මේ දවස්වල ජීවිතේ ගතවෙන්නේ නෝර්වේ වලනේ. මෙහේ නම් ඉන්නත් පොඩ්ඩක් බයයි. බෝම්බ ගහන පිස්සු ඩයල් ඉන්නවනේ. අනික ආමි එකේ හෙලිකොප්ටර් ගන්නෙත් ෆන් ටුවර් යන්නනේ. ඒ හින්දා ගමන් බිමන් හරිම අඩුවෙන්. ඒත් අපේ ඔෆීසියේ බුවෙක් කිව්වා ෆන් එකක් ගන්නවානම් තැනක් තියෙනවා යන්න කියලා. කොහෙද කියලා ඇහුවාම දුන්නා නේද ලින්ක් එකක්. මේ තියෙන්නේ ඒක.
http://www.tusenfryd.no/
ඕනැ බම්බුවක් කියලා ඕන් මමත් යන්න සෙට් උනා. මාත් එක්ක තව කොල්ලො දෙන්නෙකුයි කෙල්ලො දෙන්නෙකුයි සෙට් උනා. වෙලාවට උන් හතරදෙනාම සිංහල. නැත්නම් කඩුව කුඩු තමා. හික්ස්...
ඔන්න කොහොමහරි අපි පස්දෙනා ඔස්ලෝ වලට ඇවිල්ලා ඔය කියන තූසන්ෆ්‍රෙඩ් කියන පොට් එකට ආවා. හිමීට පෝළිමට සෙට් වෙලා ටිකක් එකකුත් අරගෙන ගියා ඇතුළට. ඇතුල් වෙනකොටම තියෙන්නේ ඔය පේන්න තියෙන රෝලර් කෝස්ටර් එක. ඒකේ නම් ස්පීඩ් මොන්ස්ටර්. නම බැලුවාම තේරෙනවනේ මොකද්ද කියලා. ජීවිතේ කවදාවත්ම මෙහෙම එකක ගිහින් තියෙන එකක්යැ. ඔන්න ඉතින් හොඳට හරි බරි ගැහිලා වාඩි වෙලා හිටියා. ලස්සන සුදු නංගි කෙනෙක් බෙල්ට් එහෙම තද කලා ඔන්න. ඉතින් මේ මොන්ස්ටරයා හිමීට පොඩ්ඩක් අරගෙන නැවැත්තුවා. සද්දයක් නැ. ඔන්න එකපාරම මේකා යන්න ගත්තනේ. වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න තියා හුස්ම ගන්නවත් මතක් උනාද කියලා ෂුවර් නැ. අප්පට සිරි ගජ කිව්වලු. ආතල් එකට වැඩියෙන් බයටම හූ කියැවුනා. පුලුවන් තරම් හයියෙන් කැගැහුවා. මට ඇහෙනවා එහා පැත්තේ හිටිය එකත් බෙරිහන් දෙනවා. මමත් ඇරියේ නැ. ඒකට වැඩියෙන් හයියෙන් කැගහන්න ගත්තා. ස්පීඩ් එක වැඩි කමට උනේ මොකද්ද කියලා තාමත් මතක නැ. උඩ ගියා. පැත්තට ගියා. එහේ ගියා මෙහෙ ගියා. ගමන ඉවරයි. බලපුවාම අපි ගිහින් තියෙන්නේ මීටර් 700ක දුරක්. මේ මොන්ස්ටරයා තප්පර 2.2කදී 90km/h වේගයක් අරගෙන. හිතා ගන්නත් බැ.මෙකේදී 7 පාරක් තමන්ගේ බර නැති උනා වගේ තේරෙනවලු. 3න් පාරක් ඔලුවෙන් හිටගන්නවාලු. ඒවා නම් මොන මගුලක්වත් දැනුනේ නැ. අමාරුවෙන් වගේ ඇස් දෙක ඇරගෙන ගියා. ඇත්තටම ඇස් වහන්නත් මතක නැති උනානේ...
අපි වැඩර්ලා වගේ ගිහින් තියෙන්නේ මේකේ තියෙන අමාරුම සීන් එකකටනේ. මොන දෙයියට කියන්නද. ඉතින් ඒකේන් පස්සේ අපි බැලුවා තරමක් නෝමල් එකක්, ඒ කියන්නේ මෙච්චර අමාරු නැති එකක් ට්‍රයි කරන්න. එහෙම හිතලා ඔන්න ඇවිදින්න ගත්තා. එහෙම හිතලා ඔන්න බලනකොට තිබ්බා දර සැයක් වගේ එකක අටවපු රෝලර් කෝස්ටර් එකක්. අරකේ ගිය අපිට මේක කජ්ජක්ද කියලා අපි යන්න ගත්තා. මෙන්න බොලේ ඒක අරකට එහා. එකේ නම තන්ඩර් මොන්ස්ටර්. ඒ කියන්නේ තන්ඩර්ම තමා. අරකට එහා මේක. අම්මෝ... ත්වරණය යනු කුමක්ද යන්න මනාව පැහැදිළි උනා. ආවේගය, කේන්ද්‍ර අපසාරී අභිසාරී වගේ ඔක්කොම භෞතික සිද්ධාන්ත සියල්ල මනාව වැටහුනා.
