තුරු මුදුනේ සිට
ගී ගැයුවාද මතක නෑ
නිසැකවම මට
අඳුර ගලන්නට පෙර
පාළු කුටියට
අදත්
ඊයේ මෙන්ම...
නෙත් යොමා බැලුවා මහත් කොට
වෙනදා පායන පහන් තරුව කෝයැයි සෙව්වත්
නොදැක සේයාවක් එයිනුත්
හිරිගඩු පුප්පාගෙන සීත සුළං හැමුවත්
දේඅත් දිගුකොට ඇඟමැළි කැඩුවා
පිටවනු පිණිස අස්වද්දනට
සිප්සතර සිසුනගේ
දිරිදෙන්නට, සවිදෙන්නට අනාවකට
ලං මවගේ දරුකැලකට තවත්
පසෙකලා අලසකම
වන්නට ආදර්ශ භූමිකාවක්
අවැසි බැවින් සැමටම ...
ෂීථළයි අෆ්ෆා...
ඹෝළ ඝළ් වෙළා අඉයෝ........
ඔබේ නමින් කවි, සී පද
ලියැවුනේම නැත
ඔබේ නමින් ගී පදවැල්
ලියැවුනේම නැත
ඔබේ නමින් ගුණ ගී
ගැයුනේම නැත
ඒත්,
ඔබේ නම සැමදාම
මගේ හදේ රැඳුනා කියා නම්
කිසිදු සැකයක් නෑ
මිහිරේ...