොල්කට්ටෙන් නාවනවා විතරයි. අනික් දේවල් එකක්වත් අපේ නංගිට නම් කලේ නෑ. අපේ සියා නම් ඔවා දන්නවා ඇති. ෂුවර් එකටම ආච්චි කියන්න ඇති "මේ! පැත්තකට වෙලා ඉන්නවද පොඩිඑකාට වද දෙන්නේ නැතුව!" කියල. lols!

    කලින් සුබ පතන්න බැරි උනා. තුන්දෙනාටම සුබපැතුම්!

    ReplyDelete
  24. මෙන්න අපෙනුත් සුභ පැතුම් මිත්‍රයා...

    ReplyDelete
  25. මං බැලුවා යසට හිටපු පොඩි කොල්ලට මොකද වුනේ කියලා.

    හොඳයි හොඳයි.

    ReplyDelete
  26. @පොඩ්ඩ මල්ලි,
    එල එල.. එන්නෙ නැද්ද මල්ලි එක්ක සෙල්ලම් කරන්නවත්..

    @පිස්සා පලාමල්ල ,
    ඒකනේ බං..
    දැන් මොනවද...
    එහෙන් ගත්ත මෙහෙන් දුන්නා වැඩනේ තියෙන්නේ...

    @හසී ,
    එනවා කිව්වානේද අපේ ගෙවල් පැත්තේ...
    කෝ නෑනේ...
    කෙහෙල් කැනට ගේම දුන්නට පස්සේ දැක්කෙම නෑ...
    හික්ස්...

    @Shenya de Silva,
    හී හී...
    ඔයාලගේ ආච්චී වසයිද

    @SACHIRA
    එල එල..

    @ඔක්කොටම,
    මේ මකරෝ බලපන් දැන් කරපු දේ...
    මේ ගම්මිරිස් පිඹිල්ලක් අල්ලගෙන මට විසිමක් නෑ..
    උඹත් ඉඳලා ඉඳලා අදින්නෙම මේ වගේ ජල්බරි තමයි....
    හරි මේකයි කතාව...

    ගම්මිරිස් පිඹින්නේ සීතලටම නෙමෙයි.
    එහෙම පිඹිනවා කියලා මහා ගොඩාක් පිඹින්නේ නෑ..
    ගම්මිරිස් ඇටයක් කටේ දාගෙන හපනවා...
    ඊට පස්සේ බොහොම හිමින් පුංචි හුලන් පාරක් පිඹිනවා...
    පිඹින්නේ පුතාගේ කුරුල්ලටයි ඔන්න....
    ඉතින් හිතාගන්නකෝ ගොඩාක් පිම්ඹොත් වෙන දේ....
    මෙහෙම කරන්න හේතුවකුත් ති‍යෙනවා.
    ඒක නම් ලියන්න අමාරුයි වගේ...
    ගිහිල්ලා අම්මගෙන්ම අහලා බලන්නකෝ....

    ReplyDelete
  27. @හෙළයා ,
    ආ... මලයා...
    මේ බලපන් මට වෙච්ච දේ...
    අර මකරගේ වැඩනේ...
    මම ලියන්නේ ගත්තේ තුන ඉවරයි කියලා...
    ඒත්.........

    ReplyDelete
  28. ගම්මිරිස් පිඹින්නෙ සීතල යන්න කියල වැඩේ ශේප් කරලා දාන්නයි මම හැදුවෙ.

    මොනව වුණත් ඇත්ත කතාව කියපු එකත් හොඳයි. එහෙම නැත්තං මේක කියවපු කට්ටිය බබ්බු නාවල සීතල නැති වෙන්න කියල හොඳවයිං දැවිල්ල අල්ලන්න ගම්මිරිස් පිම්බොත් එහෙම බබ්බුනෙ පවු

    ReplyDelete
  29. මට හිතුනා උඹ ෂේප් පාරක් තමා දන්න හදන්නේ කියලා...
    ඒ මොක උනත් මචං අර කිව්වා වගේ ඇත්ත කියපු එක හොඳයි
    නැත්නම් ඉතින් අද සීතලයි කියලා අපේ අලුත් අම්මලා/අම්මිලා හිටු කියලා ගම්මිරිස් පිඹිවී...

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

    ReplyDelete
  30. ඔව් ඒක ඇත්ත. පොත්පත් වල නැති ඒකේ අන්තර්ජාලයේ තියෙන එකවත් හරියට තිබිච්චදෙන්

    ReplyDelete
  31. ado mara seen ekane.
    ehenam eka thama mage thama danawa...

    ReplyDelete
  32. අනේ... කවුද මේ Anonymous තාම දන බූතයා...? හි හී....
    කොහොම උනත් කමක්තැහැ පුංච් කාලේ සිහිවෙනනත් එක්කන්..

    @බිගු අයියේ:
    මාං එන්නම් මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න, හැබැයි ඕං විදින්නනම් ඔට්ටු නැහැ.... :)

    ReplyDelete
  33. හැහ් ඔය මදෑ..... කොල්ලට (විසී)තුන වෙනකොට බිඟුවෝ උඹේ තුන ඉවරයි....

    බබාගේ නම නම් ලස්සනයි (පොඩි කාලෙ කොල්ලට අනිත් අයට තමන්ගෙ නම කියන්න පුලුවන් ජාතියෙ එකක්)

    ReplyDelete
  34. හ්ම්..කාලෙකට පස්සේ..බිඟු පවුලට ම මගෙන් සුභ පැතුම්...!!!
    ජයවේවා!!!

