January 19, 2013

යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට

යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට 
සිතුවිලි පවුරට කවුලු තියන්නට 
ගලනා සිතිවිලි හද පුරවා 
සෙනේ වඩන්නෙමි සසර පුරා...  
සෙනේ වඩන්නෙමි සසර පුරා... 


මිහිකතරට වැටි සිහින් කඳුල ඔබ 
තෙත් කෙරුවා අද වියරු වැටුනු සිත 
කැඩී බිඳී ගිය පවුරු සදා 
සනසාලූවා මහද පොපියවා... 
සනසාලූවා මහද පොපියවා... 

යුග යුග බැඳි පෙම් .... 

අමාවකට ආ තරු කැකුලයි නුඹ 
පාලු අහස විකසිත කරමින් 
දිවියේ සරදම් ඉවසා සිත්ගෙන 
හද පුරවමි මා සසර පුරා... 
හද පුරවමි මා සසර පුරා...

යුග යුග බැඳි පෙම් .... 


ආදරයෙන් හා ජීවිතයෙන් ලද බොහෝ ගැහැට කම් කටොළු නිසා හෙම්බත්ව අද දිනය සරිකරනා එක අහිංසක ලඳකි. ඇගේ දිවියේ අරුණලු පුබුදන්නට ඔහු ඇයට ඉන්ද්‍රකීලම විය. යුග යුග බැඳි ආ සසර බැඳීමක්දෝ ඇයට දහස් වතාවක් සිතෙන්න්යට ඇත. ඇගෙ සිතිවිලිවලට කපොලු තබමින් ගලා ආ සිතිවිලි ගඟ පත් ඉරුවල බොඳ කරන්නට සිතෙන්නට ඇත. වියරු වැටී තිබුණු ඇගෙ දරදඬු සිත් මඩල ඔහුගේ කඳුලින් සුවපත් වන්නට ඇත. අමාවකට තරු නැති දා ආකාසයට, පාලු මකන්නට අලුතෙන් පායා ආ තරු කැකුලක්ම විය. එයට බැඳි පෙම මෙසේ අකුරුවන්නට ඇත.


14 comments:

  1. කාලෙකට පස්සේ ඕන් මේ පැත්තේ ඇවිත් යන්න ආවා :)

    ReplyDelete
  2. මොකෝ බොලං ඉදලා හිටලා ලියන්නෙ...

    ReplyDelete
  3. මචන් බිඟුවා.. මොකෝ aniversary වත් ද ??

    ReplyDelete
  4. දිවි කතරේ කර්කශ වී ගිය සිත
    කවි සිතුවම් නොලදින් නිති වුනු ලත
    රිවි දහරින් පිබිදුනු සේ තඹරත
    කවියෙන් ඔබ නිමැවූ විය විකසිත

    ලස්සනයි... :)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!