May 23, 2012

අලුත්ම BMW එක

එක්තරා පුදගලයෙක් නවතම ස්වයංක්‍රීය BMW X8 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ස්වයංක්‍රීයව ගියර් මාරුවන නිසා ඔහුට බොහෝ පහසුවෙන් මෝටර් රථය පදවාගෙන යා හැකි විය. මෙසේ පැදවිය හැකි වූයේ දහවල් කාලයේදී පමණි. රාත්‍රියේදී මෝටර් රථය එකදු අඩියක්වත් පදවා ගැනීමට නොහැකි වීම ගැන ඔහු බොහෝ දුක් වී සිටියේය. අවසානයේදී ඔහු වාහනය මිළදී ගත් සමාගමට මේ ගැන දැනුම් දුන්නේය. එම සමාගම විසින් කාර්මික ශිල්පියෙක් එවන ලද්දේය. ඔහු වාහනය පිරික්සීමෙන් අනතුරුව මෙසේ විමසීය.

සර්, ඔබ වාහනය පදවාගෙන යනවිට නිවැරදි ගියරය භාවිතා කරනවාද?

අනේ මෝඩයෝ... උඹ හිතන්නේ මම මැට්ටෙක් කියලාද, මම D එක දවල්ටයි N එක රෑටයි කියලා දන්නවා යකෝ...


18 comments:

  1. Oka ithin ekthara pudgalayek kiyanawata wada Mervin kiwwa nang neda hari :D

    ReplyDelete
  2. hikz x8 he heeeeee....thama x6 witharai release une...

    ReplyDelete
  3. uthsahaya hondai yaluwa. subapathanawa. BMW ekanam ithin duka kage salli hari mun vinasakarana hati aththata,

    ReplyDelete
  4. පොතේ හැටියට ඩ්‍රයිව් කරන මනුස්සයෙක්

    ReplyDelete
  5. ඕකේ ඩ්‍රයිවර්ගේ නමට ප්‍රසිද්ද කෙනෙක්ව සම්බන්ද කරල අපේ අය ඔය කතාව කියනවා..:)

    ReplyDelete
  6. Replies
    1. අනේ නෑ... මම ඒවට නෑනේ... හික්ස්

      Delete
  7. අපේ මැර(මර්වින්) සිල්වා ගරු ඇමතිතුමා තමයි ඉතිං.... ආයි එව්වා මෙව්වා ඕනය.... කෙලින්ම කියෙව්වනං අහවරයි නෙව.... හං...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!