කොච්චර බය උනාද කිව්වොත් චූ යන්න ඔන්න මෙන්න වගේ. ඇඩ්‍රිනලින් ඔක්කොම එන්න ඇති. මේක පට්ට දුරක් ගියානේ. මං හිතන්නේ කිලෝමීටර් 5ක් වත් යන්න ඇති. මේක බිංගෙයක් වගේ එකකිනුත් ගියා වගේ මතකයි.මේක පැයට කිලෝමීටර් 100 (100 km/h) වේගෙකින්ලු යන්නේ. ඒක නම් අත්තම වෙන්න ඕනැ. වංගුගාන නම් මතක නැ. වැඩිම උස තැන් මීටර් 36ක් උසලු. ඒකත් ඇත්ත වෙන්න ඕනැ. මේක සම්පූර්නයෙන්ම හදලා තියෙන්නේ ලී වලින්. හරියට මාරක ළිඳ වගෙයි. පොඩ්ඩ පොඩ්ඩ පැද්දෙනවා වගේ කියලාත් නොහිතුනා නෙමෙයි. මේ යකා හදලා තියෙන්නේ 2001 අවුරුද්දේ. තාම දුවනවා පිස්සෙක් වගේ අපිව බය කර කර. පරණ උනත් ගින්දර වගේ මරන බිය කුමක්ද කියලා හොඳට කියලා දෙනවා. මේ මගුලේ යනකොට ගුරුත්වය වගේ 3න් ගුණයක් දැනනවාලු. ඒකත් ඇත්තම වෙන්න ඇති. ගුරුත්වය වැඩි උනාම චූ බර හැදෙනවා කියලාත් නියමයකුති තියෙනවානේ.. හී... හී... මේකේ වැඩියෙන්ම භය උනේ මේ දර මඩුව කඩාගෙන වැටෙයිද කියන එකටයි. අම්මෝ... අම්මෝ...
දැනුත් මයිල් කෙලින් වෙනවා.
ඔන්න ඔහොම එකසිය පන්සිය ගානට බය වෙලා ඉන්නකොට මොන මගුලට සල්ලි දීලා බය වෙන්න හදනවාද කියලාත් හිතුනා. ෆන් එකක් ගන්න එකකට යන්න ඕනැ කියලා ගියා සෙල්ලම් කාර් පදින්න. ඒක තමා ආසම එක. ගිහිල්ලා හප්පන්නනේ තියෙන්නේ. එකේත් මාර වැඩක් උනානේ අපේ කෙල්ලෙක්ට. එයාගේ කාර් එක යන්නෙම රිවර්ස් එකට. බලපුවාම මේකේ සුක්කානම අංශක 360ක කැරකෙනවනේ. ඉතින් රිවර්ස් යනකොට 180ක් කපලා ඉස්සරහට යන්න හදාගන්න ඕනැ. ඒවා දන්න්වයැ අපි. අරයා යන පැත්තටම යන්න ගත්තා. පරීක්ෂණ කරන්න වෙලාවක් නැ. පස්සට ගිහින් හරි එකෙක් හප්පන එකයි එකම අරමුණ. ඒක හින්දා එයාත් ගේම අතැරියේ නැ. පස්සට ගිහින් පස්සෙන්ම ඇන්නා අනිත් අයට...
හික්ස්...
ඔන්න ඔහොම කාර් පැදලා අපේ බය පොඩ්ඩක් අඩු උනාම ගියා ස්පේස් සොට් එක පැත්තේ....
ඊළඟ සතියේ කියන්නම්කෝ කොකිස් අච්චුවේ වෙච්ච දේ....
September 28, 2011
September 21, 2011
දුක්වුණු සිත්මඩල
නින්ද උතුරා යන්නට
මත්තේන්
බිඳක් හෝ තෙපලන්න
ආදර බොළඳ වදන්
ඔබ සමඟින්
මුකුළු පිරුණු සිනහව
සිත මෝදුවන තරමට
ගෙනෙයි සිසිලස සතුට
සනහන්නට
මගේ කාන්සිය පිරුණු
දුක්වුණු සිත්මඩල
නුඹ නැතිව...
September 3, 2011
මෙන්න අපේ තාවකාලික නවාතැන
මේ තියෙන්නේ අපේ තාවකාලික නවාතැන. ඒ කියන්නේ තව මාස 2ක් ඉන්නේ මෙතන. මේක තියෙන්නේ නොර්වේ වල ඔස්ලෝ කියන නගරේ. රාජකාරී වැඩකට එන්න උනානේ මේ රටට. ඉන්නත් පොඩ්ඩක් බයයි වගේ. අපේ රට වගේ සාමකාමී නැනෙව.. බෝම්බත් පිපිරෙනවා. පිස්සෝ වෙඩි තියෙනවා.
අම්මෝ....
Subscribe to:
Posts (Atom)