September 21, 2015

සොරා කවුරුන්ද ?


ජපන් නැවක් අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබිණි. නාන්නට සිතුණු කපිතාන්වරයා සිය රෝලෙක්ස් අත් ඔරලෝසුවත් රන් බ්රේස්ලටයත් ගලවා තබා නාන කාමරයට ගියේ . ආපසු පැමිණි විට, ඔහු ගේ වටිනා දේ අතුරුදහන් වී තිබිණි.
හේ තෙමේ සිය සේවක මඬුල්ලෙන් පස් දෙනකු පිළිබඳ සැක කෙළේ . ඔවුනට අඬ ගැසූ හෙතෙම ගෙවුණු විනාඩි 15 ඇතුළත එකිනෙකා කළ දේ විමසා සිටියේ
ඔවුන් ගේ පිළිතුරු මෙ සේ විය -
01. ප්රංශ ජාතික කෝකියා - (අතෙහි මස් කපන පිහියක් විය.) '' උයන්න මස් ගන්න ගිහින් මං හිටියේ ශීත කරණ කාමරේ."
02. ජර්මන් ජාතික ඉංජිනේරුවා - (අතෙහි යම් උපකරණ වගයක් විය.) මම ඇන්ජිමේ වැඩක් කර-කර හිටියයේ."
03. බංග්ලාදේශි යාත්රිකයා - (හිස් අතිනි). මම හිටියේ කුඹ ගහ මුදුනේ, වැරදිලා උඩු-යටිකුරු අතට හයි කරලා තිබුණ කොඩිය හරි අතට හයි කරන්න ගිහිල්ලා."
04. ඇමෙරිකා ජාතික රේඩියෝ නිලධරයා - (හිස් අතිනි). ''මම හිටියේ සමාගමට පණිවුඩයක් යවමින්, අපි දවස් දෙකකින්, කියන්නෙ සිකුරාදා උදේ පැය 1100, වරායට එන බව දන්වලා.''
05. ඉන්දීය නාවුක නිලධරයා - (හිස් අතිනි). ''රෑ මුරය පටන් ගන්න කලින් මම පොඩි නින්දක් ගහගෙන හිටියා."

සියලු දෙනාට සවන් දුන් කපිතාන්වරයා සොරා කවුරුන් දැයි සොයා-ගති. කෙසේ , සොරා කවුරුන් ?


(මූණු පොතේ තිබුණ එකක්)

17 comments:

  1. bangla,
    japan kodiya!

    ReplyDelete
  2. උත්තරේ හොයාගත්තා , google කරලා හැබැයි ;)

    ReplyDelete
  3. ජපන් කොඩියේ උඩු යටිකුරු වෙනසක් නෑ. එනිසා බොරු කිව්වේ බංගලියා. ඌ තමා හොරා

    ReplyDelete
  4. ජපන් කොඩිය දැමීමට කන්‍යාවක හා යහන්ගත විය යුතුයි. බංගියා හොරා....!!!

    ReplyDelete
    Replies
    1. හහා දවසේ කතාව ++++

      Delete
    2. හා හා හා මහා විහිලුවක් පුකෙනුත් හිනායනවා.

      Delete
  5. මං ඉතිං මොකුත් කියන්න ඕන නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සටස් ගාලා උත්තරේ දාලනේ

      Delete
  6. බංගලියා....
    ඕකුන් කොහොමත් හොර වැඩ වලට ප්‍රසිද්දයි...

    ReplyDelete
  7. ඔය තියෙන්නෙ උත්තරේ දාල...
    මක් කොරන්නද ඉතිං බංගලියව ලෑල්ලෙ යවමු

    ReplyDelete
  8. අැමරිකානුවා----

    දවස් දෙකකින් අරාබි මුහුදේ සිට නැවකට ජපානයට යන්න බැහැ.... (ටිකක් වෙනස් උත්තරයක් දෙන්න හිතලයි මේක කිව්වේ වැරදිනම් කාටවත් කියන්න ඒපා අපි මෙහෙම කිව්වා කියලා හරිද??????

    ReplyDelete
    Replies
    1. අප්පා ඒකත් හරිම තමා..
      එල එල වෙනම ඈන්ගල් එකක්

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!