ඔන්න අප්‍රේල් 7 වෙනිදා හවස යනවා ගෙදර, දෙන්නම් මේ සැරේ අවුරුද්ද කුඩු වෙන්න කියලා හිතාගෙන. මොකද අප්‍රේල් 11, 12 දෙකම ප්ලෑන් කරලාම දැම්මනේ නිවාඩු. ඉතින් ගජරාමේට නිවාඩුව සමරන්නයි තියෙන්නේ. ආයෙත් ඔෆීසිය පැත්තේ යන්නේ හෙන කාලෙකින් කියලා මාර හැපී එකේ ගෙදරට වෙලා ඉන්න අස්සේ සොෆින් එහෙමත් ගියා ඔන්න.
යකෝ මිනිස්සු අවුරුදු එන්කම්ම ඉඳලා නොවැ රෙදි ගන්න. මෙච්චර කල් රෙදි ඇඳලා නෑ වගේ මිනිස්සු පොර කකා රෙදි ගන්නේ. අපේ අම්මේ!!! පරණ අවුද්ද දවසේත් මිනිස්සු බඩු ගන්නවා හිටු කියලා. අනේ මංදා...

ඉතින් ඔව්වා මෙව්වා අස්සේ අවුරුද්දත් ඇවිල්ලා කලා බීලා බීලා බීලා ජොලි කරලා ආයෙත් ජොලි කරලා හෙන ෆන් එකේ හිටියා කියහංකෝ.
අප්‍රේල් 15,16 ත් ඉවර වෙලා ඔෆීසියට ඇවිල්ලා කොම්පියුටරේට ලොග් වෙන්න බලනකොට මෙන්න කවුද මගේ පාස්වර්ඩ් එක මාරු කරලා කියහංකෝ..... ලොල්යැ...
මතක මතක ඔක්කොම ගහලා බැලුවා.. කොහෙද මාරු කරපු එකා මාර අමාරු එකක් දාලානේ... මමත් අතඇරියේ නෑ... පට්ට හැක් එකක් දාලා අන්තිමට හොයා ගත්තා හෙණ ගේමක් දීලා...
අම්මෝ!!!
ආයේනම් නිවාඩු යනකොට පාස්වර්ඩ් එක කොලේක ලියලා මොනිටරේ එල්ලලා තමයි යන්නේ ඔන්න. මේක කොරන්න පුළුවන් මගුලක්යැ...