September 6, 2016

දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි (හාස්‍ය සහිතයි)


යටගිය දවසක, එක් රාත්‍රියක මා මාගේ අජානේය මෝටර් රථයෙන් ගමනක් යමින් සිටියෙම්හ. හදිසියේම රථයේ ඉන්ධන තත්වය පහල ගිය බව දුට හෙයින්ද එය වහා පිරවිය යුතු හෙයින්ද පිරවුම් හලකට යෑමට සූදානම්වම්හ. ර්‍ර්ට මීට මත්තෙන් පසුම්බිය ගෙන එහි කහවනු තත්වය පිරික්සනු කල්හි එහි මද බව දැන ස්වයංක්‍රීය ටේලර් මහතා සොයා යනු කැමැත්තෙන් ඒදෙසට රිය හැරවම්හ. අදාල තැන පැමිණි කල රියෙන් බට යන්ත්‍රය වෙත නික්ම අදාළ පත ඇතුළු කොට රහස් පද ක්‍රියාත්මක කරම්හ.

බැංකු ජාලයට සාර්ථකව ඇතුළු වූ කල අදාළ මුදල සටහන් කල පසු තහවුරු කිරීම කල පසුවද එක් පණිවුඩක් වන්නේය. "ඔබේ කාඩ් පත අවළංගු කර ඇත." යන්න එය විය. මාගේ දෙනෙත් අදහා ගත නොවන්නේ මන්ද අවළංගු නම් කෙසේ ජාල ගත වූයෙන්ය. කිසියම් සැක කටයුත්තෙක් මෙම ජාලයට රිංගා මාගේ ගිණුමට සැසීමක් කර ඇත්ද, නැතහොත් ස්වයංක්‍රීය ටේලර් මහතාට ද්‍යුතක්වක් කර ඇත්ද යනාදී නෙයෙකුත් අදහස් මනසට ගලනාතුරේ නැවතත් උත්සාහයක යෙදුනෙම්හ. අවසන් ඵලයේ කිසිදු වෙනසක් නොවීය. තුන්වරක් අවසනදී සතුටු නොවූයෙන් වෙනත් ස්වයංක්‍රීය ටේලර් මහතෙක් සොයා යන්නට නීර්ණය වන්නේය. තරමක් හුරුපුරුදු ප්‍රදේශයක වූ එම තැන්හි වූ ස්වයංක්‍රීය ටේලර් මහතාද පෙර සේම මාගේ කාඩ් පතේ අවළංගු භාවය තහවුරු කරන්න වූයෙන් මට කිසි සිතා ගත නොවන්හ. දැන් දැන් ඇත්තේ කහවනු ගැටළුව නොව මාගේ අජානේයා මග නතර වීමෙන් මට අත්වන්නට යන ඉරණම ගැනය. මට මැවී පෙනෙන්නේ වීථියේ එක් කොනක නතර වී හිරු නගිනාතුරු කල්හරිනා මාය.

අහෝ!...

මාගේ පුරාණ පිනකි. වෙනත් බැංකුවකින් මා ගත් රන් පිහියය. ඒ නම් ණය පතය. එයත් රැගෙන මා වහාම ගොස් අජානේයා සවිමත් කොට ගමනාවසානට වම්හ.

ඉදින් ඊට පසු දිනෙක කාඩ්පත සක්‍රිය කරනු වස් අදාළ බැංකුව වෙත පිය මැන අදාළ පත්‍රිකා පුරවා භාරදුන්නේද නව කාඩ්පත නිකුත් කරනුයේ සතියකින් බව දැන්වූයෙන් ඒ ගැන කලකිරීමෙන් ආපසු පියමැන්නේ සතියක් ඉවසාසිටිනු හැර යමක් කල නොහැකි නියාවෙනි. දින කිහිපයකට පසුව නිවසට ලැබුණු ලිපියේ සටහන් වූයේ ඔබේ කාඩ්පත සූදානම්ය, මෙන්න ඔබේ නව රහස් පදය, කරුණාකර අදාළ ශාඛාවෙන් එය ලබා ගන්න යනුවෙනි.

