May 8, 2012

ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima)



ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima) යනු නිදහස් බවුසර පාදක වූ සද්දන්ත බහු ක්‍රීඩක සත්‍ය-කාල යුද්ධෝපක්‍රමය ක්‍රීඩාවකි. ඔය බර වචන නැතිව කිව්වොත් නොමිලේ ඉන්ටනෙට් එකේ ගොඩාක් අයට සෙල්ලම් කරන්න පුලුවන් ස්ට්‍රැටජික් කොම්පියුටර් ගේම් එකක්. වැදගත්ම දේ නොමිලේ. අනික තමා ගොඩාක් අය එක්ක සෙට් වෙලා ගහන්න තියෙන්නේ. Age of Empire වගේ එකක්. මේක සෙල්ලම් කරන්න ඕනෑ වෙන්නේ අන්ත‍්රජාල පහසුකමයි වෙබ් බ්‍රවුසරයකුයි විතරමයි. ඉතින් මේ දෙකම නිකම් අපේ ඇස් දෙක වගේනේ. කොහේ හරි කොම්පියුටරක් ඔන් එකේ තියෙනවා දැක්කොත් ඉතින් Google කියලා ගහල බලනවා නෙට් තියෙනවද කියලා.

එහෙනම් මෙන්න www.lordofultima.com ලින්ක් එක. දැන් තියෙන්නේ ගිණුමක් හදාගෙන ලොග් වෙන්නයි. log වෙලා අලුත් ගේමක් පටන් ගන්නකොට ලෝකයක්(World) තෝරාගන්න කියලා. දැනට මෙකේ ලෝක 70ක් විතර තියෙනවා. world1, world2, world3... කියලා ඒවා නම් කරලා තියෙන්නේ. මතක ඇතුව අලුත්ම ලෝකයට ඇතුල් වෙන්න. පරණ ලෝකවල ඉන්නේ ලෝකයෝ. ඒ කියන්නේ අත්දැකීම් ගොඩාක් තියෙන අය. වලි වැඩියි. අලුතෙන් ආපු එකෙකුට කුඩු වෙන්න ගහයි. ඒක හින්දා අලුත්ම ලෝකයකට ඇතුල් වෙන්න. කැමති ලෝක ගණනක එප පාර සෙල්ලම් කරන්නත් පුළුවන්. නමුත් එක ලෝකයක ඉන්නවානම් දිනන්න පුලුවන්.


ගේම දිනන්න නම් ඔයාට ලෝඩ් ඔෆ් අල්ටිමා වෙන්න වෙනවා. ඒ කියන්නේ level 10යේ palaces 8ක් හදන්න වෙනවා ජාති 8කින්. ඒක තනියම කරන්න අමාරු වැඩක්. ඒක හින්දා කස්ටිය සෙට් වෙලා තමා කරන්නේ. ටීම් එකකට සෙට් වෙන්න වෙනවා. එක alliance එකකට ඉන්න පුලුවන් උපරිමය 100යි. ඒ හින්දා හොඳම සෙට් එකකට සෙට් වෙන්න වෙනවා. ඉතින් අනිවා අනිත් එවුන් මාලිගා හදනකොට වලිය පටන ගන්නවා. හෙන ගේමක් දීලා තමා බේරා ගන්න වෙන්නේ. මේ දකුණු පැත්තේ තියෙන්නේ එක නගරයක ඇතුලේ පිහිටීමක්. දර, ගල්, යකඩ සහ රත්තරං තමා මූලික සම්පත් වෙන්නේ. නගර එක එක හදාගෙන තමන්ගේ බලය වැඩි කරගෙන ගේම ගෙනියන්නේ තියෙන්නේ. මම මේකේ ලෝක 26යේ (World 26) ගේම ගහලා දිනුවා. පට්ට ආතල්. දවස් ගාණක් ගහන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මම දවස් 216ක් ගහුවා. හැමදාම ගහන්න ඕනෑත් නෑ. මුලදී ටිකක් අමාරුයි. පස්සේ පස්සේ ගේම පට්ට ලේසියි. දැන් ගහන්නේ world_69 යේ. අලුත් අය ගොඩාක් ඉන්නේ. ඔහේ ෆන් එකේ ගහනවා. playersලා 500ක් විතර ඉන්නවා. ගේම් එක ගැන තව විස්තර තවත් ලියමනකින් ලියන්නම්. ඒක ලියන්නම ආස හිතෙන ගේම එකක්.



10 comments:

  1. ikariam ගහන්න එහෙම අදහසක් නැද්ද? මම "rho" world එකේ සෙල්ලම් කරනව. ඔකට වඩා 3D ගතියක් තියෙන පට්ට ගේම් 1ක්. දවසක් ගහල බලන්න.
    "ypsilon" world එක පටන් අරන් තාම දවස් 4ක් විතර. rho වලට එන්න කැමති නම් කියන්න. මම invite 1ක් එවන්නම්. එතකොට මම ඉන්න island 1කට එන්න පුළුවන්.
    http://en.ikariam.com/

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ඒකත් ගහලා.

      Delete
    2. මොන world එකේද සෙල්ලම් කරන්න යන්නෙ?

      Delete
  2. මේක කියෙවුවම මතක් ඉනේ ඉස්සර ඒජ් ඔෆ් එම්පයර් ගහපු හැටි.. හම්මෝ රාජදානිය හදන්න දෙන ගේම්... :)

    ReplyDelete
    Replies
    1. Age වගේ කිසිම එකක් හරිගියේ නෑ මටත් තාම

      Delete
  3. මේක ගහන්න බැලුව .. මේකේ එච්චර ගතියක් නෑ මට නන් travian හොදයි ඊට වඩා..

    ReplyDelete
    Replies
    1. travian එකත් මම ගහල තියෙනවා. ඒකත් මරු

      Delete
  4. Age of Mythology, Age of empire සහ Rise of The Nation මම කැමතිම පරිගණක ක්‍රීඩාවන් තුනක්. බලමු මේකත්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!