March 5, 2014

අවසන වෙන්නේ වරිගෙත් නහ ගන්න තමා

යටගිය දිනෙක මහා ඇදුරු ගුත්තිල, අකුරු කෙරැවූ කෙළෙහි ගුණ නොමදන්නා මූසිලයන් වන් එක් රුවැති එහෙත් තමා සන්තකයේ කිසිත් නොමැති බව නොමදත් ළඳක් හා කවි කෙලියෙහි පරතෙරට පැමිණි සිටි එක් දිළිඳු සංකට අඟ පසකින් යුතු නොවූ කෙසඟ සිරුරින් යුත් යාචකයෙකු හා අතර කෙරුණු සංවාදය අවසන් කිරීමට යෙදුනු මොහොතේ තමාගේ තරම දැනුම අමතක කොටැ යාචකයාගේ හසල දැනුමද අවතක්සේරු කරැමින් ඔහුගේ අවලස්සන ගැන මැසිවිලි තනන්නට වූයේන් හේ මෙසේ පද අහුලමින් අවවාදයේ පිහිටනාසේ කියන්නට වියැ.




පිහිටුවා නිසි ගණ නිසි අයුරින් කියත් පද
කිව්වොත් කවක් සිදුවෙයි එහි අරුත් මැද
සෙත් කවි මෙන්ම වස් කවියත් වියත් ලද
ගෙනඑයි ඉසුරු පහ කරමින් විපත් අද

යම් වරදක් දුටු සැනකින් නොකිපී සිටිනු
කෝපය නැසුම අරඹන තුරු ඉවසා සිටිනු
නුරුසන එකා හට නම් මේ බස නොදෙනු
ලෙසටයි මෙමට ඉගෙනුම එදවස කෙරුනු

කරනට විපත් ලොල් වී යම් කවි පතෙකින්
හරිහැටි ඇඳින ගැබ් අරුතත් මන් සිතෙකින්
කරපන් අදොෂ නිසි ලෙසකින් ගණ තබමින්
එපා කරන්නට පිළිවදන් වස් කවියෙන්

යටගිය දිනෙක කල කරුණක් නිසාවෙන්
විය හැකි අනර්ථ අඟපසටත් මනාවෙන්
කිසිවෙට ප්‍රහසන එපා විහිඟුම් සිනාවෙන්
නොදැන කරන පව පලදෙයි අනාවෙන්

අබරණ ගෙනෙයි සැමවිට මන කැලඹීම
සුන්දර නොමැති කතකට වෙයි ගැලපීම
විලවුන් ගෙනෙයි සැමවිට සිත සැනසීම
පුසුඹ නොමැති කතකට වෙයි ගැලපීම

පමණ නොදැන මිනිසුන් වෙත බැල්ම දමා
අරඹනු එපා වාද කෙරුම නොකර කමා
සිතුවත් දිනිය හැකියැයි මුළු වෙරම දමා
අවසන වෙන්නේ වරිගෙත් නහ ගන්න තමා




15 comments:

  1. ඒකිව උල තියන්න තියෙන්නේ බොල

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නුතන ධම්මපදයගග සිරා ඈ//

    ReplyDelete
    Replies
    1. හා හා... කාලෙකින් ලියන්න බැරි උනානේ. අලුත් ආරකට කොටන්නත් හිතුනා

      Delete
  4. ලස්සන කවි ගෙත්තමක් !

    ReplyDelete
  5. කවි ගෙත්තම නම් අපූරුයි අයියේ..

    ReplyDelete
  6. පමණ නොදැන අරගෙන රෙදි වෙතට තමා
    මහගනු එපා කොටවෙන්නට නොකර පමා
    සිතුවත් දිනිය හැකියැයි කොලු නඩය තමා
    අවසන වෙන්නෙ අම්මාටත් බැනුම් තමා

    ReplyDelete
  7. කවි පද වලින් කියවෙන දේ නම් සහතික ඇත්ත.. අපූරු කවි පෙළක්..

    ReplyDelete
  8. කරනට විපත් ලොල් වී යම් කවි පතෙකින්
    හරිහැටි ඇඳින ගැබ් අරුතත් මන් සිතෙකින්
    කරපන් අදොෂ නිසි ලෙසකින් ගණ තබමින්
    එපා කරන්නට පිළිවදන් වස් කවියෙන්

    මේ කවියේ යවහන් දෝෂයක් ඇත

    "ය ව හ න්" දෝෂය ==> http://pahanyaaya.blogspot.com/2011/09/blog-post_24.html

    ReplyDelete
  9. අපූරුයි නොකියා වෙන මොනවා කියන්නද.................

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!