ඒ දුටුසැනෙන් ඉපිළ ගිය සතුටින් යුතුව පසුදා බැංකුව වෙත පිය මැන්නේ යාමට පෙරද දුරකතනයෙන් කාඩ්පත ගැන විමසීමකින් පසුවය. මාගේ වාරය එනතුරා සිට එතැන සිටි නිළධාරිණියට මා පැමිණි කාරණය පැවසුවෙමි. ඇය කාඩ්පත් සමූහයක මගේ කාඩ්පත් සොයන්නට වීය. තත්පර මිනිත්තු ගත වීය. ඇගේ මුහුණ ටිකෙන් ටික අඳුරුවනු දුටු මා විමසූයේ කුමක් වීදැයි යනුවෙනි. ඇය පැවසූයේ කාඩ්පත පැමිණ නැති බවය. නමුත් මට ලිපිය ලැබූ බව පවසා තවත් ටිකක් සොයා බලන්නට කීමි. ඇය තව කාගෙන්දෝ තොරතුරු විමසා තවත් කාඩ් සමූහයක් රැගෙන'විත් එයද පිරික්සන්ට විය.

අහෝ!!!

මාගේ කාලය අපතේ ගිය මිස වෙන කිසිවක් නැත. දැන්ම දැන් මගේ රතු කට්ට පැන හමාරය. ඉතින් මා පියමැන්නේ කළමණාකරු වෙතය. ඔහුට පර භාෂාවෙන් ඇමතීමට ගතිමි. ශ්‍රී ලංකා පුරවරයේ මව්බසට වඩා පර බසට වැඩි ඉඩක් දීමට පුරුදු වී සිටින මිනිසුන් වඩා වැඩි බවත් පර බස දෙසන්නන් ලොකු ඇත්තන්යැයි සිතීමට පුරුදුව සිටින නියාවත් දන්නා බැවින් එසේ කිරීමට සිත්වීය. ඔබේ අකාර්ක්ෂතාවය මාගේ නොසතුටුබාවයත් කණගාටුවත් පල කෙළෙමි. මගේ කිපුණු සිත යන්තම් පහව යන කල්හි ඔහුට මාගේ දුරකතන අංකය දී ආපසු පැමිණියෙමි.

ඉතින් හෝරා දෙකකට පසුව දැනුම් දීමක් වන්නේය. මාගේ කාඩ්පත සූදානම්ය. රැගෙන යන්න ලෙසිනි.
නැවතත් බැංකුව වෙත පියමැන කාඩ්පත රැගෙන ආපසු පැමිණියෙමි.

එතෙකින් කතාව නිමැවන්නේය.

---------------------------


මේක සිද්ධ වුනේ මටමයි. දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි.

1. මගේ කාඩ් එක අවලංගු කරලා මට දන්වන්නේ නැතිව. බැරිද ලියුම් කරදහියක් එවන්න. කෝල් එකක් දෙන්න. වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකෙන් මාව ගොඩ ගියා. ඒක තිබ්බේ නැත්නම් තවමත් මම කාර් එක තල්ලු කර කර ඉන්නවා. මල පනින එක සාධාරණ නැද්ද?

2. ඔන්න ලි‍යුම ආවා කාඩ් එක නෑලු. කාඩ් ගහන්නේ එක කස්ටියක්ලු. ලියුම් යවන්නේ තව කස්ටියක්ලු. ඉතින් මට පාන්ද. ඔයවගේ පොඩි සීන් එකක්වත් හරියට සින්ක් කර ගන්න බැරිද මුන්ට තාම. වැඩේ බෙදන එක ඒ ඒ ආයතනට අදාළ කටයුත්තක්. ඒත් එකට වග කියන මැනේජර් කාරයෙකුත් ඉන්න එපැයි. ඒ මනුස්සයා තමන්ගේ රාජකාරිය කොරන හැටි කියලා තමා අපිට පේන්නේ. ආයෙත් මල පනින එක සාධාරණ නැද්ද?

