September 3, 2011
මෙන්න අපේ තාවකාලික නවාතැන
මේ තියෙන්නේ අපේ තාවකාලික නවාතැන. ඒ කියන්නේ තව මාස 2ක් ඉන්නේ මෙතන. මේක තියෙන්නේ නොර්වේ වල ඔස්ලෝ කියන නගරේ. රාජකාරී වැඩකට එන්න උනානේ මේ රටට. ඉන්නත් පොඩ්ඩක් බයයි වගේ. අපේ රට වගේ සාමකාමී නැනෙව.. බෝම්බත් පිපිරෙනවා. පිස්සෝ වෙඩි තියෙනවා.
අම්මෝ....
August 27, 2011
සිත් පුබුදුන්න තරම්
එක් වදනක්වත්
කියාගන්න බැරි තරමට
එක් අකුරවත්
ලියාගන්න බැරි තරමට
එක් සිතිවිල්ලක්වත්
සිතට නොඑන තරමට
පාලුව කාන්සිය
සිත් මඩලට කාන්දු වෙලා
සිත් පුබුදුන්න තරම්
එක් වදනක් වත්
ඇසේ නම්
දෙසවන් පිනවන්න...
August 11, 2011
පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා
පාරට සාරිය ගෙදරට හුචක්කු අඳිනු එපා
පාරට මුකුළුව ගෙදරට රණ්ඩුව දමනු එපා
පාරට පීරණ කොණ්ඩය ගෙදරට කඩනු එපා
පාරට
බෙන්ස්
ගෙදරට
මයිනර්
වෙන්න එපා
August 10, 2011
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
මේ සිංදුවේ කියැවෙන්නේ මොකද්ද කියලා හරියටම හිතාගන්න බැනේ. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. නමුත් මේ කියන කොල්ලටත් කැමැතියි වගේද?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)