    ReplyDelete
  35. @පොඩ්ඩ මල්ලි,
    ඒකනේ... ඒත් මම ඇනීලට කැමතියි
    මොකද උන් කියන්නේ බොක්කෙන්මයි..
    හික්ස්...
    ආ.. මම කියන්නම්කෝ පුතාට යාළුවෙක් එනවා කියලා සෙල්ලම් කරන්න...


    @සහන්,
    ඔය කියන්නේ මොන තුන ගැනද?
    :P

    @සම්පත්,
    එල එල..
    එන්න බැරි උනා මචන්..
    දන්නවනේ යුද්දේ ගැන...

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. අම්මේ කාලෙකින් . ..

    එල එල . . .

    ජය වේවා කිව්වා . .

    ඔව් ඔව් බන් මාස තුන පහු උනාම මාර ජොලි වැඩ කරන්නේ . ..

    මට හිතාගන්න පුලුවන් උඹ එන්ජෝයි කරන හැටි මම ත් ඒ කාලේ පහු කරපු නිසා

    ReplyDelete
  38. @බිඟුවා. අයියේ මම කීවේ
    1.සිත
    2.කය
    3.වචනය

    ඕක ගැන....

    ReplyDelete
  39. අනෙ මම නම් ඔය මොකවත් දන්නෙ නැ, නුමුත් ලොක සාහිත‍යය, කාල් වාද, මාකස් වාද, රොඩ්ස්කිවාද, අතෙ ඇති නෙල්ලි ගෙඩියක් වගෙ දන්නවා. ඔය දනුම පොතක ලියල පිටට විකුනල කීයක් සරි හොයාගමු.

    ---ලෝගු නවීර-----

    ReplyDelete
  40. සමාවෙන්ඩ ඕනෑ... බිඟු අයියෙ
    කලින් සුබ පතන්නත් බැරි වුණා... ඒකටත් එක්කම මේ කොල්ලගෙ තුන ඉවර වෙච්චි වෙලාවෙ සුබ පතන්නං...

    පුංචි බිඟුවටත් මුව බිඟු පවුලටමත් ත්‍රිවිධ රත්නයේ සරණයි!!!

    ෂහ් මාර වැඩ ටිකක්නෙ තිබිල තියෙන්නෙ...
    ඕව ගැන දන්න කට්ටිය දැන් කීයෙන් කී දෙනාද ඉන්නේ...
    ඇත්තටම හරිම වටිනවා... ඔයාගේ සටහනින් තමා මාත් මේ දේවල් දැන ගත්තේ...
    ස්තූතියි !

    ReplyDelete
  41. ඔන්න මගේ උනුසුම් සුභ පැතුම් බිඟු පවුලට එක් වුණ අලුත් සාමාජික පොඩ්ඩට. ලස්සන නම ! ඇහක් වගේ බලාගන්නවා හොඳයි. අර කිව්වත් වගේ විස බීජ කෝටියයි.
    තුනුරුවන්ගෙ සරණයි පොඩ්ඩට!

    ReplyDelete
  42. හෝව් හෝව් අනේ මං අද තමයි බිඟු වදේට ගොඩ වුනේ. කලින් හදපු මී පැනි ඔක්කොම බිව්වා. හරිම රසයි. බිඟු පැංචාගේ ආගමනයත් දුටුවා. ගොඩාක් සතුටුයි! බිඟු පවුලට සියලු දෙවි රැකවරණය පතනවා.

    ReplyDelete
  43. අපේ පරණ සිරිත් විරිත් එහෙම හරි ආරස්සා වෙලා තාමත් අපි අතරේ රැඳිලා තියෙන එක ගැන අහන්නත් සතුටුයි.....පොඩි මහත්තයාට දළදා හාමුදුරු පිහිටයි...!!!!

    ReplyDelete
  44. සොරි වෙන්ඩ ඕනි කියවන්න බැරිවුණාට ඇවිත් ගියා ....

    ReplyDelete
  45. අම්මේ..... සිරිත් විරිත් අකුරටම පිළිපැදලා නේ.. කොහොම ඕව හැම එකක්ම මතක තියන් ඉන්වද දන්නෑ අපේ ආච්චිලා අම්මලා.. අපේ පොඩි එවුන්ට නම් සොරිම තමා.. ඕං මාස තුන සමරන බිඟු බ්ලොගී ගෙන් සුභ පැතුම්!!

    ReplyDelete
  46. අපෙන් සුබ පැතුම් ඉක්මනට ම ඉලංදාරියෙක් වෙන්න..හේ ..

    ජය තුනුරුවන් සරණයි..!

    ReplyDelete
  47. දහ අටවෙනි ව්යිවස්ථා සංශෝධනයට ජන මත විචාරනයක් ඕනෙද? ඔබව නියෝජන කරන මන්ත්රී් ව අල්ලගන්න අමාරුද? ඔවුන්ගේ නමට පාර්ලිමෙන්තුවට අමතා පණිවුඩයක් තියන්න.

    011 2777100 අමතන්න. ඔබේ පණිවුඩය කියන්න.

    ReplyDelete
  48. බිගුවෝ උබ මුහුනු පොතේ ඉන්නවදෝ? මට රික්වස්ට් එකක් දාපන්කො

    www.facebook.com/coolkasun

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!