3. කාඩ් ගොඩේ මගේ කාඩ් එක හොයන්න පැය භාගයක් විතර ගියා. ඒත් හම්බ උනේ නෑ. යකෝ මං කියන්නේ, ඕක අකාරාදී පිළිවෙලට තියාගත්තනම් විනාඩියටත් අඩුවෙන් ඒක කරන්න තිබ්බනේ. ඒක ඕනෑ පොඩි එකෙක්ට තේරෙනවා. ඉතින් මෙහෙම හිතන්න උපාධි ගහන්න ඕනෑ නෑ. තමන්ගේ රාජකාරිය ඉක්මනට කරන්න පොඩ්ඩක් හිතන්න විතරයි ඕනෑ. එහෙම උනා නම් ඒ නිළධාරිනියගේත් මගේත් දෙන්නාගේම වෙලාව ඉතුරුයි. මං පැයක් බලන් ඉඳලා නෑ කියලා අහගන්නකොට මල පනින්නේ නැද්ද කියහන්කෝ.

4. මට ආපහු කෝල් කලානේ කාඩ් එක ආවා කියන්න. යකෝ ඒ කතාකරපු නෝනට කට ඇරෙන්නේ නෑ කියහන්කෝ මහත්තයා කියන්න. පොඩ්ඩක් ගරු සරුව කතා කරන්න. අනිත් බැංකු ඔක්කොම වගේ කතා කරන්නේ මිස්ටර් කියලා හරි මහත්තයා කියලා හරි. මට කිව්වේ අන්න ඔයාගේ කාඩ් එක ඇවිල්ලා. ඇවිත් ගන්න. කෝ මුන්ගේ ගරු සරුව. ඉතින් ආයෙත් මල කියන එක අහන්න දෙයක්ද.

5. යකෝ මං බැනලා ආපහු ආවාම පැයකින් කියනවා කාඩ් එක ආවලු. මට නම් සාධාරණ සැකයක් ආවා, කාඩ් එක තිබුණා හොයා ගන්න බැරිව හිටියේ. වැඩකාරයෙක් ඒක හොයලා දුන්නා. පස්සේ මට කෝල් කලා දැන් කාඩ් එක ආවා කියල. එහෙම පුස් හැඟීමක් මට එන්නේ එයාලම කලින් කරපු වැඩ හින්දයි. ඇත්තටම උනේත් කාඩ් එක දැන් ආවානම් ඒත් කරනන් දෙයක් නෑ. මං සැක කරලා ඉවරයි. ඉතින් පාරිභෝගියකාට සලකන් හැටි තමා මේ.

ඉතින් මේ ලියමන කවදාහරි ඔය බැංකුවේ මහත්තයෙක්  කියැව්වොත් මීට පස්සේවත් පාරිභෝගියකා ගැන හිතාවි කියලා හිතෙනවා. නැත්නම් පඩියක් දීලා මැනේජර් පුටුවේ තියන්නේ පුටු රත් කරන්න නෙමෙයි.


මං කියන්නේ ඉබි ගමනේ යන ගමන දැන්වත් නවතලා තරඟකාරී බැංකු ප්‍රවාහයේ ඉස්සරහින් යන්න මීට වඩා පාරිභෝගියකා ගැන හිතන්නේ ඕනෑ. ඔවුන්ගේ පහසුව තකා වැඩ කරන්න ඕනෑ. මීට වැඩිය මේක ගැන කියන්න ඕනෑ නෑ. ඔතැන ඔන්නේ අපිට වඩා ඉගෙන ගත්ත මහත්තුරු නෝනලා. ඉතින් ඔන්න අදට මං නැවතුනා....

31 comments:

  1. මේ වගේම දෙයක් මටත් උනා පහුගිය කාලේ බිඟුනද..

