May 8, 2008

වාගේ


වැස්ස පටන් අරගෙන
හෝ ගාලා වහිනවා
ආයෙත් වහිනවා

පායන පාටක් නෑ වාගේ
කරන්න තරම් දෙයකුත් නෑ වාගේ
කම්මැලිකමත් ටිකක් වැඩියි වාගේ
නිදියා ගන්නත් බෑ වාගේ
නිදිමතත් නෑ වාගේ

එහෙනම් මොකද කරන්නේ...
වැස්ස දිහා බලාගෙන ඉම්මු නේද

හා එහෙනම්...

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!