August 8, 2016

අපිද ඩොටා 2 ද ගැසුවෙමු


පසුගිය සෙනසුරාදා අපි ගොම්පියුටර් ගේම්ස් තරඟාවලියකට සෙට්වුනෙමු. බොහෝ රාත්‍රියන් ගත වෙන්නේ ගොම්පියුටර් ගේම්ස්වලට බැවින් ඒ සඳහා අපේ වැඩකිඩද පෙන්විය යුතුයැයි සිතා, අපිද සහභාගී විම තීරණය කෙලෙමු.


තරඟාවලිය සූදානම් කලේ ඩයලොග් වෙතිනි.
එහිද "රාජකාරියට වාර්තාකරන්න (Call of Duty)" සහ "පැරන්නන් සුරකින්න (Defense of the Ancients)" ලෙසින් තරඟ දෙකක් විය. සැමදා අපි රාජකාරී කෙරෙනා බැවින් පැරැන්නා සුරකින්නට අපද ලහි ලහියේ ආවුද සකසන්නට වීය.

සුපුරුදු පරිදි තරඟයට සුදුස්සන්(ට වඩා සහභාගී වන්නන් කීවොත් වඩා නිවැරදිය) තේරීම බෙල්ලන්ඟෙන් මුතු සොයන්නා වගේම විය. ඒ කෙසේ වෙතත් එහෙන් මෙහෙන් අවුලාගත් ක්‍රීඩකයෝ 6ක් විය. ඊ ළඟට තිබුණේ පුරුදු පුහුණු වීමය. එහිද කිසි වෙනසක් නැත. වාසිටියේ විභාගයට සූදානම් වන්නා සේම අවසන් සතිය එලැඹෙන තෙක් අපි විවේකයෙන් සිටියෙමු. අවසන් සතිය ලැබූ විගසම පු.. කඩාගත් දිමියන් මෙන් ගිඩි ගිඩි ගා වැඩ කරන්නට වීමු. අවසානයේ කෙසේ හෝ "පැරන්නන් සුරකින්න" යනු කුමක්ද යන්න යාන්තම් තේරුම් ගතිමු. එය සැකැවින් මෙසේය.


ගඟකින් වෙන් වූ කුඩා සිතියමක දෙපිරිසක් වෙසෙත්. ඒ ඒ පිරිසට අයත් වූ ඉතා පැරැණි ගසක් වෙයි. ඒ ගස් සුරකීම ඔවුනොවුන්ගේ එකම අරමුණ වන්නේය. එක් එක් පිරිසේ වීරයන් 5 බැගින් 10 දෙනෙක් වෙති. ඊට අමතර කිසිවෙකුට අවනත නැති සෙබලුන් වරින් වර දෙපිරිසෙන්ම බිහි වී ඔව්නොවුන් ඇන කොටාගෙන මියයති. යම් හෙයකින් ඒ කුඩා සටනට ඉහත කී වීරයන් සහභාගී වීනම් අනෙකාගේ සෙබලුන් ඉතා පහසුවෙන් මරා දැමෙනු ඇත. නමුත් එක් සටනකින් ජය ලැබීම යනු මහා දෙයක් නොවන්නේ ඊළඟ සටනේදී ඔවුන් පරාද වීමට ඇති ඉඩ මහත් බැවිනි. ඒ කෙසේ වෙතත් අවසානයේදී එක් කණ්ඩායමක් අනෙකුන් පරදා එනම් අනෙකාගේ ඉහත කී පැරණි ගස විනාශ කෙරෙන්නේය. මේ යුද්ධයේදී උගුල් ඇටවීම, සැඟවී පහරදීම, උපක්‍රමශීලීව පසුබැසීම අදී නොයෙකුත් උපක්‍රම භාවිතා කිරීමට සිදුවෙන්නේය. කැලයක් මැද ගඟක් අසල සිදුවන යුද්ධය එක අතකින් මනස්කාන්ත නොවන්නේ නොවේ. එහෙයෙකින් ඇබ්බැහිවීමද නිරායාසයෙන්ම සිදුවන්නේය.




මේ ඉන්නේ අපේ වීරයෝ සෙට් එක. තුසිත, සංජිත, උදාර, මම, පමිත්, මයුර 

සතියක දෙකක පුහුණුවෙන් පසුව අපද වීරයන් සේ තරඟාවලියට බැස්සෙමු. පිළිමලුන් පිටුදැකීම යටතේ වූ ක්‍රියාදාමයේ පළමු තරඟයෙන්ම අපට ඉවත්වීමට සිදුවූවත් සහභාගීවීම ඉතා අගනේයයැයි සිතා අප ආපසු නිවෙස්කරා ගියේ මෙවන් තරඟාවලියක සතියක පුහුණුව කිසිසේත්ම ගැලපෙන්නේ නැතිබව මනාව පසක් කරගෙනය. 


7 comments:

  1. ඩොටේ සෙට් එක මරු .... ඊලඟ පාර කප් එක ගන්න ට්‍රයි කරමු :)

    ReplyDelete
  2. මොනවද ඔය ඩොටේ ගේම් ගහන්නෙ. ගහන්නකො පොස් ගේමක්. හැක්..

    ReplyDelete
    Replies
    1. අපි දන්නේ මේ වගේ ගොඩේ ගේම්ස් තමා....

      Delete
  3. සතියක් පුහුණු වෙලා මක්කටෙයි...එක්කො මාස හයක් නැත්තන් අවුරුදු දෙකාමාරක් ඕන්න ගේම්

    ReplyDelete
    Replies
    1. ඒක නම් තේරුණා ඇති වෙන්න

      Delete
  4. මදෑ ඩොටේ ඩොට් වෙලා ගියානේ................ ඊළඟ පාරත් සතියකට කලින් පැක්ටිස් කරලා ටයි කරන්න. :පී

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඊ ළඟ පාර දෙනවා කුඩු වෙන්න

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!