    එදා ඉරිදා දවසක්.. මගේ අතේ ඒ වෙලාවේ කීයක්වත් තිබ්බේ නැ.. ඒ වගේම හදිස්සියට ඉල්ල ගන්න ලඟපාත කෙනෙකුත් හිටියේ නැ..මට ඉන්න උනා සඳුදා වෙනකන්.. මොකද්ද දන්නවද වෙලා තිබ්බේ මීට කාලේකට කලින් මම මගේ අම්මට මං දැන් ඉන්න රටේ ගිණුමක් විවෘත කරලා දුන්නා.. එහිදි මගේ විස්තරත් බැංකුවට දුන්නා, මගේ ගිණුම තියෙන්නෙත් මේ බැංකුවෙමයි.. අම්ම ටික කාලෙකින් ආපහු ලංකාවට ගියාට පස්සේ ඒ ගිණුමට අදාල කාර්ඩ් එක නැති වෙලා.. ඉතින් අම්මා විස්තරේ මල්ලිට කියලා මල්ලි මේ බැංකුවට කතා කරල මහ රැ කාර්ඩ් එක කැන්සල් කරලා.. ඊට පහුවදා තමා මට සල්ලි ගන්න බැරි උනේ.. දෙන්නට තියෙන්නෙ වෙන වෙනම ගිණුම් නිසා මල්ලි මට කියලා නැ අම්මගේ විස්තරේ.. මොන විදිහෙන් හරි අම්මගෙයි මගෙයි වෙන වෙනම තියන ගිණුම් දෙක ලින්ක් වෙලා තිබුන නිසයි මට නොකියම මගේ කාර්ඩ් එකත් කැන්සල් කරලා තියෙන්නේ..මෙහෙ නම් ඒ වෙලාවේම කාර්ඩ් එක දෙන නිසා හොඳයි..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කිව්වලු. වෙලාවට ඔය රටේ ඔහොම උනේ. ලංකාවේ උනා නම් සතියක් ඉන්න තිබ්බා බකන් නිලාගෙන.... ලොල්යැ

      Delete
  2. nsb නම් වාතයක්.වැඩි හරියත් atm වැඩ කරන් නෑ.රජයේ බැංකු වල වැඩ කරන හුඟක් උන්දැලා ඉන්නේ අපි උංගෙ සල්ලි සාක්කුවෙන් ඇදල ගන්ඩ යනව වගේ.මල පයින එක අහන්ඩත් දෙයක්ද

    ReplyDelete
    Replies
    1. WK. හා..හා... ඔය තියෙන්නේ අත්දැකීම ඇති වෙන්න. අනේ මන්දා මේ මිනිස්සුන්ට පොඩ්ඩක් හිතන්න බැරිද මන්දා

      Delete
  3. ඒකනේ මං බැංකුවල සල්ලි දාන්නේ නැත්තේ , අනික මං සල්ලි දැම්ට පස්සේ එන එවුනුත් සල්ලි දාල මගේ සල්ලි ටික යට උනහම කොහේ හොයන්නද අර සුකිරි කෙල්ලෝ ටික ......ඒ ළමයි පව්

    ReplyDelete
    Replies
    1. මැක්සා කතාව. ඒක ඇත්ත. ආපහු හොයන්න හෙන වෙලාවක යයි කියලා බය වෙන එක නම් පට්ටයැ

      Delete
  4. සූදානම්වම්හ (අනාගත කාලය)
    හැරවම්හ (සිංහල නෙවෙයි වෙනත් භාෂාවක්)
    ර්‍ර්ට (රීට ද රීටා ද)
    ක්‍රියාත්මක කරම්හ (අනාගත කාලය)
    එක් පණිවුඩක් වන්නේය (තේරුම දෙයියෝ දනී)
    මාගේ දෙනෙත් අදහා ගත නොවන්නේ මන්ද අවළංගු නම් කෙසේ ජාල ගත වූයෙන්ය. (කුණුහරප)

    නොදන්නා සිංහල නොලියනු

    ReplyDelete
    Replies
    1. අනේ හු...තෝ කියවලා ආතල් එකක් ගන්නවා ඇරෙන්න පු.. නොදී ඉන්නවද මෙතැනට ඇවිල්ලා. ඇනෝවගේ ඇවිල්ලා පු.. දෙන්නේ නැතිව

