May 17, 2014

මෙන්න හොක්කට මැහුම් දැම්මාම

ආසවටයි මම නැග්ගේ පුංචි බයිසිකලේට
හිතුනේ නෑනේ වැටෙයි කියලා...
වෙනදා වැටෙනකොට
කොහේ ඉඳලාද මංදා
තාත්තා ළඟට ඇවිල්ලා හරියට නිකන්
වැටෙනකල් බලාගෙන හිටියා වගේ
ඒත් අද තාත්තා නැති ඇහිල්ලේ මට වෙච්ච දේ..
මැහුමකුත් දාන්න උනානේ...
තාත්තා කොච්චර නම් මං දිහා
බලාගෙන ඉන්නවද කියලා
මගේ පුංචි හිතටත් දැන් දැන්
පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා...

19 comments:

  1. මගේ එකාගේ ඇහැට පොඩ්ඩක් පහලින් මැහුන් 3ක් දැම්මා. තව පොඩ්ඩෙන් ඇහැ. පොඩි උන්ට වැඩිය රිදෙන්නේ අපට.

    ReplyDelete
  2. හපොයි ...කොල්ලො

    ReplyDelete
  3. පවු අසරන පොඩි එකා. ඔන්න මමත් බ්ලොග් එකක් හැදුවා ඒ පැත්තේත් ඇවිත් යන්න එන්න.http://pakispettiya.blogspot.com/

    ReplyDelete
  4. පැල්ලන් නැත්තන් ඉගෙනීමකුත් නෑ කියනවනේ, හැබැයි මෙහෙම පැච් දාගත්තමනං අනේ අපොයිම තමා.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බන්

      Delete
  5. අනේ පව්...

    ඔයාගේ බ්ලොග් එක මට මෙච්චරකල් මගහැරිලානේ,, අවුරුදු 8ක් බ්ලොග් ලියපු කෙනෙක්, හදුනා ගැනීම සතුටක් නිශාන්ත

    ReplyDelete
  6. මේ වගේ අත්දැකීමක් දෙකක් පුංචි කාලෙ ලබන්නම ඕනෙ...එතකොට තමයි ළමයි මීට වඩා ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පන්නරය ලබා ගන්නෙ සහ කරපු වැරැද්දෙන් යමක් අවබෝධ කරගන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් වෙලා තියෙන්නේ මූ මැහුම් දාන එකටත් බය නැති වෙච්ච එක තමා බන්

      Delete
  7. හපොයි! පොඩ්ඩො ඉතිං ඇස් වගේ පරිස්සං කරන්න එපැයි

    ReplyDelete
  8. ඔව්වා ඔහොම තමා බන් . . පොඩි උන් වැටිලා නැඟිටලා තමයි ජීවිතේ අත්දැකීම් ලබා ගනෙන . . හිතට දුක උනත් මොනව කරන්නද එහෙම හිතලා හිත හදාගනින්

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා... ඒක ඇත්ත. අපිත් කොච්චර නට්ටන් වෙලා තියේද

      Delete
  9. පුත්තර රත්නේ බයිසිකල් පදින තරම් ලොකුයිද දැන්???? අම්මේ....... මං හිතුවේ තාම සුට්ටි කියලානෙවැ.

    ReplyDelete
    Replies
    1. හපෝයි ඔව් දැන් තියෙන්නේ මහ ලොකු වැඩ. මල්ල්ලිට පේන්න වැඩ දාන්නත් එපැයි

      Delete
  10. වැඩිහිටියො වුන දවසට කියන්න පුංචි සන්දිය ගැන කියන්න තියෙන්නත් එපායැ...........

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!