March 11, 2009
මුනිඳු, සතර, මර රුපු, සිනිඳු, මොකැ'දුරු
මුනිඳු, සතර, මර රුපු, සිනිඳු, මොකැ'දුරු
සමතැස්, පසැස්, දියබ, ඒලොව'ග බවදුරු
නරදම්, සමන්, දියනා, සුගත, ලොවැදුරු
දම් රජ, විනා, තිලොනා නම් තිලෝගුරු
මෙහි දැක්වෙන පද 19ම බුදුන් වහන්සේ හැඳින්වීමට යොදා ගත් ඒවාය.
February 14, 2009
අද අඳින ඇඳුමේ පාට
අද පෙම්වතුන්ගේ දිනය නිසා මට හිතුනා අද අඳින ඇඳුමේ පාට ගැන ලියන්න.
ඉතින් බලන්න ඔබ ඇඳගෙන ඉන්නේ හරි පාටද කියලා...
නිල් - ආදරය බලාපොරොතුවෙන් සිටී
කොල - නිදහස්
තැඹිලි - ආදරය ප්‍රකාශ කිරීමට යන ගමන්
රෝස - ආදරය පිළිගෙන ඇත
කලු - ආදරය ප්‍රතික්ෂේප වී ඇත
සුදු - ආදරය පුද කර හමාරය
කහ - අදරයෙන් අසමත් වී ඇත
රතු - මට පාඩුවේ ඉන්න දෙන්න
අළු - වැඩි උනන්දුවක් නෑ ආදරය ගැන
January 18, 2009
උදෑසනට හැමදාකම
උදෑසනට හැමදාකම
විහඟ තුඩින්
නැගෙන සරින්
අවධි කරයි මාගේ සිත්
අනන්තයට දිව යන්නට
සිතෙයි මටත්
පිබිදුන සිත
මෝදු වන්න
නිල් අහසේ
වළාතුලින්...
October 9, 2008
තවත් එකම එක වතාවක්
ප්‍රේමය දුර ඈතක
හදවත රිදිලා
සතපන්න කඳුළු
ගංගාවක
දෙනෙත් කකියනතුරු
දෝර ගලන්න
විසකුරු කටු
පයට පෑගෙන්න
රිදෙන්න මට
තවත් එකම එක
වතාවක්
Subscribe to:
Posts (Atom)