      Delete
    2. දන්න තරමින් තමා ලියන්නේ. ඉතින් කමා කරලා කියලා දෙන්න. මමත් සිංහල පොරක් නම් මෙතැන ඉන්නේ නෑ බොල. ගිහින් කොරනව ලෙක්චර් ඔය එක එකාගේ බොල්ග්වලට අරින්නේ නැතිව. පී

      Delete
    3. තොපිට තියන ලොකුම ලෙඩේ ඕක තමයි. වැරැද්දක් පෙන්නලා දුන්නම කුණුහරප කියන එක. ලෙක්චර් කරන්න කලින් සිංහලෙන් වාක්‍ය ටිකක් ලියන්න පුළුවන් වෙන්න එපාය බ්ලොග් ලියන්න. සරල සිංහලෙන් නොලියා අති පණ්ඩිත කෑලි දාන්න ගිහින් නාගත්තම ඔහොම වෙනවා. ලජ්ජාව වහගන්න කුණුහරප කියන්නේ නැතුව වැරැද්ද හදාගනු.

      Delete
    4. ඔන්න ඔන්න මල පැන්නා.
      සාහිත්‍ය රසය විඳින්න යන්නකෝ 'මාතලන්ගේ' හරි 'රසිකගේ' හරි බ්ලොග් එකට.
      හෝව්, හෝව්, පොඩ්ඩක් ඉන්න. දැන්නේ දැක්කේ, ඔයා අර බ්ලොග් පොලීසියේ අලුත් සාජන් මහත්තය නේද?

      Delete
    5. මේ මොකද මේ ගහ ගන්නේ... මම ලියන්නේ මම කැමති ස්ටයිල් එකට. කැමතිනම් විතරක් කියවන්න පුළුවන්. වැරද්දක් පෙන්නුවාම හදාගන්න මං ට්‍ර්යි කරනවා. අනික ඒක අගයත් කරනවා. ඒත් මම ලියන්නේ මම කැමති ස්ටයිල් එකට. කැමතිනම් විතරක් කියවන්න පුළුවන්. එච්චරයි.

      Delete
    6. බ්ලොග් පොලීසියේ අලුත් සාජන් මහත්තය නේද?
      epic

      Delete
  5. ඔහේට පිස්සිය අාණ්ඩුවේ බැංකු වලින් කාඩ් ගන්න. අපි නම් ඒවාට සල්ලි යවන්නේ පෙන්ෂන් ගියදාක ගිහින් ගන්න.

    ReplyDelete
    Replies
    1. හා හා.. දැන් නම් බං මේ රජයේ බැංකුවල සල්ලි තියෙන එකත් කේස් වගේලු. ඒවටත් විදින්න හදන කතාවක් මං අහගෙන. අනේ මන්දා...

      Delete
  6. ලඟ තිබුණු කාඩ් එක අවලංගු කර ඇත්තේ ඇයි කියා දැන ගත්තා ද?

    ReplyDelete
    Replies
    1. මං ඇහුවා. කිව්වේ ඒක පරණයිලු. සිස්ටම් එකෙන් අයින් කරනවලු.

      ඉතින් මං අහන්නේ උන්දල දන්නවනේ මෙන්න මේ කාඩ් සෙට් එක ඔබ්සලිට් වෙනවා කියලා. ඉතින් බැරිද බං ලියමනක් එවන්න. අපිට වෙන කරදරය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ බං ඒ වගේ වෙලාවට.

      Delete
  7. බිගූ උබ නම් එල කොල්ලෙක් , ඉස්සර ඉස්ස්කොලේ යන කලේ වගේ.

    ReplyDelete
    Replies
    1. අඩෝ!!! උඹ ලංකාවේද ඉන්නේ???

      Delete
  8. මෙම ලිපිය පෞද්ගලික ලිපියක් ලෙස ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතාට, බැංකුවේ ලිපිනයට අරින්න.

    ReplyDelete
    Replies
    1. සිරාවට මට යවන්නම හිතෙනවා බං

      Delete
  9. Card eke ex date eka print Karala Nada?

    ReplyDelete
    Replies
    1. නෑනේ බං. එහෙම තිබ්බනම් මට මල පනීවියැ. මගේනේ වැරැද්ද... හික්ස්

      Delete
  10. මම දන්න තරමින් කාඩ් එකේ කල් පනින දිනය ප්‍රින්ට් කරල තියෙනව. ඒක බැලුවද?
    සම්පත්, BOC වගේ බැංකු නං ඒ වෙලාවෙම කාඩ් ඇක්ටිවු කරල දෙනව.
    කස්ටෙකුට ගරු නොකරන එක හැම බැංකුවකම වගේ අදාල පුද්ගලයින්ගෙ මහන්තත්ත කමට වෙන දෙයක්. හැබැයි ඒ තත්වෙ ප්‍රයිවෙට් වලට වැඩිය රජයේ බැංකු වල වැඩියි. මෙහේ එච්.එන්.බී. එකත් ඒ වගේ ඔලුවො ටිකක් ඉන්න එකක්. මහජන බැංකුවෙ ඉන්න පැංසොං යන්න කිට්ටු ඩෑල් හිතාගෙන ඉන්නෙ බැංකුව උංගෙ අම්ම මුත්තගෙ බූදලේ කියල.

    ReplyDelete
    Replies
    1. නෑ බං. එහෙම තිබ්බනම් මට මල පනීවියැ. අලුත් කාඩ් එකේ නම් දිනයක් තියෙනවා. ඒකනේ පසන්, මේවා ප්‍රින්ට් කරන එක සට ගාලා කරනන් පුළුවන්. ආර්පිකො එකෙත් මිනිත්තු 2ක් මට කාඩ් එකක් දුන්නා මගේ නමත් ගහලා.. ඉතින් මේවා මැජික්ද බං

      සිරාවට බං ඇයි බං මේ බැංකු කාරයෝ ඔච්චර පුම්බං ඉන්නේ. මටත් හිතාගන්න බෑ...

      Delete
  11. යමං HCBC මොන කරුමයක්වත් නැහැ, ආන් තව එකක් තියෙනවා ICIC කියලා ඔක්කොම online, account open කරන්නත් තියෙන්නේ තැපෑලෙන් අදාළ ඒවා ටික යවලා.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත බං..... එපා වෙනවා මෙහෙම වෙනකොට....

      Delete
  12. මටත් මෙවැනි අත්දැකීම් ඇති නිසාම මාගේ සියලුම රාජ්‍ය බැංකු වල වූ ගිනුම් අත්හිටුවා දමා පෞද්ගලික බැංකුවක ගිණුමක් සාදාගත්තා

    ReplyDelete
  13. ම්... මේක තමා අන්තිමට වෙන්නේ. ඔය ලොකු මිනිස්සුන්ට මේවා පේන්නේ නැද්ද හැබෑට

    ReplyDelete
  14. මමත් ලංකා බැංකුවේ අවුරුදු දෙකක් තිස්සේ වැඩ කරන හින්දා කියන්නේ අලුතෙන් එන අය කස්ටමර්ස්ලට ඉක්මන් සේවයක් දෙන්න ලෑස්ති වුනාට යල් පැනගිය නීතිරීති හා චක්‍රලේඛණ වලින් අපේ අත් බැදලා තියෙන්නේ.අනික තමයි පරණ උදවිය ඔය චක්‍රලේඛණ ඔලුවේ තියාගෙන අකුරට වැඩ.
    සමහර අය හින්දා කස්ටරමර්ස්ලා අපිටයි තිත්ත කුණුහරපෙන් බැණලා යන්නේ මොනවා කරන්නද?
    දෙමටගොඩ ලංකා බැංකුවේ ඉන්න මැනේජර් තරම් පිස්සෙක් මම මේ ලෝකේ දැකලා නෑ.
    NSB නම් කොතනත් ටිකක් අවුල් ගම්පහ එකේ ඉන්නවා හොද පිස්සෝ රැලක්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!